Tuesday, May 25, 2021

Dhammapada—Wisdom of the Buddha (English-Pali Edition)

කතෘ: Harishchandra Kaviratna
ප්‍රකාශක: Theosophical University Press


මෙම සටහන කියවන්නන් ධම්මපදං ගැන දන්නවා ඇතැයි සිතන නිසා පොතේ අන්තර්ගතය ගැන ලිවීමට අදහස් නොකරමි. එහෙත් කතුවරයා සපයා ඇති පොතේ හැඳින්වීම අගනා බැවින් පිලිබඳව කෙටි සටහනක් තබමි.


(1) ආගමේ ඒකාධිකාරී බව තමන් වෙතම තබා ගැනීමට උත්සාහ කල බ්‍රාහ්මණ පූජකයින් විසින් උවමනාවෙන්ම ආගමික ගීතිකා (religious hymns) ලියා තැබීමට විරුද්ධ විය. 


මේ සඳහා සඳහනක් ලෙස T. W. Rhys Davids ගේ Buddhist India නැමැති පොතෙන් කොටසක් කතුවරයා හැඳින්වීමට ඇතුලත් කරයි.


We cannot, therefore, be far wrong if we suppose they [the Brahmans] were not merely indifferent to the use of writing as a means of handling on the books so lucrative to themselves, but were even strongly opposed to a method so dangerous to their exclusive privileges.  And we ought not to be surprised to find that the oldest manuscripts on bark or palm leaf known in India are Buddhist; that the earliest written records on stone and metal are Buddhist; that it is the Buddhists who first made use of writing to record their canonical books; ” —Page 119


(2) සාක්‍ය පරපුරේ පෙළපත් කතාව සොයාගැනීම සඳහා උපකාරී වූයේ දෙවන සියවසේදී (කනිෂ්ක රජතුමාගේ කාලයේ) විසූ අශ්වඝෝෂ විසින් ලියන ලද සංස්කෘතික කාව්‍ය ග්‍රන්ථයන්  හා එකොලොස්වැනි ශතවර්ශයේ කාශ්මීරයේ විසූ ක්ශේමේන්ද්‍ර නැමැති බෞද්ධ කවියා විසින් ලියන ලද "අවධාන කල්පලතා" හා “සාක්‍ය උත්පත්ති” නැමැති ග්‍රන්ථයි.


කතුවරයා කියන අන්දමට 1272 දී කුබ්ලායි ඛාන්ගේ ආගමික අනුසාසක Phags-Pa ගේ අනුමැතිය ඇතිව Sovi-rton Lochava විසින් “අවධාන කල්පලතා” ටිබැට් භාෂාවට පරිවර්තනය කරන ලදි. සොයා ගැනීමට අපහසුව පැවති සංස්කෘත භාශාවෙන් ලියන ලද මුල් පිටපත Sri S. C. Das විසින් 1882 දී සොයා ගන්නා ලදි.


“අවධාන කල්පලතා” පොත හෝ “සාක්‍ය උත්පත්ති” පොත හෝ අශ්වඝෝෂ විසින් ලියන ලද පොත් හෝ  සොයා ගැනීමට තිබේද? කතුවරයා මෙම පොත ලියා ඇත්තේ 1980 දී නිසා මෙම පොත් සොයා ගැනීමට ඇතැයි සිතමි.


(3) සිද්ධාර්ථ කුමාරයා හට විශ්වමිත්‍ර ලවා ඉගැන්වීම Alexander හට Aristotle ලවා ඉගැන්වීම හා සමාන බව කතුවරයා පෙන්වා දෙයි. කතුවරයා කියන ලෙස,

It is noteworthy that the young man was taught to decipher pictographs as well as sign language of cave dwellers and those plying the seas.

මේ කියමන සඳහා පාදක වූයේ පැරණි සංස්කෘතික හා තිබ්බත බෞද්ධ ලියවිලි,  ජෛන හා වේදාන්ත ලියවිලිය.


(4) බුදුහාමුදුරුවන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යන රහතුන් වහන්සේලා හට ඒ ඒ මිනිසුන්ගේ ගේ භාෂාවෙන්ම බණ දෙසන ලෙස නියම කලහ. ඒ අනුව යමින් මහින්ද මහ රහතුන් වහන්සේ විසින් ලක්දිව ධර්ම ප්‍රකාශ කලේ සිංහලෙනි. පලමු සිංහල ධම්මපදය "දහම්පිය" නමින් සඳහන් විය. අවාසනාවකට මෙන් ධර්මය 88-76 BC හිදී සිංහලෙන් පාලියට හැරවූ පසු "දහම්පිය" අමතක වී ගියේය.


ආචාර්ය කවිරත්න මහතා Sanskrit, Prakrit, Magadhi, Hindi, English, German, හා Latin භාශා ගැන දැනුමැත්තෙකැයි මෙම පොතහි පසු පිට සටහන ලියූ පූජ්‍ය පුඤඤාසාර මහ හිමි පවසයි.



No comments:

Post a Comment