Tuesday, December 19, 2023

විශ්‍රාමික පෙම්වතිය

කතෘ: එරික් ඉලයප්ආරච්චි
ප්‍රකාශක: ගොඩගේ (තෙවන මුද්‍රණය) 2020


එරික් ඉලයප්ආරච්චි ගැන නොදන්නා කෙනෙක් මෙම සංසදයේ ඇතැයි නොසිතමි.  ඒ නිසා කතුවරයා හැඳින් වීමට කාලය ගත නොකරමි.  මෙවර ගොඩගේ වෙතින් ගත් පොත් එකතුවත් සමග ඔහුගේ සියළු කෙටිකතා පොත් මා වෙත ඇතැයි ද සිතමි.


මෙය ඔහුගේ අළුත්ම කෙටිකතා පොතකි.  මෙය මුල් වරට පල කර ඇත්තේ 2019 දීය.  තෙවන මුද්‍රණය පිටවී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයේදීය.  එක් මුද්‍රණයකින් පොත් දාහක් පල කරන්නේ නම් තුන් වන මුද්‍රණය පිට වීමෙන් හැඟෙන්නේ අඩුම ගනනේ පොත් දෙදාහක්වත් විකුණා ඇති බවයි.  එය ලංකාවේ හැටියට හොඳට විකුණුනු පොතක් ලෙස සලකමි.  මෙම නිගමනය වැරදි නම් කව්රු හෝ ඒ ගැන යමක් කියතැයිද බලාපොරොත්තු වෙමි.


මෙහි කෙටිකතා පහලොවක් ඇත.  කෙටිකතා ලිවීමට එරික් තරම් දක්ශයෙක් ලංකාවේ නොමැත.  කතා කීමේදී අවට පරිසරය, කාල වකවානු, ඒ ඒ කාලයේ සිටි චරිත වල හැසිරීම්, ඒ ඒ කාලයේ සමාජයේ වෙනස් කම් ආදී මෙකී නොකී සියල්ල කතා තුලට ඉතා මනස්කාන්ත ලෙස ඇතුල් කිරීම නිසා කියවන්නා එම පරිසරයේ තැබීමට එරික් සමත් වෙයි.


මෙම කතා පහලොව එකකකට එකක් නොදෙවෙනි විශිෂ්ඨ ගනයේ ඒවාය. එයිට වඩා දෙයක් මේ කතා ගැන කීමට නොයමි.


මෙහි පෙරවදනක් නොමැති බැවින් මෙම කතා ගැන එරික්ගේ අදහස් පොතෙහි නැත.  පොතේ පසු පිටෙහි සටහනක් ඇත.  මෙය ලියා ඇත්තේ එරික් නොවන බව සහ සුද්ධියෙන් ම දනිමි. එය මෙම පොතෙහි ඇති එකම දුර්වලතාවය ලෙස දකිමි. ඒ අණ්ඩර දෙමලයේ මුල් වාක්‍යයයි මේ.


කතුවරයා විෂය මතුපිටින් ව්‍යාකූලත්වයේ දෘශ්‍යමානය විසින් සඟවා ගනු ලැබීමට අතිරේකව, ආකෘතික හරඹ ලෙස ඉදිරිපත් වන ශානරීය අන්ධභාවය හා සාහිත්‍ය කලා මෙන්ම ලලිත කලා ද සංකලනය කෙරෙන් ශානරයන්ගේ බාල කලවම පමණක් ඉල්ලා සිටින සමකාලීන සමාජ යථාර්ථයයි.


ඒ බහුබූතය කුමක් වුවත් පොත නම් ඉස්තරම් ය.

No comments:

Post a Comment