Wednesday, May 26, 2021

The Hunt for Vulcan—… and how Albert Einstein destroyed a planet, discovered relativity, and deciphered the universe

Author: Thomas Levenson

Publisher: Random House 2015


1781 මාර්තු 13 දා William Herschel විසින් අලුත් තරුවක් නිරීක්ෂනය කලේය. ඔහු එය වල්ගා තරුවක් යැයි සිතූමුත් රුසියන් හා ප්‍රංශ ගනිත්ඥයන් දෙදෙනෙකු විසින් කල ගණනය කිරීම් අනුව එය නවතම ග්‍රහයෙක් බව හෙලිවිය. මෙම ග්‍රහයා Uranus ලෙස පසුව නම් විය.


Uranus ගේ නිරීක්ෂිත ගමන් මාර්ගය Newton’s Laws අනුව ගණනය කල මාර්ගය හා සැසැඳුනේ නැත. ප්‍රංශ ගනිතඥ Urbain-Jean-Joseph Le Verrier මෙම අභියෝගය බාර ගත්තේය. ඔහුගේ ගණනය කිරීම් අනුව Uranus ගේ අස්ථාවර ගමනට හේතුව මෙතෙක් නුදුට නවතම ග්‍රහයෙකුගේ බල පෑමයි. නිව්ටන්ගේ විද්‍යාව (Newton’s Laws) අනුව කල ගණනයකින් Le Verrier හට මෙම නවතම ග්‍රහයා අහසේ පිහිටි ස්ථානය නිගමනය කිරීමට හැකිවිය. අහසෙහි මෙම ස්ථානය පරීකෂා කොට ග්‍රහයෙක් තිබේදැයි සොයා බලන ලෙස Le Verrier විසින් Johann Gottfried Galle හට අරාධනා කලේය. Galle 1846 සැප්තැම්බර් 23 දා ඔහුගේ දුරේක්ෂය (telescope) අහසේ Le Verrier සඳහන් කල ස්ථානය වෙත යොමු කලේය. රාත්‍රී 12 ත් 1ත් අතර වේලාවකදී Le Verrier විසින් සඳහන් කල ලෙසම එම ස්ථානයෙන් නවතම තරුවක් සොයා ගැනීමට Galle සමත් විය. මෙම තරුව තව දුරටත් නිරීක්ශනය කිරීමෙන් එය නවතම ග්‍රහයෙක් බව තහවුරු විය.


Neptune නමින් පසුව නම් කල මෙම ග්‍රහයාගේ සොයා ගැනීම නිව්ටන්ගේ විද්‍යාවේ ඉහලම ජයග්‍රහනයක් ලෙස කවුරුත් පිලිගත්හ.


මෙම ජයග්‍රහනයත් සමග සූර්ය ග්‍රහමන්ඩලයේ ඇති තවත් ප්‍රශ්නයක් වෙත Le Verrier තම අවධානය යොමු කලේ ය. මෙම ප්‍රශ්නය precession of the perihelion of Mercury’s orbit ලෙස හැඳින් වේ. ග්‍රහයෙකුගේ සූර්යයා වටා ගමනේදී ග්‍රහයා සූර්යයාට ඉතාම ලංවන ස්ථානය perihelion ලෙස හැඳින් වේ. ග්‍රහ මන්ඩලයේ ඇති අනෙක් ග්‍රහයන්ගේ බලපෑම නිසා Mercury ගේ perihelion සෑම කක්ෂයක් (orbit) පාසා වෙනස් වේ. මෙම වෙනස් වීම precession of the perihelion ලෙස හැඳින් වේ. බුධ (Mercury) ගේ perihelion සෑම අවුරුදු 100 කට වරක් 565 arcsecond පමන ඉදිරියට ගමන් කරයි. Le Verrier ගේ ගනණය අනුව වීනස් ගේ බලපෑම arcsecond 280.6 ක වෙනසකටද, බ්‍රහස්පතිගේ බලපෑම arcsecond 152.6 වෙනසකටද, පොලොවේ බලපෑම arcsecond 83.6 කටද ආදී වශයෙන් මුලු බලපෑම අවුරුදු 100කට arcsecond 526.7 පමන සීමා වේ. එනම් සෑම අවුරුදු 100 කට වරක් බුධ ගේ perihelion අනපේක්ෂිත ලෙස තවත් arcsecond 38.3 ඉදිරියට ගමන් කරයි.  මෙන්න මේකයි precession of the perihelion of Mercury’s orbit ලෙස හැඳින්වෙන ප්‍රශ්නය.


Neptune ජයග්‍රහනයත් සමග ඒ අනුව සිතූ Le Verrier මෙම වෙනසට හේතුව බුධත් සූර්යයාත් අතර බුධගේ බරින් භාගයක් පමනවන වස්තුවක් ඇති බවට අනාවැකියක් පල කලේය. බුධගේ බරින් භාගයක් වන් වස්තුවක් මෙතෙක් කල් නොපෙනී තිබීමට අපහසු බව තේරුම් ගත්  Le Verrier ඒ වෙනුවට asteroid වැනි වස්තූන් බොහොමයක් බුධත් සූර්යයාත් අතර ඇතැයි අනුමාන කලේය. මෙම වස්තූන් Vulcan (වල්කන්) ලෙස හඳුන්වනු ලැබූ අතර ලොව පුරා විද්‍යාඥයන් වල්කන් සෙවීමට පටන් ගත්හ. 


කිසිවෙකු විසින් වල්කන් සොයා ගත්තාද? මෙම පොතෙහි කතාව එයයි. මෙම කතාව ඉතාම දක්ෂ ලෙස ලියා ඇති බව නොකියා බැරිය.


The following is a teaser from the book.


On Christmas Eve Einstein wrote to Conrad Habicht, an old friend, not a physicist, that he was working on a new, relativistic law of gravitation. His aim? “To explain the still unexplained secular changes in the perihelion of Mercury.”

No comments:

Post a Comment