Thursday, May 27, 2021

Trail of Lightning (2018), Storm of Locusts (2019)

කතෘ: Rebecca Roanhorse

ප්‍රකාශක: Saga Press 2019


රෙබෙක රෝන්හෝර්ස් “නවහෝ” (Navajo) ජාතික කාන්තාවකි.  ඔවුන් තමන් හඳුන්වන්නේ "ඩිනෙ" (Diné) ජාතිකයින් හැටියටයි.  ඔවුන්ගේ නිජ භූමිය "ඩිනෙටා" (Dinétah) යනුවෙන් හැඳින් වේ.  (Navajo යන වචනය ප්වෙබ්ලො (Pueblo) ජාතිකයින් විසින් ඩිනේ ජාතිකයන් හැඳින්වූ නමයි.)  ඩිනෙටා දැනට ඇති "කොලොරාඩෝ", "නිව් මැක්සිකෝ", "යූටා" හා "ඇරිzසෝනා" ප්‍රාන්ත අතර පැතිර ඇත.  ඩිනෙ ජාතිකයින්ගේ විශ්වාසය අනුව මේ ලෝකය මීට පෙර හතර වතාවක් විවිධ හේතු නිසා විනාශ වී ඇත.  දැන් පවතිනේ පස්වන ලෝකයයි.


පරිසර දූෂණය නිසා පස්වන ලෝකය විනාශ වෙන්නේ මුහුද ගොඩ ගැලීමෙනි.   ඩිනෙ ජාතිකයින් මෙය Big Water නමින් හඳුන්වයි.  Big Water නිසා ඇමරිකාවේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති අතර දකුණින් ඩිනෙටා ලඟටම වතුර ගලා ඇත.  ඩිනෙටාව ආරක්ශාව සඳහා සිමා මායිම වටා විශාල තාප්පයක් ගොඩ නගා ඇත.  එහෙත් ඩිනෙටාව තුලම අමනුශ්‍යයින් ජීවත් වේ.  සමහර දෙවියන්ද ඩිනෙ මිනිසුන්ට විරුද්ධ ව කටයුතු කරයි.  මෙම බලගතු අමනුශ්‍යයින්ගෙන් ඩිනෙ ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ එවැනිම බලගතු හැකියාවන් ඇති ඩිනෙ තරුණියක් වන මැගී හොස්කි (Mggie Hoske) ය.  ඇයට උදව්වට එවැනි බලගතු හැකියාවක් ඇති තරුණයෙක් වන කායි අර්වීසෝ (Kai Arviso) එකතු වෙයි.  


මේ පොත් දෙක හයවන ලෝකය (6th world) ගැන කතුවරිය ලියන්නට බලාපොරොත්තු වන පොත් පෙලක (6th world series) පලමු පොත් දෙකයි.  මෙම කතාව හෝමර් (Homer) ගේ ඉලියඩ් (Iliad) ද, මෑඩ් මැක්ස් (Mad Max) චිත්‍රපටි පෙලද සිහි ගන්වයි.    ෆැන්ටසි ශානරයට අයත් වන මේ පොත් දෙකම රස වින්දෙමි.


මේ පොත් කියවන අතරේ ඩිනෙ ජාතිකයින් ගැනත් ඔවුන්ගේ සංස්කෘතිය ගැනත් වෙනම කියැවීමි.  ඩිනෙටා වෙත යෑමට උනන්දුවක්ද ඇති විය.


පසු සඳහන් වන්නේ මුල්පොතෙන් කොටසකි.


And with my need, Honágháahnii comes.  Like a streak of wild fire through my veins, churning through my muscles, turning me into something more than I am without it.  My eyesight sharpens.  My lungs expand.  And I fly, feet light, barely touching the ground.  Instinctively I dodge trees, leap felled branches and dense underbrush.  I am close to the monster too fast, in the millisecond between breaths.  I stutter step and then launch myself at his broad back.


Impact, and the three of us crash to the forest floor.  The girl goes flying from his arms as he smashes face-first into the ground.  Hi big body cushions my fall, giving me a moment of advantage that I take.  I roll, drawing my knife even as I get my legs under me.  I’m ready when the monster gets to his feet.

No comments:

Post a Comment