Wednesday, February 7, 2024

සදා මෙලෙස පුර දෙරණේ

කතෘ: . වී. සුරවීර

ප්‍රකාශක: ගොඩගේ 2000 (තුන් වන මුද්‍රණය)



. වී. සුරවීරගේ මා කියවූ දෙවන පොතයිමෙම පොත මිලදී ගැණීමට එකම හේතුව මුලින් කියවූ ඔහුගේ පොත වනපෑදි දියට බොර දියකියවා ලැබූ ඉමහත් ආස්වාදයයි.  (මම එය තරු පහ ගණයට අයත් පොතක් ලෙස වර්ග කෙරුවෙමිඑහි මුල් මුද්‍රණය1970 දී වූ අතර මා සතුව ඇත්තේ 2015 දී පිටවූ එකොලොස්වන මුද්‍රණයේ කොපියකි. එනයින් එය ජනප්‍රිය පොතක් හැටියටද සැලකිය හැක. “පෑදි දියට බොර දියකෙටිකතා පොතකි.)


"සදා මෙලෙස පුර දෙරණේ" තරමක් විකල්ප ඓතිහාසික නවකතාවකි.  


බටහිර චිකයින් ලියූ ඓතිහාසික හා විකල්ප ඓතිහාසික නවකතා කිහිපයක් කියවා ඇත්තෙමි සෑම නවකථා රචිකයෙකුම පාහේ ඉතිහාසය හොඳින් කියවා (පර්යේෂණ කොට) එම නවකතා ලියා ඇති වග මට තේරුම් ගියේය.  


මේ පොතත් ඇතුළුව ලංකා රචකයින් ලියූ ඓතිහාසික හා විකල්ප ඓතිහාසික නවකතා කිහිපයක් කියවා ඇත්තෙමිඑහෙත් පොත් කිහිපයක් හැරුණු විට, (උදා: සේපාලී මයාදුන්නේ ගේ "මහාසාමි" හොඳින් ප්‍රර්යේශණ කොට ලියා ඇති ඉතා අගනා කෘතියකි.) බොහෝමයක් ලංකා කතුවරයින්ගේ කෘති ඉතිහාසය හොඳින් හදාරා ලියා නොමැති බව ඒවා කියවන විට හැඟේ.


මෙම කතාව තුලින් කාශ්‍යප කාලයේ සමාජය කරා මා කැඳවා ගෙන යාමට කතුවරයා අසමත් වූ වග කිව යුතුයඑය එසේ හෝ, මා කතුවරයා පිළිබඳව තබාගෙන සිටි ඉහල තක්සේරුවට සමාන නොවන පොතක් ලෙස හැඟීමද මගේ කණස්සල්ලට හේතු විය හැක.


බොහෝ ශාස්ත්‍රීය පොත් නම්, (පොත අවුරුදු 35 කට පසු නැවත පල කරන්නේ නම්) අළුත් සොයා ගැනීම ගැන අඩු ගණනේ පෙර වදනක් ඇතූළු කිරීමක් හෝ පොත නැවත ලිවීමක් හෝ කෙරෙයි. මෙය නවකතාවක් නිසා එසේ වෙනස් කිරීමක් නොකල හැකි යැයි කිව හැකඑහෙත් එය එසේම විය යුතුදනවකතාවක් වෙනස් කල නොහැකිද?


*** සීගිරිය ගැන නව සොයා ගැණීම කිහිපයක්ම 1980 පසුව සිදුව ඇතඑයින් කිහිපයක් ගැන  මහාචාර්ය සෙනරත් දිසානායක විසින් මේ "නොබෝදා" (අවුරුදු තුනකට පමණ පෙර) පවත්වන ලද  සීගිරිය හා එහි රජ උයන  මාර්ගගත දේශණය, අනුරාධ පියදාස සහ චන්දිම අඹන්වෙල විසින් පරිපලනය කරණ "ශ්‍රි ලංකා පුරා විද්‍යාව සහ ඉතිහාසය" නැමැති යූ-ටියුබ් නාලිකාවෙහි ඇත. ***



No comments:

Post a Comment