Tuesday, May 25, 2021

The Dinosaur Artist—Obsession, Betrayal and the Quest For Earth’s Ultimate Trophy

කතෘ: Paige Williams

ප්‍රකාශක: Hachette Books 2018


මේ ලෝකයේ එදා මෙදා තුර ජීවත් වූ සියළුම සතුන්ගෙන් සියයට එකකටත් අඩු ප්‍රමාණයක් පොසිල (fossils) බවට පත්වන බවට විස්වාස කරයි.  පෙලියෙන්ටොලොජිස්ලා (paleontologists) ලෝකයේ ගැඹුරු ඉතිහාසය (deep time) පහසුවෙන් හඳුනා ගැනීම සඳහා යුග (epoch) සහ මහ යුග (Era) ගනනාවකට බෙදා වෙන්කර ඇත.  ඒවා නම්:

Holocene : අවුරුදු 10,000 කට පෙර

Pleistocene : අවුරුදු 1.8  මිලියනයකට පෙර (million years ago (mya))

Pliocene: 5.3 mya

Miocene: 23 mya

Oligocene: 33.9 mya

Eocene: 55.8 mya

Paleocene: 65.5 mya


ඉහත සඳහන් යුග හත සිනොzසොයික් මහ යුගය (Cenozoic Era) ලෙස හැඳින් වේ.


Cretaceous: 145.5 mya

Jurassic: 199.6 mya

Triassic: 252.2 mya


ඉහත සඳහන් යුග තුන මෙසzසොයික් මහ යුගය (Mesozoic Era) ලෙස හැඳින් වේ.


Permian: 299 mya

Pennsylvanian: 318 mya

Mississippian: 359.2 mya

Devonian: 416 mya

Silurian:  443 mya

Ordovician: 488.3 mya

Cambrian: 542 mya


ඉහත සඳහන් යුග හත පෙලියොzසොයික් මහ යුගය (Paleozoic Era) ලෙස හැඳින් වේ.


ලෝකයේ කලින් කලට වූ වෙනස් කම් නිසා මෙම ගැඹුරු කාල වලට අයත් භූ ස්ථර තැනින් තැනින් පොලෝ මතු පිටට පැමිණ ඇත.  උදාහරණ ලෙස මීට අවුරුදු මිලියන 100 කට පමණ පෙර දකුණු ඇමරිකාව දෙකට වෙන් කල සාගරයක් තිබී ඇති ඇත.  මේ සාගරයේ පතුල දැන් පොලොව මතුපිට කාන්තාර ස්වභාවයක් පෙන්වයි.  වයොමිං (Wyoming) හා දකුණු ඩැකෝටා (South Dakota) ප්‍රාන්තවල ඇති මෙම සාගර පතුලේ නටබුන් දැන් Badlands නමින් හැඳින් වේ.  මීට අවුරුදු 100,000 කට පමණ පෙර වන තුරු දකුණු ෆ්ලොරිඩාව (Southern Florida) තිබුනේ මුහුද යටය.  එසේම මීට අවුරුදු මිලියන් 100 කට පමණ පෙර දකුණු මොන්ගෝලියාව තිබුණේ මුහුද යටය.  මොන්ගෝලියන් සාගරය නැතිවී ගියේ (තවමත් ගමන් ගන්නා) ඉන්දියානු අර්ධද්වීපය ආසියාව තුලට ගමන් කිරීම නිසාය.  (මේ හේතුවෙන් ඇතිවූ හිමාල කඳු වැටිය තවමත් වර්ධනය වෙමින් පවතී.)  


දකුණු ෆ්ලොරිඩාවේ Pleistocene යුගයේ ජීවත් වූ සතුන්ගේ පොසිල හමුවන අතර වයොමිං, ඩැකෝටා හා මොංගෝලියාවේ Jurassic හා Cretaceous යුග වලට අයත් සතුන්ගේ පොසිල මතු වේ.


Jurassic Park නැමැති චිත්‍රපටයේ ජනප්‍රියතාවයත් සමග වැඩි මහජනතාවකගේ පොසිල පිළිබඳ උනන්දුව වැඩිවිය.  විශේෂයෙන්ම Wall Street ධනවතුන් හා Hollywood ධනවතුන් පොසිල එකතු කිරීමට උනන්දුවක් දැක්වූහ.  ඒ සමගම වානිජමය හේතූන් මත පොසිල සොයන්නන්ගේ වර්ධනයක් ද ඇති විය.  Badlands වලින් සොයා ගන්නා ලද Tyrannosaurus rex සත්ව ගනයට අයත් Sue නමින් හැඳින්වූ පොසිලය 1997 පැවැත්වූ වෙන්දේසියකදී Chicago Fields Museum එක විසින් ඩොලර් මිලියන් 8.36 කට මිලදී ගන්නා ලදි.  (මුලදී සමිපූර්ණ Sue ම Museum එකේ ප්‍රධාන ශාලාවේ තිබූ නමුත් හිසෙහි බර වැඩි නිසා පසුව හිස ගලවා ඒ වෙනුවට බර අඩු කෘතිම හිසක් දැන් සවිකර ඇත.  Sue ගේ නියම හිස කෞතුකාගාරයේ උඩුමහලෙහි  දැන් තබා ඇත)


(Tyrannosaurus Sue ගේ කතාව “Tyrannosaurus Sue — The extraordinary saga of the largest, most fought over T. Rex ever found”  නමින් Steve Fiffer විසින් ලියන ලදි.  (Publisher: W. H. Freeman 2001).


සෝවියට දේශයේ පෙරස්ට්‍රොයිකාවත් සමග අවුරුදු 70 කට පසු මොංගෝලියාවට නිදහස ලැබින.  1924 න් පසු මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ පොසිල බටගිර පෙලියෙන්ටොලොජිස්ලා හට පරීක්ශණ කිරීම සඳහා නැවතත් විවෘත විය.  මේ අතරට මොංගෝලියානු හා බටහිර වානිජමය පොසිල ව්‍යාවසායකයන්ද එකතු විය.  බටහිර Tyrannosaurus rex හට සමාන වූ සත්ව කොට්ඨාසයක් වන මොංගෝලියානු Tyrannosaurus bataar හට විශාල වානිජමය ඉල්ලුමක් ඇති විය.  


ෆ්ලොරිඩාවේ වෙසෙන පොසිල වෙලෙන්දෙක් වන Eric Prokopoi විසින් සකසන ලද T-bataar හිසක් ගැනීම සඳහා නිව්යෝර්ක් හී තිබූ වෙන්දේසියකදී  Leonardo Dicaprio හා Nicholas Cage අතර තරඟයක් ඇති විය.  අවසානයේදි එම හිස Nicholas Cage හට ඩොලර් 276,000 කට විකිණින.  එතෙක් කුඩා පොසිල වෙලෙන්දෙකු වූ එරික් හට T-bataar හී වටිනා කම කශණිකව වැටහින.  අතරමැදියන් අතහැර මොංගෝලියාවේ පොසිල වෙලෙන්දෙකු හඳුනාගත් එරික් කෙලින්ම මොංගෝලියාවටම ගොස් පොසිල ලබා ගැනීමට කටයුතු කලේය.  මෙමගින් 65% සම්පූර්ණ T-bataar පොසිලයක් සොයා ගත් එරික් එය නිව්යෝර්ක් වෙන්දේසියක් සඳහා පිලියෙල කලේය.  මෙම T-bataar පොසිලය ඩොලර් මිලියනය පන්නා විකිනෙන බව එරික් දත්තේය.


පොඩි පරහකට හිටියේ මොංගෝලියානු ආන්ඩුව එම පොසිලය නීතියට විරුද්ධව මොංගෝලියාවෙන් පිට කරන ලද්දක් බව ඇමරිකාණු ආන්ඩුවට දැන්වීමයි.  


මෙම පොතෙහි ඇත්තේ එරික්ගේ කතාවයි.  ඒ අතරට කතාවට සම්බන්ධ අනෙක් චරිත ගැනත් Paige විස්තර සපයයි.  කියවන්නාට පොත බිම තැබීමට නොසිතෙන ලෙස කතාව ආරම්භ කලද, පසු පසුවට අනම් මනම් විස්තර වැඩියැයි මේ කියවන්නාට සිතින.  එරික් විසින් මොංගෝලියාවේදී දුටු බැටළුවෙකු මරා මස්කිරීම විස්මයජනක යැයි සිතෙන බැවින් ඒ සිදුවීම මෙහි සඳහන් කරමින් නවතිමි.


Tuvshin announced that the family would slaughter a sheep in their American guest’s honor.  Eric would have rather this not happen, but again he deferred to the custom.  A couple of men chased down one of the sheep, wrestled it to ground, then carried it back to the “ger” by its legs.  As they pinned it on its back, Eric braced for a gory death.  One guy held the sheep while another pulled out a knife and cut an incision in the abdomen.  The sheep said nothing.  The man stuck his hand inside the animal and, it looked to Eric, pinched an artery near the heart.  Instantly, the sheep was dead.

No comments:

Post a Comment