Tuesday, May 25, 2021

Contact

කතෘ: Carl Sagan
වර්ගය (Genre): Science Fiction
ප්‍රකාශක: Gallery Books 2019


[මෙම පොත කාල් සේගන් විසින් ලියා ඇත්තේ 1985 ට පෙර ය.  එහි නැවත මුද්‍රණය මෙම පෙබරවාරියේදී පිට විය.]


ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුග්‍රහය ඇතිව නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටුවා ඇති ආර්ගුස් (Argus) සංකීර්ණයේ රේඩියෝ දුරෙක්ෂ (radio telescopes) 131 ක් කිලෝ මීටර් දහයට වැඩි දුරකට පැතිර ඇත.  මෙම සංකීර්ණයේ පරීක්ශණ කාලයෙන් 75% ක් පමණ වෙන් කර ඇත්තේ සූර්‍ය ග්‍රහ මණ්ඩලයෙන් එපිට සිටිය හැකි බුද්ධිමත් ජීවීන් ගෙන් ලැබිය හැකි පණිවුඩ හඳුනා ගැනීම (Search for Extra-Terrestrial Intelligence — SETI) සඳහා ය.  මෙම සංකීර්ණයේ ප්‍රධාන පරිපාලක ලෙස කටයුතු කරන්නේ ආචාර්‍ය එලී ඇරොවේ (Eleanor (Ellie) Arroway) ය.  මෙම රේඩියෝ දුරේක්ෂ 131 ම පරිගණක මගින් පාලනය කරන අතර ඒවා උතුරු අර්ධගෝලයේ ඇති තරු ක්‍රමාණුකූලව අධ්‍යයනය කරමින් සිටී.  මෙම අධ්‍යයනය දැනට අවුරුදු 12 පමණ ගත කර ඇති මුත් තවමත් මෙම ග්‍රහ ලෝකයට පිටින් සිටිය හැකි බුද්ධිමත් ජීවීන්ගෙන් කිසිම පණිවුඩයක් ලැබී නැත. ඒ නිසාවෙන් සංකීර්ණයේ කාලය වෙන පරීක්ශණ සඳහා වෙන් කලයුතු බවට කෙරෙන යෝජනා වල පීඩනය ද එලී ට දැන් තදින් දැනේ.


එහෙත් මෙම තත්වය හදිසියේම වෙනස් විය.  රේඩියෝ දුරේක්ෂ පොලොවේ සිට ආලෝක වර්ෂ 26 ක් දුරින් ඇති වීගා (Vega) තරුව දෙසට එල්ල කල විට මේ ග්‍රහ ලෝකයෙන් එපිටින් ලැබුනු මුල්ම පණිවිඩය හඳුනා ගැනීමට රේඩියෝ දුරේක්ෂ සංකීර්ණයට හැකි විය.  මෙම පණිවුඩයෙහි ඇත්තේ ප්‍රථමක සංක්‍යා මාලාවක් (Prime number sequence) බව තහවුරු වීමට ගත වූයේ ඉතා සුළු කලෙකි.


… 881, 883, 887, 907, …


ආර්ගුස් සංකීර්ණයට මෙමෙ පණිවුඩය පටිගත කලහැක්කේ වීගා තරුව සංකීර්ණයේ ඉහලින් තිබෙන තෙක් පමණි.  එබැවින් ආර්ගුස් සංකීර්ණය මෙම පණිවුඩය රහසක් ලෙස තබාගත හොත් පණිවුඩයේ කොටසක් පමණක් පටිගත හැකිය. එහෙත් ලෝකයේ ඇති අනෙකුත් රේඩියෝ දුරේක්ෂ වීගා තරුව දෙසට යොමුකල හොත් සාමූහික වශයෙන් සම්පූර්ණ පණිවිඩයම ලබා ගත හැකි වනු ඇත.  එලී වහාම චීනයේ, ඉන්දියාවේ, සෝවියට් දෙශයේ, හා ඕලන්දයේ ඇති රේඩියෝ දුරේක්ෂාගාර වෙත පහත සඳහන් පණිවිඩය යොමු කලේය.


ANOMALOUS INTERMITTENT RADIO

SOURCE AT RIGHT ASCENSION 18h 34m,

DECLINATION PLUS 38 DEGREES 41

MINUTES, DISCOVERED BY ARGUS 

SYSTEMATIC SKY SURVEY.  FREQUENCY

9.24176684 GIGAHERTZ, BANDPASS

APPROXIMATELY 430 HERTZ. BIMODAL 

AMPLITUDES APPROXIMATELY 174 AND 179

JANSKYS.  EVIDENCE AMPLITUDE ENCODE

SEQUENCE OF PRIME NUMBERS.  FULL

LONGITUDE COVERAGE URGENTLY NEEDED.

PLEASE CALL COLLECT FOR FURTHER

INFORMATION IN COORDINATING 

OBSERVATIONS.

E. ARROWAY, DIRECTOR, PROJECT ARGUS

SOCORRO, NEW MEXICO, U.S.A.


මෙම පණිවුඩය කෙරෙහි විමසිල්ලෙන් බැලීමේදී එය තුල පලිම්සෙස්ට් (palimpsest) එකක් තුල මෙන් තවත් පණිවුඩ කිහිපයක් ඇති බව සොයා ගැණින.


[උදාහරණයක් ලෙස ආකිමීඩීස් ගේ පොතක් මකා ඉන් උඩින් ලියන ලද ආගමික කතා පොතක් විසිවන ශතවර්ශයේ මුලදී හමු වින.  1998 සිට 2008 කාලයේදී නවීන උපක්‍රම යොදා මෙම මැකීගිය ආක්මීඩීස් ගේ පොත නැවත උපුටා ගැනීමට හැකි විය. මෙය ආකිමීඩිස් පලිම්සෙට් නමින් හැඳින් වේ. https://en.wikipedia.org/wiki/Archimedes_Palimpsest]


පණිවිඩය තුල ඇති දෙවන පණිවිඩය වීඩියෝ පණිවිඩයක් වූ අතර එය 1936 ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ කිරීමට ජර්මන් චාන්සලර් හිට්ලර් විසින් කල කථාවකි.  මෙය ලෝකයේ පලමුවන රූපවාහිනි විකාශනයයි.  ආලෝකයේ වේගයෙන් ගමන් කල එම විකාශණය පටිගත කල පාරභෞමික පිටස්තරයන් (Extraterrestrial Aliens) විසින් එය විස්තාරනය (amplify) කොට නැවත එවන ලද බව කා හටත් වැටහින.  මේ නිසා මෙම පිටස්තරයින් මනුෂ්‍යයින්ට වඩා ඉතා දියුණු අඩියක සිටින බව පැහැදිලි විය.


එම පණිවිඩය තුල ඇති තුන්වන පණිවිඩයක් ද සොයා ගැණින.  එය යන්ත්‍රයක් (Machine) සදා ගැනීම සඳහා වූ අත්පොතක් (manual) මෙම පණිවුඩය විශ්ලේශනය කල විද්‍යාඥයින් විශ්වාස කලහ.  මිනිසුන් මෙම යන්ත්‍රය සෑදිය යුතුද? මේ පණිවිඩ එව්වේ මිනිසුන්ගේ හොඳටද නරකටද?  ඇමරිකන් කාරයන් හා රුසියන් කාරයන් එකට එකමුතුව වැඩ කරයිද?  ලෝකයේ ඇති දෙවියන් ලෝකය මැව්වා යැයි කියන මනුශ්‍යයා කේන්ද්‍ර කර ගත් ආගම් මෙම අර්බුධයට මූණ දෙන්නේ කෙසේද? මේ ආදී මෙකී නොකී ප්‍රශ්ණ වලට පිලිතුරු මොනවාද? 


සේගන් විසින් ඉතා දක්ශ ලෙස මෙම කතාව ගොතා ඇත.


The following are some excerpts for your reading pleasure.


“Now, when I look at religion, I see lots of contending opinions.  For example, the Christians think the universe is a finite number of years old.  The Hindus, on the other hand—and there are lots of Hindus in the world—think that the universe is infinitely old, with infinite number of subsidiary creations and destructions along the way.  Now they can’t both be right.  Either the universe is a certain number of years old or it’s infinitely old.  Your friends out there ought to debate Hindus.  God seems to have told them something different from what he told you.”


“But imagine that your kind of god really wanted to leave a record for future generations, to make his existence unmistakable to, say, the remote decedents of Moses.  Just a few enigmatic phrases, and some fierce commandments that they be passed on unchanged


“Such as ?”


“Such as ‘The Sun is a star.’ Or ‘Mars is a rusty place with deserts and volcanos, like Sinai.’ Or even ’Thou shalt not travel faster than light.’ Anything they couldn’t possibly have known three thousand years ago.”

No comments:

Post a Comment