Wednesday, May 26, 2021

A New History of Life—The Radical New Discoveries about The Origins and Evolution of Life on Earth

Authors: Peter Ward and Joe Kirschvink

Publisher: Bloomsbury Press 2015

Peter Ward is a Professor of biology and Earth and space sciences at University of Washington and Joe Kirschvink is the Nico and Marilyn Van Wingen Professor of Geology at the California Institute of Technology.


මීට අවුරුදු බිලියන 3.5 කට පමන පෙර පොලොව මත ජීවීන් සිටි බවට සාධක තිබේ.  මෙතැන් සිට "අවුරුදු බිලියන්" සඳහා GA භාවිතා කරමි.  


GA 4.567 වලදී අඟහරු ලොව හා සමාන ග්‍රහලෝකයක් පොලව හා ගැටින.  (මෙම ග්‍රහ ලෝකය තියා (Thaea) නමින් හැඳින් වේ.)   මෙම ගැටුම නිසා ග්‍රහ ලෝක දෙකේ මැද ගෝල (Nickel-iorn cores) යා වූ අතර ගැටුම නිසා ඇතිවූ සිලිකන් වායු ඝනීභවනය වීමෙන් චන්ද්‍රයා ඇතිවිය.  GA 4.4 පමනේ දී විශාල වල්ගා තරු හා උල්කාපාත නිතර පොලව හා ගැටීම නිසා පොලොව මත උශ්නත්වය කලු ගල් දිය කිරීමට තරම් වූ අතර පොලව මත ජලය රඳා පැවත්මක් නොවීය.


GA 3.8 කට පමන පෙර මෙම ගැටුම් සාපේක්ෂව අඩු විය. පොලොවේ දවසක් පැය 10ක් වූ අතර හිරු අදට වඩා අඩු දීප්තියකින් බැබලින.  වායු ගෝලය කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මෙතේන් වැනි විශ වායූන් ගෙන් සහ උනු ජල වාෂ්ප වලින් සමන්විත විය.  පොලොව මතු පිට සම්පූර්නයෙන්ම මඩ රතු පැහැති ලවන මුහුදකින් යට වී තිබින.  කොටින් කියන්වා නම්—ඒ කියන්නේ පොතෙහි ඇති විස්තර මග හරිනවානම්—පොලොව මත ජීවීන් ඇතිවීමට අත්‍යාවශ්‍ය ආර්.එන්.ඒ.(R.N.A — Ribonucleic acid) හට ගැනීමේ වාතාවරනයක් නොවීය.  එසේ නම් GA 3.5 වන විට පොලොව මත ජීවීන් සිටිය හැකි වනුයේ කෙසේද? 


දැනට විශේෂඥයින් අතර සාධක මත පිහිටා ඇති මතයක් අනුව මෙම කාල වකවානුවේ දී අඟහරු මත RNA හට ගැනීමේ වාතාවරනයක් තිබින.  අඟහරු කුඩා නිසා උල්කාපාත ගැටීමේ දී අභ්‍යාවකාෂයට විසිවන කැබලි උනු නොවී අඟහරු වෙතින් ඉවත්වී යයි.  පොලොවට ජීවීන් පැමිනියේ අඟහරු වෙතින් නිකුත්වූ මෙවැනි ගල් කැබලි මතිනි. 


මා කුඩා කාලයේදී "අඟහරු ලොවින් ආ මිනිසා" වැනි නමක් ඇති පොතක් කියෙව්වා මතකය.  දැන් බලන විට මෙලොව ඇති සෑම ජීවීන්ගේම මුතුන්මිත්තා පැමිනියේ අඟහරු වෙතිනි.  

_______

මෙම පොතෙහි ඇති තවත් කරුනක් පොතෙහි ඇති වචන වලින්ම ඉදිරිපත් කරමි.


In 2006 word began to leak out into scientific circles of a most curious set of experiments dealing with life, death, and what appeared to be a strange and unsettling mixture of the two.  First germinating as rumors among colleagues, then slowly maturing at successive talks at various scientific conferences, these findings came into full flower in a series of brilliant papers written by an until-then unremarkable biologist.  Mark Roth was not to remain unremarkable for long, especially after the MacArthur Foundation awarded him the so called genius grant in 2010 for his work.  He is a  pioneer, entering a far country, one that could tell us a great deal not only about what “life” is, but what “living” is, and if there could be one without the other not only now, but during the long-ago time when life on Earth first came alive.


Roth’s hunch was simple—that there exists a state between life and death that is both unexplored and of potential medical interest—and it also provide clues to why certain organisms survived mass extinctions.  Perhaps, death is not not so final as generally assumed.  His hope was to be able to take organisms to this place and then bring them back.  In fact there is no English word that accurately captures the essence of this place.  

No comments:

Post a Comment