Wednesday, January 6, 2021

The Volcano that Changed the World

කතෘ: James W. Mercer

ප්‍රකාශක: Lulu 2013


Noah’s Flood—The New Scientific Discoveries About The Event That Changed History පොත කියවද්දී රයන් හා පිට්මන් කි.පූ.1600 දී මද්‍යධරණී මුහුද අසල ඇතිවූ මහා ගිණිකඳු පිපිරීමක් ගැන සඳහන් කලේය.  ඒ නිසා ඇතිවූ කුතුහලයත් සමග එම ගිණිකඳු පිපිරීම ගැන සොයා බැළුවෙමි.  ඉන් අනතුරුව ඇමසොන් හී ඒ පිළිබඳ පොත් සොයා බැළුවෙමි.  එවිට මෙම පොතට තරු හතරහමාරක් ලැබී ඇති හෙයිනුත්, පොතේ නම නිසාවෙනුත්, වැඩිදුර නොසොයා බා ගතිමි.  පොත නවකථාවක් බව තේරුනේ කියවන්න පටන් ගත් විටදීය.  මේ නිසා පසුතැවිල්ලක් හට ගත් මුත් කතුවරයා සම්මාන ලාභී ඉංජිනේරුවෙකු නිසාත්, ඔහු විද්‍යාත්මක සොයාගැනීම මත පිහිටා පොත ලියා ඇති බව පෙරවදනේ සඳහන් වූ නිසාත්, කථාව තරමක් ආකර්ෂණීය ලෙස ලියා තිබූ නිසාත්, අහවරයක් වන තුරු නොකඩවා කියෙව්වෙමි.


කථාවේ ප්‍රධාන චරිතය (protagonist) ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකි.  ඔහු විසින් පවත්වන දේශනාවක සුළු කොටසක් මෙහි සඳහන් කරන්නේ "නොවාගේ ගංවතුර" ගැන මර්සර්ගේ  අදහස් හෙලි කිරීමටයි.  (බයිබලයේ ඇත්තේ—නොහොත් බයිබලය වචනානුසාරයෙන් කියවන අයට අනුව එහි ඇත්තේ—මෙම ගං වතුරෙන් "මුළු ලෝකයම" යට වූ බවකි.)


“What happened to the floodwaters that submerged Mount Ararat?  The flood water would have covered the entire world.  Where did all the water go?”


Given the earth’s circumference, that flood would have consisted of about 19,000 million cubic miles of water, or approximately sixty times more water than currently exists in the earth’s oceans.  There would have been no place for the quantity of water causing a worldwide flood to run off.”


තෙරා (Thera) ගිණිකන්ද මද්‍යධරණී මුහුදේ වූ සැන්ටොරිනී (Santorini) නැමැති දූපතේ පිහිටා තිබිණ.  මෙම දූපත අයත් වූයේ මිනෝවන් අධිරාජ්‍යටය (Minoan Empire).  කි.පූ 1600 දී පමණ මෙම ගිණිකන්ද ඇවුරුද්දක කාල වෙනසක් ඇතුලත දෙවරක් පුපුරා ගියේය.  ගිණිකන්ද පුපුරා යාමේදී සැන්ටොරිනී දිවයිනේ වර්ග කිලෝමීටර් අසූ තුනකට වඩා විනාශ වී හෝ මුහුදේ ගිලී ගිය අතර මීටර් තුන්සියත් හාරසියත් අතර ගැඹුර වූ ලොව විශාලතම අවාට (caldera) වලින් එකක් නිර්මාණය විය. (පුපුරා යාමට පෙර ගිණි කන්දේ උස අඩි 25,000 ක් පමණ විය.  එවරස්ට් හී උස අඩි 29,032 කි.)  මුහුදට යටවූ ඇට්ලැන්ටිස් මෙම දූපත බවයි සමහර විද්වතුන්ගේ අදහස.


මෙම පුපුරා යෑම නිසා ඇතිවූ මෙග-සුනාමියහි (mega-tsunami) රැලි වල උස තට්ටු 55 ක බිල්බිමකට වඩා වැඩිවිය.  මෙම දූපත අසල ක්‍රීට් (Crete) හි තිබූ මිනෝවන් අධිරාජ්‍යයේ නාවික හමුදාවත්, අගනුවරත්, සහමුලින්ම විනාශ විය.  මිනෝවන්ගේ යටත්වැසියන් ලෙස ජීවත් වූ මයිසීනියන්ස් වරුන් (Mycenaeans) පසු කලෙක දුබල වූ මිනෝවන් අධිරාජ්‍යය සහමුලින්ම විනාශ කලෝය.  මිනෝවන්ගේ භාෂාව දැනට Linear A නමින් හැඳින්වෙන අතර එය කා හටවත් තවම පරිවර්තනය (විකේතනය?) කර ගැණීමට හැකිවී නැත.


නව කතාවක් හැටියටද කතාව නරක නැත.  මම රස විඳි කතාවකි.


Some references for those who are interested in further readings:

(1) “On the enigma of dating the Minoan eruption of Santorini”, Walter Kutschera, PNAS Vol 117; no 16; 8677-8679; April 21, 2020

(2) “Tsunami waves generated by the Santorini eruption reached Eastern Mediterranean shores”, Beverly N. Goodman et. al., Geology 2009; 37; 943-948.

(3) “Medical papyri describe the effect of the Santorini eruption on human health and date of the eruption to August 1603 - March 1601 BC”, Siro Igino Trevisanato, ScienceDirect; June 21, 2006.

No comments:

Post a Comment