කතෘ: සේපාලී මයාදුන්නේ
ප්‍රකාශක: ගොඩගේ 2015
මුලින් මුලින් මැණිකේ ගේ හා රටේ රාල ගේ ප්‍රශංසා වල ඉමහත් සත්‍යතාවයක් ඇති බව වැටගෙන්නට සිද්ධ වුනාය. ඒත් ඵුස්ථකයේ මැද භාගයේ සිට ඒකාකාරී බවක් දැනෙන්නට පටන් ගත් තෙනෙ. එකල් හී මේ පුස්ථකය පසෙකින් තබා වෙනත් ඵුස්ථක කියැවීමට හිත ඇදුනාය. එහෙත් වරින් වර නැවත පැමිණ ඵුස්ථකය අවසානය දක්වාම කියැවීමෙහි යෙදුනාය.
මෙහි ඇති ඉතිහාසය මා නාරසිංහෙටම උගත්තත් කලින් අසා දුටු ඒවා නම් නොවේමය. එහෙත් මෙම ඉතිහාස කථා තහවුරු කර ගැනීමට වෙනස් ඵුස්ථක මා ලඟ නැතුවාය. නීල මානික්‍ය මැණිකේත්, වීරපිටියේ රටේ රාල උතුමාත් මයාදුන්නේ කුමාරිහාමි ව ඉතා ඉහලින් වර්ණනා කල බැවින් එතුමිය පරියේශණ කොට මෙම ඵුස්ථකේ ලියන්නට ඇතුවාට සැක සංඛා තබා ගැන්ම අප වැනි නාරසිංහෙටම උගත් ඇත්තන්ට නුසුදුසුවාය.
මීට කලින් කියවා අහවර කරන්නට යෙදුණු, මෙම ඉතිහාසයේම අවසානය ගැන ලියැවුණු ඵුස්ථක වන අෂාඪ පුෂ්පය හා දූල්වල අලංකාරේ සිහියට එනවාය. ගණේ උන්නාන්සේ අන්තිමට ගත්ත තීරණය නිවැරදියැයි මටත් වැටහුනාය.
ඉංගිරීසීන් ගෙන් උගත් පරජන්තරාවාදය පරමාදර්ශී පාලන කරමයක් නොවන බව සැබෑවාය. ඒත් මේ ඵුස්ථකයෙන් එලිදරව් වන අසම්මත පාලන ක්‍රමයට වඩා පරජන්තරාවාදය දාහෙන් සම්පතක් බව මට ඒත්තු ගැන්වුන තෙනෙ.
මේ කාලේ ඉන්නා සමහර සිල්වත් සමාගමේ අයගේ හා ඒ කාලේ හිටි ගණේ ඇත්තන්ගේ පරම්පරාවේ අයගේ වෙනසක් සොයා ගන්නට නැතුවාය. මායාදුන්නේ කුමාරිහාමි ගේ යටි අරමුණ මේ බැව් අපට ඒත්තු ගැන්වීම දෝ දැයි ද සිතුනාය. තවත් සිල්වත් සමාගමක උත්පත්තිය ලබන්නට කාලය එලඹ ඇති බවද වැටහුනාය.
සිඬි රස්තු.
No comments:
Post a Comment