Thursday, February 16, 2023

තම්බි මුදියන්සේ

කතෘ: ධර්ම ශ්රී කාරියවසම් 
ප්‍රකාශක: සුරස 2019


මෙම පොතෙහි "හැඳින්වීම" හි කතෘ තුමා මෙසේ ලියා ඇත.


'තම්බි මුදියන්සේ' තුන්වැනි මුද්‍රණයක අවශ්‍යතාවය මතුවූයේ පොත්හල්වලින් සහ සමාජ මධ්‍ය ජාලා හිතවතුන්ගෙන් කෙරුණු ඉල්ලීම නිසාය. රටක් වශයෙන් අප මුහුණ දෙමින් සිටින සමාජ දෙශපාලන අර්බුදය ප්සුගිය වසර කිහිපයේ වඩවඩාත් සංකීර්ණ වෙමින් සමස්ත සමාජ දේහය ශීග්‍ර ලෙස ඔත්පල වන්නට පටන් ගෙන ඇති බැවින් 'තම්බි මුදියන්සේ' යලිත් පලකිරීම වැදගත් බව මගේ අදහස විය. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයන් තුළ දෙශපාලන සංවාදයන් හිදී දක්වන මති මතාන්තර දකින විට මෙවැනි පොතක් ඔවුන් අතට පත් නොවීම බරපතළ අඩුවක් යැයි මට සිතින.


මොහු මෙම පොත ලියා ඇත්තේ වෘත්තීය ඉතිහාසඥයෙකුගේභාෂාවෙන්නොව සාමාන්‍ය පුරවැසියෙකුගේභාෂාවෙනි”. එහෙත් ඔහු ඔහුගේ සොයාගැනීම් ගැන ඉතිහාසමය යොමු කිරීම් (references) සපයා ඇත. 'තම්බි මුදියන්සේ' යනු 'තෝම්බි මුදියන්සේ' යන්න පසුකලක වූ වෙනස්කමක් ලෙස ඔහු සඳහන් කරයි. 'තෝම්බි' යන්නෙහි තේරුම 'ඔත්තු බලන' බවද ඔහු කියයි.


මෙම පොත කියවන අතර තුර ජේ. ආර්. ගේ කාලයේ අමතක වී තිබූ සමහර දේ යලි මතකයට ආවේය. ලංකාව දැන් මුහුණ දී ඇති අර්බුදයට වගකිවයුතු කොටස් කරුවන් අතර ජේ. ආර්. ඉදිරියෙන්ම සිටින බව නැවත වැටහින.

No comments:

Post a Comment