Wednesday, January 6, 2021

සංසාරාරණ්‍යය අසබඩ

කතෘ: සයිමන් නවගත්තේගම
ප්‍රකාශක: සුරස 2012

මම මේ පොත අයිති වෙන්නේ මොන වර්ගයටදැයි බොහෝ දුර සිතුවෙමි. මට හිතෙන විදිහට මේ කතාව නවකතා වර්ගීකරණයේ එක වර්ගයකටවත් අයිති නොවේ.  ඉහත මා යෙදූ ඉංග්‍රීසි වචන හතරම එකතු කලත් මේ පොතෙහි වර්ග වලට අසු නොවන දෑ ඇත.  

ඉහත සඳහන් එක් වචනයක් වත් තනියෙන් ගතහොත් මෙම පොත වර්ගීකරණය නොවේ.  උදාහරණයක් හැටියට මෙය "ඉතිහාස" නවකතාවක් නොවේ.  අගක් වෙනකම් මේ කතාව "රජ කාලේ කතාවක්" ලෙස ප්‍රචාරය වුනත්, මෙය "රජ කාලේ" කතාවක් නොවේ.  කතුතුමාද එක් වරක් මගේ මතය පිලිගත්තේ .


"තොපි දන්නවද මේ දඬුකඳ මේතන කඩවතේ ඉතා පුරාණෙ ඉඳලා තිබුණා.  මේක තමයි රජකාලේ ඉඳලා රාජ දඬුවම් දෙන්න පාවිච්චි කෙරුවෙ." (487 පිට අග)  


මෙය මොන කාලේවත් කතාවක් නොවේ.  


මෙය නවකතාවක් ? යන පැනයද මට ඇත.  Novel යන්නෙහි තේරුමට මෙය අයිති නොවේ.

A Novel is a a fictitious prose narrative of book length, typically representing character and action with some degree of realism.


එහෙත් Novel යන වචනයෙහි තවත් තේරුමකට මෙය අයිතිය.

This is a novel story.  (Meaning, new and unusual in an interesting way.)


මෙම පොතෙහි පෙර වදනෙහි නවගත්තේගම මෙසේ කියයි.


මම මේ පොත ගැන දීර්ඝ ප්‍රස්තාවනාවක් ලීවෙමි.  ලියා අවසන් වූ පසු මට මෙසේ සිතෙයි.  නවකතාව රසවිඳීම සඳහා ප්‍රස්තාවනාව අවශ්‍ය නො වන්නේ .”  එහෙයින් මම අවශ්‍ය වේ යැයි කෙනෙකුට හැඟේ නම් පමණක් කියවීම සඳහාපසුවදනක්” සෙයින් එය ඇතුලත් කලෙමි.’


අවාසනාවකට මෙම මුද්‍රණයට එම "පසුවදන" ඇතුලත් කොට නැත.


මේ පොත කියවා අවසන මේ පොත ගැන කවුරු හෝ විචාරයක් ලියා ඇත්දැයි සෙව්වෙමි.  GoodReads හී කිසිවක් නැත.  “Boondi” නම් වූ වෙබ් අඩවියක තිබී ගාමිණී සුමනසේකර නැමැත්තෙකු සයිමන් නවගත්තේගම හා කල සංවාදයක් හමුවිය. මුලදී "ඇයි මේ කතාවට මේ නම දාලා තියෙන්නේ?" යනුවෙන් පටන්ගත්තද ටික දුරකදීම එම සාකච්චාව පොතෙන් පිටට ගිය බව පෙනේ.  නමුත් පොතෙහි නම වැටුනේ කෙසේද යන ප්‍රශ්ණයට දුන් වැල්වටාරම් පිලිතුරත් සමග මෙම සාකච්චාව සංවාදයට මුල්පිරූ කෙනා අතරින් ගිලිහී ගියේය.  එම වැල්වටාරම් පිලිතුර හරා ඇවුස්සා වැල් ගැලවීමක් සිදු නොවීය.  නමුත් සාකච්චාව සහමුලින්ම අසාර්ථක නැත.  කතෘගේ පැත්තෙන් යමක් අහුලා ගැනීමට හැකි වූවා යැයි සිතමි.


ගඟක එක පැත්තක ගමක් තිබේ.  මේ ගමේ වැඩිහරියක් සිටින්නේ දිළිඳු මිනිසුන් .  ඔවුන් දිළිඳු වන්නේ එම ගමේ ප්‍රධානියාට හා එම ප්‍රධානියාගේ පවුලට සාපේක්ෂව .  නැතහොත් ඔවුන්ට කෑමෙන්, බීමෙන්, ඉඳීමෙන්, හිටීමෙන්, රමනයෙන්, පරිසරයෙන්, අහේනියක් නැත.  ගමේ කඩයේ ඕන කරන බඩු ඇත; ඒවා ගැනීමට ගම්මුන්ට හැක.


ගම හරහා රට ඇතුලට යන ලුණු කරත්ත ඇත. එනයින් ඉතිහාසය හා සමාන කරන විට මේ කතාව සුද්දාගේ කාලයට පෙර සිදු වුන එකකි.  එනයින් ඉතිහාසය හා සමාන කරන විට මෙය රජ කාලේ කතාවකි.  එහෙත් ගමේ ප්‍රධානියාත් ඔහුගේ ඤාතීනුත් හිතු හැටියට කිසි රාජ උදහසකට බියක් නොමැතිව කටයුතු කරයි.  ගමේ ප්‍රධානියා "රජෙකුට" පඳුරු පාක්කුඩම් යවන බව කියැවෙයි.  එහෙත් මෙය රජ කාලේට පසු කලෙක කතාවක් බව කතුතුමාත් පිළිගත් බව මා ඉහත සඳහන් කර ඇත.


එම නිසා මේ කතාව කතුතුමා උපන් ප්‍රදේශය වැනි ප්‍රදේශයක්, කතු තුමා හිතින් මවාගත් කාලෙකට ගෙන ගොස් දිග ඇරෙන කතාවකි.


ගමේ ප්‍රධානියාට රූමත් තරුණ භාර්යාවක් සිටි මුත්, නොයෙකුත් හේතූන් නිසා දරුවෙකු නැත.   ගමේ මැරවරයින් සිටී.  මෙම මැරවරයින්ගේ නායකයා ගමේ ප්‍රධානියාගෙ මලයා .  එහෙත් මෙම මැරයින්ගෙන් ගමට හෝ ගමේ මිනිසුන්ට "දැනෙන" කරදරයක් නැත.  අයියාට දරුවන් නැති නිසා අය්යාගේ ඇවෑමෙන් ගමේ නායක කම හිමිවන්නේ මලයාට .  අයියා මැරන තුරු ඔහු බලා සිටී.


ගමේ ගඟ අද්දර පන්සලේ සිල්වත් හිමි නමක් හා ගෝල සාමණරයන් වෙසෙති.  මෙම පන්සලේ ඇති බොහොමයක් පොත් මහායාන බෞද්ධ පොත පත .  මෙම සිල්වත් හිමි නිතර නිතර මෙම පොත් කියවමින් භාවනාවේ යෙදෙයි.


මේ ගමේ තිබූ මෙම "සාමාන්‍ය තත්වය" උඩු යටිකුරු වන්නේ ගමට ආගන්තුකයෙකු පැමිණීමත් සමගම .  ආගන්තුකයා දෙවියෙක් බඳු .  ඔහුට පන්සලේ හාමුදුරුවන් මෙන් ධර්මයෙහි මනා දැනුමක් ඇත.  ඔහු ගමේ මැරයින්ටත් වඩා සටනට දක්ෂ .  ඔහුට ගමේ මිනිස්සුන්ගේ "දුක" පිහිට විය හැක. ඔහුට දරුවන් නැති ගමේ ප්‍රධාන පවුලට දරු උප්පත්තියක් ඇති කිරීමට හැක.


ආගන්තුකයා ඇති කල මෙම වෙනස මෙම ගමට දරා ගන්නට නොහැකි වෙනසකි.  ගමේ ඉරණම කිහිප ආකාරයකින් වෙනස් විය හැක.


ගමේ පන්සලේ හාමුදුරුවෝ අසබඩ සිට මෙම සංසාරාරණ්‍ය දෙස "විශ්ලේශණයකින්" හා "විමර්ශණයකින්" බලා සිටී.


ඔන්න ඕකයි පොතේ කතාව ඉතාම කෙටියෙන්.


පොතේ දාර්ශණික පැත්ත ගැන උදාහරණ කිහිපයක් දැන් සඳහන් කරමි.  මෙහිදී මා මේ පොතෙහි සඳහන් මහායාන හෝ හීනයාන හෝ එකදු පුස්තකයක්වත් කියවා නොමැති බව අවධාරණය කල යුතුය.  කියවන්නට බලාපොරොත්තුවක්වත් තවම නැත.  තවද, මගේ මේ අනුමාන පොතෙහි සඳහන් කියමන් සඳහා පමණි. 


(1) “ශූණ්‍යහි තේරුම

කාමච්ඡන්ද (පංච කාම ලෝකය කෙරෙහි කැමැත්ත හෙවත් ආශාව) ශාන්තවෘති නැති බැවින් නානාත්වයැ, නෛෂ්ක්‍රම්‍යය (renunciation) ශාන්තවෘත බැවින් ඒකත්ව යි.  නෛෂ්ක්‍රම්‍යය ඒකත්වය සිතනුවහට කාමච්ඡන්ද වශයෙන් ශූන්‍ය ය. (page 189).


මගේ මතය: මෙහිදී "ශූන්‍ය" යනුවෙන් අදහස් වනුයේ "නොතිබීම" යි.


(2) “සියල්ල නූපදී ... කිසිවක් නො මැරේ ..." යන්නෙහි තේරුම

ආරම්භයේ දී ශූන්‍ය වූ යම් දෙයක් මට පෙන්නීමට ඔබට හැකිද?  වලාකුලක් බවට පත් වන්නට පෙර එය දිය බිඳුවක් විය.  සමහර විට ගංගාවක ස්වරූපයෙන් ගලායන්නට ඇත.  එසේ නම් එය ශූන්‍යත්වයකින් උපන්හයි අපට කිව හැක්කේද?  එය ශූන්‍යත්වයකින් උපන්නේ නොවේ.  ඔබ මා සමග එකඟ වන්නෙහි ද? (page 394)


මගේ මතය:  ඉහත සඳහන් ශූන්‍ය කියන තේරුම ඇතිව කියවන්නේ නම් මෙම කියමන ඕනෑ කෙනෙකුට තේරිය යුතූය.


(3) මෙම දෙබසේ තේරුම:

හොඳයි.  ධර්මය හා අධර්මය යළිත් හිස ඔසවා දෙපිලකට බෙදී යුක්තිය පතා උත්සන්න ගැටුමකට සූදානම් ව සිටී.  ඔබට පෙනෙනාකාරයට ව්‍යවහාර ලෝකයේ  මේ ගම් තුලානේ ගඟ අයිනේ ගල් පර්වතය හා මිටියාවතේ සැබැවින් ම සිදුවිය හැක්කේ කුමක්ද?


කර්ම ශක්තිය පරිදි, න්‍යාම ධර්මයන් පරිදි, වාසනා ගුණය පරිදි, දෙතුන් විදිහකටම බොහෝ දෙ සිද්ධ විය හැක.


සරලව පෙන්වා දුනහොත්? හාමුදුරුවෝ කීහ.


එක් ආකාරයකට කිසිදු මහා ව්‍යාසනයක් සිද්ධ නොවී මරණ දෙකකින් සියල්ල අවසන් විය හැකිය. (556 page)


මගේ මතය: යම් අවස්ථාවකදී යා හැකි මාර්ග කිහිපයක් ඇත.  මෙම හැම මාර්ගයකම යාමට හැකි සම්භාවිතාවක් ඇත.  ඒ අවස්ථාවේදී තෝරාගන්නා මාර්ගය අනුව ප්‍රතිඵලය ද වෙනස් විය හැක.


සමහර භොතික විද්‍යාඥයන්,  විශේෂයෙන්ම Quantum Mechanics හදාරණ විද්‍යාඥයන්, බුදුදහම ගැන එක්තරා සැලකිල්ලක් දක්වන බව දනිමි.  සමහර විට කතුතුමා 1998 වන විට මේ ගැන සමහර පොත පත කියවා තිබෙන්නටද පුළුවන.  (මෙය මගේ උපකල්පනයක් පමනි.)


මෙය සිත්ගන්නා සුළු කතාවකි. 


___________________________________

ප. ලි.  මෙම පොත ගැන පහත සඳහන් කරුණු සොයා ගතිමි.


අපේ හාමුදුරුවනේ, මා ඔබතුමා සමග ගතකළ එම අසිරිමත් කාලයේ නවතකාවක් ලියූවෙමි. එයසංසාරාරණ්‍ය අසබඩනමින් ළඟදී එළි දැක්වෙනවා. ඔබතුමා සිංහලට පෙරළූ තිච් ඤතාන් යතිවරයාගේශූන්‍යතාවාදය , සාපේක්ෂතාවාදය නම් අගනා කෘතිය මගේ නවකතාවට පාදක වූ බව සතුටින් සදහන් කරමි.“


https://www.facebook.com/permalink.php?story_fbid=10157018309426033&id=227159176032



The name of the French book by Thich nhat hanh is “Le coeurde la comrehension”.


The English translation of the book is “The Heart of Understanding: Commentaries on the Prajnaparamita Heart Sutra”


From Wikipedia:

The Heart Sūtra (Sanskritप्रज्ञापारमिताहृदय Prajñāpāramitāhṛdaya or Chinese心經 XīnjīngTibetanབཅོམ་ལྡན་འདས་མ་ཤེས་རབ་ཀྱི་ཕ་རོལ་ཏུ་ཕྱིན་པའི་སྙིང་པོ) is a popular sutra in Mahāyāna Buddhism. In Sanskrit, the title Prajñāpāramitāhṛdaya translates as "The Heart of the Perfection of Wisdom".


The Sutra famously states, "Form is emptiness (śūnyatā), emptiness is form." It is a condensed exposé on the Buddhist Mahayana teaching of the Two Truths doctrine, which says that ultimately all phenomena are sunyata, empty of an unchanging essence. This emptiness is a 'characteristic' of all phenomena, and not a transcendent reality, but also "empty" of an essence of its own. Specifically, it is a response to Sarvastivada teachings that "phenomena" or its constituents are real.


It has been called "the most frequently used and recited text in the entire Mahayana Buddhist tradition." The text has been translated into English dozens of times from Chinese, Sanskrit and Tibetan as well as other source languages.


https://en.wikipedia.org/wiki/Heart_Sutra

No comments:

Post a Comment