Thursday, May 27, 2021

වඩදිය

කතෘ: එරික් ඉලයප්ආරච්චි 
ප්‍රකාශක: ගොඩගේ 2012


මෙය මෙම කතෘගේ පළවන කෘතියයි.  සමහර කතෘවරු තමන්ගේ කලාව හොඳින් ප්‍රගුණකර ගන්නා තුරු පොත් නොලියයි.  එරික් එම ගනයට වැටෙන දුර්ලභ කලාකරුවෙකි.  ඔහුගේ පළවන පොතම විශිෂ්ඨ කෘතියකි.


මෙහි පසු පිටෙහි ඇති වර්ණනාවෙන් කොටසක් සටහන් කිරීමට කැමැත්තෙමි.


“කලාකරුවා යථා ලෝකය තමා වෙත හසු කරගන්නේ ඔහුට ආවේණික ක්‍රමයකට . මෙයට දුලබ ප්‍රතිභාව යැයි කියති.  හුදෙක් පසිඳුරන්ට හසුවන දෑ ලෝකය ලෙස පිලිගන්නට ඔවුහු මැලි වෙති. මතුපිටින් පෙනෙන දෙයට එපිටින් පවත්නා දෑ දැකීමට මොවුහු සමත් වෙති.  විෂය ලෝකයෙහි අභ්‍යන්තර පරස්පර ප්‍රතිවිරෝධයන්හි කාව්‍යමය මුහුණුවර මොවුහු සොයා ගනිති.  එහි ද්‍රව්‍යමය මුහුණුවර සොයා ගැනීම අන්‍යයන් විසින් කරනු ඇත.”


එනයින් එරික් ප්‍රතිභාව සම්පන්න කලාකරුවෙකි.


මෙම පොතෙහි එකිනෙකට නොපරයන කතා 8 ක් ඇත.  ඒවා නම් වශයෙන් "සිර මැදුර", "වන්දනා ගමනක්", “ගුරුවරයෙකුගේ ප්‍රේමකථාව”, “චාරිත්‍රය”, “වඩදිය”, “පව්කාරයෝ”, “අන්තිම ගමන”, “කුකුළන් කෙටවීම” වේ.  සෑම කතාවක්ම පාහේ ගෙතෙන්නේ 1960 ගනන් වල දී වයඹ දිසාවේ තිබූ නගර හා ගම් වලය.  හොඳම කතාව තෝරන්නයැයි යමෙක් බල කල හොත් මම තෝරන්නේ "පව්කාරයෝ" නැමැති කතාවයි.  (මෙයට හේතුව පෞද්ගලික නැඹුරුව විය හැක.  මා අවුරුද්දකට දෙසැරයක්වත් මේ පලාතේ කරක් ගසමි.)


මෙම කතා ගැන හොඳින් විස්තර කල හැකි කියවන්නෙක් මෙම පොත කියවමින් සිටින බැවින් පොත ගැන වැඩි විස්තර ඔහු ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි.


අවසාන වශයෙන් කියවන්නාට අපහසු නොවන විදිහට අළුත් වචන හඳුන්වා දෙන සැටි “කුකුළන් කෙටවීම” යන කතාවෙන් යමෙකුට ඉගෙන ගත හැකිය.


FootNote:

විශිෂ්ඨ ගනයට වැටෙන තවත් කතුවරුන්ගේ මුල්කෘති කිහිපයක්.

(අ) “The Wolf and the Watchman” කතෘ: Niklas Matt Och Dag

(ආ) “Will You Please Be Quiet, Please” කතෘ: Raymond Carver

No comments:

Post a Comment