Tuesday, May 25, 2021

කල්පාවසාන සාදය

කතෘ: තාරක කල්දේරා
ප්‍රකාශක: සයුර


මෙය ලියා ඇති කතුවරයා මට ආගන්තුකය.  පොතේ පසු පිටේ මෙය Science Fiction යැයි ලියා තිබුන ද පොත මුල සිට අගටම කියවූ මට හමුවූ Science එකක් නැත.  මෙය මනඃකල්පිත ෆැන්ටසියක් කීවා නම් වඩාත් සුදුසු යැයි හැඟේ.  (මගේ අතිශය පක්ෂාග්‍රාහී මතය නම් මෙය මනස්ගාතයක් බවයි.)

මෙම කතාව අනුමාන වශයෙන් සිදු වන්නේ 2050 දී පමණය.   


(1) ලංකා රජයත්, ආරක්ෂක ලේකම් වරයාත්, ලංකා හමුදාවත් මේ කාලය වන විට එක්සත් ජාතීන් ගේ සංවිධානය (United Nations) විසින් එවන ලද හමුදා නිලධාරියෙකුගේ හා ඔහුගේ පෞද්ගලික හමුදාව ඉදිරියේ අසරණ වී ඇත.   


(2) ඒ අතරම ලංකා තරුණ කැල ප්‍රජාතන්ත්‍රවාදය පිලි නොගනී.  ඔවුන් චන්දය ප්‍රකාශකිරීම වර්ජනය කරති.  

(3) ඒ අතර කොළඹ සරසවිය ලෝකයේ දියුනුම පර්යේශණ (cutting edge experiments) කරන ආයතනයක් බවට පත් වී ඇත.  නිර්මාතෘකරුට හැර ලෝකයේ වෙන යම් කෙනෙකුට බිඳිය නොහැකි ගුප්ත කේතන කොළඹ විශ්ව විද්‍යාලයේ නිම වෙයි.  


(4) ඒ අතරම ගැහැණුන් තමන්ගේ කුසලතා කෙතරම් දුරට දියුණු කර ඇත්ද කිවහොත් 2050 වන විට ඔවුන්ගෙන් සමහරක් හට වෙඩි උණ්ඩයකට වඩා වේගයෙන් චලනය විය හැක.  ඒ අතරම විශේෂ බලකා පුහුණුවන් පවා කෙතරම් දුරට පිරිහිලාද කිවහොත් මෙම ගැහැණුන් ළඟින් ඔවුන්ගේ හොඳම දක්ශයාටවත් ලඟින් ගිය නොහැක. 


(5) මේ අතරට "සම්පූර්ණ මනුශ්‍යයින්", "සියල්ල පිළිබඳ න්‍යාය" (Theory of Everything (ToE)), "ඉයුලෝසියාව" වැනි අවිනිශ්චිත වචන් කිහිපයක් ද එකතු කරන්න. 


(6) බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේශන් පාර, ගාළු පාර, රීඩ් ඇවිනිවි, නිදහස් චතුරශ්‍යය, නෙළුම් පොකුණ, බම්බලපිටිය ෆ්ලට්ස් වැනි කොළඹ නගරයේ ප්‍රසිද්ධ තැන් කිහිපයකුත් එකතු කරන්න.


(7) දැන් මෙ සියළු දේ හොඳින් කලවම් කොට පීසා එකක් මෙන් උඩ දමා කිහිප වරක් කරකවා අතහරින්න.   


දැන් ඔබට ළබෙන අවසාන නිශ්පාදනය "කල්පාවසාන සාදය" නම් වෙයි.  ඔබ එයට “කල්පාවසාදන සාදය” කියන්නේ ඇයි දැයි විමසුව හොත් ඔබ ඉහත් කී නිශ්පාදන ක්‍රමය තේරුම් නොගත්තෙකු නිසා මට කල හැකි දෙයක් නැත.  


තව දුරටත් කියනවා නම් මේ "කතාව" මෙයින් නවතින්නේ නැත.  තවත් අංග කිහිපයක් එකතු කොට තවත් පීසා දෙකක් ඉදිරියට නිශ්පාදනය වෙමින් පවතී.  ඒවාට දැනටමත් නම දමා ඇත. "ඉයුලෝසියාව" හා ToE ඒ නම් ය. 


කතුවරයා අඩුම ගනනේ 2050 ගැන හිතාවත් තිබේද?  2050 දීත් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ඇත.  ඒ කාලයේ මිනිසුන් තවම භාවිතා කරන්නේ 2000 දී පමණ නිර්මානයකල හෝ ඊටත් කලින් නිර්මානය කල නිර්මානයන් ය.  තවමත් පාරේ ටුක් ටුක් යයි.  


එකම එක වෙනසක් නම් දැකිය හැක.  නිදහස් චතුර්ශ්‍යය මහල් නිවාසයක් බවට හැරී ඇතැයි සිතිය හැක.  මන්ද, කතුවරයා නිවසන්නේ නිදහස් චතුරශ්‍ය යේය.


කල්පාවසාදන සාදය පීසාවෙන්ම මගේ බඩ ඉස්මුරුත්තාවට යනකං පිරී ඇති හෙයින් ඉයුලෝසියාව හෝ ToE කෑමට නම් මගේ අදහසක් නැත.  මෙවැනි පීසා කෑමට කැමති අය ලංකාවේ දැන් ඇතැයි සිතමි.  නැතිනම් මෙවැනි නිශ්පාදන හදයිද?


No comments:

Post a Comment