Tuesday, May 25, 2021

Letters on Ceylon 1846-50 The Administration of Viscount Torrington and The ‘Rebellion’ of 1848

කතෘ: K. M. De Siva

ප්‍රකාශක: K. V. G. De Silva and Sons 1965


1848 කැරැල්ල හා එයට පසුබිම් වූ කාරණා හා කැරැල්ලෙන් පසුව ඇතිවූ තත්වය පිලිබඳව ඉතිහාසාස්මික ගවේශනයක (Historical Research) එක් ප්‍රතිඵලයක් ලෙස මෙම පොත ලියැවී ඇත. 

මෙම කතාවේ ප්‍රධාන චරිත වන්නේ ග්‍රේ, ටොරිංටන් හා ටෙනන්ට් . 


(1) Henry, third Earl Grey was Secretary of State for the Colonies in Lord John Russell’s administration from 1846 to 1852.


(2) Viscount Torrington, Governor of Ceylon (1847-50)


(3) Sir James Emerson Tennent, Colonial Secretary of Ceylon (1845-50)


ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේ (1978-2009) ලංකාවේ යුද්ධය ගැන වාර්තා කිරීම සඳහා විදේශ ප්‍රවෘත්ති සංවිධාන ලංකාවට එව්වේ එම රට වල පත්තර කන්තෝරුවක පියුන් වැඩක් වත් කල නොහැකි අය බව රහසක් නොවේ.  මොවුන් ලංකාවේ යුද්ධය ගැන හරි හැටි වාර්තා නොකලා පමණක් නොව ලංකාවේ ඔවුන් ඩෑන් රාදර් (Dan Rather - News Anchor CBS News at the time) ලා සේ හැසිරුණහ.  මෙසේ හැසිරුනු එක් ඩෑන් රාදර් කෙනෙක් යාපනයේ තිබෙන දැවෙන ප්‍රශ්ණ වලින් එකක් ටොයිලට් පේපර් නැතිකම බව සාඩම්බරයෙන් වාර්තා කලේය.  එයිනුත් නොනැවතුනු ඔහු මෙම කරුණ ගැන කොලඹ යුද හමුදා මූලස්තානයටද පැමිනිලි කලේය. එම පැමිනිලි වලට ප්‍රතිචාරයක් නොමැති වූ විට හමුදාව යාපනයට අත්‍යවශ්‍ය දේවල් නොයවන බවටද වාර්තා කලේය.


ලංකාවේ ආණ්ඩුකාර පදවිය සඳහා ග්‍රේ ගේ මුල්ම තේරීම ටොරිංටන් නොවේ.  වෙනත් සුදුස්සන් දෙදෙනෙකු ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඔහුගේ හිතවතෙකුගේ ඉල්ලීම මත ටොරිංටන් ලංකාවට එවීය.


Only 35 years old at the time of his appointment, Torrington had never held any responsible position before.  The Queen was appalled at Torrington’s appointment to Ceylon and remonstrated with Gray on his poor judgement.


ග්‍රේ ගේ බලපෑම මත ලංකාවට අළුත් බදු එකතු කිරීමේ ක්‍රමයක් ටෙනන්ට් විසින් ලියන ලදි. ආනයන අපනයන බදු වෙනුවට මාර්ග බද්දක් හා වතුපිටි සඳහා බද්දක් හඳුන් වා දෙන ලදි.  ලංකාවේ අයවැයෙන් විශාල කොටසක් වූ හමුදා වියදම සම්පූර්නයෙන් කපා හැරීමට මෙම වාර්තාවේ සඳහන් කල මුත් එය ක්‍රියාවට නංවන්නට නොහැකි විය. මේ නිසාම මෙම නව බදු ක්‍රමය පරණබදු ක්‍රමයෙන් ජනනය කල මුදල වත් ජනනය නොකරන බව පැහැදිලි විය.  එහෙත් ග්‍රේ ගේ බලපෑම මත නව බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ටොරිංටන් උත්සාහ කලේය.


මේ කාලයේ පිටකොටුව නේවාසික ප්‍රදේශයක් (residential area) විය.  මෙහි විසූ බර්ගර් ජාතිකයින් පාර අල්ලා වැරැන්ඩර් ගසා තිබින.  ටොරිංටන්ට පෙර සිටි ලංකා ආණ්ඩුකාරයා මෙම වැරැන්ඩර් ඉවත් කිරීමට නියෝග කලේය.  මේ නිසා බර්ගර් ජාතිකයින් ආණ්ඩුව නුරුස්සන තතවයක සිටියහ.  උද්දච්ච ටොරිංටන් මෙම තත්වය තවත් තීව්‍ර කලේය.


ඉතා සුළු කලබලකාරී තත්වක් ලෙස හැඳින් විය හැකි "කැරැල්ල" ඉතා පහසුවෙන් මද්‍රනය කරන ලදි.  එයට හේත්ව වූයේ සිංහල නායකයන්ගේ හෝ බෞද්ධ භික්ෂූන්ගේ සහයෝගය කැරලි කරුවන්ට නොලැබුණු හෙයිනි.  එහෙත් සිංහල නායකයන්ගේ හෝ බෞද්ධ භික්ෂූන්ගේ සහයෝගය කැරැල්ලට ලැබුනායැයි සිතූ ටොරිංටන් හා ටෙනන්ට් තත්වයට නුසුදු ලෙස උග්‍ර මර්ධනය යෙදුනහ.  බර්ගර් ජාතිකයින් ගේ උනන්දුව හේතුවෙන් බ්‍රිතාන්‍ය රජයට මේ මර්ධනය පිළිබඳව කොමිසමක් පත් කිරීමට සිදු විය.  


මෙම කැරැල්ල නිසා එක් හොඳ දෙයක් සිදුවිය.  ටොරිංටන්ට පසුව අණ්ඩුකාරයා මිශනාරී වරුන්ගේ බලවත් විරෝධතා නොසලකා හැර බුදු දහමට පෙරට වඩා ලිබරල් ප්‍රතිපත්තියක් ස්ථාපිත කලේය.


පහත සඳහන් වන්නේ ටොරිංටන් ගැන මහාචාර්ය සිල්වාගේ නිරීක්ෂණයයි.


“Though as assiduous correspondence, Torrington could hardly be called an exciting one.  His style was pedestrian, his grammar and syntax poor, his spelling and punctuation capricious, and he seldom divided his letters, even the longest of them, into paragraphs.”


පහත සඳහන් වන්නේ ටොරිංටන් විසින් ග්‍රේ වෙත ලියූ ලිපිවල කුඩා කොටස් කිහිපයක් .


October 14, 1847


“Your Despatch of April 1847 directs me to deliver over the Relics—but it is by no means clear who ought to receive it.  I have given it over to the Priests and a lay Chief, but suppose one of these parties die, who succeeds to his rights?; it will not do to say they must elect a person, but who has a right to vote?  The Courts of Law will not recognize the election and the people will neither pay their dues or serve.  If the Temple was broken open tomorrow, the Tooth stolen, the robbers taken, how would you frame the indictment—stealing jewels as a property of who?   It is a great pity that it would not be considered right for me to have been able to persuade them that the Queen of England has a splendid temple called the British Museum in which she would place it and take care of it for them.  This is where it ought to have gone.”


May 4, 1848


There is in this island no middle class independent in mind or spirit.  The Burgher class which exists here, is perhaps strictly speaking not to be found in in any other British Colony—they are the half-caste or white-brown descendants (as they have been called) of the old Dutch and Portuguese rulers.  They have neither European or Ceylonese feelings, no principle of nationality whatever; their minds are consequently not filled with enlarged vies in general 


June 9, 1848


I am sorry to say we have had most tremendous floods, the country half under water, and roads and bridges washed away in every direction—this will fall heavily on the Revenue.  One river rose 36 feet over its average level and washed away two fine bridges causing a loss of some 1,200 pounds on the Yatteantota Road.


July 5, 1848


I have a report this morning of some excitement (which was easily stopped) regarding the new measures from Kandy.


In endeavouring to obtain a census of the population, a report was about that 30 new taxes were to be put on, and women and children were to be taxed and the women’s breasts measured.  Proper means have been adopted to explain the intentions of government to the people and Tennent has gone up to Kandy and will see the Chieftains.


The whole of the disturbance at Kandy was caused by a rascally Malabar (who says he is to be King) going amongst ignorant villagers, and my Malabar king will be punished when caught as a vagrant. 

No comments:

Post a Comment