Wednesday, May 26, 2021

කුරුලු හදවත

කතෘ: ලියනගේ අමරකීර්ති
ප්‍රකාශක: සුරස


පෝස්කාඩ් එකක් සත විසිපහයි. (10 වන පිටුව)

අසන්නන්ගේ ප්‍රියතම ගීත ඉල්ලන වැඩ සටහන තිබුණෙමුවන් පැලැස්සට කලින්. (18 වන පිටුව)


“ඉංජිනේරුවෙක් වෙන එක ලේසිපාසු වැඩක් නෙමේ” කියල ඇය කීපවරක් අම්ම එක්ක කියල තිබුන. (32 වන පිටුව)


"මේ සැරේ නං දෙමලුන්ට කෙළෙවලාම තමයි පස්ස බලන්ඩ ඕනෙ. මගේ ලේ ඔක්කොම දෙනව අපේ කොල්ලන්ට" එක මිනිහෙක් කිව්වෙ පෝලිමට ඇහෙන්න වගේ. (65 වන පිටුව)


“ඔව්ව හොඳයි ගණන් බැරුව කලා කරන එවුන්ට” (69 වන පිටුව)


“මචං මං බයෝනෙ කරන්නෙ” (72 වන පිටුව)


ඔවුන් රුපියල් පනහෙ කොළවත් අමුණල යවනව ඇති" … “තෝත් ඉතිං යවකො පනහක් අමුණල.” (97 වන පිටුව)


මුවන් පැලැස්ස ගුවන් ගත වූයේ 1964 සිට 1970 දක්වායි. කාලයේ තැපැල්පතක ගාස්තුව සත පහයි. ලියුමකට සත 10 මුද්දරයක් අලවන්න ඕන. ගම්පහ පද්මාවෝ මහේශ්වරී හේරත් නං (10 වන පිටුව) ඒ කාලේ රේඩියෝවෙ ගිය නමක් තමයි.  ඒත් හැට ගනන් වල රුපියල් පනහක් කියන්නෙ ලොකු ගනනක්. කුරුලු හදවත වගේ පොත් පහකට වඩා ගන්න පුලුවන් ඒ ගනනට ඒ කාලෙ.


හැට ගනන් හා අසූගනන් වල සිදුවීම් පටලැවීම, ඉංජිනේරුවෙක් වෙන්න යන කෙනෙක් බයෝ කිරීම ආදී දේ නිසා පොත කියවීම පිටු 100 ක් වෙන්නත් පෙර අත හැරල දැම්ම.


එහෙත් මේ වගේ සටහනක් මෙහි දැමීමෙන් පලක් නැහැ කියල හිතුන නිසා ඒකත් අතහැරල දාල අමරසේකරගේ ගමනක අග කියවන්න පටන් ගත්ත.   If you have nothing good to say, then don’t say anything කියල කතාවකුත් තියනවනෙ.


අමරසේකරත් අවුරුදු විස්සක විතර කාල පරිච්චෙදයක් අවුරුදු පහකට විතර කුඩා කරල තියනව ගමනක අගදි. එහෙත් මේ පොත කියවනවා වගේ අපහසුතාවයක් සිදු නූනෙ මන්ද කියල තව දුරටත් හිතල බලන කොට තේරුනා අමරසේකර chronology ය පටලවල නැති වග.  අමරසේකර ගමනක අග පිට කරල තියෙන්නෙ 2010 දි.  අමරකීර්ති කුරුලු හදවත පල කරල තියෙන්නේ 2013 දී.  සමහර විට අමරකීර්ති හිතන්න ඇති අමරසේකරට කාලය කොට කරන්න හැකිනම්  ඔහුටත් එසේ කරන්නට බැරිද කියල. වෙනස තියෙන්නෙ අමරසේකර කාලය log අක්ෂයක තබල ප්‍රස්තාරය ඇඳල තිබෙන අතර අමරකීර්ති ප්‍රස්තාරය එහෙම පිටින්ම පටලවල තිබීමයි.


අමරකීර්තිට පොත ලිවීමේදී ගුවන්විදුලිය පිළිබඳ මතකය අලුත් කරල දීල තියෙන්නෙ ස්වර්ණ ගුණවර්දන, රාජිත දිසානායක, හිනිඳුම සුනිල් සෙනෙවි, අතුල සමරකෝන්, හා තිඹිරියාගම බණ්ඩාර.


මේ සියලු දෙයක් ම කල්පනා කරල වරද අමරකීර්තිගෙ නොවේය කියල හිතල අමරකීර්තිට තවත් චාන්ස් එකක් දීල නැවතත් පොත කියෙව්වා.


ඉහත කී පැටලිලි අමතක කරල පොත කියවනවා නම් කතාව වරදක් නැහැ. 154 පිටුව දක්වා කතාව, එහි ඉන්නා චරිත, හිත් අල්ලන බව කිව යුතුය.  එතනින් එහාට ඇති චරිතත් මේ ලොකෙ කොහෙවත් නැති ආකාරයෙ විවුර්ත ආර්තිකයක් තියෙන ලංකාවෙ සිටිය හැකි යැයි සැක කල හැකියි.


ලියනගේ අමරකීර්ති දක්ෂ නවකතා කරුවෙකි.



No comments:

Post a Comment