Friday, June 11, 2021

The Intimate Bonds

Author: Brian Fagan
Publisher: Bloomsbury Press 2015


Brian Fagan යනු ඉතා ප්‍රකට මානව විද්‍යාඤයෙකි (Anthropologist).  ඔහු මානව විද්‍යාව සම්බන්ධව පොත් ගනනාවක්ම ලියා ඇත. 


මෙම පොතෙන් ඔහු බලා පොරොත්තු වෙන්නේ කියවන්නාට මිනිසුන්ගේ සහ අනෙකුත් යම් සතුන්ගේ සම්බන්ධතා ගැන ඉතිහාසගත විස්තරයක් සැපයීමයි.  මිනිසා මුලින්ම සම්බන්ධතා ඇති කරගත්තේ වෘකයන් සමගය.  මිනිසුන් සහ වෘකයන් එකිනෙකාට සහයෝගයෙන් දඩයම් කිරීම් මීට අවුරුදු 15000 කට පමන පෙර ඇතිවිය.  මිනිසුන් විසින් ඇතිකර ගන්නට ඇතැයි සැක කරන වෘක පැටවුන් අතරින් බල්ලන් පරිණාමය වූවා යැයි සිතිය හැක.


මිනිස්-සතුන් සම්බන්ධකම් වලින් එක් සම්බන්ධයක් ගැන කෙටි විස්තරයක් පහත එක් කරමි.  මෙම පොතට අනුව බළලා සමග සම්බන්ධය ඇතිවන්නේ මෙසේය.


මිනිසා ගොවිතැන පටන් ගැනීමත් සමග ගොඩ නැගුනු ශිෂ්ටාචාර නිසා ආහාර ගබඩා ඇතිවීමත් සමග මීයන්ගේ අධික වර්ධනයක් ඇති විය.  මීයන් ආහාරයට ගන්නා බළලාට ඉතා ඉහල තැනක් මුල් ශිෂ්ටාචාර වලින් ලැබින.


And then there were cats.  Cats were domesticated at least ninety-five hundred years ago, probably from Felis sylvestris lybica, the wild cat of western Asia.  


The oldest known example is a large eight-month-old cat that lay alongside a deceased man in a grave dating to about 7500 BCE, from a large farming village on southern Cyprus.  


Cats were known as early as 3700 BCE in Egypt, where they became household pets valued for their successful hunting of both rodents and snakes.  They were known as miu or miut (“he or she who mews”).  By the new kingdom (1530 - 1070 BCE) they appear in tomb paintings hunting with their masters, retrieving bird and fish, or sitting by their mistresses’ chairs.


To kill a cat meant a sentence of death, as one unfortunate Roman, who killed one by accident, discovered in 47 BCE, when he was stoned to death.


The Romans revered cats, they were the only animals allowed into temples.  


Roman armies carried cats with them to Gaul and eventually to Britain, to protect their grain supplies.  Today Rome is home to at least three hundred thousand cats, which live in the city’s monuments and were granted protection as part of Rome’s “bio-heritage” in 2001.

Snow Country

Author:  Yasunari Kawabata
Publisher: Vintage Books 1996


I do not know why I picked up this book in the first place.  It is possible that the phrase “Winner of the Nobel Price for literature” on the cover was the reason.  It is just a 175 page novel, yet, it took me a couple of weeks to finish it.  The story revolves around three characters; a boy, a girl, and another girl.  You have to wait until page 51 to get to know the name of the girl.  I do not want to give away the plot but initially I was frustrated with the girl and was hoping that the boy would make a move on the other girl.  But when you get to know more about their relationship as the story progresses you realize that the boy shouldn’t make a move on the other girl.  


The whole story reminded me of මලවුන්ගේ අවුරුදු දා even though there is no resemblance between the two stories.  It is an emotional fiction; but a strange fiction.


චිජිමි හණ රෙදි වියන්නිය", සංචාරකයා, හා "හිම කිරිල්ලී" හැරුනම තවත් චරිත නැද්ද? ඇයි, සංචාරකයාගේ බිරිඳ? ඇය මෙම "ගද්‍ය කාව්‍යයේ" චරිතයක් නොවූවත් ඇය ගැන සඳහන් කිරීම තුලින් සංචාරකයා දෙස බලනා කෝනය තරමක්වත් වෙනස් වන බව නොහැඟෙන්නෙද?  චිජිමි හණ රෙදි වියන්නිය මෙය දන්නා නිසා ඇයම ඇගේ ආදරයට අකුළු හෙලනවාද? ඇයගේ හැසිරීම කියවන්නාට ඇය ගැන කෝපයක් ජනිත කරනවාද? 


සංචාරකයා මුලින් එන්නේ එම සුන්දර පරිසරයට ඇති ඇළුම්කම නිසාය. චිජිමි හණ රෙදි වියන්නිය එම පරිසරය තුල තවත් කුතුහලයක් පමනි ඔහුට. හිම කිරිල්ලියත් ඔහුට තවත් කුතුහලයකි. නමුත් උවමනාවෙන්ම හිම කිරිල්ලිය සොයා යන දා ඔහුට ඔහුටත් චිජිමි හණ රෙදි වියන්නිය ගැන ආදරයක් තිබෙන බව වැටහුනාද?


පරිසරය හා වියවුනු චරිත තුනක ශොකජනක රසයක් ඇති කාව්‍යයකි මේ ගද්‍යයය.


Yasunari Kawabata won the Nobel price for literature in 1968.  Apparently Kawabata “was found dead by his own hand, in 1972”.

The Third Man

Author: Graham Greene (1904-1991)
Publisher: Penguin Press 1999
First published by Viking Press 1950


I was attracted to this book by the cover design, the length (157 pages), the name of the Author, and the price.  I turned the pages to the preface and the first sentence of the preface sealed the deal.


The Third Man was never written to be read but only to be seen.


I bought the book.


Brian Green mentions (in his preface) how the idea of the story was germinated.


Most novelists, I suppose, carry round in their heads or in their notebooks the first ideas for stories that have never came to be written.  Sometimes one turns them over after many years and thinks regretfully that they would have been good once, in a time now dead.  So, twenty years back, on the flap of an envelope, I had written an opening paragraph: “I had paid my last farewell to Harry a week ago, when his coffin was lowered into the frozen February ground, so that it was with incredulity that I saw him pass by, without a sign of recognition, among the host of strangers in the Strand”.


This story sounds like a the screenplay of a movie.  Actually, a movie based on this story was released in 1949.  I have not seen the movie (yet).  However, I felt like watching a movie while reading this book.  I do not claim this is a classic—it is a Penguin Classic—but I really enjoyed “watching the movie” in my mind.


The following is the Google description of the movie.


Set in postwar Vienna, Austria, "The Third Man" stars Joseph Cotten as Holly Martins, a writer of pulp Westerns, who arrives penniless as a guest of his childhood chum Harry Lime (Orson Welles), only to find him dead. Martins develops a conspiracy theory after learning of a "third man" present at the time of Harry's death, running into interference from British officer Maj. Calloway (Trevor Howard) and falling head-over-heels for Harry's grief-stricken lover, Anna (Alida Valli). —


Graham Greene is the person who helped and encouraged R. K. Narayan to write and publish is "Mulgudi" stories.

The Third Transformation

කතෘ: Matt Bondurant
ප්‍රකාශක: Hyperion, New York 2005


මෙම කතෘ හට නිර්මාණාත්මක ලිවීම සම්බන්ධව ආචාර්ය උපාධියක් (Ph. D) ඇත. ඔහු විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු හැටියටද සේවය කොට ඇත. එබැවින් පොත පුරාවටම ඔහුට ඇති නිර්මාණාත්මක ලිවීමෙහි දක්ෂතාවය පිළිඹිබු වේ. ඔහුගේ රචනා ශෛල්‍යය සුනිල් යාපාගේ රචනා ශෛල්‍යයට බෙහෙවින් සමානය. “Your heart is a muscle the size of a fist” නම් පොත ලියූ සුනිල් යාපාට නිර්මාණාත්මක ලිවීම සඳහා Master of Fine Arts (MFA) උපාධියක් තිබේ. එහෙත් ඔවුන් දෙදෙනාගේ සසැඳීම එතකින් හමාර වේ. මෙම පොත නවකථාවක් ලෙස අසාර්ථකය. එහෙත් Matt ගේ නිර්මණාත්මක ලියැවීමත්, ඔහු ලබා ඇති විද්වත් පසුබිම තුලින් කෙරෙන නිරීක්ෂණය කිරීම් නිසාත් පොත කියැවීමට අපහසු වූයේ නැත.


Egyptologist කෙනෙක් වන වොල්ටර් රොත්ස්චයිල්ඩ් (Walter Rothschild) හට ලන්ඩනයෙහි තිබෙන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති අවුරුදු 3000 ක් පමණ පැරණි Stela of Paser නැමැති හරස්පද ප්රහේලිකාව (crossword puzzle) විසඳීමට සීමිත කාල කොන්ත්‍රාත්තුව ලැබේ. වෝල්ටර් කැලිෆෝර්නියාවේ සිටින තම බිරිඳ හා දියනිය අතහැර දීර්ඝ කාලයක් ඊජිප්තුවේත් වෙනත් රටවලත් පැරණි ඊජිප්තු ලියවීම් පරිවර්තනය කිරීම සඳහා තම මුළු කාලය කැප කල කෙනෙකි. මේ අතර ඔහුගේ මිතුරු භොතික විද්‍යාඥයෙකු වන ඇලන් හෙන්රි ඔහුගේ අළුත් මිතුරෙක් හමුවීම සඳහා එක් රාත්‍රියක වෝල්ටර්ව පබ් එකකට කැඳවා ගෙන යයි. එහිදී හමුවන රූමත් තරුණියක් වෝල්ටර්ගේ පර්යේශණ ගැන උනන්දුවක් දක්වයි. ඇයගේ ඉල්ලීම මත වෝල්ටර් ඇයව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ Stela of Paser තබා තිබෙන පහළම මාලයට එදින රාත්‍රියේ ඇය ගෙන යයි. පසුදා උදෑසන තෙක් කෞතුකාගාරයේ "ගත කල" ඔවුහු පසුදා උදෑසන අන් සේවකයන් එන්නට පෙර පිට වේ. මෙහිදී ඇය ඉතා ඉක්මණින් කුලී රියක නැගී පිටවී යයි. වෝල්ටර් ඇය කවුද, ඇය සිටින්නේ කොහිද යන්න නොදනී. ඉන් දවසකට පසු වෝල්ටර් කැඳවූ ඔහුගේ අධීක්ෂකවරයා ඔහු කෞතුකාගාරයේ නීති වලට පට හැනිව තරුණියක් කෞතුකාගාරයට ගෙන බව දන්නා බව හඟවයි. ඊට අමතරව කෞතුකාගාරයේ තිබූ මිල කල නොහැකි පෞරාණික ලියවිල්ලක් අතුරුදහන් වී ඇති බව ඔහුට දන්වයි. එම ලියවිල්ල නැවත කෞතුකාගාරයට ගෙන ඒමට ඔහුට දින තුනක කාලයක් ලැබේ. ලියවිල්ල සොයා ගැණීමට නොහැකි වුව හොත් ඔහුගේ කීර්තිය සදහටම පළුදු විය හැකි අතර සෑහෙන කාලයකට හිරේ යන්නටද සිදු වනු ඇත.


ලංකාවේදී හාමුදුරුවරු එකම ගාථාව තුන්වරක් කියනු මා අසා තිබේ. ඊට අමතරව පන්සිල් ගැනීමට පෙර හැමෝම තුන් වරක් තුන් සරණ යයි. මෙය බුදුන් සිටි කාලයේ සිට (එනම් මීට අවුරුදු 2500 කට පෙර සිට ) පැවත එන සිරිතක් දැයි මම නොදනිමි. ඊජිප්තුවරුන්, සුමේරියන් වරුන් හා මෙලූහා වරුන් අතර මීට අවුරුදු 5000 කට පමණ පෙර වෙලඳ සම්බන්ධතා තිබූ බව සුමේරියානු ලියවිලි වල සටහන් වේ. (සුමේරියානු ශිෂ්ඨාචාරය යුප්‍රටීස්-ටයිග්‍රීස් නදීන් අවට දියුණු වූ අතර, මෙලූහා ශිෂ්ඨාචාරය ඉන්දු හා (දැනට නැති) සරස්වතී නදීන් අවට දියුණු විය. මෙලූහා ශිෂ්ඨාචාරය මොහෙන්ජදාරෝ-හරප්පා ශිෂ්ඨාචාරය ලෙසද දැන් හැඳින් වේ.) ඊජිප්තුවේ ලියවීම් වලට අනුව දෙවියන් සඳහා ගයන ස්ලෝක තුන් වරක් ගායනා කල බව Matt පවසයි.


මේ අතර 18 වන රාජවංශයේ රජෙකු වන Akhennaten ගැනද හොඳ විස්තර සපයයි. නිසා කතාවක් හැටියට නව කථාව අසාර්ථක මුත් ඔහුගේ මෙවැනි සවිස්තර ඊජිප්තු ඉතිහාස ලියවිලි නිසා පොත කියවීම කුතුහලය දනවන සුළුය.


https://artsandculture.google.com/asset/the-crossword-stela-of-paser/dQErofSqEdzcRA?hl=en