කතෘ: ඉෂංක මල්සිරි
ප්‍රකාශක: ගොඩගේ 2013
මෙම ලිපි සංග්‍රහයෙන් උපුටා දැක්වූ විශේෂ කරුණු
(අ) දැනට වෙස්සගිරිය නමින් වැරදි ලෙස හැඳින් වෙන, දැන් සංඝයා නොවසන විහාරය, පුරාණ කාලයේ සංඝයා විසූ ඉසුරුමුණි විහාරය යි. මෙය දෙවානම්පියතිස්ස රජ කාලයේ සිට පැවති විහාරයක් වන අතර එය සීගිරි කාශ්‍යප රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදුව ඔහු විසින් බොධි-උප්පලවන්නා-කස්සප-ගිරි-විහාරය ලෙස නැවත නම් කරන ලදි.
(ආ) දැනට ඉසුරුමුණිය ලෙස වරදවා වටහාගෙන ඇති විහාරය පැරණි ඉසුරුමුණියේ කොටසක් නොවේ. එය ඊට උතුරින් ඇති රන්මුසු උයනෙහි (පැරණි මඟුල් උයන) කොටසක් විය හැක.
(ඇ) නිවැරදි වෙස්සගිරිය තවම හඳුනා ගෙන නැත. දෙවානම්පියතිස්ස රජු විසින් වෙස්සගිරිය තැනූ බව වාර්තා වේ. එහෙත් අනුරාධපුරයේ වෙන කිසිම රජෙකු වෙස්සගිරිය වෙත අනුග්‍රහය දැක්වූ බවක් සඳන් නොවන නිසා එය අනුරාධපුරයෙන් ඔබ්බෙහි දකුණට වෙන්නට පිහිටි ආරණ්‍යක හුදකලා විහාරයක් ලෙස පවතින්නට ඇති බව මල්සිරි අනුමාන කරයි.
(ඈ) ක්‍රි. පූ. 700 - 450 අතර කාලයේ ලංකාවේ ජීවත් වූ මිනිස්සු සොහොන් වල තම මියගිය ඥාතීන්ගේ භශ්මාවශාස ශිලා මංජුසා තුල තැන්පත් කලහ (Megalithic Toumbs). මෙවැනි ශිලා මංජුසා සුසාන භූමි කිහිපයක් ලංකාවේ ගංගා නිම්න ආශ්‍රයෙන් සොයා ගෙන ඇති අතර ප්‍රසිද්ධම ශිලා මංජුසා සුසාන භූමිය වන්නේ ඉබ්බන්කටුව ශිලා මංජුසා සුසාන භූමිය යි.
(ඉ) දඹදෙණි සමයට (ක්‍රි. ව. 1232 - 1341) වඩා ඈතට දිවෙන පුස්කොළ ලේඛනයක් මෙතෙක් හමු වී නැත.
අනුරාධපුර ඇතුළු නුවර ගෙඩිගේ සහ සල්ගහවත්ත කැණීම් වල ප්‍රධාන කැණීම්කරු ඇල්. වී. ඒ. ද මැල් මෙසේ කියා තිබේ.
(ඊ) 1984 දී සිදුවූ අනුරාධපුර ගෙඩිගේ කැණීමේ දී NBPW (Nothern Black Polished Ware) වළං කට්ට මුලින්ම හමු වුනේ මටයි. එය කෙළින්ම ක්‍රි. පූ. 03 සියවසට වැටෙන්නෙ. NBPW ලංකාවේ ක්‍රි. පූ. 03 සියවසෙන් පටන් ගන්නෙ. Rouletted පටන් ගත්තෙ ක්‍රි. පූ. 250 න්. ක්‍රි. පූ. 01 (සියවසෙ)න් ගඩොල් පටන් ගන්නව. ක්‍රි. පූ. 06 වන සියවසේ බුදුහාමුදුරුවො පාවිච්චි කරපු පාත්‍ර NBPW. මේවා ක්‍රි. පූ. 03 සියවසට ඩේට් වුණාම පැහැදිලි වෙනව බුද්ධාගම 03 සියවසේ ලංකාවට ආව කියලා.
(උ) ගෙඩිගේ කැණීමේදී ක්‍රි. පූ. 6 සියවසට ආව කාලනිර්ණ සල්ගහවත්තේදි ක්‍රි. පූ. 9 සියවසට ගියා. සල්ගහවත්ත තියෙන්නෙ විජයබාහු මාළිගාවට ටිකක් එහාට වෙන්න.
(ඌ) ක්‍රි. පූ. 09 සියවස වෙනකොට අපි යකඩ භාවිතා කරල තියෙනව. BRW (Black and Red Ware) පාවිච්චි කරල තියෙනව. වී කීකරු කරල තියෙනව. සල්ගහවත්තෙන් වගේම ගෙඩිගේ කැණීමෙන් අශ්ව දතුත් ලැබිල තියෙනව. ඒ නිසා මොන තර්ක ගෙනාවත් මධ්‍ය ශිලා යුගයෙන් යකඩ යුගයට පනිනව කියන එක නැහැ කියන්න බැහැ.
(එ) විශ්ව විද්‍යාලෙ කොටසක් කියනව මේක පිළි ගන්න ඕන නැහැ කියල. ඉන්දියාවෙත් නැහැ කියනවානෙ. දැරණියගල මහත්තය කියනව ඉන්දියාවෙ තියෙන පුරාවස්තු ප්‍රාන්ත අනුව මිනිස්සු කැණීම කරන්න දෙන්නෙ නැතිලු. නමුත් ඉන්දියාවෙ අක්ෂර කලාව ක්‍රි. පූ. 7, 8, 9 සියවස් වලට යන්න පුළුවන්ලු.
පටුන
මෙම පොත ශාස්ත්‍රීය ලිපි දහයකින් යුක්ත ය. (1) ඉසුරුමුණිය: සප්‍රමාණික සාධක සමාජගත කිරීමේ රික්තකයක්, (2) පුරාණ ඉසුරුමුණි විහාරයෙහි පූර්ව බ්‍රාහ්මීය ලිපිවල දැක්වෙන පලිකද පවුල පිළිබඳ විමසුමක්, (3) ශ්‍රී ලාංකේය සිතුවම් කලාවේ ඉසුරුමුණි ලකුණ (4) පුරාණ ඉසුරුමුණි විහාරයේ පුවරු ලිපියක සැඟවුණු ජනශ්‍රැතියක්, (5) ආනකටාව සුසානභූමිය පිළිබඳ මූලික අධ්‍යයනයක්, (6) අනුරාධපුර ඇතුළු නුවර ආදීතම බ්‍රාහිමී ලේඛන, (7) "...සෙල් ගැබෙන් දා ගැබට...", (8) ගෝනවත්ත පූර්ව බ්‍රාහ්මීය අභිලේඛනය පිළිබඳ පුනර්විමර්ශනයක්, (9) වේගිරිය පූර්ව බ්‍රාහ්මී ලිපිය සහ එහි ස්ථානගත වීම පිළිබඳ විමසුමක්, හා (10) ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රභවය, විකාශය හා නාමකරණය පිළිබඳ යලි විමසා බැලීමක් යනු මෙහි ඇති ලිපි දහයේ මාතෘකා වේ.
ලිපි ගැන වැඩි විස්තර
(1) ඉසුරුමුණිය: සප්‍රමාණික සාධක සමාජගත කිරීමේ රික්තකයක්
ඉෂංක මල්සිරි ගේ මේ ලිපියෙහි අභිප්‍රාය තවමත් පරණවිතාන 1940 ගනන් වලදී පැරණි ඉසුරුමුණිය ලෙස හඳුනා ගත් "නව වෙස්සගිරිය" තවමත් එලෙස හැඳින්වීමේ ගැටලුව "බහු කෝණීය දෘෂ්ටියකින් යුතු ව පුනරාවලෝකනයකට ලක් කිරීමයි".
දෙවානම්පියතිස්ස රජු විසින් වෙස්සගිරිය තැනූ බව වාර්තා වේ. එහෙත් අනුරාධපුරයේ වෙන කිසිම රජෙකු වෙස්සගිරිය වෙත අනුග්‍රහය දැක්වූ බවක් සඳන් නොවන නිසා එය අනුරාධපුරයෙන් ඔබ්බෙහි දකුණට වෙන්නට පිහිටි ආරණ්‍යක හුදකලා විහාරයක් ලෙස පවතින්නට ඇති බව මල්සිරි අනුමාන කරයි.
නොයෙකුත් අභිලේඛන හා සාහිත්‍යමය ශාක්ෂි උපුටා ගනිමින් වත්මන් වෙස්සගිරිය නමින් හඳුන්වන ස්ථානය පැරණි ඉසුරුමුණි විහාරය බව පෙන්වා දීම මල්සිරි ගේ මෙම ලිපියෙහි ප්‍රධාන ප්‍රයත්නයයි.
පරණවිතාන විසින් වත්මන් ඉසුරුමුණිය පැරණි මේඝගිරි විහාරය විය හැකි යැයි සැක කලේය. මල්සිරි සිතන්නේ වත්මන් ඉසුරුමුණි ක්ෂේත්‍රය පැරණි මඟුල් උයනෙහි කොටසක් වන්නට ඇති බවයි.
(A) Senerath Paranavithana has identified the place currently known as “Vessagiri” to be the correct “Isurumuni” in the 1920s. He has published the following as an epigraphical summary in Section G of the Ceylon Journal of Science Volume II, December 1928 - February 1933.
Inscriptions Nos. 606-609, from Vessagiriya in Anuradhapura, are written in a script very nearly identical with that of the Inscriptions of Nāgirikanda rock inscription of Kumãradasa mentioned the in the last summary. The inscriptions also afford internal evidence to supply an upper limit to their dates; for, one of them mentions the Kasabigirivihara and another the Boya-Opulavana-Kasapigirivihara.
We know that the monastery called Issarasamana was repaired and richly endowed by Kassapa I (circa 526-552) who renamed it Bodhi-Uppalavanne-Kassapa-giri-vihãra, after the names of his two daughters and his own. As the two inscriptions in question refer to the monastery by this name, they must be later than the reign of Kassapa I.
Another point of interest is that these records prove that the monastery, the remains of which are now known as Vessagiriya, was in fact the Issarasamana or Kassapagiri-vihãra. Rock inscriptions of about the first century A.D. (Nos. 27 and 28, yet unpublished) found at Vessagiriya refer to the place as Isiramana, a name which may be interpreted as "Hermits' Delight" and from which the form Issarasamana of the chronicles is a learned but inaccurate restoration to Pali and the modern Isurumuni a natural development.
(B) Later he has published a detailed report titled "Four Rock-Inscriptions from Vessagiriya" in Epigrahia Zeylanica Volume IV 1934-1941.
The script, generally speaking, is of the same type as that of the Nāgiri-kanda inscription1, the points of difference in some of the individual letters of the two records being such as would result through the individuality of the different scribes who drafted them. (EZ Vo IV page 129)
The `a’ occurring in that record is distinctly of a more archaic type than the symbol for that letter found in the other three epigraphs and if we can rely on paleography we may assign No. 4 to a date slightly earlier than Nos. 1 to 3.
These records are not dated; but two of them contain data which would help us in determining the upper limit of their date. Nos. 1 and 4 give the name of the monastery, at which the inscriptions are found, as Boya-Opulavana-Kasapigari (P. BodhiUpalavaṇṇa-Kassapagiri) and Kasabagiriye (P. Kassapagiri), respectively, which are alternative names of the Issarasamaṇa-vihāra.
As the monastery could not have been referred to by the name of Bodhi-Uppalavaṇṇa-Kassapagiri before the reign of Kassapa I (circa 526-552), these records must be later than the accession of that monarch. We have no means of deciding definitely the lower limit of their date. However, as I have pointed out in discussing the script of the records, they appear paleographically to be earlier than the Nāgirikanda inscription and therefore we may assign them to the period between Kassapa and Kumāradāsa.
(2) පුරාණ ඉසුරුමුණි විහාරයෙහි පූර්ව බ්‍රාහ්මීය ලිපිවල දැක්වෙන පලිකද පවුල පිළිබඳ විමසුමක්
පුරාණ ඉසුරුමුණි විහාරය (නූතන වෙස්සගිරිය) ප්‍රධාන පර්වත තුනක් ආශ්‍රිතව ඉදිකොට ඇත. මෙම පර්වත තුන යනුවෙන් ඩී. එම්. ඩී. ඉසැඩ්. වික්‍රමසිංහ විසින් Epigraphia Zeylanica Volume 1 (1904 - 1912) හී A, B, C යනුවෙන් නම් කොට ඇත. B පර්වතය A පර්වතයෙන් යාර 50 ක් පමණ දකුණින් පිහිටා තිබේ. සමස්ත B පර්වතය යාර 180 ක් පමණ දිග අතර වඩාත් පුළුල් තැන යාර 46 ක් පමණ වෙයි. මෙහි ස්වාභාවික ගුහා 14 ක් පමන ඇති අතර ඉන් ගුහා පහක ඇති ලිපි මගින් ඒවා පලිකද නම්වූ එකම පවුලක් විසින් පූජා කොට ඇත. මේ ලිපියෙන් විමර්ශණය කෙරෙන්නේ ඒ පලිකද නම්වූ පවුල ගැනයි.
පලිකද පවුල විසින් පූජා කරන ලද ලෙන් හි පිහිටීම දෙස බලන විට පර්වතයේ උතුරු හා දකුණු ප්‍රදේශ ඇතුළු විශාල කොටසක් ඊට අයත් බව පෙනෙයි. ලිපි හතරකින් (03, 04, 05, 06) පෙනෙන පරිදි ඔවුහු පරුමක වරු වූහ.
මල්සිරි සිතන්නේ පලිකද හා එම පවුලේ සාමාජිකයන් මුල් ඓතිහාසික සමය (කි.පූ. 3 වන සිය වස) එළඹීමට පෙරාතුව මේ ආශ්‍රිතව විසූ පිරිසකගේ අනුප්‍රාප්තිකයන් වන්නට ඇතැයි ද හා උක්ත ලෙන් පූජා කිරීම් සිදුකල කාලය වන විට නායකයන් වශයෙන් ඉස්මතුවී සිටින්නන් විය හැකි යැයි කියාය.
අංක 02 දරන ලිපියේ "තිස්සා" සහ අංක 06 ලිපියේ "තිස්සා" එකම අයෙකු වීමට ඉඩ තිබෙන බව මල්සිරි විස්වාස කරයි.
මෙම පුද්ගලයින්ගේ ඤාති සම්බන්ධතා පහත ඇති පරිදි මල්සිරි අනුමාන කරයි.
පලමුවන අනුමානය: පරුමක ශුරකිතගේ දුව චිත්‍රා පරුමක පලිකද සමග විවාහ විය. ඔවුන්ගේ පුත් පරුමක මහ හරුම තිස්සා සමග විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා අණිකට ශෝණ ය.
දෙවන අනුමානය: පරුමක ශුරකිතගේ දුව චිත්‍රා පරුමක පලිකද සමග විවාහ විය. ඔවුන්ගේ පුතුන් දෙදෙනෙකු විය. එක් අයෙක් මහ හරුම වූ අතර අනෙකා (කණිෂ්ඨ) හරුම විය. තිස්සා (කණිෂ්ඨ) හරුමගේ බිරිඳ වූ අතර ඔවුනේ පුත්‍රයා අණිකට ශෝණ ය.
මෙම පලිකද පවුල ඉසුරුමුණි විහාරය බිහි කිර්‍රිම උදෙසා දායක වූ ප්‍රධාන පවුලක් ය.
The following description is from Inscription of Ceylon Volume 1 authored by Senerath Paranavithana.
(01) Inscription of Ceylon Volume 1 inscription number 76:
Damarakita-teraśa — of the elder Dhammarakkhita
(02) Inscription of Ceylon Volume 1 inscription number 77:
(ii) Aṇikaṭa-Śoṇa-pitaha bariya [u]paśika-Ti[śa]ya leṇe
(i) agata-anagata-catu-diśa-śagaśa — The cave of the female lay-devotee Tissā, wife of the father of Sona, the Cavalryman, [is given] to the Sangha of the four quarters, present and absent.
(03) Inscription of Ceylon Volume 1 inscription number 78:
Parumaka-Palikada-puta, Parumaka-Palikada-puta upasaka-Harumasa leṇe catu-disa-śagaśa — The cave of the lay-devotee Haruma, son of the chief Palikada, [is given] to the Sangha of the four quarters.
(04) Inscription of Ceylon Volume 1 inscription number 79:
Parumaka-Palikada bariya, Parumaka-Śurakita-jhita upaśika-Citaya leṇe śagaśa catu-diśa — The cave of the female lay-devotee Cittā, wife of the chief Palikada, and daughter of the chief Surakkhita, [is given] to the Sangha of the four quarters.
(05) Inscription of Ceylon Volume 1 inscription number 81:
Parumaka-Palikada-puta parumaka-Maha-Harumasa leṇe catu-disa-śagaśa — The cave of the chief Maha-Haruma, son of the chief Palikada, [is given] to the Sangha of the four quarters, present and absent.
(06) Inscription of Ceylon Volume 1 inscription number 82:
Parumaka-Palikada-puta-Harumaha jhaya Tiśaya leṇe śagaśa — The cave of Tissā, the wife of Haruma, son of the chief Palikada, [is given] to the Sangha.
(3) ශ්‍රී ලාංකේය සිතුවම් කලාවේ ඉසුරුමුණි ලකුණ
දැනට වෙස්සගිරිය නමින් හඳුන්වන ස්ථානය පෙර ඉසුරුමුණිය ලෙස හැඳින් වූ බව පෙර ලිපි දෙකින් සනාථ වේ. එබැවින් මේ ලිපියෙහි "ඉසුරුමුණි සිතුවම්" ලෙස හැඳින් වෙන්නේ පැරනි ඉසුරුමුණියේ සිතුවම් මිස නව ඉසුරුමුණියේ සිතුවම් නොවේ.
ඉසුරුමුණි ලෙන් සංකීර්ණයේ අංක 09 දරන ලෙනෙහි දක්නට ඇති කාන්තා රුව අඩි 3x3 ප්‍රමාණයෙන් යුතු වන අතර අංක 10 ලෙනෙහි ඇති පුරුෂ රුව අඩි 2x1.6 විශාලත්වයෙන් යුතුය. කතුවරයා විසින් ඉසුරුමුණියට ගොස් ලබාගත් චායාරූප අනුව එම කාන්තා රුව හා පිරිමි රුව රේඛා සටහන් කතුවරයා විසින් මෙම පොතෙහි ඇතුලත් කොට ඇත.
සමකාලීන වෙනත් සිතුවම් පිළිබඳ සිදු කර ඇති අධ්‍යයන තුලනාත්මක විමර්ශනය පිනිස යොදා ගනු ලැබූ අතර එම සියලු දත්ත පදනම් කොට ගෙන ප්‍රස්තුතය විචාරාතිමක ප්‍රවේශයකින් සාකච්ඡාවට බඳුන් කිරීම මෙහි ක්‍රමවේදය වෙයි.
ඔහුට පෙනෙනා පරිදි අංක 09 දරන ගුහාවේ සම්පූර්ණ ගල් තලය මතත්, අංක 10 ගුහාවේ වත්මන් ශේෂ ද අන්තර්ගතව ගුහාව අභ්‍යන්තරයේ සැලකිය යුතු කොටසක් පුරාත් එය ව්‍යාප්තව තිබිණි.
අංක 10 ලෙනෙහි බටහිර දිශාවේ ආවරණ ලෙන් පෘෂඨයේ කටාරමට පහතින් ලා රත් පැහැයට හුරු වර්ණාඅලේපයක ලක්ෂණ සහිත විශාල තීරුවක් ශේෂව පවතී.
C පර්වතයේ නැගෙනහිර පාර්ශවයේ පිහිටා ඇත් ලෙනක් තුලද වර්ණාලේපිත බදාම ලකුණු ලේඛකයා විසින් නිරීක්ෂණය කෙරිණි.
බෞද්ධ විහාරයක් ආශ්‍රිතව තිබීම හා ක්‍රි. ව. 4 , 5 සියවස්වලට අයත් විය හැකි වීම යන කරුණු මත මේ තුලින් මහායාන බුදු සමයට අයත් කථා ප්‍රවෘත්තියක් ප්‍රකාශ වේ යැයි සිතීමට අවකාශ තිබේ.
The following is from Archaeological Survey of Ceylon Annual Report: 1907 pp. 1 - 7 written by H. C. P. Bell, C.C.S Archaeological Commissioner.
On the rock wall of Cave No. 9. it may yet be seen, though very greatly weathered, the outline of a female figure, measuring 3 ft. by 2 ft., painted in yellow with dashes of red here and there and a touch of green. Seated, resting on her right palm with the right leg crossed horizontally, the lady has her left leg raised and knee bent, and is emphasising an animated discourse by left arm half-out stretched and hand with open palm— a favourite attitude in Indian sculpture and painting.
A smaller figure — a prince with jewelled headdress, armlets, &c. — is just distinguishable on the worn plaster of Cave No. 10. This figure measures 2 ft. by 1 ft. 6 in., and is coloured in red and yellow.
The delineation in these paintings exhibits equal spirit and level of art as the corresponding and better-known frescoes at Sigiriya, very probably executed by the same artists.
The map above, depicting the old Isurumuniya (mistakenly identified as Vessagiriya), is taken from the paper titled "An Archaeological Study to Identify the Ancient Settlement Pattern of Anuradhapura with Special Reference to the ‘Deegapasana’ Rock Outcrop in Sri Lanka", published in November 2017 in Heritage (Volume 6, Issue 3, Pages 21–48) by D. Thusitha Mendis, Nuwan Abeywardana, and Chandana R. Withanachchi of Rajarata University of Sri Lanka.
(4) පුරාණ ඉසුරුමුණි විහාරයේ පුවරු ලිපියක සැඟවුණු ජනශ්‍රැතියක්
ජනස්‍රැතික පුරාවිද්‍යාව (Falklore Archaeology) වර්තමාන පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවත්නා නව දිශානතියකි. මෙම ලිපියෙන් උත්සහ කරනු ලබන්නේ එම පර්යේෂණ පදනම මත ශ්‍රී ලංකේය අභිලේඛන දත්තයන් විමර්ශනය කිරීමයි.
පුරාණ ඉසුරුමුණියේ තිබී සොයා ගන්නා ලදැයි පැවසෙන අංක 02 ද්‍රන පුවරු ලිපිය හතරවන මිහිඳු රජු විසින් කරන ලද්දකි. මේ සම්බන්ධ අභිලේඛන පාථය, " ... අනුබුදු මහ මිහිඳු මහහිමියන් විසින් විනොයා සසුන් වැඩ ලොවැඩෙහි යෙදූ රකුස් පිරිඟා පැන්තිසැ උවනිසා පිහිටි ඉසුරුමෙණු බො උපුල්වන් කසුබ්ගිරි ද්මහ වෙහෙරෙහි ..." වේ. මෙහි අරුත "අනුබුදු මහ මිහිඳු මහහිමියන් විසින් දමනය කොට සසුන් වැඩ හා ලෝ වැඩෙහි යෙදූ රාක්ෂසයා හික්මවා තිසා වැව උපනිශ්‍රය කොට පිහිටි ..." ලෙස පැනෙයි.
පරණවිතාන පෙන්වා දුන් පරිදි මීට පෙර මෙරට වෙනත් මූලාශ්‍රයක ඒ පිළිබඳ කිසිදු සඳහනක් හමු නොවේ. එහෙයින් හිටිවනම දහවන සියවස තරම් මෑත කාලයක උක්ත ප්‍රවෘත්තිය ඉස්මතු කරන ලද්දේ කවර හෙයින් දැ යි විමසා බැලීම වටනේය.
ක්‍රි. ව. 10 වන සියවසේදී ඇතිවූ ආර්ථික හා දේශපාලනික සංකීර්ණතා සහිත පසුබිමක සිය සාම්ප්‍රදායික උරුමයට සිදු වූ අභියෝගයට ප්‍රතිචාරයක් ලෙස මහාවිහාරයෙහි හා ඊට අනුබද්ධ ඉසුරුමුණි විහාරයෙහි භික්ෂූන් වහන්සේලා විසින් තිසා වැව සම්බන්ධ තම අයිතිය තහවුරු කිරීමේ උපක්‍රමයක් ලෙස තත් ජනප්‍රවාදය උපයෝගී කොට ගෙන තිබේ.
(5) ආනකටාව සුසානභූමිය පිළිබඳ මූලික අධ්‍යයනයක්
ශ්‍රී ලංකාවෙහි දැනට සොයාගෙන ඇති මුල් යකඩ යුගයට අයත් ක්ෂේත්‍ර සංඛ්‍යාව 45 පමණ වෙයි. මෙම ව්‍යාප්තික ප්‍රදේශ අතුරින් අන්තර් මාධ්‍යමික ප්‍රදේශය ලෙස හඳුනා ගැණෙන පුරාණ මල ප්‍රදේශයේ උතුරු දිග සීමාවට අයත් දඹුල්ල ප්‍රදේශයෙහි මිරිස්ගෝනි ඔය, දඹුලු ඔය හා කිරි ඔය නිම්න ප්‍රදේශයෙහි සැලකිය යුතු ඝනත්වයකින් යුතුව පූර්ව ඓතිහාසික ක්ෂේත්‍ර ස්ථානගත වීම කැපී පෙනෙන ලක්ෂණයකි.
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ඉබ්බන්කටුව සුසාන හා ජනාවාස භූමිය, දඹුළු ඔය හා මල ඔය අතර පිහිටියේය.
මෙහිදී කතුවරයාගේ අවධානය ඊට ඉතා නුදුරින් දඹුලු ඔය නිම්නයේ ස්ථානගතව ඇති ආනකටාව සුසාන ක්ෂේත්‍රය වෙත යොමුවෙයි.
ආනකටාව සුසාන භූමිය පිළිබඳව මුල් වරට ගම්වාසීන් ගෙන් හෝඩුවාවක් ලැබී ඇත්තේ ඉබ්බන්කටුව සුසාන භූමිය සම්බන්ධ ගවේෂණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවැති 1991 වසරේ දී පමණ ය. ඒ වන විට මතුපිට සාධක අනුව ආනකටුවෙන් සුසාන 28 ක් පමණ සොයා ගත් බව කියැවේ.
ආනකටාව සුසාන භූමිය නැවත නිර්‍රික්ෂණය කල කතුවරයා මතුපිට විසිරී ඇති දත්තයන් අනුව පළමු අක්කර භාගය තුල මැනැවින් ශේෂව ඇති පියන් ගල් සහිත ශිලා මංජුසා සුසාන දෙකක් ද පියන් ගල දක්නා නොලැබෙන ශිලා මංජුසා සුසානයක්ද හඳුනා ගෙන ඇත.
යාබද පෞද්ගලික ඉඩමේ ස්ථීර නිවාසයක් ගොඩ නගා ඇති අතර එහි යටත් පිරිසෙයින් සුසාන තුනක් පිළිබඳ තොරතුරු මෙම ඉඩම ආශ්‍රයෙන් දැක ගැනීමට ලැබෙයි.
පසුගිය දශක හතරක කාලය තුල භූ දර්ශනය සැලකිය යුතු මට්ටමින් වෙනස් වීමකට භාජනය වී ඇත. මෙම භූ දර්ශනය වෙනස් වීමට බලපෑ ප්‍රධාන සාධකය මහවැලි ව්‍යාපාරයයි. මෙහි අවාසනාවන්ත ඵලයක් වූයේ තත් ක්ෂේත්‍රයෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබඳ ප්‍රමාණවත් වාර්තාකරණයක් හෝ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කල බව නොපෙනීමයි.
ප්‍රමානාත්මකව මෙම සුසාන ඉබ්බන්කටුව සුසාන වලට සාපෙක්ෂව වැඩි විශාලත්වකින් යුතු වීම කැපී පෙනෙයි. මේ වන තෙක් (2011 වන තෙක්) මෙම ක්ෂේත්‍රය පිලිබඳ විධිමත් වාර්තාකරණයක්, ගවේශණයක් හෝ කැණීමක් සිදුකර නොමැත.
The Ibbankatuwa tomb site was first identified in 1970 by the Archaeological Department. Radiocarbon dating carried out on remains found at the site have revealed that these tombs date back to 700 – 450 B.C.
(6) අනුරාධපුර ඇතුළු නුවර ආදීතම බ්‍රාහිමී ලේඛන
ආදිත ම පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත වලං කැබලි අනාවරණය කර ගත්තේ අනුරාධපුර ඇතුළු නුවර මහාපාලි දාන ශාලාව සහ සල්ගහවත්ත ආශ්‍රිතව සිරාන් දැරණියගල හා ඇල්, වී. ඒ. ද මැල් ප්‍රමුඛව කරණ ලද කැනීම් මගිනි. ඒවා පිළිවෙලින් AMP 88(75) (Anuradhapura Maha Pali) සහ ASW (Anuradhapura Salgaha Wattha) 88(88) සන්දර්භයන්ට (context) අයත් වේ. AMP 88(75) සහ ASW 88(88) සඳහා ලැබී ඇති විද්‍යාත්මක කාලනිර්ණයන් හි පොදු පරාසය ක්‍රි. පූ. 500-600 කාල සීමාවට අන්තර්ග්‍රහණය කොට ඇත.
සෙනරත් පරණවිතාන, ලංකවේ පැරණිම ලිපි ක්‍රි. පූ. තුන්වන ශතවර්ෂයට අයත් යැයි නිර්ණය කල අතර මහා පාලී හා සල්ගහවත්ත සොයා ගැනීම් මෙම කාලය තව ශතවර්ෂ තුනකට එහා බුදුන් වැඩ සිටි කාලය දක්වා ඈතට ගෙන යයි.
මේ සොයා ගැණීම සඳහා බලවත් ප්‍රතිවිරුධතාවක් පැන නැගුනු බවත් ඒ ප්‍රතිවිරුද්ධතා කවරේද යන්නත් මෙම ලිපියෙහි සඳහන් වන නමුත් මේ මත ඉදිරිපත් කල වුන් කවුරුන්දැයි සඳන් නොකිරීම බලවත් අඩුපාඩුවකි. කියවන්නාට මේ අයවලුන්ගේ ලිපි තමන්ම කියවා අදහස් ලබා ගැණීමට නොහැකි වීම අසහනයට හේතු විය.
පූර්ව ඓතිහාසික සමයේ දෙවෙනි භාගය (ක්‍රි. පූ. 600 - 500) තුළ ලෙඛනය පැවති බවට අවස්ථා කිහිපය දී ම වංසකතා මගින් තොරතුරු සැපයේ. විජය විසින් සුමිත්තට හසුන් යැවීම උන්මාද චිත්‍රා විසින් පණිඩුලට හසුන් යැවීම, අභය රජු විසින් පණ්ඩුකාභයට හසුන් යැවීම මෙහිලා නිදසුන් ය.
ක්‍රි. පූ. 500 සිට ක්‍රි. පූ. 250 දක්වා වූ රික්තකයට හේතුව ලිපි සඳහා ශාකමය පත්‍රිකා යොඋදා ගැණීම විය හැක. වළගම්බා රජු විසින් (ක්‍රි. පූ. දෙවන සියවස) කේතකී පත්‍රයක ලියා කල පූජාවක් ගැන කියැවේ.
යටත් පිරිසෙයින් ක්‍රිස්තුවර්ෂෝදයේ පටන් පුස්කොල ලෙඛන සම්ප්‍රදාය මෙරට පැවති බවට මූලාශ්‍රයගත සාධක කොතෙකුත් පැවතියත් දඹදෙණි ස්මයට වඩා ඈතට දිවෙන පුස්කොළ ලේඛනයක් මෙතෙක් හමු නොවීම මේ සම්බන්ධයෙන් දිය හැකි නිදසුනකි.
හොඳන් කළුමැද නඩත්තු කරන පුස්කොළ පත් ඉරුවක වුව ජීව කාලය වසර දහසකට නොවැඩි වන හෙයින් ක්‍රි. පූ. 05-03 සියවස්වලට අයත් ශාකමය ලිපිද්‍රව්‍ය අපේක්ෂා කිරීම අනුචිත නොවනු ඇත.
ඇතුළු නුවර ප්‍රධාන කැණීම්කරු ඇල්. වී. ඒ. ද මැල් සමග කතුවරයා කල සංවාදයකදී මැල් මහතා මෙසේ කියා තිබේ.
1984 දී සිදුවූ අනුරාධපුර ගෙඩිගේ කැණීමේ දී NBPW (Nothern Black Polished Ware) වළං කට්ට මුලින්ම හමු වුනේ මටයි. එය කෙළින්ම ක්‍රි. පූ. 03 සියවසට වැටෙන්නෙ. NBPW ලංකාවේ ක්‍රි. පූ. 03 සියවසෙන් පටන් ගන්නෙ. Rouletted පටන් ගත්තෙ ක්‍රි. පූ. 250 න්. ක්‍රි. පූ. 01 (සියවසෙ)න් ගඩොල් පටන් ගන්නව. ක්‍රි. පූ. 06 වන සියවසේ බුදුහාමුදුරුවො පාවිච්චි කරපු පාත්‍ර NBPW. මේවා ක්‍රි. පූ. 03 සියවසට ඩේට් වුණාම පැහැදිලි වෙනව බුද්ධාගම 03 සියවසේ ලංකාවට ආව කියලා.
ගෙඩිගේ කැණීමේදී ක්‍රි. පූ. 6 සියවසට ආව කාලනිර්ණ සල්ගහවත්තේදි ක්‍රි. පූ. 9 සියවසට ගියා. සල්ගහවත්ත තියෙන්නෙ විජයබාහු මාළිගාවට ටිකක් එහාට වෙන්න.
ක්‍රි. පූ. 09 සියවස වෙනකොට අපි යකඩ භාවිතා කරල තියෙනව. BRW (Black and Red Ware) පාවිච්චි කරල තියෙනව. වී කීකරු කරල තියෙනව. සල්ගහවත්තෙන් වගේම ගෙඩිගේ කැණීමෙන් අශ්ව දතුත් ලැබිල තියෙනව. ඒ නිසා මොන් තර්ක ගෙනාවත් මධ්‍ය ශිලා යුගයෙන් යකඩ යුගයට පනිනව කියන එක නැහැ කියන්න බැහැ.
විශ්ව විද්‍යාලෙ කොටසක් කියනව මේක පිළි ගන්න ඕන නැහැ කියල. ඉන්දියාවෙත් නැහැ කියනවානෙ. දැරණියගල මහත්තය කියනව ඉන්දියාවෙ තියෙන පුරාවස්තු ප්‍රාන්ත අනුව මිනිස්සු කැණීම කරන්න දෙන්නෙ නැතිලු. නමුත් ඉන්දියාවෙ අක්ෂර කලාව ක්‍රි. පූ. 7, 8, 9 සියවස් වලට යන්න පුළුවන්ලු.
(7) "...සෙල් ගැබෙන් දා ගැබට..."
මෙම ලිපියෙහි "දා ගැබ" (ධාතු ගර්භය) ලෙස හැඳින් වෙන්නේ "ස්ථූප උදරය (Dome) තුල ධාතු නිදන් කිරීම පිණිස සකසන ලද නිර්මිත අංගය (Relic Chamber) යි". මහා වංශයේ සඳහන් පරිදි මහා ථූපයෙහි (රුවන්මැලි සෑය) ධාතු ගර්භයට යටින් ඇතිරීම වශයෙන් එක් සෙල් පුවරුවක් හොවා, සෙල් පුවරු හතරක් සතර පසින් මංජුසාවක් සේ යොදා ඇත. පූජා වස්තු තැන්පත් කිරීමෙන් පසුවසම පුවරුවකින් වසා මුද්‍රා තබා ඇත. ධාතු ගර්භයෙහි පිහිටීම සහ එය තනන ලද ක්‍රමය පිළිබඳ වූ මහාවංස ප්‍රවෘත්තිය ඒ සම්බන්ධව පැරණි ලක්දිව පැවත ආ පිළිවෙත පෙන්වන බව සැලකිය හැකියැයි පරණවිතාන පෙන්වා දෙයි. (ලංකාවේ ස්තූපය 1963). දක්ඛිණ ථූපයේ සිදුකළ කැණීම් මගින්, විනාශ කරන ලද ධාතු ගර්භයට යෙදූ ගල් ලෑලි හමුවූ බව පරණවිතාන සඳහන් කරයි. මිහින්තලා කඳු බෑවුමෙහි වම් පස කඳු ගැටය මත පිහිටි ස්ථූපයේ ධාතු ගර්භය ද විශාල ගල් ලෑලි වලින් ආවරණය කර තිබිණ. (පුරාවිද්‍යා පරියේසන 2001).
එසේ නම් ශිලා මංජුසා සුසාන සංස්කෘතික ලක්ෂණ සාර්ථකව තවත් සංස්කෘතියක් විසින් උකහා ගැනීම ධාතු ගර්භයන්හී ප්‍රභවයට සෘජු හෝ වක්‍රා කාරව හේතු වන්නට ඇති බවට කතුවරයා මේ ලිපියෙන් තර්කාණුකූලව පෙන්වා දෙයි. (ශිලා මංජුසා සුසාන සංස්කෘතිය ඉන්දු-ලංකා දෙරට ම සාධාරණ වූවකි.)
(8) ගෝනවත්ත පූර්ව බ්‍රාහ්මීය අභිලේඛනය පිළිබඳ පුනර්විමර්ශනයක්
මධ්‍ය කඳු කරයේ මෙතෙක් ලැබී ඇති පූර්ව බ්‍රාහ්මී අභිලේඛන ප්‍රමාණය 80 ක් පමණ වෙයි. ඒ තුරින් දීර්ඝතම වූද, මතභේදයට තුඩු දුන්නා වූ ද අභිලේඛනය ගෝනවත්ත පූර්ව බ්‍රාහිමී ලිපිය යි.
මෙම ලිපියෙහි මුල් වචනයෙහි මුල් අකුර අවිනිශ්චිතය. පරණවිතාන මහතා එය "ම" ලෙස හඳුනා ගත් අතර ආර්. ඒ. එල්. එස්. ගුණවර්ධන එය "පො" ලෙස සිතයි. පලමු වචනයෙහි තුන්වෙනි අකුර "ඩි" ලෙස පරණවිතාන හඳුනා ගත් අතර එය "නි" ලෙස ගුණවර්ධන කියවයි.
එනම් පරණවිතානට අනුව මුල් වචනය "මචුඩික" වන අතර ගුණවර්ධනට අනුව එය "පොචුනික" වෙයි.
ලිපියේ අන්තර්ගතය මහාවංශය සමග සසඳන පරණවිතාන මෙම ලිපිය ක්‍රි.ව. පලමු සියවසට අයත් යැයි අනුමාන කරයි.
මධය කඳුකරයේ සිටි ප්‍රාදේශීය පාලකවරුන් මහාවංසයේ සඳහන් නොවන නිසාත්, යටහලෙන, බඹරගල, ඇඹුල් අඹේ, පිදුරංගල පූර්ව භාහ්මී අභිලේඛන අනුව තහ් ප්‍රාදේශාශ්‍රිත ප්‍රාදේශීය පාලනයක් තිබූ නිසාත්, බඹරගල ලිපියේ "පොචුනික" වචනය හා ඔහුගේ කියවීම අනුව ගෝනවත්ත පලමු වචනය "පොචුනික" නිසාත් මෙම ලිපිය ක්‍රි.පූ. අවධියට අයත් බව ගුණවර්ධණ සිතයි.
මේ ලිපියේ කතුවරයා විසින් ගෝනවත්ත ලිපිය නැවත කියවීමෙනි පසුව මුල් වචනයේ තුන්වන අකුර "ඩි" බව විශ්වාස කරයි. ඒ අනුව මුල් වචනයේ මුල් අකුර හැරුණු විට එය "චුඩික" වේ.
සුදර්ශන් සෙනෙවිරත්න ගෝනවත්ත හා දෙමැදඔය ලිපිවල සඳහන් "මචුඩික" ප්‍රාදේශීය පාලකයන් මෙම ප්‍රදේශයේ ඛණිජ පාෂාන පාලනය කල වුන් ලෙස සිතයි. (සාහිත්‍යයෙහි "චුඩ" යන්න `අග මැණික' (සිළුමිණ) සඳහා භාවිතා වේ.)
ලංකාවේ පූර්ව බ්‍රාහ්මී අභිලේඛනයන්හී 'චුඩ' හා 'චුඩි' යනුවෙන් ව්දන් ද්විත්වයක් හමු වෙයි. 'චුඩ' යන්නෙහි තේරුම "කුඩා" වන අතර, 'චුඩි' යන්නේහි තේරුම "හිස මුදුනෙහි කෙස් රොද" යන්න යි. එම නිසා සෙනෙවිරත්තගේ අර්ථකතනය සාවද්‍ය වේ.
මෙහිදී සලකා බැලිය හැකි වෙනත් අදහසක් නම් 'චුඩි' නැතහොත් 'චුඩික' නමිබ් පිරිසක් මුල් ඓතිහාසික සමාජය තුළ ආර්ථික හා දේශපාලන තලයේ හැසිරී තිබේ ද යන්නයි. එසේ නම් "මචුඩික" මහා චුඩික හෝ චුඩිකයින්ගේ නායක විය හැකියි.
චුඩි යන විශේෂණය භාවිතා කළවුන් පිළිබඳ සාක්ෂි වවුනියා, හම්බන්තොට, පොළොන්නරු, මහනුවර, මාතලේ, බදුල්ල, හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් ලැබී තිබේ.
ගෝනවත්ත ලිපියේ දැක්වෙන 'චුඩික' හෝ 'මහචුඩික' සහ ඔහුගේ පරපුරේ සාමාජිකයන් රජ විරුදය දැරීම ප්‍රාදේශීය පාලනයේ ප්‍රථිඵලයක් සේ ගිණිය හැක.
සංකීර්ණ විශ්ලේෂනයකින් පසුව ගෝනවත්ත ලිපිය ක්‍රි. පූ. 02-01 සියවස් වල ලෙඛන ගත කරන්නට ඇති බවත් කතුවරයා තර්ක කරයි.
(9) වේගිරිය පූර්ව බ්‍රාහ්මී ලිපිය සහ එහි ස්ථානගත වීම පිළිබඳ විමසුමක්
අවලෝකිතේශ්වර නාථ සහ තාරා වන්දනය පිණිස ගම්පළ සමයේ (1341 - 1412 C.A.) පමණ ඉදිකරණ ලදැ යි සැලකෙන දේවාලයක් නිසා වේගිරිය වඩාත් ප්‍රකට ව පවතියි. එම දෙවාලයට ඉහලින් විහිදී පවතිනා විශාල ලෙන් සංකීර්ණයක් වෙයි. මෙම ලෙන් සංකීර්ණය වත්මන් දේවාලය ඇති ලෙන් ද අන්තර්ගතව මුල් ඓතිහාසික යුගයේ සෙනසුනක් ලෙස පැවති බව කර්තෘ ගේ විශ්වාසයයි. පූර්ව බ්‍රාහිමී ලේඛනය සහිත ලෙන් පද්ධතිය වර්තමානයේ වවුල්ගල ලෙස හැඳින් වේ.
එකී ලිපිය පිහිටා ඇති අතිශය ප්‍රපාතාකාර භූදර්ශනය හේතු කොට ගෙන ඊට සමීප වන්නට අසීරු ය. ලෙන් පද්ධතිය ආශ්‍රිතව සිදුව ඇති භූ විපර්යාසයක් නිසා ලිපිය ඇති ලෙන පහත් වීමකට ලක් වී ඇත.
පරණවිතාන විසින් ඇස් සෝදිසියෙන් කියවා ඇති මේ ලිපියෙහි පෙල මෙසේ ය.
[The cave] of lord Sumana, of Tissa, of the female lay-devotee Sumanā, of the female lay-devotee Tissalā, of the lay-devotee . . . Kumāra, of the householder Dutaka, of the potter Soṇa, and of the ivory-worker Sumana. The lapidary Datta is a partner. The lapidary Cuḍa is a co-partner.
බත ශුමනශ තිශහ උපශික ශුමනය උපශික තිශලය උපශක …
කුමරශ ගපති දුටකශ කුබකර සොණහ දටික සුමනශ
මණිකර දතෙ පතිකෙ මණිකර චුඩෙ ශපතිකෙ
(ක්‍රි. පූ. 3 - 1 සියවස)
මෙහි "බත" යන්න "භක්තිමත්" හෝ "ස්වාමි" විය හැක. "ගපති" යනු ගහපති ලෙස සැලකිය හැක. වේගිරි ලිපියෙහි පුද්ගල නාම දැක්වීමේ ස්වරූපය මත ඇතැමෙක් තමන්ගේ සිවිල් තත්වය හුවා දැක්වීමටද, ඇතැමෙක් බැතිමත් බව හුවා දැක්වීමට ද, තවකෙක් තම වෘත්තීය පදනම විදහා දැක්වීමටද උත්සුක වූහ.
මෙම ලිපියෙහි කුමාර යන්නට ඉදිරියෙන් විනාශ වී ගිය අකුරු හතරකට පමණ සෑහෙන ඉඩක් පවතියි.
ප්‍රධාන ශිල්ප කලා තුනකට සම්බන්ධ පිරිස් පිළිබඳ වේගිරි ලිපියේ එන සඳහන වෘත්තීය මත ඇතිවන පන්ති සමාජයක සේයාව පෙන්නුම් කරයි.
(10) ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රභවය, විකාශය හා නාමකරණය පිළිබඳ යලි විමසා බැලීමක්
ගෙඩිගේ යනු පාලි "ගිඤජකාවස්ථ" යන පාලි වචනයෙහි සිංහල රූපය බවත් එය මුළුමනින්ම ගඩොලින් ඉදිකරන ලද ආවාසය නැතහොත් ගෘහය බවත් පරණවිතාන පෙන්වා දී ඇත. මෙම ලිපියෙහි අරමුණ පරනවිතාන ගේ අදහස් වඩා විග්‍රහාත්මකව විමසා බැලීමත් සහ ඔහුගේ අවධානයෙන් ගිලිහුණ අංශ ගන්නාවකට අවධානය යොමු කිරීමත් ය.
මුල් කාලයේ ගෙඩිගේ ගඩොලින් නිමකොට සුනු ආලේප කිරීම් වැනි සැරසිලි නැති දොර කවුළු පමනක් දැවයෙන් නිමකොට සාදන ලද ඉතා චාම් ගෘහයකි. මෙවැනි ගෙඩිගේ අනුරාධපුර යුගයේ නොතිබුනා යැයි සිතිය නොහැක. අනුරාධපුර ජේතවන විහාර සංකීර්ණයෙහි සුවිසාල පිළිම ගෙයක නටබුන් වෙයි. දැනට ශේෂවී ඇති ශිලාමය උළුවස්ස අඩි 26 ක් උසින් වෙයි. පරණවිතාන ජේතවන පිලිම ගෙය ක්‍රි. ව. 9 - 10 සියවස් අතර කාලයක නිමවන ලද්දක් බව සිතයි.
ගෙඩිගේ සම්ප්‍රදාය පොලොන්නරු සමයේ ජනප්‍රිය විය. අණ්ඩාකාර වහල (ovel roof) ඇති ප්‍රතිමා ගෙය ඈත අතීතයට අයත් වන බව පෙනේ. මේ තාක් සොයා ගෙන ඇති මේ වර්ගයේ පැරණිතම පිලිම ගෙය මාළිගාවිල පිලිම ගෙය යි.
පොලොන්නරුවේ ඇති තිවංක, ලංකාතිලක, හා ථූපාරාම ප්‍රතිමාගෘහ වල හුනු බදාම භාවිතා කොට ඇත.
නාලන්දා ගෙඩිගේ නමින් දැන් හඳුන්වන බෞද්ධ ප්‍රතිමා ගෘහය ගඩොල් වලින් නොව තනිකරම ශිලා වලින් නිමා කොට ඇත. මෙය ක්‍රි. ව. 6 - 7 කාල වල පල්ලව ශෛල සම්ප්‍රදායන් වල අනුකරණයක් ලෙස සැලකිය හැක.
චෝල පාලන සමයේදී සම්පූර්නයෙන්ම ගලින් සාදන ලද පොලොන්නරුවේ අංක 02 දරන ශිව දේවාලය ද ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලක් ලෙස කතුවරයා දකී.
ගම්පල සමයේ දී නිමවන ලද මහනුවර නාථ දේවාලය, ගඩලාදෙණි ප්‍රතිමාගෘහය සහ උඩුනුවර ලංකාතිලකය ද ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ගොඩනැගිලි ය.
අනුරාධපුර යුගයේ සිට ගම්පොළ අවධිය දක්වා වූ ගෙඩිගෙවල් වල මාධයයන් හී පරිවර්තනය දෙස බැලූ පරණවිතාන මුලින් බොකු වහල සහිතව ගඩොලින් නිමකල ගෘහයට ගෙඩිගේ (ගඩොල් ගෙය ) භාවිතා කල නමුත් පසුව එම වචනය බොකු හැඩයේ වහල ඇති ගෙයක් හඳුනා ගැනීම පිනිස වෙනස් වූ බව සඳහන් කරයි.
වර්තමානයේ "ගෙඩිගේ" නමින් හැඳින් වෙන්නේ ඇතුලුනුවර ගෙඩිගේ, නාලන්දා ගෙඩිගේ, නාථදේවාල ගෙඩිගේ සහ අස්ගිරිවිහාර ගෙඩිගේ පමණි.
No comments:
Post a Comment