Sunday, March 12, 2023

Slow Fire Burning

Author: Paula Hawkins
Publisher: Penguin 2021



Paula Hawkins catapulted to stardom with her very first book "The Girl On The Train".  She took us on a ride with an emotionally imbalanced woman in that book rather successfully and as a result I still remember that story.  She tried to make another story with emotionally imbalanced characters in her second book but I cannot remember that story that well.  In this book she stayed away from emotions—or did not rely too much on emotions—and told a story of a few characters involving everybody in the narrative. I was engaged in some heavy reading that required a lot of attention and this book helped me to relax my mind inbetween.


A young man's body was found in a boat and a physically and mentally damaged girl became the prime suspect.  However, this young man's aunt and uncle had secrets and some neighbors knew about them.  Even those neighbors had secrets of their own and everybody seems to be connected to this young man's murder one way or another.  Paula slowly and methodically revealed those secrets and even though the climax could be somewhat predicted by the middle of the book, it did not dampen the desire to read the book to the end.   I think this is a successful book.  

Saturday, March 11, 2023

ලංකා ගමන

කතෘ: එරික් ඉලයපාරච්චි

ප්‍රකාශක: ගොඩගේ (දෙවන මුද්‍රණය) 2015



මින් පෙර කියවා ඇති වඩදිය, මල් නැති උයන, හා කෛලාස කුටිය වැනි කෙටි කතා කෘති වල දකින්නට ලැබුනු බස්නාහිර පලාත් වල ගැමි හා නගරාසන්න ජීවිත වටා බැඳුණු තීක්ශණාත්මක කතා වෙනුවට නගරය හා නගරයෙන් පිට ගිය කතා එකතුවකි ලංකා ගමන.


ජපන් තෑග්ග කතාවේදී තම දියනිය හා දියනියගේ වයසේම සිටින මෙහෙකාරියගේ දක්ෂතා පිළිබඳව මානසික ගැටලුවකට පාත්‍ර වී සිටින උගත් යුවලක් එම මානසික ගැටළුවට විසඳුම් සෙවීමක් හෙලිවේතම දරුවා හා අනෙකෙකුගේ දරුවා අතර ප්‍රශ්ණයකදී උගතුන්ගේ හැසිරීම සමාන්‍ය නූගත් මිනිසුන්ට හැසිරීමට වඩා වෙනස් වේවිදමෙය ලංකාවේ "උගතුන්" යැයි සිතා ගන්නා පිරිසක් ගැන කෙටිකතාවක් ලෙස සැලකිය හැක.


සිපිරි ගෙයක සිරවී සිටින කැරලිකරුවන් පිරිසක් වෙසක් දිනය වෙනුවෙන් පටාචාරා නාට්‍යය රඟදැක්වීමට පිලියෙල වීම හා රඟදැක්වීම පටාචාරා කතාව යිමෙහිදී හිරවී සිටින කැරලිකරුවන්ගේ මනස්තාප දෙස විනිවිද බැලීමක් කෙරුමට කතුවරයා උත්සාහ ගෙන ඇත.


නගර දෙකක කතාවක් එරික්ගේ මුල් සඳහන් කෙටිකතා පොත් වල තිබූ ආකාරයේ කතාවකිමෙහිදී මීගමුව පැරණි නගරය මීගමුව අළුත් නගරය බවට පරිවර්තනය වීමේ අතර වාරයේ දිග ගැරෙන සංකීර්ණ කතාවක් අපට කියවන්නට ලැබේරටේ සංකීර්ණ කලබලයක් ඇති වේලාවක එය කෙතරම් සංකීර්ණදැයි වටහා නොගෙන එකිනෙකාට උදව් කිරීමට යාම ඉතා ලඟින් ඇසුරු කල මිතුරන් හට වුවද අවැඩ දායී විය හැකිය.


නගරයක අළුතින් ඉදිවූ මහල් නිවාස වල සිටිනා ධනවතුන් හා ලඟ පැල්පත් වල සිටින දුප්පතුන් හා අතර ඇති සම්බන්ධතා හා ඔවුන් හට නගරයේ නීතිමය යාන්ත්‍රණයේ සැලකීම් වල විශමතා සුනඛ සංහාරය කතාවෙන් මතු කරයි.  


කටුනායක ගුවන් තොටුපොල අසල ඇති වල්බෙලි කැලයේ පැල්පතක් අටවා ගත් පවුලක තීරණාත්මක අවස්ථා කිහිපයක් මරණය ලුහුබැඳීම කතාවෙන් කියැවේඔවුන්ගේ ජීවිත තොටුපොලට ගොඩබසින ගුවන්යානා හා ලෝක  දේශපාලන වෙනස්කම් වලට ලංකාවේ අය ප්‍රතිචාර දක්වන ආකාරය හා සම්බන්ධ වී ඇත.


සුදු කොඩිය කතාව මෙහි ඇති හොඳම කතාවකි. එකම පවුලේ අයියා මලෝගේ ජීවිත, කාලයන් කාලයට වෙනස් වෙමින්, ඔවුන්ගේ ඉරණම් ඉහල පහල යමින් යන කතාවකි එයජීවිතය එතරම් සාර්ථක නුවුනු මලයා ජීවිතය සාර්ථක වූ අයියා වෙනුවෙන් සුදු කොඩියක් ඔසවයිමෙහිදී මලයා සුදුකොඩිය ඔසවන්නේ ජයග්‍රහණයක් කරා යමින් සිටින අතරේ දීය.


දාමරිකයෙකු ලෙස නම තබා ගත් අයෙකුට එම දාමරික ජීවිතයෙන් පිටතට ගමන්කොට සාමන්‍ය ජීවිතයක් ගත කල හැකිදමෙම ප්‍රශ්ණයට එක පිළිතුරක් හොරු දෙන්නෙක් කතාවෙන් හෙලිවේ.


කෑම බීම තිබෙන අවන්හලකට එනයන්නන් හා එම අවන්හලේ සේවකයන් අතර වර්ධනය වූ සමීප වූ සම්බන්ධතා රතනපාල නම් තරුණයෙකුගේ වස්තුව නම් කතාවෙන හෙලිවේඑම අවන්හලට එන්නන් හට මෙම අවන්හල කෙතරම් ඇවැසිදැයි එහි සේවය කරන්නෝ දනිතිඔවුන් සාමාන්‍ය සේවාවෙන් පිටතට ගොස් එම ඇවැසිතා සම්පූර්ණ කිරීමට තරම් "මානුසික" වෙති. (මෙහිදී මානුසික යන වචනයට දී ඇති හොඳ තේරුමක් මම යොදා ගත් බව සලකන්න.)


ලංකා ගමන හා එක්තරා රටක වෙසෙන්නෙක් යන කතා දෙකට විදේශිකයින් සම්බන්ධයලංකාවේ අය දෙස එරික් බලන ගැඹුරු බැල්ම පිටරට අය කෙරෙහි යොදා නොගැනේඑය පිටරැටියන්ගේ ජීවිත ගැන එතරම් වැටහීමක් නොමැති නිසා සිදුවන්නක් විය හැකි අතර වඩා නිවැරදිවන්නේ ලංකා කෝණයෙන් ඔවුන් දෙස බැලීම බවයි මගේ අදහස නිසාම මෙම කතා දෙක මෙහි ඇති දුර්වලම කතා දෙක ලෙස හැඳින්විය හැක.


ලංකා ගමන නැමැති කෙටිකතාවෙහි විදේශ යුවලක් තම කුඩා දරු දෙදනාත් සමග ලංකා සංචාරයකට එයිදරුවන් දෙදෙනාගේ වැඩිමලා තවමත් වැඩෙන වයසෙහි සිටින රූමත් දැරිවියෙකිමේ බව කියවන්නා හට දැනුම් දෙන්නේ මෙලෙස .


ජැටිය කෙලවරින් වතුරට නැමී සිටි ගැටයෙක්  සිය බිලී පිත්ත කැඩෙන තරමේ මෝදෙකු අල්ලා ගොඩට ගත්තේයරන්වන් මාළුවා සිය ජල වාසය අමතකව ගිය ලෙසින් ඇය දෙස බලා සිටියේය.

  

... සොම්නසින් ඉපිල ගිය දැරිය කිඳුරියක ලෙස (මාළුවා) වැළඳ ගන්නා වුවමනාවෙන් තරුණයා දෙස බැලුවාය.  … මාළුවා අමතක කල තරුණයා මුවැත්තියක දෙස බලා සිටිනා වැද්දෙකු සේ තම සිරුර දෙස බලා සිටින බව ඇය දුටුවේ එවිටයඑය ඇය බිය ගන්වන බැල්මකි.  … වහා සිය ළමැද දෑතින් වසා ගත් ඇය සොහොයුරා පෙරළා ගෙන දෙමව්පියන් වෙත දිව්වා .


කතාව අවසන් වන්නට පෙරාතුව අපට මේ දේ අසන්නට ලැබේ.


වික්ටර් ආපසු ස්වීඩනයට ගියේ සිය දියණියගේ මනාලයා බවට පත් වූ තරුණ ගැටයෙකුද රැගෙන ප්‍රාන්සිනාගේ පුතෙකු වූ ඔහු රැකියාවක්වත් නොකළ එකෙක් විය.


වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට මගින් බටහිරයන් "හඳුනාගත්ලාංකිකයින් හට මෙහි අමුත්තක් නොදැනෙන්නට පුළුවනඑහෙත් බටහිර සමාජයෙන් බලන කල මෙය කිසිසේත් නොවිය හැකි කතාවකි.


දැනට බටහිර සමාජය පොඩ්ඩක් පැත්තකින් තබා ලංකා සමාජයේ පවුලක් ගැන සිතා බලමුඔබ හා ඔබේ බිරිඳට වැඩෙන වයසේ රූමත් දියනියක් සිටී යයි සිතන්නමාළු බාපු එකා ඇය දෙස කාමුක ලෙස බැලීම ඔබ අනුමත කරා වියැයි නොසිතමිලංකාවේ දෙමව්පියන් වැඩිවිය පැමිණි දියනියක් සඳහා මණමාලයෙකු සෙවීමේදී සොයනා දේ ගැන මැනවින් දන්නා බැවින් තම වැඩිවියට නොපැමිණි දියනිය රැකියාවක් නැති එකෙකුට පාවා දීම කිසිදා සිදුවිය නොහැක්කක් නොවේද?


බටහිර සමාජයේදී වැඩිවියට පත්වේගන එන කෙල්ලෙකු හට එම වයසේම කොල්ලෙකු හා චිතපටයක් බලන්නට යාම, රෙස්ටුරන්ට් එකකට යාම ආදී දේවලට ඉඩ ලැබේමෙවැනි ගමන් යන්නේ කෙල්ලගේ මාපියන්ගේ නොයෙකුත් සීමා තහංචි මධ්‍යයේ මොන තහංචි තිබුනත් කෙලි කොල්ලන් ගේ වැඩ ගැන දන්නා දෙමව්පියන් කාලය එළැඹි විට උපත්පාලන පෙති තම දියනියන් හට ලබා දීමට පසුබට නොවෙතිපාසැල් වලින්ද ලිංගික අද්ධ්‍යාපනයක් ලබා දෙයිමෙම දැරිවිය එම වයසටවත් ලඟා නොවූ දැරියක් බව මාළු අල්ලන්නා ඇය දෙස බැළු ආකාරයට දැක්වූ ඇගේ ප්‍රතිචාරයෙන් හෙලි වේ.


ලංකාවේ මෙන්ම බටහිර සමාජයේද බාලවයස්කාරියන් දෙමව්පියන්ගේ කැමැත්ත අනුව නිකමෙකුට පාවා දෙන්නේ නැතලංකාවේ නීති ගැන මට හැටි දැනුමක් නැත. එහෙත් බටහිර රටවල අඩුවයස්කාරියන් පවා දීම නීති විරෝධී .


මේ කතාවේදී මේ ස්වීඩන් පවුල දෙස බලා ඇති ලංකා කෝනය ඉතා පහත් එකකි.