Sunday, March 23, 2025

The Andromeda Strain

කතෘ: Michael Crichton

ප්‍රකාශක: Vintage Books 2017



සියළු දේ වෙනස් වේ. මිනිසුන් අතර සිදුවන වෙනස්වීම් ක්ෂණිකව නොපෙනුනත්, අවුරුදු දෙක තුනකදී හඳුනාගත හැක. ලෝකයද වෙනස් වේ.  නමුත් එය පෙනී යන්නේ වසර මිලියන් ගනනක් ගත වූ පසුය. වයිරස් සහ බැක්ටීරියාවන්ද වෙනස් වේ. නමුත් ඒවා ඉතා කුඩා බැවින්, වෙනස්වීම් දවස් ගණනකින් හඳුනා ගත හැක.


වයිරසයක් ඉතා ඉක්මනින් රෝගියා මරාදැමුවහොත්, එහි පැවැත්මද ඒ සමග අවසන් වේ. ඒ නිසා වයිරස් වෙනස් වන්නේ රෝගියා දිගුකල් නොමැරී තබා ගැනීම සඳහා ය. මෙම නියමය 1918 ෆ්ලූ වයිරසයටත්, සියවසකට පසු පැමිණි කෝවිඩ් වයිරසයටත් අදාළ වේ. කෝවිඩ් වයිරසය කොපමන දුරට වෙනස් වූවා ද කිවහොත්, එය මගින් මියගිය පිරිස පිළිබඳව දැන් වාර්තා වන්නේ නැති තරමට ය.


මයිකල් හාවඩ් මෙඩිකල් විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය 1969 දී ලබා ගත්තේය නිසා මෙම සනාතන ධර්මය ඔහු හොඳින් දනීඑම ධර්මය මෙම පොතෙහිද, මේ පොත කියවා අවසන කියවන්නට යෙදුනු Prey නැමැති පොතෙහිද පසුබිම වේ.


දරුණු වෛරසයක් මුලදී මිනිසුන් අතරට විට වෙන විනාශය මෙම කතාවේ ආරම්භය වේඑම වෛරසය අභ්‍යාවකාශයට යවා ආපසු ගෙන්වා ගත් චන්ද්‍රිකාවක් මගින් ලෝකයට විට තර්ජනය විශේෂයෙන්ම බලගතු .


වෛද්‍යවරුන් කිහිප දෙනෙකු භූගත බංකරයක රැඳී ඇන්ඩ්‍රෝමීඩා වයිරස් තර්ජනයට විසඳුම් සොයති. ඔවුහු චන්ද්‍රිකාව වැටුණු ගම්මානයට පරමාණු බෝම්බයක් එල්ල කරන ලෙස ඇමරිකානු ජනාධිපතිට උපදෙස් දෙයි.  සැවෝම අතින් වැරදි වේ. ඒ වැරදි නිවැරදි කර ගැනීමට පෙර වෛරසය ඒ වැරදි වලට හැඩ ගැසේවිද?


මෙම කතාව ඉතාමත් රසවත් අන්දමින් ලියා ඇත. මෙය මයිකල් විසින් ලියන ලද මුල්ම නවකතාව වන අතර, එය 1967 දී ප්‍රකාශයට පත් කළේය. එයට ලැබුනු විශාල ජනප්‍රියත්වය හේතුවෙන් මයිකල් වෛද්‍ය වෘත්තිය හැර නවකතාකරුවෙකු වීමට තීරණය කළේය. ඔහුගේ පසුකාලීන නවකතා ඉතා ජනප්‍රිය වීමෙන් එම තීරණය නිවැරදි බව පැහැදිළිය.


මෙම පොතෙහි ඉතා පැහැදිලි වැරැද්දක් තිබීමත්, 2017 මුද්‍රණයේදී එය නිවැරදි නොවීමත් විශ්මයජනකය. "කර්නල්" (Colonel) යනු "මේජර්" (Major) වඩා උසස් නිලයකි. එබැවින් කර්නල් වරයෙකු මේජර් වරයෙකුට "සර්" ලෙස ආමන්ත්‍රණය නොකරයි. නමුත් මෙම පොතේ එවැනි වරදක් පවතී.


මයිකල්ගේ Timeline නම් Kindle පොත Amazon හි $1.99 කට මිලදී ගන්නට හැකිවිය. ඔහුගේ Airframe නම් පොත දැන් $2.99 කට ඇත. නමුත් ඔහුගේ කතා අතර එකාකාර බවක් ඇති බවට සැක මතුවීමත්, Kindle පොත් තවකෙනෙකුට පරිත්‍යාග කිරීමට නොහැකි වීමත් හේතුකොටගෙන, එය මිලදී ගැනීමට තවමත් තීරණය කර නොමැත.

No comments:

Post a Comment