Monday, May 24, 2021

යකඩ සිල්පර

කතෘ: විමල් උදය හපුගොඩාඅරච්චි
ප්‍රකාශක: සුරස 2018

සමහර විට එක දිගටම සිංහල නවකතා කියැවීමත්, එයින් බොහොමයක් ඉතිහාස නවකතා වීමත් මා වෙහෙස කර ඇතැයි සිතේ.  2000 ගනන් වල මුල ලංකාවට ආ විටක කෝට්ටේ පාර දිගටම ලඟ ලඟින් ආප්ප කඩ විය. එක් අයෙක් ආප්ප කඩයක් දා ඉතාම ජනප්‍රිය වූ පසු හැමෝම ආප්ප කඩ දාගත් බව මගේ මිතුරෙක් කීවේය.  තව අවුරුදු හතරකට පසු එන විට ඒ ආප්ප කඩ සියල්ලම පාහේ තිබුනේ නැත.  මිනිසුන්ට ආප්ප කාලා ඇති වූ බව එම මිතුරාම කීය.  දිගින් දිගටම නොයෙක් පලාත් වල භාෂා ව්‍යවහාර යොදා ගනිමින් ලියා ඇති කතා කියවීම මට නම් “ආප්ප එපා වීම” දක්වා පැමිණ ඇත.  මේ අපහසුව තීව්‍ර වන්නේ මේ කියන භාෂා ව්‍යවහාර ඇත්තටම තියේ දැයි සිතෙන විටය.  අපි ඉස්කෝලෙ යන කාලේ මීරිගම සිට ලමයෙක් අපේ පාසැලට දුම්රියෙන් ආවේය.  එයට අමතරව නේවාසිකාගාරයේ ලංකාවේ හැම පලාතකින්ම පැමිණි ලමුන් සිටියහ.  ඒ කාගේවන් වත් මෙවැනි භාෂා හරඹ ඇසූ බවක් නම් මට මතක නැත.  නවගත්තේගමගේ සුද්දී කියෙව්වේ පාසැල් යන කාලයේ ය. නවගත්තේගමවත් මෙවන් භාෂා හරඹ කල බවක් ද මට මතක නැත.


මේ පොතේ ඇති කවි වලට නම් මේ භාෂා ව්‍යවහාරය ගෑවි ලා වත් නැත.


මගේ වෘත්තීය පුහුණුවත් නවකතා කියැවීමට භාදාවක් යැයි සිතමි.  නවකතා වල ඇති වැරදි මට කැපී පෙනේ.  මෙහිද වැරදුනු තැන් දෙකක් ඇත. එකක් නම් මුද්‍රණ දෝශයක් විය හැක. අනෙක නම් වරදක් ලෙස හැඟේ.


පොතේ එක තැනක එන්ගලන්තයේ මහ රජු හත්වන ජෝන් නමින් ලියා ඇති අතර ඊට පසු තැනෙක එන්ගලන්තයේ මහ රජු හත්වන ජෝර්ජ් ලෙස (නිවැරදිව) සඳහන් කර ඇත.  එ නිසා මෙය මුද්‍රණ දෝශයක් විය හැක.


එහෙත් දෙතැනකම නාගොල්ලාගම සිට දුම්රියෙන් පැමින කොටුවේ දුම්රිය ස්ථානයෙන් බැස්ස බව සඳහන් විය.  සුද්දාගේ කාලේ ප්‍රධාන දුම්රිය ස්ථානය මරදාන මිස කොටුව නොවේ. (ඇයි කොටුවට යන්නට බැරි දැයි ඇසීමට පෙර කතාව කියවා සිටින්න.)


මෙහි ඇති බොහොමයක් තැන් ඇත්තම ඒවා ය.  කිඹුල්වානා ඔයද, කටුවන්නාව නම් ගමද ඇත.  නමුත් කිඹුල්වානා ඔය දැන් වැටෙන්නේ දැදුරු ඔයට නොවේ. දැදුරු ඔයත්, කිඹුල්වානා ඔයත්, මගුරු ඔයත් දැන් වැටෙන්නේ දැදුරු ඔය ජලාශය නම් වූ ජලාශයකට ය.  කටුවන්නාවේ “කටුවන්නා ආසන ඝ්‍රරය” නමින් හැඳින් වෙන ඉතාදැකුම්කළු නටබුන් ඇත.  The Ancient Ceylon ලියූ Henry Parker ද කටුවාවන ගැන සඳහන් කර ඇතැයි අන්තර්ජාලයෙන් සොයා ගත හැකිවූ අතර දෙවන පරාක්‍රමබාහු රජතුමා උපන්නේ ද මෙහි යැයි සඳහන් විය.  (කෝ දැන් ඒ ගැන ජනකතා?) පාකර් ගේ පොත ලඟදීම කියැවීමට අදහස් කරමි.  (නැවත ආ දිනෙක කටුවන්නාවට යාමට අදහසක් ඇත. )


තව සමහරක් ගැන ලියා ඇති දේ ඇත්ත දැයි සැක සහගතය.  “ලංකාවේ උඩරට වංශවතුන් තරම් කුහක මිනිසුන් කොටසක් ගැන තමා අසා නොමැති බව අමන් දියූසා නම් සමාජ පර්යේෂණ කරන ආචාර්යවරයෙක් වරක් මා සමඟ කීවේය." (198 පිට)  අන්තර්ජාලය පිරික්සමින් මේ කියන "අමන් දියූසා" සොයා ගැනීමට කල සෑම ව්‍යවර්ථනයක් ම අසාර්ථක විය.


කලවා යේ හෙණරාජ තෛලය තිබේ නම් වෙඩි නොවදින ජන කතාවත් මෙහි ඇති මුත්1818 දී හා 1848 දී මෙම තෛලයේ අනුහස භාවිතා නොකලේ මන්දැයි කතුවරයාම වෙන තැනක අසා ඇත.

No comments:

Post a Comment