Monday, May 24, 2021

චක්‍ර

කතෘ: ජයතිලක කම්මැල්ලවීර
ප්‍රකාශක: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය 2017


මේ පොත කියවන්න්ට ගත්තේ ඊයේදීය. (මාර්තු 23, 2018.) එබැවින් එහි ඇති මුද්‍රන දෝශය අද වෙනතුරු නොදිටිමි.  එකසිය දොලොස් වන (112) පිටේ සිට එකසිය විසි නව වන (129) පිට දක්වා පිටු පොතෙහි නැත. ඒ වෙනුවට එහි ඇත්තේ අනූ හත් වන (97) පිටේ සිට එකසිය දොලොස් වන (112) පිට දක්වා පිටු වල නැවත මුද්‍රණයකි. එ නම් "සිදුවීම 39" යේ මැදක් හරියේ සිට "සිදුවීම 46" යේ මැදක් හරිය දක්වා සිදුවීම් පොතේ නැත. මෙය පොතේ සිදුවීම් අතර ඉතාමත් තීරණාතිමක සිදුවීම් කිහිපයක් නිසා මහත් කණස්සලකට පත් වූ බව නොකියා බැරිය. 


මා කම්මැල්ලවීර  මුලින්ම හඳුනා ගත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන් ලද කෙටිකතා සංග්‍රහයේ තිබූ "තාත්තාගේ මළගම" නමැති කෙටිකතාවෙනි.  එම කෙටිකතාව කියවීමෙන් කම්මැල්ලවීර ගැන ඇතිවූ ගෞරවය මෙම පොත හා ඔහුගේ "ලේ" නැමැති කෙටිකතා පොත ගැනීමට ගත් ක්ශනික තීරණයට හේතු විය.  


[“ලේ" තවම කියවූයේ නැති අතර එහිද මුද්‍රන දොශ තිබුන හොත් ලඟම ඇති යකඩ වැටකට පයින් ගැසීම හැර වෙන කල යුතු කිසිවක් හිතට එන්නේ නැත. එනමුත් මගේ අසල් වැසියෝ නයි නැටුම් දැමීමට ඉඩ ඇති නිසා එයද කල නොහැක.(1)]


 කම්මැල්ලවීර උපන්නේ 1943 දී මිනුවන්ගොඩ හීනටියන බව කෙටිකතා සංග්‍රහයේ සඳහන් ය.  මේ කතාව පටන් ගත්නේ මීගමුවට නුදුරු රට ඇතුලට තිබෙන ගමකයි.  මේ කතාවේ කාල පරිචේදය 1974 පමන සිට 1987 පමන දක්වා පැතිර යයි.  මේ කතාවේ ඇති ගමෙහි සිදුවීම් සහ එහි චරිත වල හැසිරීම් මට නුහුරු නමුත් කම්මැල්ලවීර දක්ශ ලියවීම තුලින් මා මීට කලින් නුදුටු සමාජ පරිසරයක් මනසේ මවා ගැනීමට හැකි විය.  


[මේ ගමෙහි තිබූ පරිසරය ඉතා ශීග්‍රයෙන් නවීකරනය වන එම පලාතේ දැන් තිබීමට ඇති හැකියාව අඩු මුත් මගේ සමහර මිතුරන් හා නෑයින් මේ පලාත් වල තාමත් ජීවත් වන අතර ඔවුන් අතර තවමත් ඇති සමහර චාම් සුන්දර ගති ගුන මා ඔවුන් කෙරෙහි ඇති හිතවත් කම තීව්‍ර කරයි.]


අවුරුදු 16 දී ගමෙන් පිටවූ රුවන් මීගමුවේ වෘත්තීය සංගම් නායකයකුවූ මෙන්ඩිස් අන්කල් විසින් තම දරුවකු ලෙස හදා ගනියි.  ගමේදී නිති පතා තිබූ කනස්සල්ල තුනී වීමට මෙන්ඩිස් අන්කල් ගේ පවුලෙහි තිබූ ස්තීර කම හේතු විය.  එහෙත් මේ ස්තීර කම 1977 - 1983 දක්වා වූ සිදුවීම් විසින් අස්තීර බවකට හරවන ලදි.  මේ අස්තීර සමයේදී ද මෙන්ඩිස් අන්කල්ගේ පවුලේ ආදරයෙහි ඇතිවූ පලුද්දක් සොයා ගැනීමට අපහසුය.  මෙන්ඩිස් අන්කල්ට 1981 දී නැතිවූ රැකියාව නැවත ලැබුනු මුත් රටෙහි ඇතිවූ අස්ථාවර භාවය මෙම අස්තීර තත්වය තව දුරටත් දිගු කිරීමට සමත් විය.


1987 දී පමන ඇඳිරි නීතිය පනවා තිබියදීත් අසල්වැසියෙකුගේ අසනීප වූ ලමයෙකු රෝහලට ගෙනයෑමට ඉදිරිපත් වූ මෙන්ඩිස් අන්කල් සමග ගිය රුවන් ආපසු එද්දී මේ පොතෙහි ඇති මුද්‍රන දෝශය හමුවිය.  මුද්‍රන දෝශය අවසන ඇති සිදුවීමේ දී රුවන් සිටින්නේ මුහුද මැද විවිධ ජාතීන්ගෙන් පිරුනු බෝට්ටුවකය.


ඉන්පසු ඇතිවූ සිදුවීම වලින් මග හැරුනු සිතුවීම් යම් තරමකට සිතා ගත හැකි මුත් එය කිසිසේත්ම කතාව දිගටම කියවීමට හැකි වීමෙන් ලද හැකි අත්දැකීමට සමාන කල නොහැක.


කම්මැල්ලවීර ක්‍රිස්තියානි ආගමෙහි ඇති "ආදරය" හා බෞද්ධ ආගමෙහි ඇති "ඒක පුද්ගල පරම සුවය සෙවීම" සන්සන්දනය කිරීමක් කරන අතර "ආදරය" උලුප්පා "පරම සුවය" නොඋලුප්පා ඇතැයි කිව හැක.  මෙවැනි සන්සන්දනයක් ලෙහෙසියන් කල නොහැකි අතර ඒ අතින් කම්මැල්ලවීර සාර්ථක වූයේ නැතැයි මට සිතේ.


පොත ගැනීමේදී පොතේ පිටු සියල්ලම තිබෙනවාදැයි බලා ගන්නා ලෙස අනතුරු හඟවන අතර, මුළු කතාවම කියවිය හැකි නම් සමහර විට සමහර කියවන්නන් මෙම පොතට කැමැත්තක් දක්වන්නට ඉඩ ඇතැයි සිතේ.


FootNote:
(1) මේ සටහන ලියන කාලේ බංගලි දේස ක්‍රිකට් කණ්ඩායම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ලංකා කණ්ඩායමට පරාද වෙද්දී එක් බංගලි දේස ක්‍රීඩයෙකු අවුට් වී යන ගමන් ක්‍රීඩාංගනයේ යකඩ වැටකට පයින් ගැසීය.  ඒ දුටු ප්‍රේශකයෝ ඊළඟ තරඟයේ දී ඔහු දුටු තැන නයි නැටුම් නැටීය.

ප. ලි.


(1) මීගමුවේ සිට දුම් රියෙන් පැමිණ දෙමටගොඩින් බසින්නට මේ කියන කාල පරිච්චේදයේදී නොහැකි බව මගේ අදහසයි.  අඩුම ගනනේ 1977 වනතුරුත් දෙමටගොඩ දුම්රිය පොලක් නොතිබූ බව දනිමි.  මෙම දුම්රිය පොල සාදන්නට පුරෝගාමි වූයේ ආර්. ප්‍රේමදාස බවයි මගේ මතකය.


(2) පොතෙහි සඳහන් "අශා කුමාරි" අශා පරේක් යැයි සිතමි. නමුත් ආශා පරේක් අසූ ගනන් වලදී රඟපෑවේ අම්මා කෙනෙක් හැටියටයි.  බොරැල්ලේ Ritz එකට හැට-හැත්තෑ ගනන් වලදී ආ ආශා පරේක් සිටි චිත්‍රපටි වන්නේ “Love in Tokyo” හා “Caravan” ය.  මට හිතෙන විදිහට රුවන්ට මේ චිත්‍රපටය සුමානයක් තිස්සේ 10:30 හා 2:30 දර්ශන දෙකම බලන්නට හේතු වූ සීන් එක ඇත්තේ “Love in Tokyo” හි විය හැක.  මටත් "ආ ජාරෙ ආ සරා ආ (Aa Ja Re Aa Zara Aa) සිංදුවේ ඇගේ රඟපෑම දිහා තවමත් බලා සිටිය හැක.

https://www.youtube.com/watch?v=RkcMd_3wY18



No comments:

Post a Comment