Thursday, February 16, 2023

පේත

කතෘ: එරික් ඉලයපාරච්චි 

ප්‍රකාශක: ගොඩගේ 2020


මෙය පොත් තුනක් පුරා දිග හැරුණු කථාවක අවසාන කොටසයි. මෙහි මුල් පොත මා ලඟ ඇතත් තවම කියවා නැත. මෙහි දෙවන පොත ගැන මගේ එතරම් හිත හොඳක් නොමැති බව එම දෙවන පොත ගැන මා ලියූ සටහන කියැවූවෙකුට පැහැදිලි වනු ඇත.

මේ පොත කුඩා නවකතාවකි. (a novella?) මෙය අනෙත් පොත් දෙක නොකියවූ අයෙකුට හෝ කියවිය හැකි ලෙස ලියා ඇතැයි මට සිතේ


ලංකාවේ යම්යම් සිද්ධීන් හතර අතේ වනා දේශීය හා විදේශීය අධ්‍යක්ශක වරුන් විසින් දැන් දශක කිහිපයක් පුරා නටන්නාවූ නාඩගම් සිහිවෙන ආකාරයේ එවැනි වූ මනඃකල්පිත සිද්ධියක් නාඩගම් කිහිපයකට හැරෙනු ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කොට ඇත. මෙවැනි නාඩගම් ගැන සඃක්ෂිපිත ලෙස ලියැවුනු නැවුම් ආකාරයේ නවකතාවකි මෙය.


මෙයට සම්මානයක් ලැබුණු නිසා ලංකාවේ සමහරු මෙහි ඇති වැදගත් කම අවබෝධ කර ඇතැයි සිතිය හැක. එහෙත් මෙයට ලැබුණු වැඩිහරියක් ප්‍රතිචාර ඍණ වූවා බැවින් වැඩිදෙනෙකුට මෙහි අගය නොවැටහී ඇති බව පෙනේ.


අවාසනාවකට මෙවැනි නාටක තවමත් රඟදක්වනු ලබන අතර ලංකාවේ වැඩිදෙනා තවමත් මෙවැනි නාටක ගැන වැටහීමක් නැතියවුන් බව නොකියා නොහැක.

No comments:

Post a Comment