Monday, May 24, 2021

මහසෙන්

කතෘ: කැත්ලීන් ජයවර්ධන
ප්‍රකාශක: සේරි ප්‍රකාශන


මෙම කතාව ගෙතී ඇත්තේ 276-303 CE කාල සීමාවේදී ලංකාවේ රජකල මහසෙන් රජතුමා වටා ය.  මෙහි දී කියවන්නාට වැදගත් වන තොරතුරක් කතුවරිය තම පෙරවදනින් සපයයි. එනම් මෙම නව කතාව 10% ක් මූලාශ සම්බන්ධවද, 20% ජනකතා ආශ්‍රිතවද, ඉතිරි 70% තමාගේ මත අනුවද ගොඩ නැගී ඇති බවයි.  මෙහිදී විජයාගමණයට පෙර ලංකාවේ විසූ යැයි සැලකෙන "යක්ෂ" නම් වූ මනුෂ්‍යයයින් ට වූ අසාධාරණය (හෝ කතුවරිය සිතන්නාවූ අසාධාරණය) ඇයගේ කතාවේ වැදගත් අංගයක් වේ.  මෙම තේමාව වුවමනාවට වඩා දුර දිග යාමක් තිබූ බව හැඟුණු හෙයින් 18 වන පරිච්චේදය වන විට එය කරදරයක් බවට පත් වී තිබිණ.  (ඇත්ත වශයෙන්ම 18 පරිච්චේදය ඉවත් කල හොත් කතාවට සිදු වන කිසිම භාදකයක් නොමැත.)  


ඇය විසින් ඉදිරිපත් කරන අනෙක් (ආන්දොලාත්මක විය හැකි) මත තර්කාණුකූලව ඉදිරිපත් කර ඇති හෙයින් මට ඒවා කියැවීමේ දී කිසිම අපහසුවක් නොදැනින.  (ඇත්ත වශයෙන් ම මමත් මෙම අනෙක් කරුණු ගැන ඇය සිතන්නා ලෙසම සිතමි.)  එබැවින් 18 වන පරිච්චේදය දක්වා කියැවීමට එතරම් අපහසුවක් නොවීය. එකම අපහසුව වූයේ බර වචන යොදා ගැනීමයි.  (කතුවරිය සමහර වචන වල තේරුම දුන්න ද පොත පුරාවටම මම නොදන්නා වචන බහුල විය.  මෙහිදී සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක අඩුව ඉතා තදින් දැනින. (ලංකාවේ ගන්නට ඇති බොහොමයක් ශබ්ද කෝෂ මට එතරම් වැඩක් නොමැති ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂ ය.)


18 වන පරිච්චේදයේ පටන් අවසාන කොටස එතරම් පිරිය නොවූ බව කිව යුතුය.  එහෙත් පොතෙහි ඇති කතුවරිය ගේ අදහස් අනෙක් ඉතිහාස පොත් සමග සසඳා බැලීමේ කුතුහලයක් ඇති වූ බවත් ඒ අනුව කටයුතු කල බවත් කිව යුතුය.  ගයිගර් මහතා විසින් ඉංග්‍රීසියට හැරවූ මහා වංශයද, පරණවිතාන මහතා ලියූ Sinhalayo පොතද නැවත කියැවීමි.  මා විසින් මෙම පොත ලියන්නේ නම් මගේ ලියුම 50% ක් මූලාශ්‍ර ගතවද, 50% මූලාශ්‍ර ආදර්ශයෙන් මට සිතා ගත හැකි දේ ද සම්බන්ධද, ලියැවෙනු ඇත.  එනයින් බලන කල මා ලියන කතාව මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බව දනිමි.  (එතරම් ඈතට දිවෙන ජනකතා ගැන මගේ පිළිගැනීමක් නැත.)


ලංකාවේ මුල් රජ පෙලපත "ග්‍රාමනේය" නම් මනුශ්‍ය කොට්ටාසයෙන් පැවත එන්න වුන් වූ අතර මහසෙන් අයත් වන්නේ වසභ රජුගෙන් පසු රට අල්ලා ගත් "ලම්බකර්ණ" යන මනුශ්‍ය කොට්ටාසයටයැයි පරණවිතාන මහතා පවසයි.  ලම්බකර්ණ යන්නෙහි තේරුම බව scribe බවද පරණවිතාන මහතා කියයි. එය එසේ නම් ජයවර්ධන මහත්මිය නොකැමැත්තක් පෙන්වන භ්‍රාහ්මණිකයන්ගෙන් ම පැවත එන්නන් විය හැකිය ලම්බකර්ණයන්.  


මූලාශ්‍ර ආශ්‍රිතව කල්පනා කරන්නේ නම් මේ වන විට "යක්ෂ" නමින් මුලින් හැඳින් වූවා යැයි සිතන ආදි වාසීන් හා ඉනතුරුව ලංකාවට සංක්‍රාමික වූවන් හොඳහැටි කලවම් වී මහසෙන් රජ කාලය වන විට "සිංහලයන්" වී සිටිය බව මගේ අදහසයි.  මේ වන විට "යක්ෂයන්" ලෙස ගනන් ගත්තේ තවත් මනුශ්‍ය කොට්ටාසයක් නොව අමනුශ්‍යයන් බව මහා වංශයේ එන පහත සඳහන් කොටසින් පිළිබිඹු වේ.


Chapter XXXVI verses 82-90


A Yakkha known as Ratakkhi, who had come hither, made red the eyes of the people there.  If the people did but see one another and did but speak of the redness of the eyes they died forthwith, and the yakkha devoured them with fear.


When the king (Siri Sanga Bodhi සිරිසඟබෝ) heard of their distress he lay down with sorrowful heart alone in the chamber of fasting, keeping the eight uposatha vows, (and said): “Till I have seen the yakka I will not rise up.”  By the (magic) power of his piety the yakkha came to him.  To the king’s (question): “Who art thou?” he answered: It is I, (the yakkha).”  “Why dost thou devour my subjects? Swallow them not!” “Give up to me then only the people of one region,” said the other.  And being answered: “That is impossible”, he came gradually (demanding ever less and less) to one (man) only.  The (king) spoke: “No other can I give up to thee; take thou me and devour me.”  With the words: “That is impossible,” the other prayed him (at last) to give him an offering in every village.  “It is well,” said the king, and over the whole island he decreed that offerings be brought to the entrance of the villages, and these he gave up to him.  Thus by the great man, compassionate to all beings, by the torch of the island was the fear pestilence brought to an end.


(ගයිගර් මෙම රෝගය scarlatina විය හැකි දැයි ප්‍රශ්න කරයි.)


තවත් වෙනත් දේ කීමට ඇතත් (නිරපරාදේ අනවශ්‍ය) මතභේදාත්මක විවාදයකට මුල පිරීමට ඇති අකමැත්ත නිසාත්, එවැනි විවාදයකට කාලය මිඩංගු කිරීමට නැති නිසාත් මෙතෙකින් නවතිමි. 

No comments:

Post a Comment