Wednesday, January 6, 2021

Noah’s Flood—The New Scientific Discoveries About The Event That Changed History

කතෘ: William Ryan and Walter Pitman

ප්‍රකාශක: Simon & Schuster 1998


දෙවියන් වහන්සේ නෝවාට මෙසේ කී සේක. '' සියලු ජීවීන් විනාශ කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි. මක්නිසාද යත් ඔවුන් නිසා ලෝකය ප්‍රචණ්ඩකරිත්වයෙන් පිරී තිබේ. ඔවුන් සැම විනාශ කිරීම සඳහා ගංවතුරක් ගෙනෙන්නෙමි. ලෝකයේ ඇති සියළු ජීවීන් මැරෙනු ඇත.”


Genesis 6:13,17;7:11, 19, 24


මෙම පොත ලියා ඇත්තේ ඉහත සඳහන් කළ ‘මහා ගංවතුර මිථ්‍යාව’ විමර්ශනය කළ විද්‍යාඥයින් දෙදෙනෙකු විසිනි. (මෙම විමර්ශනයට තවත් විද්‍යාඥයින් විශාල ගණනක් සහභාගි විය.)  එය සිත් ඇදගන්නාසුළු රහස් පරීක්ෂක කතාවක් ලෙස ලියා ඇති අතර මෙය කියවන අතර තුර මට Alan Dressler විසින් රචිත “Voyage To The Great Attractor” ග්‍රන්ථය මතක් විය.


සටහනේ ඉතිරි කොටස කියවීම පහසු කිරීම සඳහා සමහර වචන වල අර්ථ දැක්වීම් පහත සඳහන් කරමි.


(1) Present time” 

This is the year the Carbon-14 dating method was discovered.  That is, the “present time” is 1950.

(An example: “7500 years ago from present time” is 5550 BC.)

මෙම සටහනට යොදා ගන්නා BP (Before present—වර්තමාන කාලයට පෙර) පිළිබඳ සියලු යොමු කිරීම් වඩාත් හුරුපුරුදු ක්‍රි.පූ (BC) බවට පරිවර්තනය කිරීමට මම උත්සාහ කරමි.


(2) “Younger Dryas” 

The last ice age ended around 12,500 B.C.  However, the post glacial warming was halted by a “brief” return back to near-glacial conditions.  This period is known as the Younger Dryas.  Younger Dryas lasted from 10,500 to 9400 BC.

(As a matter of fact, there were several smaller warming and cooling cycles that finally ended in 5600 BC.)


(3) “Sumerians

කි.පූ. 3000 පෙර සුමේරියානුවන් ලෙසින් හැඳින් වූ මනුශ්‍ය කොට්ඨාශයක් යුප්‍රටීස් සහ ටයිග්‍රිස් ගංගා වල ඩෙල්ටා භූමියේ පදිංචි වූහ. ලෝකයේ මුලින්ම ලිවීම හා වාරිමාර්ග නිර්මාණය කිරීමේ ගෞරවය සුමේරියානුන් සතුය.


(4) “Akkadians

අක්කාඩියන්වරු සුමේරියානුවන්ගේ උතුරු අසල්වැසියන් වූහ. ක්‍රි.පූ. 2300 - 2100 පිහිටවූ අක්කාඩියානු අධිරාජ්‍යයත් සමග සුමේරියානු ශිෂ්ඨාචාරය අවසන් විය.


(5) “Fertile Crescent

ටෝරස් (Taurus) කඳු සහ සාග්‍රොස් (Zagros) කඳු වලින් මායිම් වූ චන්ද්‍රවංකයක් වැනිවූ කලාපයයි. (මෙම කලාපයේ වර්තමාන රටවල් වන්නේ ඊශ්‍රායලය, ලෙබනනය, සිරියාව සහ ඉරාකයයි.)


(6) "New Euxine Lake"

කළු මුහුද කරදිය මුහුදක් වීමට පෙර එහි තිබූ මිරිදිය විල.


(7) "Marmara Sea"

මධ්‍යධරණි මුහුද සහ කළු මුහුද යා කෙරෙන සමුද්‍ර සන්ධිය අතර මැද ඇති කුඩා මුහුද.



ඉහත සඳහන් පරණ තෙස්තමේන්තුවේ ඇති ගංවතුර කතාව බොහෝ විට ඊට වඩා පැරණි පොත් වලින් උපුටා ගත් එකක් විය හැකිය. (පැරණි තෙස්තමේන්තුව ලියා ඇත්තේ ක්‍රි.පූ 900 පසුවය.)  බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයින් විසින් Nineveh ඇති පැරණි රාජ්‍ය පුස්ථකාලයේ තිබී සොයා ගන්නා ලද, ක්‍රි.පූ 1700 දී පමණ ලියන ලද, අක්කාඩියානු ටැබ්ලටයක මෙම ගංවතුර කතාව ලියා තිබේ.  අක්කාඩියානු කතාවේ වීරයා වූයේ “අට්‍රහාසිස්” (Atrahasis) නම් මිනිසෙකි.  ක්‍රි.පූ 2300 දී පමණ ලියන ලද සුමේරියානු ගංවතුර කතාවෙහි වීරයා ගිල්ගාමේෂ් (Gilgamesh) ය.  


Younger Dryas කාලය තුළ කළු මුහුද හුදකලා මිරිදිය විලක් විය.  කි. පූ. 5600 ට පෙර New Euxine විල අසල සාරවත් ඉඩම් වගාකොට ජීවත් වූ මනුශ්‍යයන් වූහ.  Younger Dryas අවසානයේ මධ්‍යධරණි මුහුදු මට්ටම ඉහළ යමින් තිබුණි. මමාරා මුහුද සහ කළු මුහුද අතර වූ ස්වාභාවික බොස්පෝරස් වේල්ල ඉහළ යන මුහුදු මට්ටම රඳවා තබා ගැනීමට සමත් වූයේ Younger Dryas කාලය හා 5600 BC අතර තුර වූ කුඩා ශීත කාලය ගැලැසියර දිය වීම තාවකාලිකව නතර කිරීමට සමත් වූ බැවිනි.  නමුත් ක්‍රි.පූ. 5600 දී පමණ පැරණි ශීත කාලය සහමුලින්ම අවසන් වී ලෝකයේ සාමාන්‍ය උශ්ණත්වය කශණිකව ඉහල ගියේය.  ඒ නිසාවෙන් මුහුදු මට්ටම වේගයෙන් ඉහළ යාමට පටන් ගත්තේය.  මේ වන විට Euxine මිරිදිය විලේ ජල මට්ටම බොස්පොරස් වේල්ලට මීටර් 100 ක් පමණ පහළින් විය.  ක්‍රි.පූ. 5600 දී නැගී එන මධ්‍යධරණී මුහුදු මට්ටම බොස්පෝරස් වේල්ලට දරා ගැණීමට නොහැකි විය. 


බොස්පරස් වේල්ල කැඩීයාම නිසා ඇතිවූ විශාල දිය ඇල්ල තුලින් නයගරා දිය ඇල්ලෙන් පතිත වන ජල ප්‍රමාණය මෙන් දහස් ගණනක (1000 Niagara falls) පමණ ජල ප්‍රමාණයක් Euxine විලට වැටෙන්නට පටන් ගත්තේය.  දිය ඇල්ල තුළින් පැයට කිලෝමීටර 80 ක පමණ වේගයෙන් ජලය ගලා ගියේය.  මෙම විශ්මයජනක දිය ඇල්ල හා දිය ඇල්ලෙන් පිටවූ විශාල ඝෝශාව එම විල අසල ජීවත් වූ සියළු සතුන් මින් පෙර ඇසූ දුටුවක් නොවේ.  ඔවුන් බියෙන් බිරාන්ත වී යන්නට ඇති බව නොඅනුමානය.   විලෙහි ජල මට්ටම දවසකට අඟල් 6 ක් පමණ වේගයෙන් ඉහල යාමට පටන් ගති.  විලෙහි ජල මට්ටම ඉහල යෑම නිසා විලට යටවන ගම්බිම් හැර පලායාමට සිදුවූ ගංගා මිටියාවත් වල ජීවත් වූ මිනිසුන්ට ඉහල යන ජල මට්ටමෙන් බේරීම සඳහා අඩුම ගනනේ දවසකට කිලෝමීටරයක් පමණ පලා යන්නට සිදු විය. 


මෙම ස්ථීර ජලගැල්මෙන් බේරී ආ සමහරු Fertile Crescent අවට පදිංචි වූහ.  යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා ඩෙල්ටා වෙත සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන්නන්ය සුමේරියන් වරුන්.  තවත් සමහරක් නයිල් ඩෙල්ටාවට සංක්‍රමණික වූහ.  ඔවුන් ගෙන් පැවතෙන්නවුන් අවුරුදු 3000 ක් පමණ පැවති ඊජිප්තු රාජධානියේ ආරම්භකයන් වූහ.


පොත කොටස් හතරකට බෙදා ඇත. 

1. The discovery of the flood story

2. The discovery of the real flood

3. Who was there, and where did they go?

4. The flood stories told.


ඔබට මෙම පොත සොයා ගැණීමට හැකි නම් කියවිය යුතු පොතක් ලෙස නම් කරමි.


ප. ලි.

මෙවැනි පොතක් කියවා අවසන සාමාන්‍යයෙන් කරන දෙයක් ලෙස මෙම විද්‍යාඥයින්ගේ මතයට විරුද්ධ තවත් විද්‍යානුකූල මත ඇත්දයි සොයා බැලුවෙමි.  සාමාන්‍යයෙන් ඕනෑම අළුත් විද්‍යාත්මක මතයකට පරස්පර විද්‍යාත්මක මත තිබෙනා ලෙසින් මෙම මතයටද පටහැනි විද්‍යාත්මක මත ඇත.  එහෙත් නවතම විද්‍යාත්මක ලිපියක් Ryan හා Pitman ගේ මේ මතය තහවුරු කරයි. (මෙම ලිපියේ එක් කතුවරයෙකු වන්නේ Ryan ය.)


“Compilation of geophysical, geochronological, and geochemical evidence indicates a rapid Mediterranean-derived submergence of the Black Sea's shelf and subsequent substantial salinification in the early Holocene” by Anastasia G. Yanchilina, William B.F. Ryan, Jerry F. McManus, Petko Dimitrov, Dimitar Dimitrov, Krasimira Slavova, and Mariana Filipova-Marinova; Marine Geology 383 (2017) pages 14-34.



No comments:

Post a Comment