Sunday, August 31, 2025

මහගමසේකරගේ ගීත

කතෘ: මහගමසේකර

ප්‍රකාශක: ප්‍රදීප ප්‍රකාශකයෝ 1972



මහගමසේකර ලංකාවේ බිහිවුනු අග්‍රගණ්‍ය ගීත රචකයෙකු බවට විවාදයක් නැත. එවැනි සුවිශේෂී නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ සමහර බුද්ධිමතුන්රාමනුජාන්, අබෙල්, හා ගැලොවාමෙන් මහගමසේකර අඩු වියේදී මිය ගියේය. අපේ වාසනාවට, ඔහු ජීවත් වූ සුළු කාලය තුළ නිර්මාණය කළ ගීත තවමත් අප අතර යෞවන වශයෙන් ජීවමාන වේ.


ඔහු මිය යාමට වසර කිහිපයකට පෙර ඔහුගේ ගීත එකතුවක් එළි දක්වා තිබුණි. එය ඔහු විසින් රචනා කළ සියළුම ගීත එකතුවක් නොවන බව සහතිකය. එහෙත් මේ ගී එකතුවේ මම අසා ඇති රසවත්ම ගීත ඇතුළත් වීම අමානන්දයට හේතු විය. මේ අතර, මට පෙර නොඇසූ ගීත කිහිපයක් තිබුණි.


ඔහුගේ කුඩා කාලයෙහි ඔහුගේ නෑයෙක් ගමට කොළඹින් හා මීගමුවෙන් නාට්‍ය කංඩායම් ගෙන්වා නාට්‍ය ප්‍රදර්ශනය කර වීයඑකල "ටීටර්" නමින් හැඳින් වූ නාට්‍ය වල බෙන්ජමින් ප්‍රනාන්දු හා සෙබස්තියන් පීරිස් වැනි නළුවන් ගැයූ කර්ණ රසායන ගීත වලට කුඩා මහගමසේකර මහත් කැමැත්තක් දැක් වීය. ගීත වල ඇතැම් කොටස් ඔහුගේ මතකයේ ඇති බව ඔහු මේ පොතේ පෙරවදනෙහි ලියා ඇතඉන් පසුව ගුවන් විදුලියෙන් අසන්නට ලැබුනු ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්ත ගේ ගීත ඔහුට ඉතා ප්‍රිය වියකුමාරතුංග මුනිදාසයන්ගේ "හෙළ මියැසිය" ඔහුගේ සිතේ උසස් ගීත රසයක් සහ දේශානුරාගී හැගීම් ජනිත කරවීමට සමත් විය.


ඉගෙනීම අවසන් කොට ගුරුවරයකු සේ සේවය කිරීම සඳහා කොළඹ නගරයට පැමිණි මට බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනයකට සවන් දීමට අවස්ථාව ලැබිණගීත රචකයෙකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉෂ්ඨවීමකැයි මහතා එහි දී සඳහන් කළේයමා ගීත රචකයකු වුවහොත් මැනවැයි එවෙලේ මට නිකමට සිතිණ.”


Garrett Field begins his introduction to the book “Modernizing Composition—Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka” by recalling a lecture given by Mahagama-sekara in 1966. Apparently, Sekara believed that a good song could be judged by its ability to stand alone, even without the music. He cited Chandrarathna Manawasingha’s “Maha-bo Vannama” song as a prime example.


වැලි තල අතරේ - හෙමිහිට බසිනා

නේරංජන නදියේ

ගයා හිස - වැඩ සිට - බුදු වුණු දා

තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ

සමාධි භාවනා


(ඔහු කොළඹ ඉගැන්වූ පාසැල කුමක්දැයි මෙහි සඳහන් නොමැතඑහෙති එය මිශ්‍ර පාසැලක් බව පසු සඳහන් කරුණු වලින් තහවුරු වියකොළඹ නගරයේ තිබූ මිශ්‍ර පාසැලක් ගැන මට මතකයට එන්නේ නැත.)


මා ස්වර්ණතිලකා නාට්‍යය රචනා කොට විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා රඟ දක්වන ලද්දේ මේ අතරතුරදීයමගේ ප්‍රථම ගීත මේ නාට්‍යයෙහි ඇතඑහෙත් ඒවා රචනා කරන ලද්දේ ගීත රචකයෙකු වීමේ අදහසින් නොව මහාචාර්ය සරස්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය නරඹා ලද ආස්වාදයෙන් මෙහෙයවනු ලැබීමෙනි.”


ඔහු ගීත රචනා කිරීමට නියම වශයෙන් පිවිසුනේ ගුවන් විදුලියේ "මධුවන්ති" වැඩ සටහනට සහභාගී වීමෙනිමෙම වැඩ සටහනට ඔහු සමග අමරදේව එකතු විය. මෙය මහාචාර්ය සරස්චන්ද්‍රගේ යෝජනාවක් මත කෙරුනු දෙයක් බව මහගමසේකර පවසයි.


ගීත රචනය ගැන මහගමසේකරගේ අදහස මෙසේය. ගීතයක් නිර්මාණය වීම සඳහා ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාම හවුල් විය යුතුය. ඇතැම් ගීතයක් රචනයේ ඇති කාව්‍යමය ගුණය අනුවද, තවත් ගීතයක් ඊට යොදා ඇති සංගීතය අනුවද, තවත් ගීතයක් එය ගායනා කරන ගායකයාගේ කටහඬ හා ගායනා විලාසය අනුවද උසස් තත්වයක් ගන්නට පුළුවන. එහෙත් විශිෂ්ට ගීතයක් නිර්මාණය වීමට නම් මේ තිදෙනාම තමන්ට අයත් කාර්‍යයන් විශිෂ්ට අන්දමින් ඉටු කල යුතුය.”


ඔහු මේ සඳහා උදාහරණයක් ලෙස "රන් සළු" නැමැති චිත්‍රපටයට ලියූ ගීයක් සිහිපත් කරයි.


ගීතය නිර්මාණය කිරීම චිත්‍රපටය නඟන ස්ථානයටම ගොස් කල යුතුබව චිත්‍රපට අධ්‍යක්ෂකගේ අදහස වියමෙය අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුළින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකිකඳු බෑවුමේ ගල්තලාවක අපි දෙදෙනා තනි වීමුමම ගීතය ලියූ කරදාසිය අමරදේවට දුනිමි. ඔහු නිශ්ශ්බ්දව එය කියවන්නට විය. මඳ වේලාවකට පසු අමරදේව සරපිනාව වාදනය කරමින් ගීතයට තනුව යෙදීමට පටන් ගත්තේයඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක් දිග අඩුවැඩි කිරීමට මම කැමති වීමි. මගේ අදහස අනුව ඇතැම් ගීත පාදයක තනුව වෙනස් කිරීමට ඔහුද කැමති විය.  


ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනාව වාදනය කරමින්ම අමරදේව එය ගායනා කරන්නට වියඑය ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙන ඒකාත්මික වන දුර්ලභ අවස්ථාවක් විය.”


සිරිපා පියුමේ 

රොන් සුණු තැවරි

ගිමන් නිවන පවන් හමා ඒ

නිවී පහන් වී ළය සැනහේ


නිවන් දොරට මග පානා

සමනොළ රන් කොත මුඳුනේ

බැන්ද වියන් සේ

අරුණු වලා රන් සළු පැටලේ

හද කිමිදේ ලොව්තුරු සුවඳේ


කෙලෙස් මලින් මිදී

සිත සුවපත් වී

පාවී යයි නිසංසලේ

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

වලා අතුළ කඳු වැටි අතරේ.


ඔහුගේ පෙරවදන අවසානයේ ඔහු මෙසේ කියයි.


“මේ ගීත සියල්ල එක සේ සාර්ථක යයි මම කිසි විටෙකත් නොසිතමි.  එහෙත් මගේ නිගමනය අනුව සාර්ථක යැයි හැඟෙන ගීත හත අටක් හෝ මෙහි ඇත.  ඒ ගීත රචනා කරන ලද්දේ මා විසිනැයි සන්තෝෂයක් හා ආඩම්බරයක් ඒවා ඇසෙන විට මා සිත්හි උපදී.”

______________________________________

මට සිතනා ආකාරයට නම් මෙහි ඇති විශිෂ්ඨ ගීත මේවාය.


ඈත ගව් ගනන් දුරින්ගැටවරයෝ චිත්‍රපටයෙන්

සාර බුලත් විට කාලා බලන් -- සාරවිට චිත්‍රපටයෙන්

සිරිපා පියුමේ  — රන් සළු චිත්‍රපටයෙන්

පරවුණු මල් වල සුවඳ අතීතේ -- පරසතු මල් චිත්‍රපටයෙන්

අඩවන් දෑසින් පවසනු රහසින් -- වෙස් ගත්තෝ චිත්‍රපටයෙන්

සිනිඳු සුදු මුතු තලාවේ -- සත් සමුදුර චිත්‍රපටයෙන්

ඈත කඳුකර හිමව් අරනේ -- නල දමයන්තී නාට්‍යයෙන්

මූදු පතුල යට ඉඳලා -- මූදු පුත්තු නාට්‍යයෙන්

අන්න බලන් සඳ රන් තටියෙන් -- කුණ්ඩල කේසී නාට්‍යයෙන්

ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ -- ගුවන්විදුලි ගීතයක්

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට-- ගුවන්විදුලි ගීතයක්

වෙල මැද ඇති අම්බලමේ-- ගුවන්විදුලි ගීතයක්

නීල කොබෙයි රෑන ඈදී-- ගුවන්විදුලි ගීතයක්

ගී පොතයි මී විතයි-- ගුවන්විදුලි ගීතයක්

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ-- ගුවන්විදුලි ගීතයක්

මළ ඉර බසිනා හැන්දෑ යාමේ -- ගුවන්විදුලි ගීතයක්

සන්නාලියනේ -- ගුවන්විදුලි ගීතයක්

බිංදු බිංදු මල් -- ගුවන්විදුලි ගීතයක්

ඔබේ නමින් සෑය බඳිමි -- ගුවන්විදුලි ගීතයක්

කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ -- ගුවන්විදුලි ගීතයක්

ඉරට මුවාවෙන් ඉඳගෙන -- ගුවන්විදුලි ගීතයක්

විජය භූමි ලංකා -- ගුවන්විදුලි ගීතයක්

සත් කුළු පෑ වළලු මතින් -- ගුවන්විදුලි ගීතයක්

මේ අපේ දේශයයි -- ගුවන්විදුලි ගීතයක්

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන -- ගුවන්විදුලි ගීතයක්

පාලු අඳුරු නිල් අහස මමයි -- ගුවන්විදුලි ගීතයක්

රත්නදීප ජන්මභූමි -- ගුවන්විදුලි ගීතයක්


ප. ලි. දෙවතාඑළි නාටකයේ "දිවිය අංගනාවන්ට -- අපට වාගෙ වාගෙ වයස යන්නෙ නෑ" ගීතය සොයා අසා ගැනීමට දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක විය.


No comments:

Post a Comment