Thursday, February 16, 2023

කෛලාස කුටිය

කතෘ: එරික් ඉලයපාරච්චි
ප්‍රකාශක: ගොඩගේ 2005


එරික්ගේ කෙටිකතා පොත් පැරණි ගනන් වලටම තිබූ නිසාත්, ඔහු මා ප්‍රියකරන ලේකඛයෙක් නිසාත් මෙවර ගොඩගේ එකට ගොඩවුනු වේලේ මා ලඟ නැති එරික්ගේ සෑම කෙටිකතා පොතක්ම මිලදී ගතිමි.


මෙහි කෙටිකතා 13 ක් ඇත. සෑම කෙටිකතාවක් එකිනෙකට වෙනස් . සෑම කෙටිකතාවකම සමාජයේ යම් දෙයක් ගැන ගැඹුරින් බැලීමක් ඇත. ඔහුගේ කතා දිග හැරෙන ගම්වල නගර වල විස්තර, කියවන්නා ගම් වලට හා නගර වලට ගෙන යාමට සමත් .

සෑම කෙටිකතාවක්ම විශිෂ්ඨ ගනයේ කෙටිකතා ලෙස සැලකිය හැකිමුත් මා විශේෂයෙන්ම හිත් ගත් කෙටිකතාව මුල්ම කෙටිකතාව වන "බතිහාමි" . ඇය:


අනේ බුදු පුතේ...මේ අපේ බුදුහාමුදුරුවෝ නොවෙයි නේද


යැයි ඇසූ වෙලේ මගේ ඇඟ කිලිපොලා ගියේය


වන විට BBC ආයතනය විසින් අධ්‍යක්ශනය කරන ලද “Seven Wonders of the Buddhist World” හා Free Documentary විසින් අධ්‍යක්ශනය කරන ලද “World’s Most Dangerous Roads—The Sichuan-Tibet Highway” නැරඹූ මතක අළුත් නිසා එසේ වූවා විය හැක


එහෙත් බොහෝ දුරට ලංකාවේ හා අන් රටවල සාමාන්‍ය බෞද්ධ ජනයා වැඳුම් පිදුම් කරන හැටි හා ඔවුන් ගේ සිතුම් පැතුම් ගැන මා තුල අවබෝධයක් හා හැඟීමක් තිබීම එයට හේතු විය හැක. කෙසේ වෙතත් බතිහාමිනේ ගේ කියමන මේ සියලු දැනුම් ඒකාරාශි කොට පෙන්වන කැටපතක් බඳුය.

මේ පොත ගැන යමෙකුට අවබෝධයක් ලබාගැනීමට මේ වර්ණනාව ඇති යැයි සිතමි.



Seven Wonders of the Buddhist World


World’s Most Dangerous Roads—The Sichuan-Tibet Highway


No comments:

Post a Comment