Thursday, February 16, 2023

අපේ රාජ්‍යය

කතෘ: මයාරංජන් 

ප්‍රකාශක: සූරිය (නවමු මුද්රණය) 2015


මයාරංජන් ගේ දිගාමඬුල්ලේ ආශ්චර්යයෙන් වශී වු මම ඔහුගේ මගේ රාජ්‍යය හා අපේ රාජ්‍යය දෙකටම යාමට සිතා ගතිමි. දිගා මඬුල්ල තරම් ආශ්චර්ය නොවූවද රාජ්‍ය දෙකම "ඈත" යුගයක් කරා අප ගෙන යයි.


අපේ රාජ්‍යය ඇත්තේ දිගාමඬුල්ලේ නොවේ. එය ඇත්තේ යාපහුවට පහලින් දැදුරු ඔය අයිනේය. දැන් කාලේ නම් පාදෙනිය-අනුරාධපුර පාරෙන් (බස් කාරයෝ කියන හැටියට නම් ඇල්ල හරහා අනුරාධපුර බස් යන පාරේ) ගියොත් අපේ රාජ්‍යයට ගිය හැක.


වැව් තනා කුඹුරු වපුරමින්, හේන් කොටා එළවළු භෝග සිටුවමින්, පැල් අටවා, ගොවිතැන ආරක්ෂා කර ගැනුමට අලි ඇතුන් පලවා හරිමින්, මස් සපයා ගැනීම සඳහා ගෝනුන් ඌරන් දඩයමේ යමින්, කැලේ ඇති නටබුන් අතර සැරිසරමින්, මහන්සිවෙමින් මුත් ගතකරන ජීවිතය "මටත් ගත කල හැකි නම්" යැයි සිතෙන තරමට චමත්කාරය.


අපේ රාජ්‍යයේ ජීවත්වන අයගේ ගති පැවතුම් හා ඔවුන් කන බොන දේ අපූරුය. මා කෑම කෙසේ වෙතත් දැකවත් නැති කෑමකි "ඉඹුල් කිරිබත්". කිරිබතට පැනිපොල් දැමූ ඉඹුල් ගෙඩියක් ඇතුළත් කර ඇත. මෙවැනි ජීවිතයක් නම් දැන් පලාතෙත් ගත කල නොහැකි බව හැඟෙන මට අතීතය ගැන නස්ටැල්ජික් තාවයක් ඇතිවේ.


මායාරංජන් මෙම පොත ලියා ඉවර කරේ 1965 අප්‍රේල් 4 දා බව පොත අන්තිමේ ලියා ඇත. පොතහි මුල් පිටුවක පළමු මුද්‍රණය 1961 යැයි කියැවේ. මේ දෙකෙන් එකක් වැරදි විය යුතුමය. ඔහුගේ දිගාමඬුල්ලේ ආශ්චර්යයේ පළමු මුද්‍රණය 1957 වන අතර, මගේ රාජ්‍යයේ පළමු මුද්‍රණය 1961 වේ. පොත් දෙකෙහිම කතාව ඇත්තේ දිගාමඬුල්ලේය. පොත්වල ආශ්චර්යමත් බවද ටික ටික අඩු වී ගියේය. නිසා අපේ රාජ්‍යයේ පළමු මුද්‍රණය 1965 හෝ 1966 වශයෙන් නිවැරදි විය යුතු බව මගේ හැඟීමයි.

No comments:

Post a Comment