Tuesday, May 25, 2021

Last Train to Istanbul

කතෘ: Ayşe Kulin (අයිශ කුලින්)

පරිවර්තකතුර්කි භාෂාවෙන් ඉංග්රීසියට පරිවර්තනය කලේ John W. Baker

ප්රකාශක: Amazon Crossing 2006


මෙම කථාව ඇන්තනි ඩෝර් ගේ All The Light We Cannot See කථාව සිහි කරවයි.  මෙහි භාෂා හැසිරවීම හා කතාව පෙල ගැසීම ඩෝර් ගේ පොත තරම් හොඳට නොවූවත් ඩෝර් විසින් ඔහුගේ කතාවට එකතු කරන ලද අගතිගාමී අදහස් (prejudice) මෙහි දකින්නට නොමැත.  (භාෂා හැසිරවීමේ අඩුපාඩු පරිවර්තකගේ වැරැද්දක් විය හැක.)

පළවන ලෝක යුද්ධය අවසානයේ පැවති දේශපාලනික වාතාවරණය සමගින් තුර් කියේ සුල්තාන් පාලනය අවසන් විය.  තුර්කිය එක්සේසත් කල අට-ටුක් (Atatürk) තුර්කි සමූහාණ්ඩුවේ පියා ය.  දෙවන ලෝක සංග්‍රාමය එරෝපය පුරා පැතිර යද්දී එවකට තුර්කි සමූහාණ්ඩුවේ පාලකයා වූ ඉනොනු (Inönü) එන්ගලන්ත, ජර්මන්, ඇමරිකන්, හා රුසියන් ආණ්ඩු වල බලපෑම් දක්ශ ලෙස මග හරිමින් රට මධ්‍යස්ත ලෙස තබා ගැණීමට ඉමහත් වෙහෙසක් දරයි.  


රූමත් සබීහා හා සෙල්වා ගේ පියා ඔටමන් (Ottoman) අධිරාජ්‍යයේ සුල්තාන් පාලනයේ වංශාධිපතියෙකු (Aristocrat) වන ෆසීල් රිසෙට් පාශා (Fazil Reşet Paşa) ය. ඔහු තම දූවරු දෙදෙනාට  කතෝලික පෞද්ගලික පාසැල් අධ්‍යාපනයක් හා ලිබරල් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙයි. ඔවුන් දෙදෙනාටම භාෂා කිහිපයකින් චතුර ලෙස කථා කල හැකිය.


ඉනොනු ගේ පරිපාලනයේ ඉහල තනතුරක් දරන මසිට් (Macit) සබීහාගේ සැමියා ය.  ඒ අතර සෙල්වා යුදෙව් (Jewish) ජාතිකයෙකු වන රෆායල් (රෆෝ) සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනි.


1492 දී ස්පාඤ්ඤයේ ඉසබෙලා හා ෆර්ඩිනන්ඩ් විසින් කතෝලික ආගම වැලඳ නොගත් සියලු යුදෙව්වන්ගේ වතුපිටි ගෙවල් හා ධනය රාජ සන්තක කොට පිටුවහල් කල වේලේ ඔටමන් සුල්තාන් විසින් ඔවුන් තුර්කියට සාදරයේන් පිලිගත්තේය. එවක් පටන් යුදෙව්වන්ට නිදහසේ ජීවත් වීමට ලැබුනු අතර වෙළඳාම මගින් ඔවුහු ධනවතුන් බවටද පත් විය.


සෙල්වා හා රෆෝ ගේ ප්‍රේම සම්බන්ධයට ඔවුන්ගේ පවුල් දෙකම තදින් විරුද්ධ විය.  මුස්ලිම් කෙල්ලකු හා යුදෙව් කොල්ලෙකු අතර විවාහයකට එම සමාජයේ පිලිගැනීමක් නොතිබින.  දෙපැත්තේ බාධක නොතැකූ ඔවුන් දෙදෙනාගේ විවාහයට රෆෝගේ පැත්තෙන් කිසිම නෑයෙකු නොපැමිනි අතර සෙල්වා ගේ පැත්තෙන් ආවේ සබීහා හා මසිට් පමණි.


විවාහයේ පසු ප්‍රංශයට ආගමනය කරන සෙල්වා හා රෆෝ මහන්සියෙන් දිවි ගෙවයි.  ඔවුන්ගේ පුතා ෆසීල් ලෙස තම පියා ගේ මුල් නමින් නම් තැබීමට සෙල්වා කටයුතු කරයි.  ඔවුන් සමග ලිපි මගින් සම්බන්ධකම් පවත්වන්නේ සබීහා පමණි.  ජර්මන් හමුදා ප්‍රංශ හමුදා පරාජය කිරීමත් සමග ප්‍රංශයේ පාලනය ජර්මනියට ගැති විශී ආණ්ඩුව විසින් කරණ ලදි.  ජර්මනිය යුදෙව්වන් අල්ලා ගාල් කඳවුරු වලට එකතු කිරීමට පටන් ගත් කල රෆෝගේ හා සෙල්වාගේ කලදසාව ඉතා අපහසු විය.


ප්රශයේ තුර්කි තානාපති කාර්යාලය මගින් ප්රංශයේ සිටින තුර්කි යුදෙව්වන් දුම්රියක් මගින් හොර රහසේ තුර් කියට ගෙන යාමට වැඩ පිලිවෙලක් සකසයි.  මෙම වැඩ පිලිවෙල සාර්ථක වේදැයි කිසිවෙකුට අනුමාන කල නොහැක.


එකදාස් නවසිය හතලිස් ගනන් වල තුර් කියේ ඉහල සමාජය හා ඔවුන්ගේ ගත් පැවතුම් කතුවරයා කියවන්නාට හඳුන්වා දෙයි.  පොඩි පොඩි අඩුපාඩු තිබුනද මම මෙම කථාව රස විඳි බව කියනු කැමැත්තෙමි.

No comments:

Post a Comment