Wednesday, January 6, 2021

පේමතෝ ජායතී අසෝකෝ

කතෘ: ඉසුරු ප්‍රසංග
ප්‍රකාශක: සුරස

මෙම නවකතාව පිළිබඳව හොඳ විස්තරයක් නලීන්ද්‍ර මහතා ලියා ඇත.  එහි ඇති කරුණු නැවත ලිවීමට අදහස් නොකරමි.

https://me-and-err.blogspot.com/2018/04/Iprasanga-2017.html


මෙම කතාව කියවද්දී අමරසේකර මහතාගේ එතුමාගේ කාලේ "මැද පංතියේ කතාව" නම් වූ නවකතා පෙල සිහි විය.  මේ කතාව හරියට "ඊට පස්සෙ පරපුරේ කතාව" වාගේය.  එනමුත් අමරසේකර මහතා මෙන්ම කතුවරයා චරිත කිහිපයක් යොදාගෙන සංවාදයක් ස්වරූපයෙන් කතාව ඉදිරිපත් කරයි.  (අමරසේකර මහතාත් මෙම කතාවේ චරිතයකි.)  මෙහි ඇති චරිත ඊලඟ පරපුර සම්පූර්ණයෙන්ම පිළිඹිබු කරන වාද යන්න සැක සහිතය.


අපි විශ්ව විද්‍යාලයට ගිය කාලයේ තිබූ "මෘදු" නවක වදය පැවතුනේ සතියක පමන කාලයකි.  (මම ඒ නවක වදය ද විරුද්ධ විය.) අපේ කාලයේ තිබූ නවක වදයට වඩා ඉතා දරුණු, අමානුශික තරමට පරිනාමය වී ඇති, සාමාන්‍ය මනුශ්‍ය අයිතිවාසීකම් පවා උල්ලංගනය කරන මේ විකාරය මේ කාලය වන විට මාසයක් පුරා පැවත ඇත.  එයිනුදු නොනැවතී මුළු සරසවි ජීවිත කාලය පුරා මනස් පාලනයකට නතු කරන "තලේබාන් කඳවුරු" බවට විශ්ව විද්‍යාල හැර වී ඇත.  (මෙම අවනඩුව "Giniralla Conspiracy" යේද, "ලේ විල සහ ඩාන්ටේ" යේද අසන්නට ලැබුනි.)  සල්ලි ඇති අය තම දරුවන් පෞද්ගළික විශ්ව විද්‍යාල වල හෝ පිටරට විශ්ව විද්‍යාල වලට ඇතුලත් කිරීමට පටි තද කරගන්නා අතර සල්ලි නැති අය තම දරුවන් විශ්ව විද්‍යාල වලට නොයවා වෙනත් මාර්ග වලට හරවන බව මා දන්නා කරුණකි. මෙන්න මේ අයගේ "කතාව" මෙහි නැත.


 ආසියාවෙන්ම "ලස්සන" විශ්ව විද්‍යාලයෙන් ඇති වැඩේ කිම ඇතුලත ඉතා අවලස්සන ගඳ ගහන විශ්ව විද්‍යාලයකට යාමෙන් ලැබිය හැකි දැනුම් වර්ධනයක් නොමැති නම්.  මෙම විශ්ව විද්‍යාල වැඩකට නොමැති නිසා වසා දැමෙන කාලය ඉතා නුදුරු යැයි මට හැඟේ.  


පහත සඳහන් මතය ගැන මම ටික කාලෙක සිට හිතමින් සිටින්නකි.  මේ අදහස මට ආවේ "The White Buddhist" කියවන විටදී .  හික්කඩුවේ සුමංගල හිමියන් ඕල්කොට් ගේ "Buddhist Catechism"  මුලින්ම විරුද්ධ වූයේ බෞද්ධයන්ට බුදු දහමේ හරය තේරුම ගැනීමට තරම් මෝරා නැති නිසා යැයි ගනනාත් ඔබේසේකර මහතා කියයි.  බුදු දහමේ හරය ඉදිරියට දමා මෝඩ ප්‍රශ්න අසන අය හට "Olcott Buddhist" ලා යැයි හඳුන්වන බවද මා අසා ඇත.


බුදු දහම මිනිහාගේ ඔය කියන නරක පිළිගන්න ගමන්ම ඒක පාලනය කළ යුතු සහ කළ හැකි දෙයක් බව පිළිගන්නවා.  ඔය දාන, සීල, භාවනා, පිංකම් වගේ දේවල් බෞද්ධ සංස්කෘතිය ඇතුළේ හැදිලා තියෙන්නේ ඒකට.  ඒකෙන් මිනිහාගේ සහජ නරක යම් තරමකට හරි පාලනය වෙනවා කියන එක ඉස්සර මගේ ප්‍රාථමික හේතුවාදී මනසට අහුනොවෙච්ච දෙයක්.  ඒත් දැන් මම දන්නවා එහෙම දේවල් නැතුව තර්කානුකූළව දර්ශනවාද උගන්නලා විතරක් මිනිස්සු හදන්න බැරි බව.  බුද්ධාගම බෞද්ධ සංස්කෘතියෙන් ගැලවුණු දර්ශනයක් විතරක් වුනොත් සංස්කෘතියයි දර්ශනෙයි දෙකම වඳ වෙලා යනවා.  අපේ රටේ සමහර එන්ජීඕ පණ්ඩිතයෝ බෞද්ධ සංස්කෘතියට එරෙහිව බෞද්ධ දර්ශනය උඩ දාන්නේ දැනුවත්වයි.” (267 පිට)


කතුවරයා හොඳ කවිකාරයෙක් වේ.  මට හිතට ඇල්ලූ කවියක් පහත සඳහන් වේ.


බෙදී විසිරී ගියත් දස අත කැදලි හැරදා සියල්ලෝ

කොහේ නුඹ කොයි කොතැන ඉන්නෙද

නොදත්තෙමි අපි කුරුල්ලෝ

වැදී හී සර නුඹ වැටුණු වග කියන විට වැඩිමහල්ලෝ

මගේ පෑනෙන් ලේ ගලන්නට වුණා සෝයුරු කුරුල්ලෝ


සැබැවින් ඉතා හොඳ කතාවකි.

No comments:

Post a Comment