Sunday, August 20, 2023

හීනයට එන පාර

කතෘ: මාලා විජේකෝන්
ප්‍රකාශක: කවිවර ප්‍රකාශන 2019


යෙහෙලියක් ලියූ ඒ

හීනයට එන පාර

කියෙව්වෙමි කල් රැගෙන 

එක පිටක් අත නෑර

ලස්සනට ලියන්නට

ඉගෙන ගෙන නම් නොවේ

දැනෙන විදිහට ලිව්වේ

මාත්‍රා දැන නොවේ



ජූනි මුල දවසකයි

හමු වුනේ අප සැවොම

කවුද හිතුවේ එදා

දුක ඒවි ලඟ ලඟම


දැනුත් මතකයට ඒ

රසැති පොල් සම්බෝලෙ

හැර දමා අප සැවොම

ඇයි ගියේ පොඩි බංඩෙ


ඉතින් කල් ගත වුනත් 

කියවන්න කවි ගොන්න

ලැබුන ලොකු සැනසුමක්

හිතත් සං සුං වෙන්න


මගේ හිත තදින් ගත්

හොඳ කවක් මෙහි තබා

ලිපිය අවසන් කරමි

මුළු හදින් තුටු පුදා


සෝමතිලක ජයමහ කවියාණන් ගේ "එදා වාගේ අදත් පොද වැස්ස වහිනවා" ගීයට පිළිතුරක් ලෙස ලියූ "නුඹේ කවිය" නැමැති කවි පෙලේ කවියකි.


කතර මැද කෙම් බිමක මඟ ලකුණු ඇඳෙනවා

දුර පෙනෙන දියත්තක දිය පවස නිවනවා

අව පසෙක නැගුණු සඳ පුර පසට වඩිනවා

මම තවම මටම හිමි නුඹෙ කවිය සොයනවා