Wednesday, May 26, 2021

යුදබිමක වෙද මහිම—දේශප්‍රේමය එන්නත් කරනු පිනිස—හතරවන ඊළාම් යුද්ධයේ වෛද්‍යවරයෙකුගේ අත්දැකීම් ඇසුරින් ...

කතෘ: පැතුම් කර්නර්
ප්‍රකාශක: කවිවර 2018


මෙම කතෘවරයා අවසාන ඊලම් යුද්ධයේදී එකල බ්‍රිගේඩියර් පදවිය ඉසුලූ ශවේන්ද්‍ර සිල්වා ගේ 58 වන සේනංකය සමග ගමන් කල වෛද්‍යවරයෙකි.  58 වන සේනාංකය වෙඩිතලතිව් පසු කලාට පසු එයට සම්බන්ධ වූ මොහු යුද්ධය අවසාන වනතුරු එම සේනාංකයේ තුවාල කරුවන්ටත්, ඉන් අතර තුර අනුරාධපුරයේ හමුදා රෝහලේද සේවය කොට ඇත.


යුද්ධය කාලයේ යුද පෙරමුන ගැන නිවැරදි වාර්තා ඉදිරිපත් කල නිර්නාමිකයෙකු විසින් නඩත්තු කල blog එකක් කියැවීමට අපි පුරුදු වී සිටියෙමු.  (මෙම bolg හි "සැකිල්ලක්" දැනුදු ඇති මුත් එහි තිබූ වාර්තා හා එල්ටීටීඊ ආධාරකරුවන් හා ලංකා හමුදාවේ ආධාර කරුවන් අතර ඇතිවූ බහින් බස් ඉවත් කර ඇත.)  මේ පොතෙහි ඇති සමහර වාර්තා මට ඒ සමය මතක් කලේය.  දීර්ඝ සටනකින් පසු ඉලුප්පයිකඩවෙයි ඇල්ලු  58 වන සේනාංකය සාමාන්‍යයෙන් කරන සේ ඇල්ලූ ප්‍රදේශය ඒකාබද්ධ  (consolidate) නොකොට එදිනම තවදුරටත් ඉදිරියට ගොස් වෙල්ලන්කුලම් ද ඇල්ලූ බව මෙම blog හි වාර්තා කල විට එල්ටීටීඊ ආධාරකරුවන් මුලින් විස්වාස නොකල මුත් පසුව විස්මිත වූහ.  එල්ටීටීඊ කරුවන්ගේ කයිවාරු අඩුවෙන්නට පටන්ගත් දිනයක් ඇත්නම්, ඒ 58 වන සේනාංකය වෙල්ලන්කුලම් ඇල්ලූ දිනයයි.


රටේ එවක ජනාධිපති තුමාටත්, එවක ආරක්ෂක ලේකම් තුමාටත්, එවක ත්‍රිවිධ හමුදාපති වරුන්ටත් ඔවුන් විසින් යුද්ධය අවසාන කිරීමට කල මෙහෙවර ගැන ලැබිය යුතු නිසි ප්‍රශංසා කිරීමට කතුවරයා මෙම පොතෙහි කිසිසේත්ම පැකිලී නැත.  


එහෙත් යුද්ධය ගැන ඇති තොරතුරු වලට වඩා කතුවරයාගේ පෞද්ගලික තොරතුරු ඇති බැවින් මෙය කතුවරයාගේ චරිතාපදානයක් දැයි සැක සිතේ.  කතුවරයා හොඳ සංස්කාරක වරයෙකු සමග එකතු වී මෙම පොත ලිව්වා නම් දැනට ඇති තත්වයට වඩා හොඳ පොතක් ලිවීමට කරුණු ඔහු සතුව ඇති බව මගේ නිගමනයයි.

No comments:

Post a Comment