Wednesday, May 26, 2021

Is Science Racist?

කතෘ: Jonathan Marks, Professor of Anthropology, University of North Carolina 

ප්‍රකාශක: Polity Books 2017


මෙය පිටු 124 ක කුඩා පොතකි. කතුවරයා විසින් අවධාරණය කරන කරුණු පහත සඳහන් කරමි.


(A) මානව වර්ගයා වෙන වෙනම හඳුනා ගතහැකි ජාතීන් වශයෙන් වෙන් කල හැකියැයි මතයක් මෑතක් වන තුරු තිබින.  නවීන විද්‍යාත්මක අදහස් අනුව මානව වර්ගයා මෙසේ කොටස් කොට වෙන් කල නොහැක.  පුද්ගලයන්ගේ කණ්ඩායම් දෙක අතර චර්යාත්මක වෙනස්කම් බොහෝ විට ක්ශුද්‍ර අගැයීමට වඩා ඉතිහාසයේ ක්‍රියාවලීන් නිසා විය හැකිය.


කතුවරයා කියනා පරිදි

Consequently, the judgement of innate individual properties on the basis of group membership is illegitimate, and we can call that political position “racism”.


(B) මානව වර්ගයා හා සතුන් (මානවයා සතෙකු නොවේ.) "දෙවියන්" විසින් මවන ලද්දේය යන පිලිගැනීම "මැවීම" (creationism) ලෙස හැඳින් වේ.  නූතන විද්‍යාත්මක මතය පරිනාමවාදය .  ප්‍රතික්‍රියාශීලීත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව (plasticity), පරිසරය හා සත්ව විශේෂයන් අතර පරස්පර සබඳතා (niche construction), ජානමය නොවන උරුම මාදිලි (epigenetic and culture) පරිනාමවාදය ලෙස හැඳින් විය හැක.


Racism and creationism are considered outmoded ideologies.


නමුත් කතුවරයා කියනා පරිදි විද්‍යාඥයන් අතර පරාදයක් (paradox) තිබේ.  ඔබ මැවුම්වාදී අදහස් විද්‍යානුකූල යැයි කිවහොත් ඔබ දෘෂ්ටි වාදියෙකු (ideologue) ලෙසත්, අවිවෘත මනසක් ඇති ව්‍යාජ විද්‍යාඥයෙකු ලෙසත්, විද්වතුන්ගේ ප්‍රජාව තුළ කිසිම තැනක් නැති පුද්ගලයෙකු ලෙසත් ක්ෂණිකව හංවඩු ගැසේ.  නමුත් ඔබ ජාතිවාදී අදහස් විද්‍යානුකූල යැයි කිවහොත් එය එතරම් නරක දෙයක් ලෙස නොසැලකේ.  අනෙක් විද්‍යාඥයන් ඔබ දෙස සුළු විමසුමකින් යුතුව බලන්නට පුළුවන්, නමුත් ජාතිවාදියෙකු ලෙස ඔබට ඔවුන් සමඟ එකට (විද්‍යාඥයෙකු ලෙස) ජීවත්විය හැකිය.  (ඔබ මැවුම්කරුවෙකු නම් ඔබට එසේ ජීවත් විය නොහැක.)  මෙහිදී කතුවරයා ඔහුගේ පොතෙහි මාතෘකාව මෙසේ අර්ථ දක්වයි.


Science is racist when it permits scientists who advance racist ideas to exist and to thrive institutionally.


මින් අනතුරුව පොතෙහි ඇති interesting අවිද්‍යා මාතෘකා කිහිපයක් සඳහන් කොට මේ සටහන නිමා කරමි.  මෙය පොතෙහි ඇති කරුණු වලින් අංශුමාත්‍රයක් බව සලකන්න.


Scientific Fallacy 1:  බුද්ධිමය ගුණාත්මකභාවය (IQ) තීරණය වන්නේ ජානමය වශයෙනි.  “විද්‍යාඥයන්” දෙදෙනෙකු විසින් 1994 දී “The Bell Curve” නමින් පොතක් ලිව්වේය.  මෙය "අශ්ව පොහොර" (horse manure) බව විද්‍යාඥයන්ගේ මතයයි.  (IQ is sensitive to all kinds of factors including racism.)


Scientific Fallacy 2:  සමේ වර්ණක හා ලිංගික ක්‍රියාව (sex drive) අතර ජෛව රසායනික සම්බන්ධතාවයක් ඇත.

DNA සොයාගත් විද්‍යාඥයා විසින් 2000 දී මෙසේ පවසන ලදි.  


Scientific Fallacy 3: ජාතීන් අතර අනෙක් ජාතීන්ට වඩා නුවණක්කාර ජාතීන් ඇත.

DNA සොයාගත් විද්‍යාඥයා විසින්ම ලියන ලද “Avoiding Boring People” නැමැති පොත ප්‍රොමෝටිං කරද්දී London Sunday Times පුවත්පතට මෙසේ ප්‍රකාශ කරන ලදි.   “Intelligence of Africans is just not the same as “ours”.”  (Hate laws are more strict in UK and a week-long national furore forced him to cancel his speaking tour.)


Scientific Fallacy 4: ජානමය පරීක්ෂණ මගින් පරම්පරා සම්බන්ධතා සොයා ගත හැක.

(පවුම් 199 ක් ගෙවිය හැකි නම් ඔබ මීට අවුරුදු 25000 කට පෙර සිටි Clan of Xenia වට අයිති දැයි සොයා දෙන සමාගමක් එන්ගලන්තයේ ඇත.)  පහත ඇති සටහන පොතෙහි ඇති ලෙසම තබමි.


Consider the premise of “The Da Vinci Code”, that there might be people alive today who are descendants of Jesus.  But biologically speaking, how many other people would they be descendants of?  If we assume 25 years per generation, Jesus would have lived about 80 generations ago.  And 2^(80) ancestors in 30 AD works out to about septillion (a number with 24 zeros behind it) ancestors in that generation along with Jesus.


But what a strange calculation—that anyone would have more ancestors than people alive at that time.  This paradox is known as pedigree collapse.  […] Of course you could have received a tiny chunk of DNA from that first-century ancestor—the transmission of DNA.  But here is the kicker: any ancestor in your bloodline that far back is probably also mine.


කිවයුතු පොතක් ලෙස නම් කරමි.

No comments:

Post a Comment