Thursday, February 16, 2023

බිල්ල සහ අපූරු මුහුණ

කතෘ: මාර්ටින් වික්‍රමසිංහ 
ප්‍රකාශක: (නවවන මුද්‍රණය) සරස 2013 


මෙම පොතේ මුල් මුද්‍රණය 1949 දී පිට වී ඇතැයි පොතේ සඳහන් . ( කාලයේ දෙහිවලත් කැලෑ තිබී ඇත. ලංකාවේ ඇති ක්‍රමාණුකූල නොවන සංවර්ධනය නිසා වෙන කිසි රටක නැති ලෙස වන ශීග්‍ර වෙනස්වීම ගැන නිතර දැනෙන කණගාටුව මෙහිදී දැනින.) 


මා මීට කලින් කියවා ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ එක් නවකතා පොතක් පමණි. “හඳ සාක්කි කීමනැමැති එම පොතේ වූ කෙටිකතා ඔහුගේ ගම්පලාත් පසුබිම් කොටගත් යථානුරූපී කතා ලෙස මට හැඟින. (එයින් එක් කෙටිකතාවක දී ඔහු කරකා (Karaka) ගැන කතා කල නිසා ඉන් පසුව කරකා ගේ I Go West නැමැති කෘතියද කියැවීමි.)


බිල්ලයනු එක කතාවක් වන අතරඅපූරු මුහුණතව කතාවකි. කතා දෙකක නම් එකතුකොට පොතකට නමක් දැමූ පොතක් කියවූ මුල් අවස්ථාවද මෙය . මෙම පොතෙහි එක් කතාවක් හැර අන් සැමක්ම එකිනෙකට සමාන නොවූ මනඃකල්පිත රචනා ලෙස මට වැටහුනි.


ඔහුගේරෝහිණීනවකථාව මෙන් බිල්ල යන කථාවද ඓතිහාසික කතාවකට අළුත් මුහුණුවරක් දුන් කථාවකි. මෙහිදී උන්මාද චිත්‍රා කතාවට නව මුහුණුවරක් දීමක් සිදුවේ. සිරි ගුණසිංහට හා ගුණදාස අමරසේකරට දැනුනාක් මෙන් D. H. Lawrence ගේ අභාශය වික්‍රමසිංහට දැනී නැති බව ප්‍රත්‍යක්ෂය. අවස්ථාවක් ලැබුනද වික්‍රමසිංහ ගතානුගතික ලෙස එම අවස්ථාව මගහැර ඇත.


පුන්සඳ මඬල සිය සිහිල් රැස් වතුරෙන් නිසා කාන්තාව නාවන සමයේ එක් රැයක් එක් ටැම් ගෙයින් බැස්ස උන්මාද චිත්‍රාත් දීඝ ගාමිණී කුමාරයාත් උයන කෙළවර නදියේ ඔරු පදින්ට ගියෝය.


ඇයි චිත්‍රා නුඹ ඔසවාගෙනැවිත් ඔරුවේ නැංවිය හැකිව තිබියදී මා ඔරුව තල්ලුකරන්ට යාම මෝඩකමක් නොවන්නේ ? නුඹේ සිඟිති පා යුවල මඩේ එරුණේ නිසා නොවේ ?


මෝඩකම නොකළා නම් ඔබට මෙතරම් ප්‍රීතියක් අත් වන්නේ ?


මෙලෙස ඔවුන් මාස ගනනක් සෑම රැයකම පාහේ රාත්‍රියේ වනයේ ඇවිදින්නට ගිය මුත් coitus සිදු වීමක් ගැන කෙලින් සඳහනක් නොවීය.  (See footnote 1.)  කතාව කියවන අතර තුර මට සිතුනේ වික්ටෝරියානු ආභාශය මෙම කතාවටත් ලැබිලා දෝ කියාය. එහෙත් පසුව චිත්‍රා ගැබ්බර වී ඇති බව සඳහන් නිසා එම සිතුවිල්ල වැරදි බව වැටහින.


මෙම කතාවේ දීම වික්‍රමසිංහ මහතාට අසාමාන්‍ය වැරැද්දක් සිදුවී තිබේ. එනම් චිත්‍රාගේ මව ඇයට උන්මාද චිත්‍රා ලෙස කතා කිරීමයි.


පුතංඩ නුඹ උන්මාද චිත්‍රාත් දාසියත් සමඟ එලිය වැටෙන්නට පෙර පිටත්ව නුඹගේ රටට ගොස් වාසය කරව යි මව් බිසව අනුශාසනා කළා .


මෙහි දී වඩාත් තාත්වික වන්නේ පසු සඳහන් කියමනයි.


පුතංඩ නුඹ චිත්‍රාත් දාසියත් සමඟ එලිය වැටෙන්නට පෙර පිටත්ව නුඹගේ රටට ගොස් වාසය කරව යි මව් බිසව අනුශාසනා කළා .


දුෂ්ඨ ගාමිණී, චණ්ඩාසෝක, ධර්මාසෝක, උන්මාද චිත්‍රා, කාවන්තිස්ස යනු ගාමිණීටත්, අසෝකටත්, චිත්‍රාටත්, තිස්සටත් පටබැඳුණු නම් වේ.


අපූරු මුහුණ නම් මේ ලෝකේ ඇති කතාවක් නොවේ. එහෙත් එයද අපූරු කතාවකි. සමහර විට වික්‍රමසිංහ මහතා කියවූ යම්කිසි බාහිර කෘතියක අභාශය මෙහි ඇත්දයි සිතේ.


මෙහි මා වඩාත් සිත් ගත් කතාව කෙස් වැටිය . මෙහි සංකීර්ණ ඇතුල් කතාවක් ඇතැයි මට හැඟිණ. මෙහිදී ගැහැනියකට අවස්ථාවක් ලද විටක සාමනේරයකු ගැන ඇල්මක් ඇතිවේ. එය ඔහුටද එහෙම නැත්නම් ඔහුගේ ප්‍රසිද්ධියට වූ ඇල්මක්ද? සාමනේරයාට සිවුරේම සිටියා නම් ඇය වසඟයට ගැනීමට අවස්ථාවක් තිබිනි ?


මෙය මා තදින් සිත්ගත් කෙටිකතා පොතකි.



Footnote 1: " මෝඩකම නොකළා නම් ඔබට මෙතරම් ප්‍රීතියක් අත් වන්නේ ?" යන කියමනෙන් එය ව්‍යංගාර්ථයෙන් කියනවා විය හැක.

No comments:

Post a Comment