Wednesday, May 26, 2021

Title: Elephant Don—The Politics of a Pachyderm Posse

Author: Caitlin O’Connell
Publisher:University of Chicago Press 2015


කේට්ලින් (Caitlin) ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ (Stanford University) ආචාර්‍ය වරියකි (faculty member).  ඈ අවුරුදු ගනනාවක් නැමීබියාවේ පිහිටි එටෝෂා අභය භූමියේ (Etosha National Park) පිහිටි මුෂාරා (Mushara) නැමැති විල (water hole)  අසබඩ සිට අප්‍රිකානු අලින් (African Elephants) ගේ හැසිරීම් අධ්‍යනය කරයි.  (මෙතැන් සිට "අප්‍රිකානු අලින්" පහසුව සඳහා "අලින්" යනුවෙන් පමනක් හඳුන්වමි.)  කේට්ලින්ට මෙම විලට පැමිනෙන අලින් වෙන් කොට හඳුනා ගැනීමට හැකි අතර ඇය ඔවුන් අතර කැපී පෙනෙන අලින් හට නම් තබා ඇත.


මීට මාස කීපයකට උඩදි PBS Network එකේ පෙන්නුවා පැයක විතර වාර්තා චිත්‍රපටයක් (Documentary Movie) ලංකාවේ අලින් ස්ම්බන්ධව.  මෙම චිත්‍රපටයේ හිටියා අලි ස්ම්බන්ධව පරීක්ෂන පවත්වන නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි.  (මේ දෙන්නා එකට පරීක්ෂන කරන අය නොවෙයි.) 


මේ නෝනා වහලෙ ගලවපු වාහනයකින් අලින් ලඟටම ගිහිල්ලා වාහනේ හිටගෙන අලින් දිහා බලාගෙන පොඩි නෝට් පොතක කුරුටු ගාමින් තමයි අලි ගැන පර්යේෂන කරන්නෙ.  අලි නම් මීට කැමැත්තක් දැක්කුවෙ නැහැ.  කිහිප වතාවක්ම රැලේ හිටපු ලොකුම අලියා වාහනේ වෙත  තර්ජනාත්මක ආකාරයකින් පැමිනියා. එතකොට ඒ නෝනා අලියාට අත දිගු කරලා නවතින්න කියලා අන කලා.  ඒ නිසා හෝ වෙනයම් කරුනක් නිසා හෝ අලියා වාහනේ ලඟටම ඇවිල්ලා ආපහු හැරිල ගියා.


මීට අමතරව දෙස්-විදෙස් සංචාරකයන් රැගත් වහලෙ නැති වාහන රුත්තක්ම අධික වේගයකින් ඇවිල්ලා අලි ලඟ නැවැත්තුවා.  මට අලි ගැන සෑහෙන අනුකම්පාවක් ඇති උනා.  Caitlin ගෙ අලි පරීක්ෂන වලයි, අපේ නෝනගෙ අලි පරීක්ෂන වලයි විශාල වෙනසක් තියන බව මෙම පොත කියවන කොට මට දැනුනා.


අලි පවුලක සිටිනුයේ ගැහැනුන් සහ කර නොඉස්සුනු ගැටවුන් පමනි.   වැඩිහිටි ගැහැනුන් අලි ගැටවුන්ගේ කර ඉස්සුනු ගමන් ඔවුන් පවුලෙන් නෙරපා හරිනු ලැබේ. මෙයට හේතුව ඔවුන්ගෙන් අලි කෙල්ලන්ට සහ සමහර විට වැඩිහිටි ගැහැනුන්ට පවා එල්ල වන කාමාතුර කරදර කිරීම්ය.  මෙම නෙරපන ලද අලින් තවත් එවැනිම අලින් සමග කාන්ඩ ගැසී ජීවත් වෙයි.  කේට්ලින්ගේ පර්යේශන කරනුයේ මෙවැනි පිරිමි අලි කාන්ඩයකි.  


මෙම කන්ඩායමේ නායකයා Greg ය.  ඔහුගේ කන්ඩායමේ සිටින වරින් වර සිටින අනෙත් අලියන් වනුයේ Osh, Vicent Van Gogh, Kevin, Michael Jackson, Billy the kid, Luke, Tim, Prince Charles, Torn Trunk (ඉරුනු හොඬවැලා), Abe, Tyler, Mike සහ Congo වේ.  සමහර කාල වලදී මොවුන්ගෙන් සමහරක් වෙනත් කන්ඩායම් වලට එකතු වන අතර තවකෙකු තනිවම කල් ගත කරන්නට පෙලඹේ.  Greg සමග නිතරම සිටින්නන් ලෙස Torn Trunk, Mike, Kevin, Tim හැඳින්විය හැක.  


කේට්ලින් ලියා ඇත්තේ Greg ගේ කතාවයි.  අලින්ගේ ගති පැවතුම් චාරිත්‍ර වාරිත්‍ර ඇය මැනවින් පැහැදිලි කරයි.  එම කතාව අතර තුර ඇය ඇයගේ පර්යේෂන ගැනත් පර්යේෂන ක්‍රම ගැනත් පැහැදිලි විස්තර සපයයි.  


ඒ අතරතුර සිදුවන වෙනත් විශේෂ සිදුවීම් ගැන විසිතරත් ඇතුලත් කිරීම නිසා කියවීම තවත් රසවත් වේ.  


දිනක ගැහැනු hyena කීප දෙනෙකුගෙන් බේරීම සඳහා පිරිමි හයීනෙක් කඳවුරු පිටියට රිංගයි.  සිංහයෙකුගේ ඉව වැටුන බැවින් ගැහැනු හයීනන් ඉවත්වීම නිසා එදා පිරිමි හයීනා ගැලවේ.  තවත් දිනක සිංහ යුවලක් මධු සමය ගත කිරීමට කඳවුර ඉදිරිපිට තෝරා ගනියි.  සිංහ දේනුව නොකඩවා සිංහයාගෙන් සෙනෙහස ඉල්ලූ අතර සිංහයා සෑම මිනිත්තු හයකට පමන වතාවක් මෙම ඉල්ලුම් සඳහා රාත්‍රිය පුරා කැප විය.  (සිංහයෙකුට සිංහ දේනුවකගේ මෙම ඉල්ලීම් සඳහා තුන් දහස් වාරයක් පමන නොකඩවා ඉදිරිපත් විය යුතු බව කියැවේ.)  තවත් දිනක සිංහයෙක් කඳවුර ඇතුලට පැමිනීමට උත්සාහ ගැනීම නිසා ඔහු එලවා දැමීමට රාත්‍රිය පුරා වෙහෙසීමට සිදු විය.


කඳවුර ඇතුලට කලු මාම්බෙකු රිංගීම ගැන විස්තරයෙන් කොටසක් කෙට්ලින්ගේ වචනයෙන්ම ඔබ හමුවේ තබමි.


If you’ve ever heard of a black mamba it was probably in context of its being one of the most dangerous aggressive and largest venomous snakes in Africa.  And of those who like to collect trivia on dangerous snakes, though it’s the second largest venomous snake in the world, next to king cobra, the black mamba is seven times more venomous than the cobra and can grow up to fourteen feet.


There are plenty of deadly snakes out there in Africa that don’t strike the same fear in the heart because you’d probably have to step on them to get bitten, such as the well-camouflaged puff adder.  The puff adder is reputed to be responsible for more fatalities than any other snake in Africa—despite the fact that, even when it gets going, it moves like a caterpillar, all chubby, sluggish, and slow


Not so the mamba, which not only has deadly venom but is also incredibly aggressive when threatened.  It can rear a third of its body up off the ground to deliver multiple bites—up to twelve in a row—when just one bite would be enough to kill twenty to forty grown men.


On top of this is the fact that they are the fastest moving snakes alive and have been clocked at twelve miles per hour.  Having previously witnessed their speed and aggression, when one of these demons found their way into camp, I knew we had to plan our mamba extraction strategy very carefully.



No comments:

Post a Comment