කතෘ: කපිල කුමාර කාලිංග
ප්‍රකාශක: ෆාස්ට් පබ්ලිශිං 2018
එහෙත් මගේ හොඳ හිතවතුන් දෙදෙනෙක් ම මෙහි ඇති යටි අරුතක් ගැන ලියා ඇති බැවින් සෑහන කාලයක් ගතකොට කෙලවර තෙක්ම කියැවීමි. යටි අරුත සෙවීමි.
මේ කතාව කාලයක් එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවැති ඉසව්වේ විස්තරයක් වැනිය. ඒ පලාතේ කිසිවෙකුට පලාත හැර යා නොහැකි වන සේ තහංචි දමා තිබින. ඔවුන්ට ලැබුනු ප්‍රවෘති එල්.ටී.ටී.ඊ. ප්‍රවෘති ය. නගරය විනාශ වෙන බව අනාවැකි කීම හමුදාවේ ගමන සෙමින් සෙමින් එල්.ටී.ටී.ඊ. පාලන ඉසව්වට වෙත සේන්දු වන බව කීම වැනිය. අන්තිමට එක ගේට්ටුවකින් ජනයා පිට වීමට හැකි වීම නන්දිකඩාල් හී සිටි ලක්ශ සංඛ්‍යාත ජනතාව ගාල කඩා ගෙන පැමිණියා සේ හමුදා ආරක්ෂාව පැතීම වැනිය.
එහෙත් මෙහි දී ලංකාවේ ඇති රෝහල් වල වර්තමාන තත්වය හා බොහොමයක් වර්තමාන වෛද්‍යවරුන්ගේ හැසිරීම් ද මේ කතාවට ඈඳා තිබීම එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවැති ඉසව්වේ තිබූ දෙයක් දැයි සැක සහගතය. කතාවේ කෙලවර හා කතාවේ ප්‍රධාන චරිතයද මෙම "යටි අරුත" ට පෑහන්නේ නැත. ඊට අමතරව "කතාවට" වැඩකට ඇතැයි නොසිතෙන චරිත කිහිපයක්ද බලෙන් රිංගුවා ඇත.
එබැවින්, මා මුලින් සිතූ ලෙස ම මෙය විකාරයක් යැයි නිගමනය කරමි.
මෙයද සම්මානයක් සඳහා නිර්දේශ කතාවකි.
No comments:
Post a Comment