Thursday, May 27, 2021

එක්ස්

කතෘ: සුසිත රුවන්
ප්‍රකාශක: MusesBooks 2018


ඇමරිකාවේ බොස්ටන් නගරයේ ධනපතියෙකු වූ Percival Lowell දහනමවන සතවර්ශයේදී අඟහරු මත දක්නට ලැබෙන ඉරි සලකුණු එහි සිටින දියුනු සත්ව වර්ගයන් විසින් තනන ලද ඇල මාර්ග පද්දතියක් බවට ප්‍රකාශ කලේය.  මින් නොනැවතුනු ඔහු එවක ඇමරිකාවේ තිබූ විශාලතම දුරේක්ෂය ඇරිසෝනාවේ ඉදිකොට එහි පර්යේශන සඳහා විද්‍යාඥයන්ද සේවයට ගත්තේය.  යුරේනස් හා නැප්චූන්ගේ ගමන්මාර්ග වල තිබේයැයි සැලකූ විශමතා ඊටත් එහායින් ඇති තවත් ග්‍රහලෝකයක බලපෑම නිසා බව ගනනය කල Lowell, මෙම ග්‍රහලෝකය Planet X නමින් හැඳින් වීය.  එහෙත් ඔහුට එම ග්‍රහලෝකය සොයාගැනීමට නොහැකි විය.

මේ අතර 1930 දී Clyde Tombaugh විසින් ප්ලූටෝ සොයාගන්නා ලදි.  එහෙත් ප්ලූටෝ අපේක්ශිත “ප්ලැනට් x” ගේ විශාලත්වයට කොහෙත්ම ආසන්න නොවීය.  පසු කලෙක ප්ලූටෝ ග්‍රහයෙක් නොව නැප්චූන්ට එහායින් ඇති Kuiper Belt වස්තුවක් බවට පහතට දමන ලදි.  (චන්ද්‍රිකා මගින් අළුතින් එකතු කරගත් දත්ත නිසා යුරේනස් හා නැප්චූන්ගේ පැරනි දත්ත වෙනස් වීමත් සමග Lowell ගනනය කල විශමතා පහව යෑමත් සමග “planet X” සඳහා වූ අවශ්‍යතාවය නැතිව ගියේය.)


එනමුත් කැලෑපත්තර කාරයින් (conspiracy theorists), ව්‍යාජ විද්‍යාකාරයින් (pseudoscientists) හා ආගමික උන්මත්තකයින් (religious fanatics) “planet X” අතහැරියේ නැත.  ඔවුන් පැරනි බැබිලෝනියන් කතා හා මායන් කතා අළුත් කර ගත්හ.  එයින් එක් කතාවක් Nibiru cataclysm යනුවෙන් හැඳින් වේ.  ඔවුන්ගේ පිලිගැනීම අනුව මෙම ශතවර්ශයේ මුලදී පෘතුවිය හා සමාන ග්‍රහයෙක් පොලොව හා ගැටීම මගින් ලෝක විනාශය සිදුවේ.


මේ අතර මේ ලඟදී සොයාගත් සමහර Kuiper belt objects වල ගමනාගමනය පැහැදිලි කිරීම සඳහා නැවතත් “planet x” හී පැවැත්ම ඉදිරිපත් කෙරිනි.  මෙවර මෙම උපකල්පිත ග්‍රහයා “planet 9” යනුවෙන් හැඳින්වේ.  පෘතුවිය මෙන් දහගුණයක් පමන බර වන මෙම උපකල්පිත ග්‍රහයා හිරුගෙන් astronomical units (AU) 400 ත් හා 800 ක් පමන දුරින් හිරු වටා ගමන් කරයි. (පෘතුවිය හා හිරු අතර දුර 1 AU වේ.)  එවැනි “planet 9” ක් ඇත්නම් එය සොයාගැනීමට තවම හැකිවී නැත.


සෙනසුරුගේ වලලු සෑදුනේ කෙසේදැයි තවම ස්ථීර නිගමනයක් නොමැති මුත් නවතම මත කිසිවක් “planet x” එකක් ගාවා ගන්නේ නැත.  නවතම මතයක් අනුව සෙනසුරුගේ වලලු අවුරුදු මිලියන් 50 කට පමන පෙර ඇතිවූ වග කියැවෙන අතර පැරනි මත වන්නේ වලලු සෙනසුරු තරම්ම පරණ බවයි.


හිරුගේ හා පෘතුවියේ Lagrangian points ගැන විස්තරයක් ලියන්නට ගිය හොත් මෙම ලියවිල්ල දිගුවෙන නිසා ඒ ගැන උනන්දුවක් තිබෙන අයෙකුට පහත සඳහන් ලින්කුවට යන ලෙස ඉල්ලා සිටිමි.  Lagrangian points පහක් තිබෙන අතර L3 තිබෙන්නේ පෘතුවි කක්ශයේ හිරුට පසුපසිනි.  පෘතුවිය හා සසඳන විට ඉතා කුඩා වස්තුවකට හැර ග්‍රහයෙකුට නම් මෙම Lagrangian points පහම ඉතාම අස්ථීර බව කිව කිව යුතුය.  කැලෑපත්තර කාරයින් L3 හී planet X තිබෙන්නේ යැයි මතයක් ඉදිරිපත් කලද එහි මැනිය හැකි තරමේ දෙයක් නොමැති බව පරීක්ශණ මගින් තහවුරු වී ඇත. 

https://en.wikipedia.org/wiki/Lagrangian_point


පෘතුවියේ දැනට සොයාගෙන ඇති එකම ට්‍රෝජනයා L4 හී ඇත.

https://en.wikipedia.org/wiki/Earth_trojan


මේ මා කියැවූ සුසිත රුවන්ගේ පලමු පොතයි. පොතක් ලෙස මෙය සාර්ථක බව කිව හැක.  මෙම කතාව ගෙතීමේදී සුසිත බොහෝ දුරට සත්‍ය විද්‍යාත්මක කරුණු කලවම් කර ඇති බව මගේ අදහසයි.  මෙම පොතෙහි යම් දුර්වලතාවයක් ඇත්නම් එය 17 වන පරිච්චේදයයි.  slang කියන ඒවා වැඩිකල් පවතින ඒවා නොවේ.  1970-80 ගනන්වල තිබූ slang දැන් නැත. දැන් ඇති slang 2479 වනතුරු ව්‍යවහාරයේ පවතී යැයි විස්වාස කල නොහැක.  එබැවින් පහත සඳහන් සංවාදය ගැලපෙන්නේ නැත.


“වැඩේ අල වෙන්නයි යන්නෙ. එක පාරට බලන්න එපා.  ඔය එන පොලිස්කාරයා මම අඳුනන ඩයල් එකක්".


එම පරිච්චෙදය සම්පූර්ණයෙන්ම ඉවත් කලා නම් කතාවට කුමන අන්දමේ හෝ භාදාවක් නොවන අතර කතාව තවත් focus වනු ඇත.  


මෙම පොත කියවා පැහැදුනු මම කතෘගේ "රාවණා මෙහෙයුම්" පොත් දෙකම මිලදී ගතිමි.


මෙම කතාවට සම්බන්ධ තවත් කරුණු ගැන පහත ඇති ලින්කු බලන්න.


https://www.space.com/40375-super-earth-exoplanets-hard-aliens-launch.html


https://arxiv.org/pdf/0912.3017.pdf


https://www.facebook.com/groups/sinhalareaders/permalink/1330758357000328/


No comments:

Post a Comment