Wednesday, May 26, 2021

රන් කරඬුව

කතෘ: බටුවන්ගල රාහුල හිමි
ප්‍රකාශක: සදීපා


සෑහෙන කලකින් කියවූ වටිනාම සිංහල නව කතාවක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැක.  බලන පැතිකඩ අනුව විවිධාකාරයකට අර්ථකතනය කල හැකි කලා කෘතියක් හොඳ කලා කෘතියක් ලෙස පිලිගැනීමක් ඇත.  එනයින් මෙය විශිෂ්ඨ කෘතියකි.  මෙය කියවන අතරතුර මගේ මනස විවිධාකාර ගමන් මාර්ග වල මා ගෙන ගිය අතර මගේ සිත චිත්තාම්භලංකාරයෙන් පිරී පැවතියේය. 


මේ පොතේ ඇති දුර්වලකමක් සඳහන් කරනවානම් එය කතාව අවසන් කිරීමට කතුවරයා ගත් උත්සාහය බව කිව හැකිය. මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය යැයි සිතමි. "මහා කවි" යනුවෙන් අප අතර පතල වූ—අප අතර “කුඩා කවි” යෙක් ද වියකවියෙක් විය.  මේ දෙදෙනාම සෑහෙන තත්වයක සිටින බැවින් ඉන් එහාට යමක් නොකියමි.  මේ මහා කවි කවිපොතක් එලි කලේය.  මෙම පොත විද්වතුන්ගේ ප්‍රසංසාවට ලක්වූ අතර එහි එක් කවියක් (මේ ලඟදී අභාවප්‍රාප්ත වූ) මහාචාර්ය වැලන්ටයින් ජෝසෆ් මහතා විසින් ඔහු කියවූ හොඳම කවියක් ලෙස වර්ණනා කලේය.  මෙම පොත පිලිබඳව එක්තරා විශ්ව විද්‍යාලයකින් සම්මන්ත්‍රනයක් පවා පැවැත්වීය. එහිදී එක් මහතෙක් එම පොතෙහි ඇති එක් කවියක් කියා එහි අරුත කුමක්දැයි අපේ මහා කවිගෙන් විමසීය.  එම පැනයට අපේ මහාකවිතුමා දුන් පිලිතුර මෙම පොතට විශේෂයෙන්ම සම්බන්ධය.  "කවියේ අදහස කුමක්දැයි විසඳා ගැනීම කියවන්නා සතුය."  


හයවන පරිච්චේදය අවසන් වනතුරු මම මගේම අර්ථකතන දෙමින් මාර්ග කිහිපයක එකවර යමින් ඉතා සතුටින් කියවූ පොත හත්වන පරිච්චෙදයෙන් භික්ෂුවගේ අතීතය හෙලි කිරීමෙන් මින් පෙර මා නොගිය එතරම් විසිතුරු නොවූ එකම එක් මාර්ගයකට ඇද දැමීමට කතුතුමා ඉදිරිපත් වීම අවාසනාවකට කරුනකි.  මෙම අවසානය නොතිබුනා නම් මේ පොතෙහි වටිනාකම තව තවත් වැඩියෙන් පෙනෙන්නට ඉඩ තිබින.


පොතෙහි ස්තූතිය ලියූ කතු තුමා ඔහුගේ කෘතඥතාවය ඔහුට අතහිත දුන් අයට පිරිනමයි. එහිදී ඔහු ස්කොට්ලන්තය, එංගලන්තය, හා ඉතාලිය යන රටවල විවිධ ස්ථාන සඳහන් කරයි. ස්තූතියේ අවසන එතුමා ලංකාවේ පදිංචි ස්ථානය හෙලි කරයි. මඩවල, වැලිපැන්න ඉහත කී තැන් වලට වඩා සුන්දර පරිසරයක් මා සිත ජනිත කිරීමට සමත්විය.


මෙම නව කතාව නැවත නැවත කියවිය හැකි, වෙන කෙනෙකුට දෙන්නට සිත් නොදෙන, ඉතා අනර්ග කෘතියකි.


No comments:

Post a Comment