Sunday, November 12, 2023

ආරිය සිංහබාහුගේ මරණය

කතෘ: ප්‍රින්ස් සේනාධීර
ප්‍රකාශක: විදර්ශන 2023

ලංකාවේ සැප්තැම්බර් මාසයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භුමියේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශණයට මෙවර ගියේ පලමු වතාවටය.  එයද එක් දිනයකට පමනක් සීමා වූයේ එදිනම මට පොත් ප්‍රදර්ශනය එපා වීමය.  සෙනග වැඩිකම, නොකඩවා වැස්සත් තිබූ උහුලන්නට බැරි රස්නය, වුවමනාවට වඩා තිබූ වානිජකරණය මෙම එපා වීමට ප්‍රධාන හේතූන් ය.  එහෙත් පොත් වෙලඳ ශාලා ඇතුලට නොගොස් නොසොයා පැමිණීම ගැන පසුතැවිල්ලට පත් වූයේ ගනනාත් ඔබේසේකර විසින් ලියන්නට යෙදුනු නවතම පොත් දෙකක් ගැන පසුව දැනගත් වේලේය.  ඒ කෙසේ වුවත් නැවත අවුරුද්දක පොත් ප්‍රදර්ශනය බැලීමට යාමට ඇති ඉඩකඩ ඉතාම අඩුය.


මගේ යහළුවෙක් මෙම පොත මට පරිත්යාග කලේ ඒ පොත් ප්‍රදර්ශනය බැලීමට ගිය දිනදී ය.  පොත ලැබුන සතියේම පොත කියවා අවසන් කලෙමි.  විශ්ව විද්‍යාල ඇදුරන් කිහිප දෙනෙක් සමග කෙරුණු සාකච්චාවකදී මම මේ පොත මතක් කල කල්හී ඔවුන් මේ ප්‍රින්ස් සේනාධීර ඔවුන්ගේ සගයෙකු වන විශ්ව විද්‍යාල ඇදුරා දැයි මගෙන් විමසීය.  එයට පිලිතුර නොදැන සිටි මම පොත දුන් මිතුරාට කෙටි පණිවුඩයක් යවා එම උපකල්පනය නිවැරදි බව තහවුරු කර ගතිමි.


මෙම පොත ගැන එම සාකච්චාවේදී මා විසින් සඳහන් කිරීමට හේතුව එම පොත ගැන මා හට යම් “දැණීමක්” ඇතිවීම යැයි මෙම සටහන ලිවීමට පෙර මට සිතින.  එහෙත් එම පොතෙහි වූ එකම කතාවක්වත් දැන් මගේ සිහියට එන්නේ නැතිවීම එම “දැණීම” හොඳ එකක් නොවේය යන කණස්සල්ල මත පොත නැවත කියැවීමි.


මට හිතෙන්නේ මම ලංකාවේ “නව පරපුර” හිතන, කියන, ලියන, දේ ගැන දන්නේ නැත කියායි.  (මට නවකයින් වුනාට මොවුන් මැදි විය හෝ එම වියත් පසුකල අය  ය.)  මෙම කතාවල එවැනි මා නොදන්නා නවතාවයක් ඇත.  කතා ලිවීමේ ශෛල්‍යයද නැවුම් වන අතර එම ලිවීමේ ශෛල්‍යයට මගේ අකමැත්තක් නොමැත.  එහෙත් හොඳ විවාහ දිවියක් ගත කරන විශ්ව විද්‍යාල ඇදුරෙක් තම ගෝල කෙල්ලෙක් හාදුවක් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා සියදිවි හානි කරගන්නා කතාවක් ගැන පැහැදීමක් ඇති කරගන්නේ කෙසේද?


මෙහි අවසාන කතා දෙක නම්, වෙනස් ආරයකට ලියා ඇති වුවත්, මා සිත් ගත් කතා බව කිව යුතුය.  ඇත්ත වශයෙන්ම මුල් කතා දෙක හැරුනු විට අනෙක් කතා මා සිත් ගත් කතා බව නැවත සිතීමේදී පසක් විය.  මෙම පොත මට කියවන්නට දුන් මිතුරාට කෘතඥ වෙමි.

No comments:

Post a Comment