Wednesday, May 26, 2021

The Third Chimpanzee

Author: Jared Diamond
Publisher: Harper Perennial 1992


නිරුවත් සාමාන්‍ය මිනිසෙක්, පිග්මි චිම්පන්සියෙක්, සහ සාමාන්‍ය චිම්පන්සියෙක් එක ලඟ කූඩු තුනක සිටී යැයි සිතමු. මේ මිනිසාට තේරුම්ක් නැති ශබ්ද නිකුත් කිරීම (grunting) හැර කතාකිරීමටත් බැරි යැයි ද සිතමු. පිටසක්වල ළෝකයකින් පැමිනි සත්ව විද්‍යාඥයෙක් මේ කූඩු තුන ලෙස බැලුව හොත් එතුමා ක්ෂනිකව නිගමනය කරන්න පුලුවන් මේ ඉන්න සතුන් තිදෙනා එකම පවුලක (same species) සතුන් බව.  මිනිස් ජාන හා චිම්පන්සි ජාන වලින් 98.4% එකම (identical) ජාන බව ජාන පරීක්ෂන (genetic studies) මගින් තහවුරු වෙලා තිබේ. උදාහරනයක් ලෙස ගන්නවානම් අපේ ලේ රතු කරන හිමොග්ලොබින් ((hemoglobin) සහ චිම්පන්සි හිමොග්ලොබින් එකම (identical) වේ.


මිනිසා චිම්පන්සියාගෙන් වෙන් වීම මීට අවුරුදු මිලියන 10 කට පමන පෙර සිදුවූ බව පිලිගැනේ. (ඩය්නසෝරුවන් මීට අවුරුදු මිලියන 65 කට පමන පෙර වඳ විය.  මිනිසාගේ විද්‍යාත්මක අතීත කථාව ඉතා අනගි ලෙස ලියා ඇති පොතක් ලෙස ජැරඩ් ඩයමන්ඩ් (Jared Diamond) ගේ “The Third Chimpanzee” හැඳින් විය හැක.


මීට අවුරුදු 40,000 කට පමන පෙර වන තුරු මිනිසා සහ චිම්පන්සියා අතර මහ වෙනසක් නොතිබින. වෙනසකට තිබුනේනම් එය නොදියුණු ගල් මෙවලම් භාවිතයට සහ ගින්දර ඇවිලීමට ඇති හැකියාවට පමනක් සීමා විය.  මේ ගල් මෙවලම් සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගැනුන මෙවලම් නොවේ. ඒ දිනවල ඔවුන් මස් කෑවානම් ඒ බොහො  විට වෙනස් සතුන් විසින් නසන ලද සත්ව මළකුණු වලින් ලබා ගත් මස්ය. 


නමුත් මීට අවුරුදු 40,000 කට පමන පෙර මේ සියල්ල වෙනස් විය.  මෙම වෙනස මිනිස් වර්ගයාගේ මහා ඉදිරි පිම්ම (Great Leap Forward) ලෙස හඳින් වේ.  තියුණු ගල් මෙවලම්, ඉඳි කටු, ඇඹරුම් ගල් (pestles), මාළු කොකු,  මාළු දැල් (net sinkers), සත්ව ඇට වලින් තැනූ කුඩා පිහි (owls), පොරෝ (mortars), සහ කඹ (ropes) භාවිතය ඇතිවිය.  මේ මෙවලම් ඇතිවීමත් සමග දඩයමින් ලබාගත් මාංශ භාෂනය ඇතිවිය.  ඔවුන් විසූ ගල්ගුහා වල මෙම සතුන්ගේ පින්තූර ඇඳීමට හැකියාව ලැබින.  මේ ගුහාවල දකින්නට ඇති සතුන් දැන් නොමැත.  එම සතුන්ට මේ හදිසියේ ඇතිවූ සතුරාගෙන් වසන්වීමේ දක්ෂතා දියුනු කර ගැනීමට කාලයක් නොලැබින.  මෙසේ වඳ වූ සතුන් අතර දෑවැන්ත අලියා (wooly mammoth),  දෑවැන්ත මී හරක් (giant buffalo), දෑවැන්ත රයිනෝ (wooly rhino), දෑවැන්ත මුවෝ (giant deer), දෑවැන්ත අශ්වයෝ (giant cape horses), දෑවැන්ත කැන්ගරූ(giant Kangaroos) ද විය.


මේ වෙනසට හේතුව කුමක්ද? මේ වෙනසට හේතුව මිලියන ගනනාවක් තිස්සේ වෙනස් වීමට භාජනය වූ සියයට දශම එකක් පමනවූ ජාන වෙනසක් විය හැක.  උගුර, දිව සහ ඒ හා සම්බන්ධ මාංශ පේශී අතර වූ වෙනස් කම් නිසා මිනිසාට කතා ශබ්ද පරිපාලනය කිරීමට හැකියාව ඇති විය.  කථා කිරීමේ හැකියාව මහා ඉදිරි පිම්මට හේතුවූ බව අදහස් වේ.  කථා කිරීමේ හැකියාවත් සමග ඇතිවූ භාෂා දියුනුවත් සමග මෙවලම් දියුනුවත් රංචු පිටින් ගොස් සතුන් දඩයම් කිරීමේ පහසුවත් ඇතිවිය.  කොටින්ම කියනවා නම් කථා කිරීමේ හැකියාවත් සමග මොලය පාවිච්චි කිරීමේ හැකියාව ලැබින.  මිනිසෙකුට අවුරුදු 60 ක් පමන ජීවත් විය හැකි බැවින් වැඩි මහල්ලන්ට කුඩාවුන්ට ඔවුන්ගේ අත් දැකීම් සහ නුවන කියා දීමට හැකිවිය.  මේ නිසා එන්න එන්නම දැනුම වර්ධනය විය. ඒ සමගම මිනිසා සහ චිම්පන්සියා අතර විශාල වෙනසක් (සාපේක්ෂව) ඉතා සුලු කළකින් ඇතිවිය.

No comments:

Post a Comment