කතෘ: ශමෙල් ජයකොඩි
ප්‍රකාශක: සරසවි 2019
කතෘතුමිය දාර්ශණික ලිවීමක් කිරීමට උත්සාහ කර ඇත්දැයි සැක සිතේ. එම සැකය අදාල නම් ඇය එනයින් සාර්ථක වී නැති බව මගේ හැඟීමයි.
ඇය විසින් සමහර විට යොදාගන්නා බස්වහර මට ආගන්තුක ය. ගැහැණියකගේ යෝනියට ඇගේ ශුද්ධස්තානය කියා කියනු මම අසා නැත.
"අපි කොළඹ යමු. ඔයා නැටුම් පන්තියක් දාන්න. මම ඔයාගේ නැටුම් ඉගෙනගන්න එන පළවෙනි සිසුවිය වෙන්නම්." ඇය එසේ කියද්දී එහි යටි අර්ථය වුණේ කොළඹ ගිය පසු ඇගේ ශුද්ධස්ථානයට ඇතුළු වන්නට අවසර දෙන බවට ඉඟියකුයැයි මම දැන සිටියෙමි.
පොතේ ඇති සමහර දේ තේරෙන්නේ නැත. (මා එසේ කීවාට ඒ දේ තේරෙන අය සිටිය හැකි බැවින් උදාහරණයක් දෙමි.)
මා සිටියේ මගේ පාපය, කිසි දිනෙක මට අයත් කරගත නොහැකියැයි සිතූ ගැහැනිය හා සිහිනෙන් දහස්වාරයක් වරදේ බැඳුණු මගේ පාපය පසෙක තිබියදී සැබෑවටම ඇය සොයමිනි.
මෙහි සඳහන් වන "පාපය" කුමක්දැයි මට වැටහෙන්නේ නැත.
මෙය මා කියැවූ ශමෙල්ගේ මුල්ම නවකථාවයි. ඇය කුසලතා ඇති කතෘවරියකි. කතාව අසාමාන්‍ය වුවත් අවසානය දක්වා විරාමයකින් තොරව කියවිය හැක. මෙය මෙවර සම්මානයක් සඳහා ද තෝරාගත් නවකථාවකි.
No comments:
Post a Comment