Friday, January 8, 2021

නිකිණි කළුවර

කතෘ: දීප්ති මංගලා රාජපක්ෂ

ප්‍රකාශක: ගොඩගේ 2017


නමසිය හැත්තෑවේ තුන් හවුල් ආණ්ඩුව බලයට පැමිණි මුල් කාලයේ නුවරත් මහියංගනයත් අතර ප්‍රදේශයකින් පටන් ගන්නා මෙම කතාව 71 කැරැල්ල මෙම ප්‍රදේශවල සිටි මිනිසුන්ගේ ජීවිත වලට බල පෑ හැටි ආවරණය කරයි.  මෙහි ප්‍රධාන චරිත නොයෙකුත් හේතූන් නිසා ආත්මාර්ථකාමයට වඩා පරාර්ථකාමයට නෑඹුරු වෙයි.  කතාව කියවා ගෙන යාමේදී ඉතා විසිතුරු ගැමි පරිසරයක් සිතෙහි ජනිත වෙයි.  මේ ගම් පලාත් සොයා යෑමේ ආශාවක් ඇති වූයෙන් Google map මගින් මෙම ගම් පලාත් සෙව්වෙමි.  අවාසනාවකට එම ගම් පලාත් ද බාගෙන හැදුනු කොන්ක්‍රීට් ගෙවල් ඇති, තාර පරවල් ඇති, අවලස්සන පරිසරයකට පරිවර්තනය වී ඇත.  


කාලයකට පෙර උඩරට පැත්තේ ගම්පලාතකට ගිය ගමනක් සිහි විය.  ගඟ හරහා තිබුනේ මඳක් උස් වූ සපත්තු පාලමකි.  වැහි කාලයට ඒ පාලම උඩින් වාහන ගිය නොහැක.  එතැනින් එහාට තිබුනේ වැලි පාරය.  ඒ ලඟ පන්සලක වාහනය නැවැත්වූ අපි සැතපුම් කිහිපයක් ගෙවා වැලි පාර කෙලවර වූ, කඳු වැටි වලින් වටවූ, ඉතා මනහර මිදුලක් ඇති, උළු සෙවිලි කල ගැමි ගදරකට සේන්දු වුනෙමු.  ඒ ගෙදර ඒ පලාතේ ග්‍රාම සේවක ගේ ගෙදර යි.  අප හා ගිය අයෙකු මීට කලින් ඇවිත් දැන හැඳුනු කම් ඇති කර ගෙන සිටියේය.  ඒ අසල තිබූ ඇල්ලකින් ස්නානය කල අපි ඒ ගෙදර හාමිනේ උයා තිබූ රසවත් ආහාර ද බඩ පිරන තුරු කා හවස ආපසු ආවෙමු.  ඒ ග්‍රාම සේවක මහතා මේ වැලි පාරට තාර දා ගන්න උදව් වෙන්නැයි අප සමග ගිය යමක් කල හැකි එක්තරා නිලධාරි මහතෙකුගෙන් ඉල්ලා තිබින.  නමුත් ආපසු එන අතර අප සැවොම එම ඉල්ලීම පැහැර හැරිය යුතු යැයි එක හෙලාම එකඟ වීමු.  


සමහර විට ඒ වැලි පාරත්, ඒ සපත්තු පාලමත්, ඒ සුන්දර පරිසරයත්, දැන් නොමැති වීමේ ඉඩකඩ වැඩි යැයි මට සිතේ.


මැය නම් ඉතා දක්ෂ ලේඛිකාවකි.  ඇය පොත් ලියන්නට පෙර ගුරුවරියක් ලෙස සේවය කොට ඇත. ඇය සමහර විට එම පලාත් වල සේවය කරන්නට ඇත.   ඇයගේ වෙනත් පොත් ද කියවන්නට බලා පොරොත්තු වෙමි.

Conclave

Author: Robert Harris
Publisher: Alfred A. Knopf 2016


Cardinal Lomeli, the Dean of Cardinals, had received a call at 2 AM that the Pope is terminally ill.  The Holy Father was dead even before he entered the Pope’s bedroom.  

Now he has to lead the Conclave to elect the next Pope.  Two third majority is needed from those 118 cardinals who are eligible to participate in the Conclave to elect a new Pope.  There are few contenders and all of them have some secrets to hide.  Cardinal Lomeli had to get to know all 118 cardinals, including the cardinal from Colombo, in the next three days as he leads the Conclave.  Fortunes of those inspired to become a Pope fluctuate as damaging secrets of not so pious Cardinals were revealed one by one.

Harris has done his research as usual, and this is an excellent read.

The following is the passage where we get to know about the Cardinal of Colombo.

Lomeli had kept an eye out all evening for Tremblay, it wasn’t until the end of the meal, when the cardinals were queuing for coffee in the lobby, that he had the chance to approach him.  The Canadian was standing in the corner holding a cup and saucer and listening to the Archbishop of Colombo Asanka Rajapakse, by common consent one of the great bores of the Conclave.

I do not believe our current cardinal fits this description.

Ps. I learned later that there are only two Sri Lankan cardinals.  Cardinal Cooray and Cardinal Ranjith.  I also found out that Pope Benedict has given the approval to the canonization of Cardinal Cooray.  Who knows ... One day we may have a big match between St. Cooray College and St. Ranjith College.

Flu—The Story of the Great Influenza Pandemic of1918 and the Search for the Virus That Caused It.

කතෘ: Gina Kolata

ප්‍රකාශක: Farrar, Straus and Giroux 1999


(1) 1918 මාරාන්තික flu වෛරසය


මෙම flu එක පටන් ගත්තේ සාමාන්‍ය flu එකක් ලෙසය.  1918 මුලදී ආ මෙම flu එක අවුරුද්ද මැද වනවිට නැත්තටම නැතිවී යන තත්වයක තිබින.  එහෙත් ඔක්තෝබර් මාසය වන විට එය killer flu එකක් බවට හැරී තිබින.  එය එසේ වූයේ කෙසේ දැයි කිසිවෙකුට වටහා ගන්නට බැරිවිය.  නැවත පැමිණි මෙම flu එකට හසුවූ මුල්ම නගර තිබුනේ ස්පාඤ්ඤයේ ය.  ස්පාඤ්ඤ ජාතිකයින්ගේ කනස්සල්ලට හේතු වන ලෙස මෙම flu එක Spanish Flu එක ලෙස හැඳින්වෙන්නට පටන් ගත්තේය.


ලොව පුරා කෝටි පහකට වඩා ජනයා මරා දැමූ වෛරසය 1919 වන විට නැතිවී ගියේය.  වෛරසයෙන් බැට කා සිටි ජනතාව තව දුරටත් වෛරසය ගැන පුවත් ඇසීමට අකමැති වූහ.  එබැවින් පුවත්පත් ද මෙම වෛරසය ඉක්මනින් අමතක කර දැම්මේය.  මේ වෛරසය කුමක්ද?, එය ආවේ කොහෙන්ද? එය මෙතරම් දරුණු වෛරසයක් වූයේ මන්ද? එය ආපසු එයිද? එසේ ආවොත් කරන්නේ කුමක්ද? යන ප්‍රශ්ණ වලට උත්තර නොවීය.  ඒ ප්‍රශ්ණ අහනවාටවත් කිසිවෙකු කැමති නොවීය.  1918 වෛරසය මුලු ලෝකයටම ඉක්මනින් අමතක විය.  


1918 සිට 1999 වනතෙක් කාලය තුල විද්‍යාඥයයින් කිහිප දෙනෙක් පමණක් වෛරසය අමතක නොකලේය.


රිචඩ් ශෝප් (Richard E, Shope) මෙයින් පළමුවැන්නා ය.  ඇමරිකාවේ සිටි ඌරන් ද 1918 දී යම් රෝගයකින් දහස් ගණනින් මිය ගිය බව ශෝප් නිරීක්ෂණය කලේය.  මෙම රෝගය 1918 flu එකකට සමාන බවත් ඔහු නිර්‍රක්ෂණය කලේය.   Swine flu (“සූකර උණ”) හා 1918 “මිනිසුන්ගේ flu එක” අතර සම්බන්ධතාවයක් තිබිය හැකිදැයි යන්න පිළිබඳව ශෝප් පරීක්ෂණ කලේය.  මේ අතර එංගලන්තයේ විල්සන් ස්මිත් (Wilson Smith) , ක්‍රිස්ටොපර් ඇන්ඩෘස් (Sir Christopher Andrews)  හා පී. පී. ලේඩ්ලෝ (Sir P. P. Laidlaw) “මිනිසුන්ගේ flu එක” ලෙහෙසියෙන්ම ferret නැමැති සතාට බෝවෙන බව සොයා ගත්තේය.  මේ කතාව ඇසූ ශෝප් කල පර්යේශණ වලදී ferrets ලාට swine flu එකද වැලඳෙන බව සොයාගත්තේය.  ශෝප් ඊළඟ පැහැදිලි ප්‍රශ්ණය සිතා බැලුවේය.  Swine flu වෛරස් එකයි මිනිස් flu වෛරස් එකයි එකම වෛරස්යද?


මිනිස් flu වැලඳී සුව වුනු ferrets ලා හට swine flu වැළඳුනේ නැත.  ඔවුන් swine flu වලට ප්‍රතිශක්තීකරණය ලබා සිටියහ.  එවගේම swine flu වැලඳී සුව වුනු ferrets ලා හට මිනිස් flu වැළඳුනේ නැත.  ඔවුන් මිනිස් flu වලට ප්‍රතිශක්තීකරණය ලබා සිටියහ.  එහෙත් මිනිස් flu වෛරසය හා swine flu වෛරසය සම්පූර්ණයෙන්ම එක හා සමාන නොවන බවද පරීක්ෂණ මගින් ඔහු වටහා ගත්තේය.  ඔහු පළමුව swine flu වැළඳී සුවවුනු ඌරන්ගේ antibodies රැගෙන swine flu වෛරස් සමඟ කලවම් කලේය.  එම කලවම ferrets ලා හට විද්ද විට උන් රෝගී නොවූහ.  ඌරන්ගේ antibodies මගින් swine flu වෛරස්  සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කර තිබින.  නමුත් මිනිස් antibodies සමග swine flu වෛරස්  කළවම් කොට ferrets ලා හට විද්ද විට සමහර ferrets ලා රෝගී වූහ.  මෙහි ප්‍රතිලෝම පරීක්ෂණයද මේ හා සමාන ප්‍රතිඵල ලබා දුනි.  මිනිස් antibodies විසින්  swine flu වෛරසය අර්ධ වශයෙන් අක්‍රිය කර තිබින.  


එනමුත් 1918 වෛරසය හඳුනා ගැනීමට  තරම් ශෝප් ගේ කාලයේ විද්‍යාව දියුණු වී තිබුනේ නැත.  විද්‍යාව දියුණු තත්වයට එනවිට 1918 වෛරසය සොයා ගැනීමට තිබුනේ නොමැත.


1936 දී සංසේචනය කළ බිත්තර තුල වෛරස් ඉතා පහසුවෙන් වර්ධනය කල හැකි බව සොයා ගන්නා ලදි.  1944 දී බිත්තර තුල වර්ධනය කොට අකර්මන්‍ය කරන ලද වෛරස් භාවිතා කොට වෛරස් එන්නතක් වසරක් පාසා ඇමරිකානුවන්ට ලැබෙන්නට සලස් වන ලදි.  මෙය flu shot නමින් තවමත් හැඳින් වේ.  1947 දී පිහිටවූ WHO (World Health Organization) මගින් ලොව පුරා වෛරස් නිරීක්ශණ පද්ධතියක් ඇති කලේය.


1918 වෛරසය සොයා ගැනීම සඳහා වූ මුල්ම අදහස ඇති වූයේ හා එය සොයා ගැනීමට උත්සාහ කලේ යොහාන් වී. හල්ටින් (Johan V. Hultin) විසින්1951 දීය.  1918 flu එක හැදී මැරුණු කෙනෙකුගේ මිනියක් අධි ශීතකරණයක තබා ඇත් නම් ඒ සිරුර තුල වෛරසය තවමත් තිබෙන්නට පුළුවන.  එවැනි මැරුණ අයත් එවැනි සිරුරු ඇති අධි ශීතකරණයත් තිබෙන්නේ කොහේදැයි ස්වීඩනයේ උපත ලත් හල්ටින් දැන සිටියේය.  ඇලස්කාවේ සමහර එස්කොමෝ ගම්වල 90% පමන ජනතාව 1918 flu සෑදී මිය ගියහ.  එම මල සිරුරු permafrost වල වළ කපා සමූහ වශයෙන් වළලනු ලැබීය.  එම permafrost වසරේ කිසිම කලක දියවෙන්නේ නැති තැන් ඇලස්කාවේ ඇත. එවැනි තැනක මෙම මලමිණී සුරක්ශිතව තිබිය හැක.


ඇලස්කාවේ Nome හිදී එවැනි සිරුරු සොයාගත් හල්ටින් එම සිරුරු වල පෙනහැලි කොටස් අධිශීතකරණ බහළුම් වල ඇසුරුම් කොට රැගෙන ආවේය.  නමුත් වෛරසය බිත්තර තුල වර්ධනය කිරීමට ගත් සෑම උත්සාහයක් ම අසාර්ථක විය.


එකදාස් නවසිය පනස් ගනන් වලින් පසුව flu වෛරස් සෛල (cells) තුලට ඇතුල්වන්නේ කෙසේදැයි සොයා ගන්නා ලදි.  Flu වෛරස් විසින් සෛල ආක්‍රමණය කිරීම ප්‍රෝටීන වර්ග දෙකක් මත රඳා පවතී.  ඒවා නම් hemagglutinin හා neuraminidase වේ.  Flu වෛරසය සෛලයට ඈඳීම සඳහා hemagglutinin යොදා ගන්නා අතර සෛලය තුල වැඩුණු අළුත් වෛරසය සෛලය සිදුරුකොට ගෙන පිටවීම සඳහා neuraminidase යොදා ගනියි.  Flu වෛරස් නම් කිරීම සඳහා මෙම ප්‍රෝටීන දෙකේ මුළකුරු යොදා ගන්නට පටන් ගැණින.  1946 ලොව පුරා පැතිරුනු flu වෛරසය H1N1 විය.  1956 ලොව පුරා පැතිර ගිය වසංගතයට මුල්වූ වෛරසයේ මෙම පෝටීන දෙකම පරිණාමය වී තිබිණ.  එනිසා එය H2N2 ලෙස හැඳින් විය.  1968 වෛරසයේ hemagglutinin පරිණාමය වී තිබුනද neuraminidase 1956 වෛරසයේ තිබුණු ප්‍රෝටීනයමය.  එනිසා එය H3N2 ලෙස හැඳින් විය. 


1983 දී Kary Mullis විසින් Polymerase Chain Reaction (PCR) තාක්ෂණය සොයාගන්නා ලදි. (ඔහුට මේ සොයාගැනීම සඳහා නොබෙල් ත්‍යාගය හිමිවිය.)  PCR තාක්ෂණය මගින් ඉතා කුඩා DNA සාම්පලයකින් DNA කොපි බිලියන ගනනක් ඉතා ඉක්මනින් නිපදවා ගත හැක.  මේත් සමගම 1918 වෛරස් කුඩා සාම්පලයක් සොයා ගත හොත් PCR තාක්ෂණයෙන් එහි කොපි විශාල ගණනක් ජනනය කිරීම මගින් වෛරසය කුමක්දැයි සොයා ගැනීමට පරීක්ෂණ කිරීමට පහසු බව Armed Forces Institute of Pathology ආයතනයේ සේවය කල Jeffery Taubenberger ට වැටහිණ.  හමුදා සෙබලෙකු කිසියම් ව්‍යාධියකින් මලහොත් එම තැනැත්තාගේ සිරුරු කොටසක් ආරක්ෂා සහිතව ගබඩා කිරීම හමුදාවේ සිරිතයි.  1918 දී මල සෙබළුන්ගේ පෙනහළු කොටස් එවැනි ගබඩාවක සුරක්ෂිතව ගබඩා කර තිබිණ.  


1918 flu එක වැළඳී මියගිය සෙබලෙකි Private Vaughan.  වෝන් ගේ පෙණහැලි කොටසකින් 1918 වෛරස් කොටසක් සොයා ගැනීමට Taubenberger ගේ කණ්ඩායමට හැකිවිය.  ඔවුන්ගේ එම ප්‍රතිඵල 1997 මාර්තු මාසයේදී Science නමැති සඟරාවේ පල විය.  මෙම ලිපිය කියැවූ හල්ටින් Taubenberger ට ලිපියක් යවමින් ඔහු 1951 දී කල පරීක්ෂණය ගැන සඳහන් කොට නැවත ඇලස්කාවට ගොස් 1918 සිරුරු ආරක්ෂා වී ඇති සොහොනට ගොස් පෙන්හළු කොටස් ගෙනැවිත් දීමට යෝජනා කලේය.  Taubenberger එම යෝජනාව පිළිගත් හෙයින් ඇලස්කාවට නැවත ගිය හල්ටින් 1918 දී මිය ගිය තරබාරු Lucy ගේ පෙණහළු කොටස් Taubenberger ට ලබා දුන්නේය.


(ඇගේ නම ලූසි නොවේ.  ඇගේ නම කුමක්දැයි කිසිවකු දන්නේ නැත.  ඇයට ලූසි යැයි නම් තැබුවේ 1971 දී අවුරුදු මිලියන් තුනකට වඩා පැරණි ගැහැණු ඇටසැකිල්ලක් ඉතියෝපියාවේ දී හමුවූ වේලේ එයට තැබූ නම අනුගමනය කරමිනි.  එවෙලේ එම කඳවුරේ බීට්ල්ස් ලාගේ Lucy in the sky with diamond යන සිංදුව වාදනය වෙමින් තිබී ඇත.)


අවසානයේ දී 1918 වෛරසය කුරුළු වෛරසයකින් (avian virus) පැවත එන්නක් බව හෙලිවිය.  කුරුළු වෛරසය ඌරන්ට අතරට මාරු වී ඊලඟට මිනිසුන්ට මාරු විය.  එය H1N1 වෛරසයකි.  1918 සිට අද දක්වා ඇතිවූ සියළුම වෛරස් 1918 වෛරසයෙන් පැවත එන්නන් බව පිලිගැනේ.  එනම් 1918 වෛරසය “mother of all viruses”.  එනමුත් ඇගේ "දරුවන්" ඇය තරම්ම මාරාන්තික නොවේ.


2005 දී 1918 flu වෛරසය පරීක්ශණාගාරයක නැවත ප්‍රතිනිර්මාණය කෙරිණි.  සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරන ලද 1918 වෛරසය මීයන්ට දුන් විට එය ඉතා ඉක්මණින් ප්‍රතිවර්තනය වීමේ පෙන්නුම් කරන ලදි.  නිදසුනක් වශයෙන්, ආසාදනය වී දින හතරකට පසු, ආසාදිත මීයන්ගේ පෙනහළු පටක වල තිබී සොයාගත් 1918 වෛරසයේ ප්‍රමාණය සංසන්දනාත්මක  වෛරසයක් විසින් නිපදවන ලද ප්‍රමාණයට වඩා 39,000 ගුණයකින් වැඩිය.  තවද, 1918 වෛරසය මාරාන්තික විය. සමහර මීයන් 1918 වෛරසය ආසාදනය වී දින තුනක් ඇතුළත මිය ගිය අතර 1918 වෛරසය ආසාදනය වී දින දෙකක් ඇතුළත මීයන්ගේ ශරීර බරෙන් 13% ක් දක්වා අඩු විය.  1918 වෛරසය පරීක්ෂාවට ලක් කළ අනෙක් වෛරස් වලට වඩා අවම වශයෙන් 100 ගුණයක් පමණ මාරාන්තික විය.  1918 flu වෛරසයේ එක් එක් අංගයන් නොව, එහි ඇති සියලුම ජානවල අද්විතීය සංයෝජනය නිසා එය විශේෂයෙන් භයානක වූ බව තවදුරටත් කෙරුණු පරීක්ශණ වලින් හෙලි විය.


(2) 1918 flu වෛරසය ලංකාවට බල පෑ ආකාරය


මෙම වෛරසයෙන් ලොව පුරා පස් කෝටියක් පමණ ජනතාව මල බව කලින් කියා ඇත. එසේ නම් ලංකාවෙත් සමාණුපාතිකව මිනිසුන් විශාල ගනනක් මිය ගිය යුතු නේද?  එහෙත් අප එවැනි කතාවක් අසා නැත.  සේන තෝරදෙනිය මහතා ලියූ "සමන්මල් කඩුල්ල" කියවා අවසන් කලේ ඊයේ ය.  එම කතාව ගෙතෙන්නේ මෙම වෛරසය ආ කාල වකවානුවේ ය.  එහෙත් එහිද මිනිසුන් විශාල ගණනක් ක්ශණිකව මිය ගිය සිදුවීමක් කියැවෙන්නේ නැත.


ලංකාවේ 1918 තොරතුරු සොයා බැලීමේදී Influenza Other Respir Viruses නමැති සඟරාවට Michigan State University යේ Siddharth Chandra සහ Dilshani Sarathchandra ලියූ ලිපියක් හමුවිය.  ඔවුන්ට අනුව ලංකාවේ 1918 flu වසංගතයෙන් ලක්ෂ තුනකට වඩා මිය ගොස් ඇත.  එය එකල ලංකා ජනගහණයෙන් 6.7% පමණ වේ.  එම වාර්තාවේම සඳහන් පරිදි ඉන්දියාවේ ජනගහනයෙන් 5.5% 1918 වෛරසයෙන් මිය ගොස් ඇත.  එනිසා ලංකාව 1918 flu වෛරසයෙන් හොඳින් බැට කා ඇත.


(3) 1918 වෛරසය තරම් ඉන්පසු වෛර්ස් මාරාන්තික නොවූයේ මන්ද?


“1918 flu වෛරසය මාරාන්තික වූවා නම් ඇයගෙන් පැවතෙන්නන් වන පසු කාලීන වෛරස එතරම් මාරාන්තික නොවූයේ මන්ද?” යන පැනයට Evolutions of Infectious Diseases නම් පොත ලියූ Paul Ewald පරිණාමවාදයට අනුව පිළිතුරක් සපයයි.  


ඔබ වෛරසයක් කිය සිතන්න. ඔබේ අරමුණ ඔබෙන් පැවත එන වෛරසයන් (ඔබගේ කොපි) විශාල ගණනක් ධාරකයා (your host) තුල හැකි ඉක්මනින් නිපද වීමයි.  ඊලඟ අරමුණ නම් ධාරකයා මාර්ගයෙන් මේ අළුත් කොපි සඳහා තවත් ධාරකයන් සොයා ගැනීමයි.  ඔබ ඔබේ කොපි විශාල ගණනක් ඉතා ඉක්මණින් නිපදවුව හොත් ඔබේ ධාරකයා ඉක්මනින් මිය යා හැක.  ඔබට අවශ්‍ය එය නොවේ.  ඔබට අවශ්‍ය ඔබේ ධාරකයාට ගමන් බිමන් යෑමට, වැඩට යෑමට හා එසේ යන එන අතර කිවිසුම් පිට කිරීමෙන් ඔබගේ කොපි සඳහා අළුත් ධාරකයින් සොයා ගැනීමයි.  එනිසා ඔබ මාරාන්තික වෛරසයක් වීම ඔබේ පරිණාමයට නුසුදුසු ය.  එබැවින් ඔබේ මාරන්තික බව අඩු කර ගැණීම ඔබේ පරිණාමයට හිතකාරීය.  1918 දී "අම්මා" කල ගොංකම මගින් ඇගේ දරුවන් පාඩම් ඉගෙන ගෙන ඇත.


යොමුව (References): 

(1) “Flu — The Story of the Great Influenza Pandemic of 1918 and the search for the Virus That Caused It.” by Gina Kolata, Farrar, Straus and Giroux, New York 1999.


(2) “Reconstruction of the 1918 Influenza Pandemic Virus”, Center for Disease Control And Prevention.


(3) “The Influenza Pandemic of 1918-1919 in Sri Lanka: Its Demographic Cost, Timing, and Propergation” by Siddharth Chandra and Dilshani Sarathchandra, Influenza Other Respir Viruses, 2014 May 8(3) 267-273.


(4) “A New Germ Theory” by Judith Hooper, The Best American Science and Nature Writing 2000, 91-115.

බත්තලංගුණ්ඩුව

කතෘ: මංජුල වෙඩිවර්ධන
ප්‍රකාශක: සම ප්‍රකාශකයෝ 2016


මා ඉහල පංති වල සිටියදී අප නෑ හිතවතුන් සිටි හලාවත ප්‍රදේශයට නිවාඩුවට යෑමට දින ගනන් කරමින් සිටියෙමි.  කොහු මෝලේ ඇවිදීමට යෑම, කලපුවේ මාළු ඇල්ලීම් බලන්නට යෑම, වැවේ නෑම, හිඳුණු වැව් වල ඉබ්බන් ඇල්ලීම බලන්නට යෑම, රා බෑම සහ බාපු ගමන් රා බීමට ලැබීම, ඉඳහිට සුදු අරක්කු බීමට ලැබීම, ආදී මෙකී නොකී, කොලඹදී හීනෙන්වත් හිතන්නටවත් බැරි අත්දැකීම් තවමත් මතක් කල විට මට සතුටක් ගෙන එයි.


එදා සිට අද දක්වාම නොයෙක් ආකාර වලින් සම්බන්ධතා පැවැත්වූ විශ්ව විද්‍යාලයේදී හමුවූ මගේ හොඳම මිතුරෙක් නිව්යෝර්ක් හී ජීවිතය අතහැර මීගමුවටත්, එතැනින් එළුවන්කුලමටත් සංකරමන්ණය වූ අතර, ඔහු දැන් එළුවන්කුලමෙහි ව්‍යාපාරයක යෙදෙයි.  අදද විශ්ව විද්‍යාලයේ සිටි තවත් සමීප මිතුරන් සමග ඔහු හමුවීමට ගොස් කැලේ ඇවිදීම, ළුණු ගඟේ නෑම, රෑ එලිවන තෙක් නොයෙකුත් විශයන් ගැන සාකච්චා කිරීම, අපගේ ප්‍රියතම විනෝදාංශයන් ය.  Oceanography වලින් ඉහල උපාධියක් ඇති ඔහුට ඕනෑම විශයක් සම්බන්ධව කතා කර හැකි දක්ෂතාවයක් ඇත.  ඔහු හමුවීමට යන ගමනේදී මාරවිලෙන් ගන්නා ඌරුමස් ද, පම්බලින් ගන්නා රා හා ඉස්සන්ද, යන හැම අයෙක්ම ගෙනයන නා නා මාදිලියේ බීම බෝතල් ද සාකච්චාවට හොඳ පොහොර වේ.  වලාකුළු වලින් තොර  මධ්‍යම රාත්‍රියට light pollution නැති නිසා ක්ශීර පථය ඉතා පැහැදිලිව පෙනේ.  මේ කතා අතර එක් දිනකදී බත්තලංගුණ්ඩුවට යාමකටද සැලසුම් කෙරුණු මුත් තවම යා ගන්නට නොහැකි විය.  ඒ වන විට මංජුලගේ පොත ගැන අසා තිබුණු මුත් කියවා තිබුණේ නැත.


බත්තලංගුණ්ඩුව කියවද්දී මගේ ඒ සොඳුරු මතකයන් අවදි විය.  මංජුල මේ පලාත් වාසීන්ගේ ජීවිත ඉතා ශූක්ෂමව හා නිවැරදිව මෙම කතාව තුලට ඇතුල් කර ඇත.  ඔහුද ඔවුන් අතර සෑහෙන කාලයක් ජීවත් වූවාට සැක නැත. ඔවුන් අතර ජීවත් වීමේදී තමන් පුරුදු ජීවිත අතහැර ඒ මිනිසුන් ජීවත්වන ආකාරයටම ජීවත් වීමට හැකි නම් එම අත්දැකීම සම්පූර්ණ වේ.  මේ කතාව ඒ සම්පූර්ණ අත්දැකීමම සපයයි.  මේ පොතට මංජුලට ඇතුලත් කිරීමට නොහැකිවූයේ ඒ මිනිසුන්ගේ කතා බහ වලදී ඔවුන්ටම ආවේනිකවූ තාරතාව (pitch) යි.  සමහර විට එය තාරතාව පමනක් ම විය නොහැක.


එක් වරක් අපි එළුවන්කුළමට යාම සඳහා දුම්රියෙන් පුත්තලමට ගොස් එතැනින් බසයක යෑමට අදිටන් කලෙමු.  උදෑසනම යන පුත්තලං කෝච්චිය පවර්සෙට් එකක් වන අතර එහි වැසිකිලි පහසු කම් නැත.  එහෙත් ඊට පැය දෙක තුනකට පසුව යන බඩු කෝච්චියේ වැසිකිලි පහසුකම් ඇත.  ආපසු එන ගමනේදී මුන්දල් වලදී අතිවිශාල ජනකායක් දුම්රියට ගොඩ වූහ.  මෙතෙක් ඉඩ පහසු කම් තිබූ දුම්රියේ තෙරපී හිටගෙන යාමට තරම් මිනිසුන් වූහ.  මා කුඩා කාලයේ මට මතක හිටි සුන්දර පෙනුමක් ඇති ඒ වැනිම ගැහැණියක් ඔවුන් අතර වූහ. මේ ගියේ කොහෙදැයි විමසූ විට ඇය දුන් පිලිතුර, ඇගේ වචන හසුරුවන ස්වභාවය, ඇගේ තාරතාව මම ඉතාමත් හොඳින් හඳුනන බව මට පසක් විය.  "... පල්ලියෙ මංගල්ලෙට ගියා."  ඒ "ගියා" අපි කියන ආකාරයේ "ගියා" නොවේ.


මංජුල මෙම කතාව audio book එකක් ලෙස එලි දක්වන්නේ නම් මේ කරුණ සැලකිල්ලට ගත යුතු බවයි මගේ හැඟීම.


පොත කියැවීමෙන් පසු බත්තලංගුණ්ඩු ගමන යාමට ඇති ආශාව තීව්ර විය.  Google Map සහ Google  මගින් බත්තලංගුණ්ඩුව පරීක්ශා කලෙමි.  එම සොයාගැනීම් තුලින් මට ඇති වූයේ පිලිකුල් සහගත හැඟීමකි.  තරුණ නරයින් හතර දෙනෙකු බත්තලංගුණ්ඩුවට ගොස් ඩ්‍රෝනයක් පියාසර කරන සෝබනයක් දුටිමි.  මෙවැනි සෝබන කාරයින් මංජුල විසින් දක්ෂ ලෙස ගොඩ නැංවූ බත්තලංගුණ්ඩුව අපවිත්‍ර කර ඇත.  එහි යාමට දැන් එතරම් කැමැත්තක් නැත.  මෙවැනි මෝඩ සංචාරකයින් නිසා පරිසර සහ සංස්කෘතික විනාශයක් සිදු වීම වැලැක්විය යුතුය.  භූතානයේ මෙන් සංචාරක රෙගුලාසි ඇති කල යුතුය.


මංජුල අතිදක්ෂ නවකතා කරුවෙකි.  මේ කතාව සත්‍ය කතාවක් ලෙස මට හැඟේ.

The Remains of the Day

Author: Kazuo Ishiguro
Publisher: Vintage 1989


This is a story of an English Butler who is trying to hold onto old standards in a changing world.  His heroes are his own father—a former butler himself, and some famous butlers form famous mansions.  He has been trying to live up to the standards set by them and perhaps, improve on them.  He has been on a mission to be one of the great butlers while being oblivious to events happening around him.  He has devoted all his time to his job and did not realized or was haughty to acknowledge, that he is losing people who care about him.  The mansion he worked at has been sold to a rich American and the new owner wants to keep him (Mr. Stevens) as the butler of the house.  The new owner spends most of his time in US and lends his new Ford to Mr. Stevens to go West to take a break from his job.  While driving to meet Miss. Kenton, Stevens reminisces back on his life, lost opportunities, and his former boss Load Darlington.


This is a well written book with exquisite details.  The description of the events of the day when Mr. Stevens’ father died is my favorite.  It took me several days to get there, while reading several other books, but after that event, I finished the book in one reading.  Let me give Mr. Stevens’ reaction when he gets to know that his father died as a teaser.


Miss Kenton was still standing out in the hall where I had first spotted her.  As I emerged, she walked silently towards the staircase, a curious lack of urgency in her manner.  Then she turned and said: ‘Mr. Stevens, I’m very sorry.  Your father passed away about four minutes ago.’

‘I see.’

She looked at her hands, then up at my face. ‘Mr. Stevens, I’m very sorry,’ she said.  Then she added: ’I wish there was something I could say.’

‘There’s no need, Miss Kenton.’

‘Dr. Meredith has not yet arrived.’  Then for a moment she bowed her head and a sob escaped her.  But almost immediately, she resumed her composure and asked in a steady voice: ‘Will you come up and see him?’

‘I’m very busy just now, Miss Kenton.  In a little while perhaps.’

‘In that case, Mr. Stevens, will you permit me to close his eyes?’

‘I would be most grateful if you could, Miss Kenton.’

She began to climb the staircase, but I stopped her, saying: ‘Miss Kenton, please don’t think me unduly improper in not ascending to see my father in his deceased condition just at this moment.  You see, I know my father would have wished me to carry on just now’

‘Of course, Mr. Stevens.’

’To do otherwise, I feel, would be to let him down,’

‘Of course, Mr. Stevens.’


His relationship with Miss Kenton reminded me of that of Mr. Carson and Mrs. Hughes in Downton Abbey.  As a matter of fact, I was thinking of Mr. Carson all throughout the book.  If you think Mr. Carson is too strict, then this guy is Mr. Carson in steroids.


Mr. Stevens will also take you to the events at the end of world war 1, or rather the mistakes that were made at Versailles, that lead to the events that gave rise to the Nazi Germany and the Japanese involvement in the world war II.  A good read on those events is the excellent non-fiction titled “Paris1919” by Margaret MacMillan. 


I thoroughly enjoyed this book.  Kazuo Ishiguro won the Nobel Prize for literature in 2017.

සුදු නෙළුම්


කතෘ: විනෝදනි සේනාරත්ත

ප්‍රකාශක: කතෘ ප්‍රකාශණයකි. 2011

මම ලංකා සිවිල් යුද්ධය ගැන බොහෝ පොත පත කියවා ඇත.  එහෙත් හා බැඳුණු නවකතාවක් කියවා තිබුනේ නැත.  විනෝදනිගේ මෙම පොත ශානරයට වැටෙන මා කියවූ එකම නවකතාවයි.  විනෝදනීගේ රචනා ශෛල්‍යය මට මුලදි මුලදී ටී. බී. ඉලංගරත්න සිහිපත් කරවිය.  එහෙත් ඉලංගරත්නගේ කතා වලට වඩා සෙමෙන් ගමන් කිරීමක් ඇති බව පසුව වැටහින.  මෙම කතාව ගැන කෙසේ ලියම්දැයි සිත සිතා සිටින විට පහත ඇති අදහස මට ඇතිවිය.  දැන් එය මම ක්‍රියාවට නංවමි.


මට ලියන්නට කියූ අය අතර ප්‍රවීන ලේඛකයන් වූ කරුණාසේන ජයලත් ශූරීන් , එන්. ටී. කරුණාතිලකයන් , කොලට් සේනානයක සහ භද්‍රජී ජයතිලකයන් වේ.

(පෙරවදන)


"අපි මල් කඩන්නෙ බුදුන් වඳින්න.. ටීචර්ට විතරයි මේසෙ උඩ තියන්න මල් ගෙනත් දෙන්නේ..."

(08 වන පිට)


“මැරේජ් සර්ටිෆිකේට් එකට මාරුවීම දෙනවා ..”

(11 වන පිට)


ආන්ටි මම දැක්ක ගමන් කීවේ ඔය කසාදය තමා සේරටම මුල කියල..”

(30 වන පිට)


"මේ ප්‍රාණකාරයා ජීවත් වෙනවා..තිබුන අපලයට ජීවිතේ නැතිවෙන්න තිබුන අවස්ථාව වැඩියි. ඒත් විවාහ වුන කෙනාගේ කේන්ද්‍රය ගොඩක් බලවත්, පිහිට විතරයි මේ ප්‍රාණකාරයාට තියෙන්නේ.."

(32 වන පිට)


පියලතා පෙන්වා දුන් ලොව සුන්දරම ආදර කථාව වූ "ඩොක්ටර් ෂිවාගෝ" සහ "ගෝන් විත් වින්ඩ්" වැනි කථා කියවා නෙළුම් අපමන සතුටක් ලැබුවාය.

(49 වන පිට)


"මමත් අශෝකට වඩා බාල වුනා නම් පොඩ්ඩක් ට්‍රයි කරනවා.."

(87 වන පිට)


"මොකක්ද කියවන පොත.."

"...මේ ලයිබ්‍රරියෙ පොතක්..මොන්ත ක්‍රිස්තෝ.."

" දැන් සති දෙකකට ඉස්සර ටීවී එකේ ගියා නේද.." මහේෂ් පෙරළා ඇසුවේය.

(122  වන පිට)


"අපි එයාට කීවා. අම්මා දැනගත්ත වේලේ ඉඳන් අඬනවා.  මල්ලිට කනවැන්දුම් කෙනෙක් නැතිවට හොඳ කටයුත්තක් කරගන්න බැරිද කියලා.."

(152 වන පිට)


ඔය මෙහේ ඉන්න ඇයෝ ලියලා යවනවා වගේ කාගේ හරි ඇඟේ මේ මිස්ව ගහන්න බලාගෙන ඉන්න අය නෙමේ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලාගේ මස්සිනාලා නෙමෙයි පළාත් සභා ඇමතිවරුන්ගේ මල්ලිලා තමයි විවාහ යෝජනා ගෙනත් තියෙන්නේ. ...

(152 වන පිට)


"කවුද මේ ලියුම ලියල තියෙන්නේ..." මන්ත්‍රී තුමාගේ කටහඬ පෙරදී තරම් උජාරු නැත.


"දැන්ද ඕවා කියන්නේ...මෙහෙම තැනකට එන්න ඉස්සර ඕවා හිතන්න ඕනැ. බලපුළුවන්කාරයෝ පිරිවරාගෙන ආණ්ඩුවේ වාහන අරගෙන මෙහෙම ගමන් එන එක අපි අනුමත කරන්නේ නෑ.."

(153 වන පිට)


"මහේෂ් හොඳ කෙනෙක්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් දුව දෙමළ කෙනෙක් බැඳපුවාම නොහිතෙන ප්‍රශ්න එන කාලයක් මේක. ඔයාලටත් වඩා දරුවන්ට..."

(183 වන පිට)


නෙළුම් ඈත කාලයකදී නැරඹූ ඉංග්‍රීසි චිත්‍රපටියක් හදිස්සියේ මතකයට නැගුනි.  යුද්ධයට ගිය සිය පෙම්වතා චිත්‍රපටියට පාදක විය.  ඇය ඔහු සොයා යුද්ධකල දේශයට යයි. නෙළුම්ට චිත්‍රපටියේ නම සිහිවූයේ එවිටය.  සන්ෆලවර් නම් එහි පෙම්වතිය අක්කර ගණන් වූ සූරිය කාන්ත මල් වගාවක් මැදින් ගමන් කරන්නීය. ඇය අවසානයේදී සොයා ගන්නේ කුමක්ද? තම පෙම්වතා ඔහු මරණයෙන් බේරාගත් තරුණිය සමග ජීවත් වන බවයි.

(187 වන පිට)


මමඩොක්ටර් ශිවාගෝ” හෝගෝන් විත් වින්ඩ්” හෝමොන්ත ක්‍රිස්තෝ” හෝ කියවා නැත. එසේම 1970 දී එලි දැක්වුණු සොපියා ලොරේන් රඟ පෑසන්ෆ්ලවර්” නරඹා නැත.  මම මොනවද කියවලා තියෙන්නේ කියලා හිතෙන්නේ මේ වේලාවටය.  එහෙත් මෙම කතාව කියැවීමට එය භාධාවක් නොවුනි.  මම මේ කතාව රස විඳිමි.  මට මේ පොත කියවීමට දීම ගැන විනෝදනි සේනාරත්න මහත්මියට ස්තූති වන්ත වෙමි.