Monday, May 24, 2021

Curfew and a Full Moon

කතෘ: Ediriweera Sarachandra

ප්‍රකාශක: Vijitha Yapa Publishers (Birth Centenary Edition) 2013


1970 මැතිවරනයට පෙර තිබුනු සමගි පෙරමුනේ මැයි රැලිය ගැන සරස්චන්ද්‍ර මහත්තය ලියන කොට මට Deja Vu වගේ හැඟීමක් ඇති වුනා.  මම එතකොට තවමත් ඉස්කෝලෙ යන, ගැටයෙක් වත් නූන, "අමු ගැටයෙක්".  සරස්චන්ද්‍ර මහත්තය වගේම මමත් සෙනග අතරේ පෙලපාලිය බලාගෙන හිටියා පුංචි බොරැල්ලේ බෝ ගහ ලඟ.  සමහර සටන් පාඨ තාමත් මට මතකයි.


"ඩඩ්ලිගෙ අලේ ... ජාතික පොලේ


“ජැෆජි මුසජි ජනසතු කොට..”

ජී. ටී. සී. ජන සතුකොට..

සිලෝන් ටුබැකො ජනසතු කොට ...

සිලෝන් ටුබැකො ජනසතු කොට


(මම දන්නෙ නැහැ ජී ටී සී කියන්නෙ මොකක්ද කියල. සමහර විට ඒ වෙන අකුරු තුනක් වෙන්නත් පුලුවන්.)


සමගි පෙරමුන 1970 දී දින්නේ ලෑන්ඩ්ස්ලයිඩ් එකකින්. එවැනි ආන්ඩුවකට අවුරුද්දකවත් චාන්ස් එකක් නොදී විප්ලවයක් කරන්න ගිය රටක් තියනව නම් ඒ ලෝකෙට එකයි.  ලෝකයේ කම්කරුවන් ගොවීන් ගේ සහයක් නැතුව ඉස්කෝලෙ කොල්ලන් හා යුනිවර්සිටි කොල්ලන් එකතු වෙලා කරපු විප්ලවයක් තියනවා නම් ඒ ලෝකෙට එකයි.  විප්ලවයක් කරන්න තරම් මිනිසුන්ට අගහිඟ කම් නැති රටක විප්ලවයක් කලා නම් ඒ ලෝකෙට එකයි.  (මේ වන විට ඔපෙක් කාරයො තෙල් මිල ඉහල දාල තිබ්බෙ නැහැ.  අගහිඟ කම් ආවෙ ඊට පස්සෙ.  බස්ගාස්තුව අලුක්කාලකින් ඉහල දැම්මෙ ඊට හුඟක් පස්සෙ කියලයි මට මතක.)


71 කැරැල්ල ඇතිවෙන්නට අවුරුද්ද්කට පමන පෙර සිට කැරැල්ලෙන් අවුරුද්දකට පසු දක්වා පේරාදෙනියෙ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකුගේ අත් දැකීම් මෙම නවකතාව තුල පැතිර තිබෙනවා.  මෙය නවකතාවකට වඩා සත්‍ය කතාවකට හුරු බවයි පොත කියවීමෙන් මට හැඟෙන්නේ.කැරැල්ල නිසා අගතියට පත් මහාචාර්ය වරයාගේ සිසුන් කිහිප දෙනෙක්ගේ සංවේදනාත්මක ජීවිත කතා මහාචාර්ය වරයාගේ ජීවිත කතාව හා ගෙතී තිබෙනවා.  කතාව ඉතාම තාත්විකයි කියල මට හැඟෙනවා.  තරුනයින් මෙම අභාග්‍ය සම්පන්න ඉරනම කරා රැගෙන ගිය නරුම නායකයින් සහ ඔවුන් මර්ධනය කිරීම සඳහා බලය අයුතු ලෙස භාවිතා කලවුන් ගැන අවුරුදු 40 කට පසුවත් තද කේන්තියක් ඇතිවෙනවා.


Giniralla conspiracy කියන නවකතාවේ කියැවෙන නවක වදය ගැන මම විස්වාස කලේ නැහැ.  නමුත් සරස්චන්ද්‍ර මහතා ඊටත් වඩා නරුම නවක වද ගැන මේ පොතේ ලියා තිබෙනවා.  ඒ නිසා මට ඒ කතා සත්‍ය ලෙස පිලිගන්න වෙනවා.  වෙන රටවල නවක වද ඇත්තේම නැති තරම්.  ඒත් මේ රටේ ඒවා තවමත් බදාගෙන ඉන්නවා.


ලෝකෙ තියන ඕන ගූ ගොඩක් "අනේ හරිම ලස්සනයි" කියල හරි ඉක්මනට බදාගන්න මිනිස්සු කොට්ටාසයක් ඉන්න රටවල් වලින් ලංකාව දෙවෙනි වෙනවනං ඒ ජපානයට විතරයි.   ප්‍රෙඩී සිල්වගෙ සිංදුවක් තියෙනවා "එංගලන්තෙ පරන පැටන්, කොලොම් පුරේ අලුත් පැටන්, කොලොම් පුරේ පරන පැටන්, මේ පැත්තේ අලුත් පැටන්" කියල. මේවා ලංකාවට අවශ්‍යද? මේවා ලංකාවට ඔබිනවදමේවා ලංකාවේ හරියාවිද? මේවාට ලංකාවේ කාලය හරිද? යනාදී ප්‍රශ්ණ කිසිවක් ගැන සිතන්නෙ නැතිව ඕන දෙයක් බදාගන්නවා. 


බුදුහාමුදුරුවන් කාමසුඛල්ලිකානු යෝගයත් අත්ථකිලමතානු යෝගයත් අත හැරල මැද පිලිවෙතට ඇවිල්ල තමා නිවන් අවබෝධ කර ගත්තෙ. ඒ වුනාට දැන් ලංකාවෙ ඉන්නවනෙ කාමසුඛල්ලිකානු යෝගයෙන් නිවන් ගිය හාමුදුරුවරු. ලංකාව තවත් සිංගප්පූරුවක් කරන්න ඕන කියල අවුරුදු 40 තිස්සෙ දඟලනව. වුනාද? ලංකාව සිංගප්පූරුවක් වෙන්න ඕනද?  තව ලොක්කො කට්ටියක් මාක්ස්වාදය බදාගෙන ඉන්නවා.  ලංකාවට මාක්ස්වාදයක් අවශ්‍යද?  මාක්ස්වාදය මත ඉදිවුනු ලෝකයේ තිබුනු රටවල් දැන් ඒ මාක්ස්වාදය අතහැරල වෙනත් මාර්ග වලට යොමු වෙලා තියෙනව.  


මගේ යහලුවෙක් මට කිව්වා ගම්පහ උසාවියට ඩිවෝස් නඩු 500 ක් විතර මාසෙකට එනව කියල. ඒ මේ ලක්ශ 50 ක් විතර වියදම් කරල ලොකු හෝටලයක මගුලක් කාලා මාසෙකින් විතර පස්සෙ.  මෙවැනි පරපුරක් ඉන්න ලංකාවට දැන් මෙම පොත හරියාවිද මන්ද?  


මටනම් හොඳට හිතට ඇල්ලුව.  සරස්චන්ද්‍ර මහත්තයගෙ ඉංග්‍රීසිත් පංකාදුයි.


No comments:

Post a Comment