Friday, January 8, 2021

The Indus—Lost Civilization

කතෘ: Andrew Robinson

ප්‍රකාශක: Reaktion 2015


ඉන්දුස් ශිෂ්ඨාචරය ගැන 1920 සිට මේ දක්වා සොයාගත් දේ සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇති පොතක් ලෙස කිව හැක. පොත පරිච්චේද 12 කට බෙදා ඇත. ඒවා නම්:


1. Enigmatic World

2. Discovery

3. Architecture

4. Arts and craft

5. Agriculture

6. Trade

7. Society

8. Religion

9. Decline and Disappearance

10. Deciphering the Indus Script

11. Indus origins of Hinduism? 

12. The Indus Inheritance


මෙය ඉතා හොඳින් ලියා ඇති පොතක් බව කිව යුතුය. මෙවැනි පොතක් සම්බන්ධව කෙටි සටහනක් තැබීම අපහසුය. නමුත් මෙම පොත කියවන්නට උනන්දු කරවීම සඳහා සුළු සටහන් කීපයක් තබමි.


ඉන්දු මිනිසුන් විසූ ගම් හා නගර 1000 ක් පමන සොයා ගෙන ඇත. ඔවුන් විසූ ප්‍රදේශය (දැනට හඳුන්වන) ඇෆ්ගනිස්ථානයේ සිට අරාබි මුහුද දක්වා වර්ග කිලෝමීටර් 800,000 පමන විය.


සුමේරියන් කූනිෆෝම් (cuneiform inscriptions) සටහන් වල මෙම රට "මෙලූහා" (Meluhha) නමින් හැඳින්වේ. මේලූහන් වරු ඉතා සූක්ෂම ආබරණ (jewelry) නිපදවීමට දක්ෂයෝය. ඔවුන් විසින් නිෂ්පාදිත ආබරණ මෙසපොටේමියාවේ ඌර්(Ur) වල රාජ සුසාන භූමියේ (royal cemetery) තිබී සමුවී ඇත.  කි.පූ 3200 දී මෙසපොටේමියාවේ රජ කල සුමේරියන් රජෙකු වන සාජන් (Sargon the great) රජතුමා ඔහුගේ වරාය වලට දිල්මුන්, මාගන්, හා මෙලූහා නැව් ආ බවට උජාරුවෙන් කියා ඇත.  සාජන්ගේ රාජ සභාවේ මෙලූහා පරිවර්තකයෙක් සිට ඇත.  සාජන්ගේ කූනිෆෝම් සටහනක මෙසේ ලියා ඇත.


“Su-i-li-su / eme-bal me-luh-ha” මෙහි තේරුම “Su-ilisu, interpreter of the Meluhha language”


මෙලූහන් වරු සෞක්‍යය ගැන ඉතා උනන්දු වූහ. ඔවුන් විසින් සදන ලද කානු පද්දති රෝමන්වරුන්ගේ සමය වනතුරු ලොවේ කිසිම තැනක ඉදිකර නැත. ඔවුන් විසින් ලිං කපා වතුර පාවිචියට ගත් අතර සෑම ගෙයකටම වැසිකිලියක් තිබින. 


“The whole conception shows a remarkable concern for sanitation and health without parallel in the Orient in the prehistoric past or at present day”, wrote Piggott in 1950. (His comment resonates the more in India where, according to the government’s 2011 national census, 50 per cent of the population has no house-hold toilet, ” ) (page 59)


මෙලූහන් වරු අතර රජවරුන්, සොල්දාදුවන් හා පූජකයන් නොවූහ. ඔවුන් හොඳ සංවිධානයක් තිබූ ජාතියක් වන අතර වැඩි දෙනා ගොවීන් හා වෙළඳුන් වූහ.


ඔවුන්ගේ පරිහානියට හේතු හැටියට ඉන්දු ගඟේ මාර්ගය වරින්වර වෙනස් වීම, ඉන්දු ගඟට සමාන්තරව ගැලූ සරස්වතී ගඟ හිඳී යෑම, භූමි කම්පා හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ. 


“2001 earth quake destroyed a large part of rural and urban Kutch, and its aftermath led to the resignation of the chief minister of Gujarat. His hitherto-unknown successor as chief minister, Narendra Modi, set about a radical industrial development in Kutch.  In 2014 Modi was elected prime minister of India, largely on the strength of his economic record in Gujarat.” (Page 139)


එකොලොස්වෙනි පරිච්චෙදයේ ඇති ප්‍රශ්නයට (එනම් Indus origins of Hinduism? යන ප්‍රශ්නයට) කෙටි පිලිතුර “නැත” යන්නයි.

No comments:

Post a Comment