Friday, January 8, 2021

ගුරු ගීතය

පරිවර්තක: දැදිගම එස් රුද්‍රීගු
ප්‍රකාශක: ගුරුගේ 2016


මෙම පොත ලියූ කතුවරයාගේ මුල් නම "චිංගිස්" ය.  මේ නම ඔහුගේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඨතම නායකයා වූ චිංගිස් ඛාන් ගේ මුල් නමයි.  චිංගිස් ඛාන්ගේ මිනිසුන්ගෙන් පැවත එන අයයි කසක්ස්තානයේ සිටින්නේ.  ස්ටෙප්ස් තන බිම් වල ජීවත් වන ජනයා මේ ලොව තිබූ විශාලතම අධිරාජ්‍යයේ ආරම්භකයා ගැන අභිමානයෙන් සිහිකරනු ඇතැයි සිතිය හැක.  


යම් රටක් ගැන රුසියන් කාරයන් තුල බියක් තිබුනා නම් එය මොන්ගෝලියාවයි. රුසියාව යටත් කර ගත් එකම විදේශික හමුදාව චිංගිස් ඛාන්ගේ හමුදාවයි.  ඔවුන් විසින් චිංගිස් ඛාන් උපත ලද ප්‍රදේශය කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි අධි ආරක්ෂක කලාපයක් ලෙස මෑතක් වන තුරුම පවත්වා ගන්නා ලදි.  රුසියාවට අමතරව චිංගිස් ඛාන්ගේ හමුදා ජර්මනිය දක්වා ඇති සියලු රටවල් අල්ලා ගන්නා ලදි. මේ කාලයේ මැද පෙරදිග රටවල් බටහිර රටවල් වලට වඩා දියුනු තත්වයක තිබින. චිංගිස් ඛාන්ගේ හමුදා ජර්මනියන් එහාට නොගිය එක හේතුවක් ලෙස සලකන්නේ එයයි.  එනම් යුරෝපයේ සිටි නොදියුනු මිනිසුන්ගෙන් ඔවුන්ට ගතයුත්තක් ඇතැයි නොසිතූ හෙයිනි.  ජර්මන් කරුවන් දෙවන ලෝක සංග්‍රාමයේදී යොදා ගත් blitzkrieg ආක්‍රමන ශෛල්ය්‍යය ඔවුන් ඉගෙන ගත්තේ චිංගිස් ඛාන්ගෙනි.  යුරෝපීයන් මොන්ගෝලියානුන්ට අපහාස කිරීම සඳහා Down Syndrome වැනි ආබාධ වලින් යුතු "මන්ද බුද්ධික" ලමයින්ට "මොංගල්" යනුවෙන් හඳුන් වීමට පටන් ගති. ඒ ලමයින් මෝන්ගල් කරුවන් යුරෝපීය ගැහැනුන් දූශනය කිරීමෙන් උපත ලත් අය ලෙසයි ඔවුන් හැඳුන් වූයේ.  මොන්ගෝලියානුන් එන්නට පෙර උපන් "මන්ද බුද්ධික" ලමයින් ඉපදුනේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන්නට ඉඩ ඇතත් එවැනි ප්‍රශ්න ඇසිය හැක්කන්ට වඩා වැඩි ජනතාවක් මොංගල් කතාව පිලි ගත්හ.  ලංකාවේ සමහර අයත් මෙම ලමයින්ට "මෝංගල්" ලමයින් කියා කියති. ඒ නොදැනුවත්කම නිසාය. ආසියානු ජාතියකට අපහාස කිරීම සඳහා තෝරාගත් නමක් වෙනුවට වෙනත් නමක් මෙම ලමයින් හඳුන්වීම සඳහා යොදා ගන්නේ නම් මැනවි.


මෙම මුල් ගුරුවරයා කතාවේදී චිංගිස් කසක්වරුන්ගේ සංස්කෘතිය ගැන අපට වැටහීමක් ලබා දෙයි.  ඔවුහු ආකර්ශණීය පරිසරයක් තුල සරල එහෙත් සතුටු ජීවිත ගතකලහ.  එම ජීවිත බොහෝ විට අනවශ්‍ය ප්‍රශ්ණ වලින් තොර අසංකීර්ණ ජීවිත ය.  දුයිෂෙන් මෙම ගමට නොපැමිනියා නම් අල්තිනායි තම සංස්කෘතියට අනුව තම සැමියා හා ජීවත්වීමට ඉඩ තිබින.   මුල්ගුරුවරයා කලේ එම සංස්කෘතිය කඩාකප්පල් කිරීමකි.  මෙය කියවන්නා තුල මිශ්‍ර හැඟීම් ඇති කිරීමට චිංගිස් හට හැකිවී ඇත.  අල්තිනායිගේ ජීවිත වෙනස එක් අතකින් හොඳ දෙයක් ලෙස සැලකීමට පුලුවන.  මේ නිසා මෙය සෝවියට් ප්‍රචාරක පත්‍රිකාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන. එහෙත් මට එලෙස පෙනෙන්නේ නැත. 


චිංගිස් අයිත්මාතෙව් දක්ෂ කතුවරයෙකි. ඔහු බටහිර උපන්නානම් මෙම කෘතිය හොඳ එකක් යැයි සමහරු කියන්නට බොහෝ දුරට ඉඩ ඇත.

No comments:

Post a Comment