Monday, September 6, 2021

මඟ දිගට ජනකතා

කතෘ: ඩී. පී. වික්‍රමසිංහ
ප්‍රකාශක: සූරිය 2011


නුවර යුගයේ ජනකතා එකතුවකි.  කතුතුමා පාසැල් ගුරුවරයෙකුව සිටි කාලයේ දී නුවර පලාත් වල ඇවිද එකතු කරගන්නා ලද ජනකතා එකතුවකි. ඔහු මෙම කතා එකතුකර ගෙන ඇත්තේ 1930 ත් 1960 ත් අතර කාල වකවාණුවකදීය.  

සේන තෝරදෙණිය ලියූ හඳුන්මල් කඩුල්ල නවකතාවේදී ගාමිණී දිසානායකගේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී උඩරට වැසියන්ගේ අදහස් විමසීමකින් තොරව ක්‍රියාකල බවත්, ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන ජලයෙන් යටවූ බවත් සඳහන් විය.  මෙහි එන එක් කතාවකදී උමාඔය මහවැලි ගඟට එක්වන ස්ථානයට මඳ දුරක් පහලින් පිහිටි "රන්ටැඹේගල" මහවැලි ගඟෙහි ඇති ඉතා විස්මය ජනක ස්ථානයක් ලෙස කතුවරයා හඳුන්වයි.  අඩි 10 ක් හෝ 15 ක් පමණ පරතරය ඇති ගල් කුළු දෙකක් අතරින් මහවැලි ගඟේ සම්පූර්ණ ජලස්කන්ධයම ගලා බැස ගොස් ඇත. එතැනින් වර්ෂයකට ජල අඩි අක්කර කෝටි 34 ක් ගලා බැසි බව වාරි ඉන්ජිනේරුවන් ගණන් බලා තිබිණ.  මෙම විස්මයජනක ස්ථානය දැන් මහා ජලාශයකින් යටවී ගොස් ය.


මෙම කතා තුලින් උඩරට රජදවස ජනජීවිතය, ඔවුන්ගේ විස්වාස, ඔවුන් ඇදහූ දෙවිවරුන් ගැන සාමන්‍ය දැණුමක් ලබා ගත හැක.  මෙම පොතත් අනෙක් උඩරට ඉතිහාස පොතුත්, උඩරට ඉතිහාසය වටා ලියැවුණු හොඳ නවකතාත්, එක්ව ගත් කල එම සාමාන්‍ය දැනීම වඩවා ගත හැක.


කියවන අතරේ කතාවල සඳහන් සමහර කරුණු ගැන සොයමින් රසවිඳි පොතකි.

No comments:

Post a Comment