Monday, May 24, 2021

The White Buddhist—The Asian Odyssey of Henry Steel Olcott

කතෘ: Stephen Prothero, Professor of Religion at Boston University, MA

ප්‍රකාශක: Indiana University Press 2011


"සෑම අවුරුද්දකම පෙබරවාරි 17 දා ලංකාව පුරාම බෞද්ධයින් පහන් හා හඳුන්කූරු පත්තු කොට ඕල්කොට් තුමා සමරයියන පාඨය මෙම පොතේ හැඳින්වීම පරිච්ඡේදයේ මුලින්ම සඳහන් .(See footnote 1) 

කතුවරයා මෙම පාඨය උපුටාගෙන ඇත්තේBuddhist Homage for an Americanශීර්ෂය ඇතිව 1962 පෙබරවාරි 18 දා New York Herald Tribune හී පලවූ ලිපියකිනි.(See footnote 2) 

ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන ඩඩ්ලි සේනානායක මහතා මෙසේ කියා තිබේ. “(ඕල්කට් තුමා) ලංකාවේ නිදහස සඳහා අරගලයේ එක් වීරයෙක් වන අතර ජාතික, ආගමික, හා සංස්කෘතික පුනර්ජීවනයේ පුරෝගාමියෙක් ද වේ.”(See footnote 3)  

තවත් අයෙක් ඕල්කට් තුමා කලින් ඉන්දියාවේ අසෝක රජ හැටියට උත්පත්තිය ලබා සිටි බව කියා තිබේ.  බුදුන් වහන්සේ ගැන නොදන්නා තවකෙක් ඕල්කට්තුමා මීට කලින් ආත්මයක බුදු වී සිටි බවද කියා ඇත.(See footnote 4)


කෙසේ වෙතත් ඕල්කොට් තුමාගේ චරිත කතාව ඉතා මැනෙවින් පර්යේශනය කොට ලියා ඇති මහඟු කෘතියකි මෙය.  මෙම පොත ලියා ඇත්තේ විශේෂඥයන් සඳහා හෝ අඩුම ගනනේ උපාධිධාරී ශිෂ්‍යයන් (graduate students) සඳහා ය යනු මගේ හැඟීමයි.  මා විශේෂඥයෙක් නොවන බැවින් මෙම පොත කියවීම සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදු විය.  මේ කෘතිය ගැන කෙටියන් ලියා නැවතීම නුසුදුසු යැයි සිතමි.


Part 2:

ප්‍රෙස්බිටේරියන් (Presbyterian) පවුලක වැඩිමහලු දරුවා ලෙස හෙන්රි ස්ටීල් ඔල්කොට් 1932 දී නිව් ජර්සි (New Jersey)  ප්‍රාන්තයේ Orange County හි දී උපත ලැබීය. හෙන්රි යොවුන් වියේ සිටියදී ඔල්කොට් පවුල නිව් යෝර්ක් නගරයට සංක්‍රමනය විය.  වයස අවුරුදු 15 දී උසස් අධ්‍යාපනය සඳහා හෙන්රි University of the City of New York (now New York University) යට ඇතුලු වූ නමුත් අවුරුද්දක් ඇතුලත යුනිවර්සිටියෙන් ඉවත් වී ඒ කාලේ සිටි තරුණයන් අතර වූ විලාසිතාවක් අනුව “බටහිර” ට යන්නට පිටත් විය.  ඔහුගේ බටහිර ගමන ඔහායෝ (Ohio)  ප්‍රාන්තයෙන් නිමා වූයේ ඔහුගේ මවගේ පැත්තෙන් නෑ වන ස්ටීල් (Steele) සොහොයුරන් හා සමග එක් වීමෙනි.  මෙහි දී ගොවිතැන් කිරීමට හවුල් වූ හෙන්රි ඊට අමතරව ස්ටීල් සොහොයුරන්ගේ අභාශයෙන් spiritual  moment එකකට ද එකතු විය.  මෙම spiritualists මියගිය අයගේ sprits සමග සංවාද කිරීමට (can communicate with) හපන්නු ලෙස නම් දරා සිටියහ.  ඔවුන් හට මෙම sprits ලවා නොයෙක් දේ කිරීමට හැකියාවක් ඇතැයි ද පෙන්නුම් කලහ.  


He saw tables suspended in air, heard sprit raps, and dodged objects hurled mysteriously around a seance room. 


හෙන්රි spiritualist  කෙනෙක් බවට හැරුනු අතර සමහරුන් විසින් යොදාගන්නා ලද හොර වැඩ ඉවත් කොට spiritual moment එක ප්‍රතිසංස්කරනය කල යුතු යැයි ද සිතුවේය.  ඒ කාලයේ තිබූ න්‍යායන් අධ්‍යනය කිරීමෙන් “spiritual grand fathers” ලා ගේ ලෙඩා අතගෑමෙන් පමනක් ලෙඩ සුව කිරීමේ බලයන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කල හැකි යැයි විස්වාස කලේය.  එම න්‍යායයන් අතර psychology, hypnotism, සහ  mesmerism (See footnote 5) විය.  (ඕල්කට් තුමා ලංකාවේද spiritual healer කෙනෙක් ලෙස ප්‍රසිද්ධ වූ බව කියැවේ.)  ඒ අතරම ඔහු Universal Reform (See footnote 6) කෙරෙහි ද දායෙකයෙකු විය.  


අවුරුදු හයකට පසු 1853 දී  හෙන්රි නැවත නිව් යෝර්ක් නගරයට පැමිනීයේය.


තවත් spiritualist කෙනෙකු වූ ආචර්ය James Maples ගෙන් කෘශිකාර්මික රසායන විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ ඔහු Maples ගේ Working Farmer මාසික සඟරාවේ assistant editor හැටියටද කටයුතු කලේය.  ඒ අතර ඔහු නිව්යෝර්ක් නගරයේ අනෙක් spiritualists සමග එකතු වී New York Conference of Spiritualists නමින් සංගමයක් බිහි කලේය.  මෙම සංගමයේ අරමුන වූයේ spiritualism ගැන පරීක්ශන කිරීමයි.


Its objectives were two fold: “first to ascertain, if possible, whether there is life awaiting us in the future; secondly, whether there is an intercommunication between this and the spiritual sphere.”


මාධ්‍ය වේදියෙක් හැටියට ලද හුරුකම් පාවිච්චි කරමින් එකල නිව්යෝර්ක් නගරයේ ජනප්‍රියම spiritualist පුවත් පත වූ Spiritual Telegraph හි ලිපි දොලහක් පමන පල කරවා ගැනීමටද ඔහු සමත් විය.  ඒ අතර තුර හෙන්රි කෘශිකාර්මික විද්‍යාලයක් පටන් ගත්තද එම ව්‍යාපාරය සාර්ථක නොවීය. 1857 දී ඇතිවූ ආර්ථීක අවපාතයෙන් පෙලෙද්දී ඔහුගේ මාධ්‍යවේදී මිතුරෙක් මගින් New York Tribune පුවත් පතෙහි රැකියාවක් හෙන්රිට ලැබින.  Tribune හි රැකියාව කරන කාලයේ දී ඕල්කට් හට එපිස්කෝපල් දේවගැතිවරයෙකුගේ දුවෙකු වූ Mary Eplee Morgan මුණ ගැසින.  දෙදෙනා 1860, අප්‍රේල් 26 වෙනදා අතිනත ගත් අතර ඔවුන්ගේ වැඩිමහළු දරුවා 1861 දී උපන්නේය.


ඇමරිකානු සිවිල් යුද්ධයේ ආරම්භයත් සමගම නිව්යෝර්ක් නගරයේ අනෙක් තරුනයන් මෙන් හෙන්රි ද හමුදාවට බැඳින.  ඕල්කොට් ගේ පුවත්පත් කලාවේදී හැකියාව වටහාගත් ඇමරිකානු රජයේ යුධ ලේකම් Edwin Stanton විසින් ඔහුව යුධ දෙපාර්තමේන්තුවේ විශේෂ කොමසාරිස් තනතුරකට පත් කලේය. මෙම තනතුරේ වගකීමක් හැටියට යුධ හමුදාවට ආයුධ විකිනීමේදී ඇතිවූ වංචා මැඩ වංචාකරුවන්ට දඩ හා හිර දඬුවම් දීමට ඕල්කට් කටයුතු කලේය.


ලින්කන් ඝාතනයෙන් පසුව 1865 දී යුධ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වූ ඕල්කට් තවත් මිතුරෙක් සමග නීති කාර්යාලයක් පිහිටුවා නීතීඥයෙක් හැටියට  වැඩ ඇරඹීය.  (The Law Offices of F.C. Bowman and H. C. Scott, 7 Beekman Street, New York City.)  වැඩි කලක් යන්නට පෙර ඕල්කොට් Insurance law පිළිබඳව විශේෂඥයෙක් ලෙස පතල විය.


Thus by early 1870s Olcott has proven that he was, as he had claimed, “a radical anti-Tammany Republican”.  In addition to uprooting government and business fraud in the army and navy, he had worked to standardize accounting procedures throughout the War Department, to rationalize insurance law, to bolster the morale of New York City’s police, to bring the assassin of a beloved president (Lincoln) to justice, and to undermine the nefarious influence of a city boss. 


Part 3:

1874 ගිම්හානය උදාවන විට ඕල්කට් ගේ නීති ව්‍යාපාරය ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවති අතර ඔහුට New York Stock Exchange, The United States Treasury, The City of New York, Panama Railway Company වැනි සේවාදායකයින් සිටියේය.  ඒ අතර ඔහුගේ ව්‍යාපාරික සම්බන්ධතා මගින් මැන්හැටන් (Manhattan)  හී  ප්‍රභු මහතුන් සඳහා පමනක් වෙන් වුනු කීර්තිමත් Lotos Club හි සමාජිකත්වයද ලැබීය.  එනමුත් ඔහුගේ විවාහ ජීවිතය බිඳ වැටෙමින් තිබින.  එහෙත් ඒ ගැන විමසිලිමත් වනු වෙනුවට ඕල්කට් නැවතත් “spiritualist crusade” සඳහා තම අවධානය වැඩිපුර යොදවන්නට පටන් ගති.


නිව් යෝර්ක් ප්‍රාන්තයේ උතුරේ “Eddy Family Farmhouse spiritualist phenomenon” ගැන “විද්‍යාත්මක පරීක්ශණයයක්" කිරීම සඳහා ගිය ඕල්කොට් එහි වූ සිද්ධීන් ගැන New York Sun පුවත් පතට ලිපි කිහිපයක්ම ලිවීය.  1875 දී මෙම ලිපි එකතුව People from the Other World නමින් පොතක් ලෙස පිට කලේය.  මෙම පොත කියවූ එක් මහත්මියක් ඕල්කොට් හමුවීමට ඉටා ගත්තාය.


රුසියන් ජාතික Helena Petrovna Blavatsky උපන්නේ 1831 දී යුක්‍රේනයේ දීය.  ඇය තිබ්බතය, ඊජිප්තුව වැනි රටවල සංචාරය කොට spiritualist phenomenon අධ්‍යයනය කර තිබින. ඇගේ eclectic esotericism (See footnote 7) ප්‍රචාරය කරමින් සිටින අතරතුරේ දීයි ඇයට ඕල්කට් ගේ පොත හා ලිපි ගැන ඇස වැටුනේ.


ඇය සිගරැට්ටුවක් තොල් මත රැඳවූ විට ඕල්කොට් තම ලයිටරයෙන් ඇගේ සිගරැට්ටුව දැල්වූවේය. ජනප්‍රවාදයේ එන අන්දමට ඔවුන් මුන ගැසුනේ එලෙසයි.  ඔල්කොට් ක්ශනිකව ඇගේ spiritual powers වලට වසඟ වූයේය.  ඔවුන් දෙදෙනා හිත මිතුරන් බවට පත්වූහ.(See footnote 8)  යෙලියෙනා පෙත්‍රොව්නා බ්ලවට්ස්කයා ඇගේ මැන්හැටන් අපාර්ට්මන් එකේ හිතවතුන් සමග නොයෙක් නොයෙක් මාතෘකා ගැන විමර්ශන කතිකාවත් පැවැත්වීය.  ඒ මාතෘකා අතර “the Phallic elements in religions; the soul of flowers; recent wonders among the mediums; history; Romanism; Gravitation; the Carbonari; jugglery; Crooke’s new discoveries about the force of light; the literature of magic විය.  මෙවැනි කතා බහ කෙරුනු එක් දිනයක The Theosophical Society බිහිවිය.


During one particularly lively salon gathering, Olcott rose to propose the formation of a voluntary association devoted to scientific investigation of “spirit phenomena, mesmerism, Old Force, psychometry, the magnet, occultism and practical magic”.


 බ්ලවට්ස්කයා හැරුනු විට අනෙක් ආරම්භක සාමාජිකයින් 15 දෙනාම නීති වේදීන්, දොස්තර වරුන්, පුවත්පත් වේදීන් වැනි මහත් වරුන් වූහ.  බ්ලවට්ස්කයා ලේකම් වූ අතර ඕල්කොට් සභාපති විය.(See footnote 9)  Isis Unveiled (1877) නැමැති පොත ලිවීම සඳහා පරීක්ශන කරද්දී ඕල්කොට්-බ්ලවට්ස්කයා දෙපොලට පැරණි ඉන්දියානු සාහිත්‍යය ගැන කියවන්නට ලැබින.  සෑම බටහිර දැනුමකම මූලාශ්‍රය පෙරදිගින් ලැබුනු බව ඔවුහු මෙම පොතෙන් එලිදරව් කලේය. එම පොතෙහි පලමු සංස්කරනයෙහි කොපි 1000 ම දවස් දහයකින් විකිනී අවසන් විය.


Part 4:

බ්ලවට්ස්කයා occult spiritualism ගැන තම අවධානය යොදවද්දී ඕල්කොට් කෙමෙන් කෙමෙන් spiritualism කෙරෙන් ඈත් වී ආසියානු ආගමික පොත පත කෙරෙහි නෑඹුරු විය.  ඕල්කොට් 1877 පමන සිට ඉන්දියානුන් හා ලාංකිකයන් කිහිප දෙනෙක් සමහ සම්බන්ධතා ඇති කර ගත්තේය.  මේ වන විට Theosophical Society යේ අරමුණු ඕල්කොට් විසින් වෙනස් කරන ලදි.


Olcott now claimed that the Theosophical Society began with two closely related objectives in mind: to promote Asian religious traditions in America and to discredit Christianity in Asia.


ආසියානුවන් සමග කල ලිපි හුවමාරු වලදී ඕල්කොට් මෙම නවතම අරමුණු අවධාරනය කලේය.  


In the summer of 1877, he sent a letter to Sinhala monk that underscored the wide divide between Oriental wisdom and “the common enemy—Christianity”.(See footnote 10)


ආසියානුවන් සමග කල ලිපි ගනු දෙනු හා ඔහුගේ ආගමික—බුදු දහම, හින්දු ආගම හා සොරැස්ටියන් ආගම—කියවීම් මගින් ආසියානු සංචාරයකට ඕල්කොට් තුල ඇතිවූ උනන්දුව වැඩි වන්නට පටන් ගත්තේය.  Indo-American Trading Co නමින් සමාගමක් පිහිට වූ ඕල්කොට් සමාගමේ ආනයන හා අපනයන කටයුතු වෙනුවෙන් අරමුදල් එකතු කලේය. 


By October 1878 Olcott had used his Lotos Club connections to persuade thirteen of “best men in NY” to back him in his effort to amass a “Syndicate” of business interests in supporting East-West trade, and by December at least one company had contributed $500 in seed capital.


දෙසැම්බර් 13 දා රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඕල්කොට් හට ඩිප්ලොමැටික් පාස්පෝට් එකක් නිකුත් කලේය.  


1878 දෙසැම්බර් 17 දා හවස ඕල්කොට් හා බ්ලවට්ස්කයා ඉන්දියාවට යෑම සඳහා "කැනඩා" නැමැති නැවට ගොඩ වූහ.  ලන්ඩන් වල කෙටි නැවතුමකින් අනතුරුව දෙදෙනා 1879 පෙබරවාරි 16 දා බොම්බේ වරායෙන් ඉන්දියාවට ගොඩ බැස්සහ.  වරායේ කොන්ක්‍රීට් පර්යන්තයට පය තැබූ සැනින් ඕල්කොට් දන ගසා පොලොව සිඹ ගත්තේය.  ශුද්ධ භූමියට කල පූජාවක් ලෙසයි ඔහු ඒ ක්‍රියාව සැලකූවේ.


ආසියාවට ඒමට පෙර බෞද්ධ හා හින්දු සම්ප්‍රදායයන් ගැන එතරම් දැනුමක් නොමැති හෙයින් ඕල්කොට් ට වුවමනා වූයේ ආසියානු ගුරුවරුන්ගෙන් බුදුදහම හා හින්දු දහම ඉගෙනගැනීමට යැයි ඔහුගේ ලිපි මගින් ආසියානුවන්ට දැනුම් දී තිබින.  ඉන්දියාවට පැමින මාසයක් ඇතුලත පැවැත්වූ ඕල්කට්ගේ ප්‍රථම දේශනයේදී ආසියාවට ඇමරිකානුන්ගේ තාක්ශනික දැනුම අවශ්‍ය බව පරකාශ කලේය.


Only if modern India can imbibe the technological and commercial spirit of America will it be able to prosper materially; and only if it prospers materially will it be able to revive the moral and spiritual example of ancient India; thus just as surely as the morally decadent West needed the inspiration of the spiritually superior East, so impoverished India required the examples of the economically superior United States.

Photo: Olcott and Blavatsky in Bombay 1881.


ඕල්කොට් ගේ ඉන්දියානු සංචාරයට අත හිත දුන්නේ ස්වාමි දයානන්ද් සරස්වතී සහ ඔහුගේ ආර්ය සමාජ් නැමති සංවිධානයයි.  වසරක් ගත වෙත්ම දෙදෙනා ඉන්දියානුවන් අතර ජනප්‍රිය විය.  1879 දෙසැම්බර් 21 දා Literary Society of Benares Pandits විසින් ඕල්කොට් ගෞරවනීය සාමාජිකයෙක් ලෙස බඳවා ගැනින.  මේ අතර ලංකා බෞද්ධයන් ඕල්කොට් ලංකාවට එනතුරු පුල පුලා බලා සිටියහ.  


1880 මැයි 7 දා ඕල්කොට් හා බලවට්ස්කයා බොම්බේ සිට ලංකාව බලා ඒමට නැව් නැංගේය.


Part 5:

මැයි 16 වන දා ඕල්කොට් සහ බ්ලවට්ස්කයා ගමන් ගත් කුඩා නෞකාව කොළඹ වරායට සේන්දු විය. බෝට්ටුවකින් ඕල්කොට් හමුවීමට පැමිනියේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, එම පන්සලේම සාමණෙර වරුන් සහ ජෝන් රොබට් ද සිල්වාය.  ඕල්කොට් ගේ Old Diary Leaves හී ඔහු මෙම හමුවීම මෙලෙසින් සටහන් කොට ඇත.


We dropped anchor in Colombo harbour on the morning of 16th May, and after awhile a large boat came alongside bringing Megettuwatte Gunanada, the Buddhist orator priest, John Robert de Silva, and some junior priests of Megettuwatte’s pansala.  De Silva was our first fellow of Theosophical Society in Ceylon, having joined by letter before we left New York.  I made the very natural mistake of supposing, from his Portuguese name, that he was a Roman Catholic, and that his sympathetic letter to me and application for admission into membership were but Missionary traps.  


It was all right, and de Silva ever been one of the best, most efficient, intelligent, and sincere Buddhists I have ever met.  But that the Sinhalese should keep the Portuguese and Dutch Christian surnames, which they took from motives of policy during successive periods of Portuguese and Dutch supremacy, when their own Sanskrit names are infinitely prettier and more appropriate, is surprising and, it must be confessed, dishonoring the nation.


මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ඕල්කොට් තුමා ඇතුළු පිරිස සාදරයෙන් පිලිගත් අතර ඔවුන්ට ගාල්ල දක්වා යාත්‍රා කරන ලෙස දන්වා තමන්වහන්සේද දුම්රියෙන් ගාල්ලට පැමිනෙන බව වදාල සේක.


පසුවදා දහවල් ගොක් කොල කෙසෙල් ගස් හා මල් වලින් සැරසූ බෝට්ටුවක් ඕල්කොට් තුමා සහ පිරිස නැවේ සිට ගාල්ලට රැගෙන ආහ.  ගාලු වරායේ සිට රථ නවතා තිබූ තැන දක්වා සුදු පාවඩ අතුරා තිබින.  රැස්ව සිටි විශාල ජනකාය සාදු සාදු නාද කරමින් කොඩි වනමින් ඕල්කොට් තුමා ඇතුළු පිරිස පිළිගත්හ.  එතැන් සිට විජේර්ත්න මහත්මියගේ නිවස කරා වූ ගමන සෙමින් වූයේ වීදි පුරා රැස්ව සිටි මහ ජනතාව නිසාය.  විජේරත්න මහත්මියගේ ගෙදරදී නායක හාමුදුරුවන්ගෙන් තුන් සරණ හා පන්සිල් සමාදන් වීමෙන් ඕල්කොට් තුමා බෞද්ධයෙක් බවට පත් විය.  ඕල්කොට් තම ඩයරියේ මෙසේ සඳහන් කරයි.


Our hostess and her son, the Deputy Coroner of Galle, lavished every hospitality upon us, loading the table with delicacies and delicious fruits, such as we had never seen equalled, and dressing it in the charming Sinhalese manner, with flowers and pretty leaves; and the walls were beautiful with them in artistic devises.  Every now and then a new procession of yellow-robed monks, arranged in order of seniority of ordination and each carrying his palm-leaf fan, came to visit and bless us.  It was an intoxicating experience altogether, a splendid augury of our future relations with the nation.


ඕල්කොට් හමුවීමට පැමිනි හිමි වරුන් අතර බුලත්ගම සුමනතිස්ස නම් වූ හිමිනමක් ද විය.  ඔහු ඕල්කොට් අමාරුවේ වැටෙන ප්‍රායෝගික විහිළුවක් කොට ඕල්කොට්ට අමතක නොවන පාඩමක්ද ඉගැන් වීය.  ඕල්කොට් තම ඩයරියේ මෙසේ සඳහන් කරයි.


There were no end of metaphysical discussions with the aged High Priest Bulatgama Sumanatissa, and other sharp logicians.  This old man let me into a nice embarrassment.  He begged me to call on a list of Europeans and write to twenty Burghers inviting them to join with Buddhists in forming a branch of Theosophical Society.  In my innocence I did so, and the next morning could have bitten off my finger for shame, for they sent me insulting replies, saying that they were Christians and wanted to have nothing to do with Theosophy or Buddhism.  It was a lesson for me, and during the many years that have elapsed since then, I never repeated the mistake.

බුලත්ගම සුමනතිස්ස හිමියන් චායාරූපය ලබාගත්තේ http://amazinglanka.com/wp/kathaluwa-purana-viharaya/ තැනිනි.


Part 6:

ඕල්කොට් තුමා බෞද්ධයෙකු වීම සඳහා ගාල්ලේදී පන්සිල් සමාදන් වූයේ දොඩංදූවේ පියරතන තිස්ස මහ නාහිමිගෙනි.  පියරතන තිස්ස මහ නාහිමියෝ ඉංගීසි පාලන කාලය තුල ලංකාවේ පලමුවන බෞද්ධ විද්‍යාලය ඉදිකිරීමට මූලීකව කටයුතු කලේය.  මෙම පාසැල ජිනලබ්ධිවිශොදන විදුහල (meaning “in love of Buddha”) නමින් 1874 දී ගාලුපාරේ 64 හා 65 වන සැතපුම් කණු අතර පාර අයිනේ ඉදි කරන ලදි. (කොළඹ සිට ගාල්ලට දුර සැතපුම් 72 කි.)  මෙම විද්‍යාලය ගා/පියරතන විද්‍යාලය නමින් දැනට හඳුන් වන අතර සුද්දාගේ පාලනය අවසන් වන තුරුම ලංකාවේ හොඳම විද්‍යා රසායනාගාරයක් තිබූ විද්‍යාලයක් වූ අතර මෙම පාසැලේ ආදි ශිෂ්‍යයින් ඉංජිනේරුවන් හා දොස්තරවරුන් වූහ.  (කළු සුද්දාගේ පාලන කාලය ආරම්භයේ සිට මෙම පාසැල පරිහානියට පත් විය.)(See footnote 11)


1880 වන විට රජයේ අනුග්‍රහය ලැබූ පාසැල් 1200 ක් තිබූ අතර එයින් බෞද්ධ පාසැල් තිබුනේ 4 කි.  මිශනරි වරුන්ගේ ක්‍රිස්තියානිකරණයට විරුද්ධ බෞද්ධ ප්‍රතිචාරය 1862 දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය අරම්භ කිරීමත් සමග ඇරඹින.  දක්ෂ කථිකයෙකු වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් කතෝලිකයන් සමග පැවැත් වූ වාද මගින් (විශේෂයෙන්ම පානදුරා වාදය) බෞද්ධයන්ට නව පනක් ලැබින.  පියරතන තිස්ස හිමියන් විසින් ආරම්භ කරන ලද බෞද්ධ පාසැල් ඉදි කිරීමේ කටයුත්තට ඕල්කොට් තුමාගේ පරිපාලන දැනුම හා අරමුදල් රැස්කිරීමේ දැනුම නව ජීවයක් සැපයූයේය.  ප්‍රායෝගිකයෙකු වූ ඕල්කොට් තුමා සිංහලයන්ට තාක්ශණික දැනුම ලබාදීම සඳහා නවතම බෞද්ධ විද්‍යාල ඉදිකිරීමට උත්සුක විය. කොළඹ ආරම්භ කරන ලද ඕල්කොට්ගේ මුල්ම විද්‍යාලය (English Buddhist School — පසුව ආනන්ද මහා විද්‍යාලය) අති සාර්ථක විය.  ලඟපාත බෞද්ධ පිරිවෙන්හී ඉගන ගනිමින් සිටි ලමුන් 90ක් ද, වෙස්ලියන් පාසැල් වල ඉගෙන ගනිමින් සිටි ලමුන් 108ක් ද, රොමානු කතෝලික පාසැල් වල ඉගෙන ගනිමින් සිටි ලමුන් 62ක් ද, ඇන්ග්ලිකන් පාසැල් වල ඉගෙන ගනිමින් සිටි ලමුන් 27ක් ද නව පාසැලට ඇතුළු වූහ.  කොළඹ බෞද්ධ විද්‍යාලයට අමතරව නුවර බෞද්ධ විද්‍යාලයක්ද (පසුව ධර්මරාජ විද්‍යාලය ), කුරුණෑගල බෞද්ධ විද්‍යාලයක්ද (පසුව මලියදේව විද්‍යාලය ) හා ගාල්ලේ බෞද්ධ විද්‍යාලයක්ද  (පසුව මහින්ද විද්‍යාලය ) ස්ථාපිත කිරීමට ඕල්කොට් තුමා අතහිත දුන්නේය.


ඕල්කොට් තුමා විසින් ලංකාව පුරා පැවැත්වූ දේශන වලට සවන් දීමට මිනිසුන් දහස් ගනනින් රැස්වූහ.  ඕල්කොට් තුමාගේ පලමුවන ලංකා ගමනේදී Buddhist Theosophical Society ශාඛා 8 ක් ලංකාව පුරා ඇති කලේය.  මාස දෙකක පමන කාලයකට පසු ඕල්කොට් තුමා හා බ්ලැවට්ස්කායා මැතිනිය 1880 ජූලි මාසයේදී ලංකාවෙන් පිටවන විට ජාතික වීරයින් බවට පත්ව සිටියහ.


මිශනරි පත්‍රිකාවක් වූ Ceylon Examiner මෙසේ වාර්තා කලේය.  


“The theosophists arrival created no little sensation among the ignorant Buddhists of this place, who seem to look upon them with owe and reverence as if they were demigods come down from the supposed blissful abode of Nirwana.(sic)”


තවත් මිශනරි පත්‍රිකාවක් වූ The Church Missionary Gleaner මෙසේ වාර්තා කලේය.


“The opposition of the Buddhists has been more active than in former years, their zeal having been provoked by the visit to Ceylon of two persons from America calling themselves Theosophists Thousands flocked to see a white man, and particularly a white woman, who had become buddhists.” 


බෞද්ධයින් විසින් ඕල්කොට් තුමාwhite buddhistනමින් ආදරයෙන් හඳුන්වන්නට වූහ.


ඉන්දියාවට පැමිනි මුත් ඔල්කොට් හට ලංකාවේදී ලැබුනු පිලිගැනීම අමතක කිරීමට නොහැකි විය. ලංකා බෞද්ධ පාසැල් වැඩි දියුනු කිරීම සඳහා National Education Fund නමින් අරමුදලක් ආරම්භ කිරීමට ඕල්කොට් විසින් කල යෝජනාවට බ්ලවට්ස්කායා මුලින් කැමති වූ නමුත් පසුව ඇයගේ හිත වෙනස් විය.  නැවත ලංකාවට යෑම අවලංගු කොට බොම්බායේ නවතින ලෙස බ්ලවට්ස්කායා කල බලපෑම ඕල්කොට් ප්‍රතික්ශේප කලවිට උරණ වූ බ්ලවට්ස්කායා කාමරයට වැද දොර වසා ගත්තාය.  


ඕල්කොට්ගේ ලංකා වැඩකටයුතු කඩාකප්පල් කිරීමට බ්ලවට්ස්කායා උත්සාහ ගත් අතර මෙය ඕල්කොට් හට සිත්තැවිල්ලක් විය.  බ්ලවට්ස්කායාට තිබූ හිතවත්කම හා ලංකා බෞද්ධයන්ට තිබූ හිතවත්කම අතර දෙගිඩියාවකට ඕල්කොට් මැදි විය. පසු කලෙක මෙම දෙගිඩියාව ඕල්කොට් හට තිබූ ජනාදරය පිරිහීමට හේතුවිය.


1881 අප්‍රේල් 23 දා දෙවන වරට ලංකාවට පැමිණි ඕල්කොට් තුමා රට වටා දේශන පවත් වමින් මාස 8 ක් ගත කලේය.  මිශනරි වරුන්ගේ ඉතා ජනප්‍රිය උපක්‍රමයක් වූ "ක්‍රිස්තියානි අත්පොත" වැනි බෞද්ධ අත්පොතක් සකස් කිරීමට ඕල්කොට් කටයුතු කලේය.  ඕල්කොට් ගේ Buddhist Catechism හතලිස් වරක් නැවත නැවත මුද්‍රණය වූ අතර තවත් භාශා 20 කට පරිවර්තනය විය.


මිශනරි පත්‍රිකාවක් වූ Ceylon Catholic Messenger ඕල්කොට් ගේ Buddhist Catechism ගැන මෙසේ වාර්තා කලේය.  


“A fanciful agglomeration of fables worthy only to be classified with the Arabian nights.”


එහෙත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් Buddhist Catechism ත්‍රිපිටකය සමග එකඟ වන බව වදාලහ.


ඕල්කොට්ගේ බෞද්ධ වැඩ පිලිවෙල ගැන බ්ලවට්ස්කායා පමනක් නොව ඔහුගේ බොම්බායේ හින්දු මිතුරන්ද උරණ වූහ.  ගැන පසුතැවිලි වෙවී සිටිනු වෙනුවට ඕල්කොට් ලංකා බෞද්ධ වැඩ ගැන තවතවත් උනන්දු වන්නට විය.  1882 ජූලි 18 දා ඕල්කොට් තුන් වන වරටත් ලංකාවට පැමිණියේය.  Buddhist Theosophical Society හී වැඩපල මේ වන විට අඩපන වී තිබීම ගැන ඕල්කොට් කනස්සල්ලට පත් වියNational Education Fund සඳහා පොරොන්දුවූ රුපියල් 13,000 ක මුදලින් එකතු කරගෙන තිබුනේ රුපියල් 100 ක් පමනි.  ඊට අමතරව කැළණි විහාරයට ආසන්න ලිඳක ශුද්ධ වතුර තිබේ යැයි පවසමින් රෝගී ජනයා සුවපත් කිරීමේ ව්‍යාපාරයක් මිශනාරී වරුන් විසින් ආරම්භ කර තිබුනු අතර ජනයා ශුද්ධ ජලයෙන් පිරිසිදු වී සුවපත් වීම සඳහා වැල නොකැඩී පැමිනියහ.  මේ ක්‍රියාවට ප්‍රතිවිරුද්ධව ආශ්චර්ය ක්‍රියාවක් පවත්වන ලෙස ඕල්කොට් තුමා විසින් ප්‍රසිද්ධ බෞද්ධ හිමිවරුන්ගෙන් ඉල්ලා සිටි නමුත් එම හිමිවරුන් හට කල හැකි කිසිවක් නොවීය.  මෙම ආශ්චර්ය ක්‍රියාවට පිලිතුරක් ලෙස තමාගේ පෙර පුරුදු මෙස්මරිසම් (mesmerism) යොදාගත් ඕල්කොට් තුමා ලෙඩුන් සුව කිරීමට පටන් ගත්තේය.  ඕල්කොට් තුමාගේ ලෙඩුන් සුවකිරීමේ හැකියාව ගැන ලැව්ගින්නක් සේ ලංකාව පුරා පැතිර ගිය අතර රොගී ජනයා වැල නොකැඩී සුවය පතා ඕල්කොට් හමුවට පැමිනෙන්නට පටන් ගති.  


1882 නොවැම්බරයේ දී නැවත ඉන්දියාවට පැමිනි ඕල්කොට් බොම්බායේ සිට මදුරාසියේ අද්යාර් වෙත Theosophical Society යේ මූලස්තානය මාරු කල අතර බ්ලවට්ස්කායා ඔහුගේ ලංකා ගමනේ සාර්ථකත්වය ගැන පසසා නැවත මිතුරු විය.


Part 7:

ඕල්කොට්ගේ ජනඃප්‍රියතාවය ගැන බ්‍රිතාන්‍ය පරිපාලනය සැක කලේය.  ඉන්දියාවේදී ඕල්කොට්ගේ ක්‍රියාකාරීකම් සොයා බැලීමට බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු යෙදවීය.  එක්කෝ මෙම ඔත්තුකරු එතරම් වෘත්තීය ඔත්තුකරුවකු නොවූ හෝ, බොහෝදුරට ඔහුගේ ව්‍යායාමය ඕල්කොට්ව නිරීක්ශණය කරන බව ඕල්කොට්ට දැන්වීම හෝ, විය හැක.  ඒ කෙසේ හෝ ඕල්කොට් තමා පසුපස ඔත්තුකරුවෙකු එන බව ඉක්මනින්ම වටහා ගත්තේය.  ඕල්කොට් ඔහුගේ දිනපොතේ මෙලෙස සටහන් කලේය.


A handsome Englishman whom we had mysteriously met at every point where we had stopped on this journey was a Government spy!


ඔල්කොට් බ්‍රිතාන්‍ය හා ඇමරිකන් බලධාරීන්ට පැමිනිලි කලේය.  බොම්බයේ ඇමරිකානු උපදේශක (counsel) B. F. Farnham මැදිහත් වීමෙන් ඕල්කොට් හට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයා වූ Sir Richard Temple හමුවීමට හැකිවිය.  එම සාකච්චාව අවසානයේදී තියෝසොපිස්ට්ලා බ්‍රිතාන්‍ය පාලනය පෙරලීමට කටයුතු නොකරන වග ඒත්තු ගිය හෙයින් ඔත්තුකරුවා ඕල්කොට් පසුපස යෑම නැවතින.


ලංකාවේ ඕල්කොට් තුමාගේ ජනප්‍රියතාවය වැඩිවීමත් සමගම බ්‍රිතාන්‍ය පාලනය නැවතත් ඕල්කොට් තුමා ගැන සැක පහල කලහ.  ලංකා ආන්ඩුව පෙරලීමට ඔන්න මෙන්න යැයි ලංඩනයේ Colonial Secretary Load Kimberly හට නිර්නාමිකව දැනගන්නට ලැබින.  ඔහුගේ විමසුම් වලට පිලිතුරු යැවූ ලංකා ආණ්ඩුකාර James Longden ඔහුගේ රහස් ලිපියේ මෙලෙස සඳහන් කලේය.


The native population is generally in the enjoyment of prefect freedom and of great material prosperity.  Food is cheep and plentiful, and the causes which usually goad men into insurrection are wanting.


මෙම සෞභාග්‍යයට හේතුව 1882 දී පෑවූ දීප්තිමත් වල්ගා තරුව යැයි ඔහු ඉඟි කලේය.  


The magnificent comet which certainly will be long remembered by generations in Ceylon as the most brilliant manifestation of light ever seen in Ceylon by night.


________________________

(මෙහිදී පොත කියවීම නවත්වා 1882 වල්ගා තරුව ගැන සෙවීමට තද බල උනන්දුවක් ඇතිවිය.)


මෙම වල්ගා තරුව Kreutz Sungrazers නැමැති වර්ගයට අයිති වන අතර එහි ගමන්මාර්ගයේ හිරුට ආසන්නම ස්ථානය (perihelion) හිරුට ඉතා ලඟ නිසා මෙම නම වැටී ඇත.  (Heinrich Kreutz මෙම වල්ගා තරුව හා ඒ හා සමාන අනෙක් වල්ගා තරු ගැන මුලින්ම ගවේශනය කල තැනැත්තාය.)  Nature සඟරාවට 1883 දී ලියන ලද වාර්තාවක් අනුව මෙම වල්ගා තරුවේ හිස හිරුට ආසන්න වන විට කොටස් තුනකට කැඩී ගිය බව නිරීක්ෂණය කොට ඇත.

දැනට එකතු කර ඇති දත්ත අනුව මෙම වල්ගා තරුව 1106 දී පෑයූ වල්ගා තරුවකින්  (X/1106 C1) කැඩී ගිය කොටසකි.  මෙම වල්ගා තරුවේ කක්ෂීය කාලය අවුරුදු 800 ක් පමන වේ. 1106 කැඩී ගිය වල්ගා තරු  1843, 1845, 1880, 1882, 1887, 1963, 1965 සහ 1970 දී නැවත පැමිණියේය.  මේ වල්ගා තරු වලින් දීප්තිමත්ම වල්ගා තරුව 1882 වල්ගා තරුව වන අතර, 20 වන ශතවර්ශයේ දීපිතිමත් ම වල්ගා තරුව 1965 දී පෑයූ ඉකෙයා-සෙකී වල්ගා තරුව බව පිලි ගැනේ.  (මා දුටු එකම වල්ගා තරුව 1973 දී පෑයූ කොහුතෙක්ගේ වල්ගා තරුවයි.)

________________________


Part 8:

1880 ගනන් වලදී කොටහේන කතෝලිකයන්ගේ බලකොටුවක් විය.  මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වැඩසිටියේද කොටහෙනේ දීපදුත්තාරාම විහාරස්ථානයේය.  දීපදුත්තාරාමයේ බුදු පිලිමය විවෘත කිරීමේ පිංකම යෙදී තිබුනේ 1883 මාර්තු 25 දාය.  බෞද්ධ පෙරහැර දීපදුත්තාරාමය අසල පිහිටි රෝමානු කතෝලික දෙවස්ථානයට ලඟා වූ විට පල්ලියේ ඝන්ටාරය නාද විය.  සමගම දහසක් පමණ කඩු පොලු රැගත් පිරිසක් බෞද්ධ පෙරහැරට පහර දුන්හ.  පොලිස් භටයින් 80 ක් පමන කලබලය මැඩීමට මුත් පැය තුනක් පමණ පැවති මෙම ප්‍රහාරය අවසන එක් කෙනෙක් මියගිය අතර හතලිස් දෙනෙකු තුවාල ලදහ.  


ආණ්ඩුකාර Longden විසින් කැරැල්ල පිළිබඳව විමසීමට පත්කල කොමිසම කතෝලිකයන් වැරදි කරුවන් බවට නිගමනය කලේය.  බැප්ටිස්ට් Ceylon Observer පත්‍රය බෞද්ධයන් කැරැල්ලට වරදකරුවන් යැයි ඕල්කොට්ගේ ලංකා ගමන මේ සියල්ලටම මුල බවද ප්‍රචාරය කලහ.


මේ අතර කතෝලිකයන් බෞද්ධයන්ට විරුද්ධවද, බෞද්ධයන් කතෝලිකයන්ට විරුද්ධවද නඩු පැවරූහ.  ප්‍රමානවත් සාක්ෂි නොමැතියැයි පවසමින් බලධාරීන් විසින් සියලුම චෝදනා බැහැර කරන ලදි.  එහෙත් යටත් විජිත ලේකම් Load Derby හට පෞද්ගලික ලියුමක් යැවූ ආණ්ඩුකාර Longden වැරදි කරුවන්ට දඬුවම්  කිරීමට නොහැකිවීම ගැන සිය කණගාටුව හෙලි කලේය.  කතෝලික මැරයින්ට දඬුවම් නොලැබෙන බව වටහා ගත් බෞද්ධයින් ඕල්කොට් හට නැවත ලංකාවට එන්නැයි අයාචනා කලහ.


1884 ජනවාරි 27 දා ලංකාවට පැමිණි ඕල්කොට් තුමා බෞද්ධ ආරක්ෂක කමිටුවක් ඇති කලේය. මෙම කමිටුව විසින් ඕල්කොට් තුමා ගෞරවණීය සාමාජිකයෙක් හැටියට පත්කල අතර ලංඩනයට ගොස් යටත් විජිත ලේකම් ලේකම් හමුවී මෙම අවනඩුව සාකච්චා කරන ලෙසද ඉල්ලා සිටියහ.


1884 මැයි මාසයේදී ලංඩනයට පැමිණි ඕල්කොට් සහකාර යටත් විජිත ලේකම් R. H. Meade හමු විය.  මෙම හමුවීමෙන් පසුව ඕල්කොට් විසින් ඉල්ලීම් හයක් අඩංගු සටහනක් ඔහු වෙත යැවීය.  එම ඉල්ලීම් හය නම්:


(1) that Catholics accused of instigating the riot be brought to trial;

(2) that Buddhists be guaranteed the right to exercise their religion freely;

(3) that Wesak—the full moon day on which the Sinhalese commemorate the Buddha’s birth, enlightenment, and death—be declared a public holiday;

(4) that all restrictions against the use of tom-toms and other musical instruments in religious possessions be removed;

(5) That Buddhist registrars be appointed; and

(6) that the question of the Buddhist temporalities (the supposedly negligent control of Buddhist properties by monks) be resolved.


මෙම ඉල්ලීම මගහැරිය හොත් ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගැසීමට මිනිසුන් පෙලඹිය හැකි යැයිද ඕල්කොට් එම සටහනෙන් අවධාරණය කලේය.  මෙම අනාවැකියට සාධක ලෙස වෙනත් ලාංකිකයන් ලියූ ලිපිද ඕල්කොට් ඉදිරිපත් කලේය.  ලාංකික බෞද්ධයෙකු වූ J. R. de Silva තම ලිපියෙහි මෙසේ සටහන් කලේය.


“If Olcott mission failed, then the public would surely raise a tremendous outcry whose long-sounding echos will help increase the prevailing feeling of distrust. “ 


තවත් ලාංකිකයෙකු වූ Edward F. Perera මෙසේ සටහන් කලේය.


“We are as a community living over a social volcano, which at any moment may appall us with some bloody outburst.”


යටත් විජිත පාලකයන් විසින් ඕල්කොට්ගේ තුන්වන හා හතර වන ඉල්ලීම්  කඩිනමින් ලබා දෙන ලදි.  1885 අප්‍රේල් 28 දා වෙසක් දිනය ලංකාවේ නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන ලදි.  1885 වෙසක් දිනය සැමරූ ලාංකික බෞද්ධයින් ඕල්කොට් තුමාගේ සත්ක්‍රියාව ඉමහත් භක්තියකින් යුතුව සිහිපත් කලහ.  


1885 වෙසක් දිනය බෞද්ධ කොඩිය මුල්වරට රට වටා එසවූ නිවාඩු දිනයද විය.  (බෞද්ධ කොඩිය මුල්වරට ඔසවන ලද්දේ 1883 දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් දීපදුත්තාරාම විහාරස්ථානයේදීය.)  බෞද්ධ කොඩිය ලොව වටා සිටින සියලු බෞද්ධයන් එකමුතු කල හැකි සංකේතය ලෙස ඕල්කොට් තුමා විශ්වාස කලේය.  


Part 9:

එක්සත් බෞද්ධ සමාජයක් පිහිට වීම ඕල්කොට්ගේ ඊලඟ පරමාර්ථය විය.  ලංකාවේ නිකාය තුන අතර සමගිය ඇති කිරීම සඳහා ඕල්කොට් උත්සාහ කලේය.  මේ අතර ඕල්කොට් තුමා ගේ ලංකාවේ බුදු දහම නැවත නගා සිටුවීමේ උත්සාහයන් ගැන ඇසූ බුරුමයේ  Theebaw රජතුමා විසින් ඕල්කොට් තුමාට බුරුමයට එන්න යැයි ආරාධනා කලහ.


මේ අතර ඕල්කොට් ගේ වැඩි අවධානය බුදු දහම වෙත යොමු වීම ගැන බ්ලවට්ස්කායාගේ නොසතුට වර්ධනය වෙමින් පැවතින.  ඔල්කොට් රැන්ගුන් නුවරට ලඟාවීමත් සමගම බ්ලවට්ස්කායා මරනාසන්න යැයි පනිවිඩයක් ලැබින.  ඕල්කොට් වහාම බුරුමයේ වැඩකටයුතු නවතා දමා අද්යාර් වෙත යෑමට පිටත් විය.  ඔහු ගමන් කල නැව ඉන්දියාවට ලඟා වීමටත් පෙර බ්ලවට්ස්කායාට කිසිම අසනීපයක් නැතැයි සඳහන් දෙවන ටෙලිග්‍රෑමයක් ලැබින.  තමාගේ බෞද්ධ කටයුතු නවතා තියෝසොපි කටයුතු සඳහා තමා නම්මා ගැනීමට බ්ලවට්ස්කායා විසින් යොදන ලද උපායක් ලෙස ඕල්කොට් මේ සිදුවීම සැලකීය.  ඕල්කොට් තමාගේ දිනපොතේ පහත සඳහන් සටහන තැබීය.


“I half suspect, I am sold by the cry of Wolf”.


ඕල්කොට් ඉන්දියාවට පැමිනීමත් සමගම බ්ලවට්ස්කායාගේ අසනීපය සනීප විය.  උරන වූ ඕල්කොට් වහාම නැවත බුරුමය බලා පිටත් විය.


බුරුමයට පැමින වැඩිකලක් යන්නට පෙර බ්ලවට්ස්කායා නැවත අසනීපයෙන් යැයි ඕල්කොට් හට දැනගන්නට ලැබින.  බුද්ධ ධර්මයද? බ්ලවට්ස්කායාද? යන උභතෝකෝටිකය ඕල්කොට් හට පැන නැගින.  මේ අතර බලවට්ස්කායාගේ ගුප්ත බලයන් ප්‍රෝඩාවන් යැයි චෝදනාවක් මැඩ්‍රාස් හී Christian College Magazine ලිපි පෙලක් මගින් අනාවරනය කලේය.  මේ ලිපි පෙලට ඔත්තු සැපයූයේ අද්යාර් තියොසොපි මූලස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වූ Emma Coulomb ය.  ලන්ඩන් හී පිහිටි Society for Psychical Research විසින් එහි සාමාජිකයෙකු වූ Dr. Richard Hodgson මෙම චෝදනා පිරික්සීම සඳහා අද්යාර් වෙත එවනු ලැබීය.


ඕල්කොට් බ්ලවට්ස්කායාගෙන් ඈත් වීමට තීරනය කලේය. එහෙත් ඔහු විසින් පිහිටවනු ලැබූ Theosophical Society අතර මං කිරීමට ඕල්කොට් අකමැති විය.  බලවට්ස්කායා දැරූ Theosophical Society යේ ලෙකම් තනතුරෙන් හා ඉන්දියාවෙන් ඇය ඉවත් කිරීමට ඕල්කොට් කටයුතු කලේය.  ඊලඟ අවුරුදු දෙකෙන් වැඩිකාලයක් Theosophical Society යට සිදුවූ අපකීර්තියෙන් මුදාගෙන එය නැවත නගා සිටුවීම සඳහා ඕල්කොට් වෙහෙසීය.  1886 දී පැවත්වූ දේශනයකදී ඕල්කොට් විසින් Theosophical Society යේ මෙහෙවර (mission) පහත සඳහන් දේ යැයි ප්‍රකාශ කලේය.


“to form the nucleus of a Universal Brotherhood of Humanity, without distinction of race, creed, or colour, and to promote the study of Aryan and other Eastern literatures, religions and sciences.”


මෙම තියෝසොපිකල් කටයුතු නිසා ලංකා බෞද්ධ වැඩකටයුතු ඕල්කොට් තුමා හට අතපසු විය. 1887 දී Theosophist සඟරාවට ලිපියක් ලියූ ඕල්කොට් මේ බැව් පිලිගත්තේය.  1887 දී දීපදුත්තාරාමයට දෙශනයක් පැවැත්වීමට ලද ආරාධනයක් අනුව එහි ගිය ඕල්කොට් තුමාට ප්‍රසිද්ධියේ වාරනයක් කිරීමට තරම් මොහොට්ටිවත්තේ හිමි සැහැසි විය.  


මොහොට්ටිවත්තේ හිමිගේ විවේචන වලට පිලිතුරු වශයෙන් එක්සත් බෞද්ධ ලෝකයක් පිහිටුවීමේ වැඩ පිලිවෙල ගැන ඕල්කොට් තුමා නෑඹුරු විය.    මේ අතර ජපන් බෞද්ධයෙක් වූ Zenshiro Nogouchi අද්යාර් වෙත පැමිණි ඕල්කොට් හට ජපානයට එන ලෙස ආරාධනා කලේය. මේ ගැන ආරංචිවූ ලන්ඩනයේ විසූ බලවට්ස්කායා "තවත් විගඩමක්" කරන්නට ලැහැස්ති වෙන්නේ යැයි පැවසීය.


ඕල්කොට් තුමා මුල්වරට ලංකාවට පැමිණෙන විට සොලොස් වියේ පසුවූ තරුණයෙක් මේ වන විට ලංකාවේ නමක් ඇතිකර ගෙන සිටියේය.  ඕල්කොට් තුමා මුල්වරට ලංකාවට පැමිණි වේලේ ඔහු හමුවී Buddhist Theosophical Society යට බැඳුනු දොන් ඩේවිඩ් හේවාවිතාරණ මේ වන විට ඕල්කොට් තුමා ලඟින් ඇසුරු කලේය.  ඕල්කොට් තුමා ජපන් ගමනට දොන් ඩේවිඩ් හේවාවිතාරණ වද සම්බන්ධ කර ගත්තේය.   මහායාන හා හීනයාන බෞද්ධයන් එකතු කිරීමේ අවස්ථාවක් ලෙස ඕල්කොට් මේ ගමන සැලකීය.


ඕල්කොට්ගේ ජපන් චාරිකාව ඉතා සාර්ථක විය. ඔහුගේ සෑම දේශනයක් සඳහාම විශාල ජනකායක් සහභාගි වූහ.  ඔහු පැවැත්වූ දේශන 76 ට මිනිසුන් ලක්ශ දෙකක් පමන සහභාගී වූ බව ඕල්කොට් අනුමාන කලේය.  තමාගේ දිනපොතෙහි ඕල්කොට් මෙසේ සඳහන් කලේය.


“If I could be spared from the Theosophical movement proper, and were free to occupy myself exclusively with Buddhist interests, I could very soon build up an International Buddhist League that might send the Dharma like a tidal wave around the world.”


එනමුත් එවැනි සංගමයක් ඇති කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව වැටහීමට වැඩිකල් ගත නොවීය.  1891 දී ඕල්කොට් තුමා මෙම කර්තව්‍ය අතහැර දමන විට අනගාරික ධර්මපාල නමින් පතල වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ විසින් The Maha Bodhi Society පිහිටු වීය.


http://theosophy.wiki/en/Henry_Steel_Olcott#mediaviewer/File:Buddhist_Group_1889.jpg


Part 10:

මුලින් තියෝසොපිකල් සොසයිටියට නොඹැඳුනු කතෝලිකයන් තියෝසොපිකල් සොසයිටියේ සාර්ථක බෞද්ධ හා හින්දු පුනර්ජීවන වැඩ පිලිවෙලත් සමගම සොසයිටියට බැඳුනෝය.  එනම් 1890 වන විට කතෝලික තියෝසොපිස්ට්ස් ලාත් සිටියහ.  මෙම කතෝලික තියෝසොපිස්ට්ස්ලා ඕල්කොට් තුමා කතෝලික ආගමට පහර දීම තියෝසොපිකල් සොසයිටියේ මූලධර්ම වලට පටහැනි බව පෙන්වා දුන්හ.  ඕල්කොට් තුමාට එම තර්ක පිලිගැනීමට සිදු විය.


මෙම අලුත් පිලිවෙතට අනගාරික ධර්මපාල තුමා විරුද්ධ විය. 1892 දී ධර්මපාල තුමා හා ඕල්කොට් තුමා බුද්ධගයා ප්‍රතිශ්ඨාපන ව්‍යාප්තිය සඳහා අරමුදල් රැස්කිරීම සහ සහාය ලබා ගැනීම සඳහා කල්කට්ටා, ඩාජීලිං, චිතගොං, අරක්කන් හා බුරුමයේ සංචාරය කලහ. එවිට හින්දු තියෝසොපිස්ට් වරුද මෙම ක්‍රියාවලිය තියෝසොපිකල් සොසයිටියේ මූලධර්ම වලට පටහැනි බව පැවසූහ.


ඕල්කොට් තුමාගේ අනුදැනුම ඇතිව බුද්ධගයාව ආසන්නයේ ගෙයක් බෞද්ධ වන්දනාකරුවන් සඳහා නවාතැනක් ලෙස පාවිච්චි කිරීමට මහාබෝධි සොසයිටිය කටයුතු කලේය.  එහෙත් තෝරාගත් ගෙයට ඕල්කොට් තුමා අකමැති විය.  ඒ වෙනුවට අසල බිම්කැබැල්ලක් මිලයට ගෙන බෞද්ධ වන්දනාකරුවන් සඳහා නවාතැනක් ඉදිකිරීමට මහාබෝධි සොසයිටිය කටයුතු කලයුතු යැයි ඕල්කොට් තුමා යෝජනා කලේය.  ඕල්කොට් තුමාගේ මෙම හදිසි වෙනස්විමද ධර්මපාල තුමා අනුමත නොකලේය.


දෙදෙනා අතර ඇතිවූ විරසකය උඩුදිවීමත් සමග 1896 දී ඕල්කොට් තුමා මහාබෝධි සොසයිටියෙන් අස්විය.  ඕල්කොට් තුමා තියෝසොපිකල් සොසයිටියෙන් අස්වී ලංකාවට පැමිණ බෞද්ධ කටයුතු වල පමණක් කාලය වෙන් කල යුතු යැයි ධර්මපාල තුමා 1897 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කලේය.  මේ යෝජනාව ගැන ඕල්කොට් තුමා උරණ විය.


Dharmapala exhibited in Olcott’s view “a marked tendency to fly kites, the strings of which persists in getting broken.”


1898 දී ධර්මපාල තුමා විසින් Colombo Buddhist Theosophical Society යන නම Colombo Buddhist Society යනුවෙන් වෙනස් කරණ ලදි.   


මේ අතර තියෝසොපිකල් සොසයිටියේ සභාපති බෞද්ධයකු වීම ගැන අනෙක් තියෝසොපිස්ට්ස් වරුන්ද අකමැත්ත ප්‍රකාශ කලහ.  ඕල්කොට් තුමා හට සෑම පැත්තකින්ම පහර වදින්නට පටන් ගති.


1905 දී ධර්මපාල තුමා නැවතත් ඕල්කොට් තුමා සමග සමඟි වීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කලේය.  නමුත් මේ වන විට තත්වය ආපසු හැරවිය නොහැකි තරමට දුර දිග ගොස් තිබින.  ඕල්කොට් තුමා තරහයෙන් මෙසේ පිලිතුරු යැවීය.


Whatever I may have offered in 1886, you are now a totally different man. 


 In the old time you were entirely friendly to the Society and to myself, whereas of late years you have been very hostile to both.  


As the society members all know this, and as you have no intention whatsoever of coming back again to the old standard of reverence for the Masters and desire to share in their work, you may imagine what they would say about me if I took so bold an enemy into our family circle.


ධර්මපාල තුමා තියෝසොපිකල් සොසයිටියෙන් ඉල්ලා අස්විය.  1906 ඔක්තෝබර් මාසයේ දී ලංඩන් තියෝසොපිකල් සොසයිටියේ ඇතිවූ මතභේදයක් සමනය කිරීමට ගොස් එන අතරේ දී ඕල්කොට් තුමා නැවේ පඩි පෙලින් ලිස්සා වැටින.  අද්යාර් හී ලෙඩ ඇඳේ මාස කිහිපයක් ගතකල ඕල්කොට් තුමා 1907 පෙබරවාරි 17 දා අවසන් හුස්ම හෙලීය.  

ඕල්කොට් තුමාගේ මරණයෙන් පසු ඔහු මුල් වරට පන්සිල් සමාදන් වූ ගාල්ලේ විජයානන්ද පන්සලෙහි ඕල්කොට්තුමාගේ පපුවෙන් ඉහල පිලිරුවක් තැන්පත් කරන ලදි.


Part 11:

මේ පොත ලිවීමෙන් කතුවරයා බලා පොරොත්තුවූයේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ චරිතාපදානය සවිස්තරව හා නිවැරදිව ඉදිරිපත් කිරීමයි.  (මෙහි මුලින් ඇති කොටස් දහයකින් සමන්විතවූ සාරාංශය බලන්න.)  කතුවරයා එතනින් නැවතුනා නම් මෙම පොත ඉස්තරම් පොතක් ලෙස හැඳින්වීමට ඉඩ තිබින.  එහෙත් ඔහු එතනින් නැවතුනේ නැත.


ලංකාවේ සමහරු කිසිම හේතුවක් විචාරයක් නොමැතිව "මහින්ද හොරා" යැයි කෑ ගසන්නාක් මෙන් කතුවරයාද ඕල්කොට් Protestant Buddhist කෙනෙක් කියා පොත පුරාවටම කෑගසයි.  මෙය "කන්කරච්චලයක්" ලෙස මට හැඟිණ.


පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි.  පොත පුරාවටම මෙවැනි උදාහරණ වලින් ගහනය.


He denied, for example, missionary contentions that Buddhism was “a grossly materialistic, a nihilistic, a negative, a vile-breeding religion.”  But he spent more time distinguishing his Buddhism from the “ignorant superstitions” and sectarian squabbling of many Sinhalese Buddhists than he did distancing it from Christian stereotypes. (pages 96-97)


අහා!  කතුවරයා කෑගසයි.  දැක්ක නේද ඕල්කොට්ගේ ක්‍රියෝල් බුද්ධාගම?  ඕල්කොට්ගේ ජන්මයෙන් එන ප්‍රොතෙස්තන්ත හැඟීම තමයි එලියට එන්නේ.


මෙතන කරුණු දෙකක් කතුවරයා පටලවා ගෙන තිබේ.


(1) ඕල්කොට් තුමා කතෝලිකයන්ගේ බුද්ධ ධර්ම අර්ථකථනය බැහැර දමයි.

(2) සමහර (සමහර කිව්වට බොහොමයක්) බෞද්ධයන්ගේ බුදු දහමට පටහැනි විස්වාස ඕල්කොට් තුමා විවේචනය කරයි.


මට උපතින් ප්‍රොතෙස්තන්ත පසුබිමක් නොමැත.  එහෙත් ඕල්කොට් තුමා මෙන් මමද මෙම කරුණු පිලිගනිමි.


වරද වන්නේ තවකාගේවත් මතයක් පිලිගත් කතුවරයා එයට තමාගේ නවතම අර්ථකථනත් ඇතුලත් කොට අලුත්ම අච්චාරුවක් කියවන්නාට කැවීමට උත්සාහ ගැනීමයි.


මුලින්ම "ප්‍රොතෙස්තන්ත බෞද්ධයා" යන සංකල්පය ඉදිරිපත් කරන්නේ මහාචාර්ය ගණනාත් ඔබේසේකර විසිනි.  ඔහු මෙම සංකල්පය මෙසේ හඳුන්වයි. (Article: Colonel Olcott: Buddhist Modernism, Book: The Buddha in Sri Lanka—Histories and Stories, Gananath Obeysekere. (page 258))


“Olcott believed that the philosophical essence of Buddhism had to be taught in Buddhist Schools.  He was unaware that the main vehicle of communicating the ethics of this high religion to the doctrinally unmusical masses was the story and the parable.”


ඔබේසේකර මහතා වැඩිදුරටත් මෙසේ කියයි.


“It is to the credit of the monks that they endorsed the Catechism, perhaps anticipating that with the development of an educated lay population, a more doctrinally informed view of Buddhism was both necessary and inevitable.”


මිශනාරී වරුන්ගේ සමහර ඵලදායී ක්‍රියා කොපිකිරීම් ද ඕල්කොට් ගේ ප්‍රොතෙස්තන්ත පසුබිම ඉදිරියට ඒමක් ලෙස කතුවරයා හඳුන් වයි.  ඵලදායී දේ අනුගමනය කිරීම් සාමාන්‍ය දෙයකි.  පහත ඇත්තේ එක් උදාහරණයකි. (Book: American Encounter with Buddhism, Thomas A. Tweed (page 37))


In 1891 one protestant minister in Tokyo complained about the “parasitic” qualities of Buddhism: “Besides adopting other Christian methods of propagation, it is plagiarizing Christian names. For instance, instead of using the word temple as the designation of their religious houses, they say church now.”  There is other evidence of relatively superficial Protestantization.  The Young Men’s Buddhist Association self-consciously modeled itself after its Protestant counterpart, the Y. M. C. A.  Buddhist priests sometimes were addressed as “Reverend”.  The Sunday School, so prominent in nineteenth-century American Protestantism, appeared in Japanese Buddhist Groups in 1913.


කතුවරයාගේ තර්කානුකූල නොවන (illogical) අදහස් වල උච්චම අවස්ථාව එළඹුනේ ඔහු මෙන්න මෙහෙම කී විටයි. 


So if Olcott can be chastened for providing subtle legitimization for the British rule, Dharmapala should be criticized for stroking the fires of the ethnic and religious hatred that erupted so violently between the Hindi Tamils and the Buddhist Sinhalese in the 1980s.  At least on this score, Olcott’s hands are clean. (page 180)


මෙවැනි තර්කානුකූල නොවන කතා මග හැර කියවන්නේ නම් පොතෙහි ගත හැකි යමක් ඇත.


___________________________

Footnotes:


1.
මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර ඕල්කට් තුමා ගැන පාසැලේදී අසන්නට ලැබින. එහෙත් පෙබරවාරි 17 දා පහන් පත්තු කිරීමක් ගැන සිහියට එන්නේම නැත.  මේ ලඟදී සිට "ඕල්කට් සමරු දේශනය" නමින් අවුරුදු පතා දේශනයක් පවත් වන අතර මා පාසැල් ගිය කාලේ එහෙම දෙයක් තිබුනාද කියාවත් මතක නැත.


2. ඇමරිකාවේ පත්තර වල ලංකාවේ හරි තොරතුරු පල නොවන වග සත්‍යයකි. නමුත් දැන් කාලේ ලංකාවේ පත්තර වලවත් ලංකාවේ හරි තොරතුරු පලවන්නේ යන්න ඇසිය යුතු පැනයකි.


3. ඕල්කොට් උපහාරයදවස පත්තරය, පෙබරවාරි 20, 1962.


4. මේ කියමන් දෙකම ඉන්දියාවේ මැඩ්‍රාස් (දැන් චෙන්නෙයි ) වල ඇති තියෝසොපිකල්  පුස්තකාලයේ (Theosophical Library) ඇති Henry Steel Olcott Diary නැමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි.


5.  mesmerism borrowed its name as well as its healing techniques from the Austrian physician Francs Anton Mesmer.  According to Mesmer all humans possessed a subtle bodily fluid called “animal magnetism” and sickness resulted when the fluid became imbalanced.  The goal of a mesmeric healer was to rebalance the animal magnetism through a series of passes of the healers harmonious arms over the disharmonious areas of the patient.


6. Universal Reform moment during the antebellum period (before the American civil war) focuses on temperance, pacifism, antislavery, abolishing capital punishment, woman's rights, and the amelioration of labor conditions.


7. Google Translate  අනුව eclectic esotericism යනු “සාරසංගී එසෝමයවාදය” යි.  මට හිතෙන්නේ සාරසංගී එසෝමයවාදය යනු කුමක් දැයි තේරුම් ගැණීමට වඩා eclectic esotericism වටහා ගැනීමට ලෙහෙසි බවයි.


8. According to Olcott, he and Blavatsky were “chums”, not lovers.


9. Theosophical Society යේ ඇමරිකාවේ කටයුතු ගැන වැඩිදුර ලිවීමට අදහස් නොකරමි.


http://www.lotosclub.org/Default.aspx?p=DynamicModule&pageid=398439&ssid=321428&vnf=1


10. මෙම හාමුදුරුවන් කවුරුන්දැයි මෙම පොතෙහි හෙලි කොට නැත. කතුවරයා මෙය උපුටා ගෙන ඇත්තේ 1992 දී ප්‍රකාශනය කොට ඇති American Encounter with Buddhism 1844-1912 යනුවෙන් Thomas A Tweed විසින් ලියන ලද පොතකිනි.  එහෙත් ඕල්කොට් අඩුම ගනනේ හාමුදුරුවරුන් තුන් දෙනෙකු සමග සම්බන්ධතා ඇතිව සිටියේය.  එම හාමුදුරුවරුන් තුන් දෙනා වනුයේ හික්කඩුවේ සුමංගල හිමි, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, හා දොඩංදූවේ ශ්‍රී පියරත්න තිස්ස හිමි ය.


11. මෙම කොටස උපුටාගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩබ්. එම්. කරුණාදාස මහතා විසින් ජාතික ලේඛනාගාරය පරිහරණය කොට Sunday Island පුවත්පතට 2004 දී ලියූ ලිපියක් මගිනි.

No comments:

Post a Comment