කතෘ: ශාන්ති දිසානායක
ප්‍රකාශක: සරසවි 2019
කථාව සහ භාශා වහර සිත් ගන්නා සුළුය. පොත වරුවකින් කියවා නිම කරන තුරු වෙන වැඩක් ගැන සිත නොගියේය.
මල පෙරේතියක් කාන්තිලතා ගේ නුහුරට හිටියා? මටත් මෙය ප්‍රශ්නයක් විය. එහෙත් මුරකාමි ගේ කතා කියවා පුරුදු මට මෙය ගනනක් නොවීය. පොත කියවා අවසන නැවත ආවර්ජනය කිරීමේදී යටි අරුත(ක් ඇත්නම්) සිහියට නැගේ යැයි බලාපොරොත්තු වීමි.
මල පෙරේති පේන්නේ කාන්තිලතාට පමණි. නංගීට සැරවැර කරන විටක මල පෙරේතී දෘශ්‍යාමාන වේ. නංගීට පහර දෙන්නට තතනන අත පෙරේතී අඹරවා දමයි. තමාගේ කුඹුර අනවසරයෙන් වැපුරූ මිනිහා ගේ උදළු පහර වලක්වන්නේ පෙරේතිය. එම මිනිසාගේ හිසට ඔහුගේම උදැල්ලෙන් කොටන්නට සැරසෙන පෙරේතී නවත්වන්නේ කාන්තිලතාය. ලමයා හමුවීමට පෙර ස්වර්ණතිලකා ආගිය තැන් සොයා එහි යාමට කාන්තිලතා පොලඹවන්නේ පෙරේතිය.
පසු දැක්වෙන්නේ මගේ අර්ථනිරූපනයයි. කාන්තිලතා බහු පුරුෂ ආභාධයෙන් (multiple personality disorder) පෙලෙන්නියකි. පෙරේතී ඇයගේ එක් පෞරුෂත්වයකි.
නමුත් ඉහත සඳහන් තියරියේ එක් හිලක් ඇත. එය මෙසේය.
නංගී ගෙදර දමා දේවාලයට ගිය කාන්තිලතා නංගී ලමයාට කිරි දෙන එකක් නැතැයි සිතා වහාම ගෙදර ආ කල දරුවාට කිරිදෙන නංගී දකියි. නංගී පවසන්නේ ඈ මිදුලේ සිටිනා විට නොපෙනන කවුරුදෝ ඇය ගෙතුලට තල්ලු කොට හඬන දරුවාට කිරි පෙවීමට සැලැස්සූ බවයි. එසේ නංගීව ගෙට තල්ලු කලේ පෙරේතී බව කාන්තිලතාට ඒත්තු යයි.
කාන්තිලතා බහු පුරුෂ ආභාධයෙන් පෙළුනා හෝ නැතා හෝ ඇයට තැන් දෙකක (ගෙදර හා දේවාලයේ) එකම වේලාවේ සිටිය නොහැක.
කතාව හොඳ වුවත්, කතාවේ කෙලවර එතරම් සාර්ථක නැත.
මෙය මා කියැවූ ශාන්ති දිසානායකගේ මුල්ම පොතයි. මෙයද සම්මානයකට නිර්දෙශ වී ඇත්තේය.
ප. ලි. අමා නයනාදරී සමඟ කල සාකාච්චාවකින් පසුව මෙම පොත ගැන නැවත සිතා බැළුවෙමි. මෙය මයා යතාර්ථවදී නව කතාවක් ලෙස සලකන්නේ නම් මා මේ සටහනෙහි සඳහන් කල සියලු අභියෝග බිඳ වැටෙන්නේ යැයි සිතමි.
Sept. 1, 2021.
No comments:
Post a Comment