Thursday, February 16, 2023

ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ

කතෘ: පී. බී. ජයසේකර

ප්‍රකාශක: සුරස 2019


පී. බී ජයසේකර මා හිත ගත් දක්ෂ කලා කරුවෙකි. ඔහුගේ "ඉක්බිතිව ඔහු මරාපීහ" ඉතා ඉහල ගණයේ නවකතාවකි. අහේතුවකට ඔහුට සම්මානයක් පිරි නැමී නැති නිසා සුරස හි රැකියාව කරන්නෝද ඔහු ගැන නොදනිති. ඔහුගේ පොත් කිහිපයක් මිලදී ගන්නා අතර මගේ මිතුරෙක් "ඉක්බිතිව ඔහු මරා පීහ" මිලදී ගත්තේ මා ඔහු ගැන කල වර්ණනාව නිසාය. අප අසල සිටි සුරසෙහි රැකියාව කරන්නා නිහඬව අසා සිටියේය.


මෙය කෙටි කතා පොතකි. එය කම්පාව, ඇස් ලැබීම, ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ, අනියම් දුක හෙවත් අනියම් සතුට, පුතා සතුටින්, හා මොලේ තරම යන කෙටිකතා වලින් සමන් විතය.


මෙහි සමහර කතාවල මම අත් නොදුටු ප්‍රේමයක් හා වෛරයක් දකින්නට ලැබේ. මෙහිදී මම නොදුටු යන්නෙන් අදහස් කරන්නේ අපේ පවුල් වල නොදුටු යන්නයි. අපේ පවුල් වල මා දුටු දේ මේ කතා වල අත් දැකීම වලට වඩා අර්. කේ. නාරායන් ගේ කතා වල අත් දැකීම වලට සමීපය.

කම්පාව කතාවේ එන මෙම සිද්ධිය බලන්න.


ඔහු බනිස් කෑල්ලක් ඇයගේ මුවේ තැබීය. එය විකන ඇය "ඔයත් කන්න" යැයි කීවාය. ...


බනිස් කෑ හමාරේ "අපි දැන් කිරි ටිකක් බොමු" යැයි කීමට අදහස වෙනස් කොට "මං ඔයාගේ ඉස පීරන්නන්" යැයි කියා ඔහු නැඟිට ගොස් කණ්ණාඩි මේසයෙන් පනාව රැගෙන විත් යළි වාඩි විය.


කතාවේ පසුබිම සඳහන් කරන්නේ නම් මොවුන් දෙදෙනා නැති වූ දරුවෙකුගේ දුකින් පෙලෙන්නෝ .


එයට තරමක් සමාන පසුබිමක නාරායන්ගේ The Bachelor of Arts හී චරිත හැසිරුනේ වෙනත් ආකාරයකටය. චන්ද්‍රන් ගෙදරින් ගොස් මාස ගනනක් ආරංචියක් නොමැතිව සිටියේය. ඔහුගේ දෙමාපියන් හැසිරුනු ආකාරය මෙසේය.


“Were you all very greatly worried about me?”


“Your mother was. She thought that something terrible had happened to you. Every morning she troubled me to go to inform the police”.


Ah. she said, “as you weren’t anxious! How many times did you say that an announcement must be made in the papers?”


“I should have certainly done something if I hadn’t heard from you for some weeks more. It was your mother who was very very worried.”


“As if you weren’t. Mother retorted. “Why did you thrice go to Madras, and to Trichinopoly, and write to all sort of people?”


අපේ පවුල් වල "දුක බෙදාගැනීමක්" නොවීය. හැමෝම තම තමන්ම තම දුක නිවා ගැනීමේ ක්‍රම සොයා ගත්හ. අනුන්ගේ දුක ගැන එකිනෙකා දැන සිටියය. නමුත් කෑම කවන, හිස පීරන තරම් දුරකට ඔවුහු නොගියහ. ඔවුනොවුන්ගේ සම්බන්ධතා වල සැලකිය යුතු වෙනසක් නොවින. [මේ මාගේ අත්දැකීම් පමණි. අන් අයගේ අත්දැකීම් සමහර විට පී. බී. ජයසේකරගේ ලිවීමට සමාන වීමට බොහෝ සේ ඉඩ ඇත.]


පුතා සතුටින් කතාවේ දෙමව්පියන්ගේ හැසිරීම මගේ අත්දැකීම් වලට සෑහෙන දුරට සමානය. ඔවුන් "නැතිවූ පුතෙකුගේ" සොවින් තැලෙන්නෝ .


මේ සෑම කතාවක්ම සරල සහ සිත් ගන්නා අයුරින් ලියා ඇත. "ඉක්බිතිව ඔහු මරාපීහ" කියැවීමෙන් අනතුරුව ලත් චිතඃප්‍රීතියට සමාන නොවුනද කියවා අවසන අසතුටක් ජනිත නොවීය.


හොඳ පොතකි.

No comments:

Post a Comment